twitter rss

සෑම පාසල් යන ලමයෙකුටම FOSS පරිගණකයක්.




මම ජංජාලේ රවුමක් දානකොට දැක්ක දෙයක් ගැන තමයි අද ලියන්න හිතුවෙ. "උරගුව" කියන රටේ හැම පාසල් යන ලමයෙක්ටම පරිගණකයක් ලබාදෙන්න එරට රජය විසින් තීරනය කරල තියනව. BBC එකේ තියන විදියටනම් මේ වගේ දෙයක් ක්‍රියාවට නැන්වු මුල්ම රට උරගුවයි. මෙහිදී ඔවුන් ලබාදෙන පරිගණකය දිහා පොඩ්ඩක් බැවුවොත්, ඒකෙ නම XO. මේක small textbook එකක සයිස් එකක් තමයි ගන්නේ.
ඒ ගොල්ලෝ මේක හඳුන්වා දීල තියෙනෙ, "A small machine with a big mission" කියලයි.
මම මේක බ්ලොග් එකට දාන්න වැදගත්ම කාරනය උනේ , මේකෙ වැඩ කරන OS එක සහ මෘදුකාන්ග පද්දතිය හදල තියෙන්නෙ ලිනක්ස් වලින්.
මේ මෘදුකන්ග හදල තියෙන්නෙත් ඒ රටේම අය.


වැදගත්ම කාරන නම්, මෙහිදී ඔවුන්ගෙ බලපොරොත්තුව වෙන්නෙ, උරගුවේ ඉන්න හැම පුද්ගලයෙකුම GNU/Linux උනන්දු කිරීමයි. මේකට ඉතින් බිල් අය්යාව එහෙම සම්බන්ද කර ගත්තනම්, පරිගණකය හදන්න යන වියදමට වැඩිය වියදමක් මෘදුකාන්ග වලට වියදම් කරන්න සිද්ද වෙයි. නිදහස් සහ විවුර්ත මෘදුකාන්ග වලින් ලෝකෙට වෙන සෙතේ පේනව නේද?
  • මේ වගේ දෙයක් ලංකාව වගේ රටකට ක්‍රියත්මක කරන්න අමාරු ඇයි ?
පොස්ට් එක දැම්මට පස්සෙ දැන ගන්න ලැබුනා මෙවැනි වැඩසටහනක් ලංකාවෙත් ක්‍රියත්මක වෙනව කියල. තොරතුර දුන්නෙ අමිල සහෝදරය.
  1. මේ OLPC (One Laptop Per Child) එකක් නේ. Suger Desktop තමා මේකේ තියෙන්නේ. FYI
    http://laptop.org/en/
    ලංකාවෙත් පලාත් 9 පාසල් 9කට දෙන්න හදන්නේ
    මේ මම ගනිපු පින්තූරයක්
    http://www.facebook.com/photo.php?pid=2797356&l=e6d81e5e10&id=770906324

    Try to find "OLPC Srilanka" in Google for more info

  1. ලංකාවේ මේවා ක්‍රියාත්මක කරන්න බැරිකම නෙමෙයි තියෙන්නේ, අපේ ලොකු ලොක්කොන්ට අත යටිං එන සම්තිං එක නැති වෙනවට තියෙන බය...

  1. මම දන්න විදියට ලංකාවෙත් ඔය වැඩේ කරන්න හදන්නෙ මේ දවස් වල ඒකෙ වැඩ කටයුත වෙනව වැඩි විස්තර ටිකක් හොයල බැලුවොත් හොයා ගන්න බැරි වෙක එකක් නෑ
    ‍වැදගත් පිවිසුමක් සුභ පතනව
    අමිල

  1. අර පිස්සා කියලා තියන එක තමයි අපේ රටේ ඔය වගේ දේවල් නොවෙන්න තියන එකම හේතුව! :|

  1. @ ගයාන් තාරක, @ අමිල :- ඒකනම් ගොඩක් හොඳ දෙයක්.ලංකාවෙ නෙමේ හින්දා ඉන්නෙ මේ පිලිබඳව කිසිම නිවුස් එකක් තිබ්බෙ නෑ.නොදන්න දෙයක් දැනගත්තා. දැනුවත් කිරීමට ස්තුතියි :)

    @ .::පිස්සා::., @ malee_msg : - ලංකාවට වෙලා තියන විනාසෙ ඕක තමයි :/

  1. http://www.olpc.lk

    Sri Lanka to introduce one laptop per child
    Sunday February 10, 2008
    sundaytimes

    google
    OLPC in sri lanka

  1. @ Anonymous :- මෙච්චර වැදගත් තොරතුරක් දීලත් නමක්, ගමක් නොදා යන එක තමයි අවුල :( මොනා උනත් තොරතුරට ගොඩක් ස්තූතියි.

  1. comment එකක් විදිහට පොඩි කතවක් කියන්නං....ලංකාවෙ ඇමති කෙනෙක් වෙන රටකට ගියාලු ආරාධනයකට ඒ ඇමතිගෙම තනතුරක් තියන වෙනත් රටක ඇමති කෙනකුගේ. ඉතිං අපේ ඇමති තුමා ඒ රටේ ඇමතිගෙ ගෙද‍රට ගිහාම මාර පුදුම හිතුනලු ඒ ඇමතිගේ ගෙද‍ර දැකලා මොකද ඒ ත‍්රම් සැප පහසුකම් තියන සුවිසල් නිවසක් අපේ ඇමතිදැකලවත් තිබුනෙ නෑ ඒ වෙනකොට.පස්සෙ අපේ ඇමති තුමා ඇහුවලු කොහොමද මේ ත‍රම් ලොකු ගෙයක් හැදුවෙ කියලා පස්සේ ඒ රටේ ඇමති ජනේලෙන් ඇගිල්ල දික් කරල ඈත පිහිටි පාලමක් පෙන්නුවලු, පෙන්නල කිවලු අන්න අරක නිසා තමයි මේ වගේ ගෙයක් හදන්න පුලුවන් උනේ කියලා. පස්සෙ සංචාරෙ ඉවර වෙලා අපේ ඇමති තුමා ලංකාවට එන්න ලෑස්තිවෙලා අර ඇමතිටත් ලංකාවට එන්න කියල ආරාධනයකුත් කිරලා ආවලු. ඔන්න දවසක් ඒ රටේ ඇමතිත් ලංකාවට ආවලු ඇවිත් අපේ ඇමතිතුමාගෙ ගෙදර ආවාම මිනිහට මාරම පුදුමලු මොකද ඒ හිටිගමන් අපේ ඇමති අර ඇමතිගෙ ගේ වගේ දහ ගුනයක් විතර ලොකු දහ ගුනයක් විතර සැප පහසු ගෙයක් හදලලු. ඒ පාර මිනිහ ඇහුවලු අපේ එකාගෙන් කොහොමද මේ වගේ ගෙයක් හැදුවෙ කියලා. අපේ ඇමති ජනේලෙන් අත දික් කරල ඈත පෙන්නලා කීවලු අන්න අතන පාලමක් හදන්න තියනවා කියලා.........එතනින් එහාට හිතාගන්න පුලුවන්නේ..:D

  1. uruguay මේකරන වැඩය ඉතා ප්‍රසංසනීයයි :)
    අපේ ඉස්කෝල වල නම් බිල් මාමා තමයි පොර වෙලා තියෙන්නේ ;)) අපේ රටේ මේව දේන්න බැරිනම් සහන මිලට ළමයින්ට ඉන්ටර්නෙ‍ට්වත් දෙන්න බැරිය ;)

  1. @ සහන් :- හිතා ගන්න පුලුවන් ඉතිරි ටික, අපෙ ඇමති මන්ඩලය ඉතින් මහජන නියෝජිතයොනෙ. තව මොන කතාද :D

    @ කෝදාගොඩ විතාරණ :- ඒක ඇත්ත. නිදහස් සහ විවෘර්ත මෘදුකන්ග ගැන අපෙ පාසල් තුලින් කෙරෙන දැනුවත් කිරීමත් බොහොම අඩුයි. හැම දේටම බිල් මාමා තමයි.

  1. wow thx for info

  1. අඩේ මේක මම පත්තරයක කියෙව්වා ඒත් ඇත්තටම වෙන එකක්ද? මේ

  1. රජයේ මාධ්‍ය ප්‍රකාශක November 7, 2009 at 8:58 PM

    ඔයාල කියන්න කලින් අපි වැඩේ පටන් ගත්තා හූ.....
    රොකියා සහ පිරිවර දත කට මැද ගෙන හිටියා දෙහි කපන්න කියල http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/11.gif

  1. මචංලා විජය පරිගනක සගරාවේ ඔය උරුගුවේ විස්තරය දෙපාරක් ගියා.ලොතු විස්තරයක් ඒකේ තිබුනා.

  1. දුෂ්කර ප්‍රදේශවල ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට "ලැප්ටොප්"

    "ලැප්ටොප් පරිගණක 1500"
    "එක්‌ ශිෂ්‍යයකුට එක්‌ "ලැප්ටොප්" පරිගණකයක්‌ යනුවෙන්"
    http://www.divaina.com/2009/11/12/news20.html
    අපි හෙට මැරෙන්නෙ නෑනෙ බලාගෙන ඉම්මු

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed