twitter rss

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ඇත්තටම බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්ද?



මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන්න හේතු පාදක වෙන ලිපි දෙක තියෙනවා. ඒ ලිපි දෙක තමයි,

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක් -
http://www.silumina.lk/2013/02/03/_art.asp?fn=av1302039
http://lankacnews.com/sinhala/main-news/89705/

බුද්ධ චරිතයට නිගරු කළ සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය -
http://www.gossip9.com/2013/01/siddhartha-gauthama-movie-srilanka.html



දින තුනක නිවාඩු කාලයත් එක්ක සඳුදා නිදහස් දවසේ තමයි මේ චිත්‍රපටය නරඹන්න ලිබර්ටි තියෙටර් එකට මම ගියේ. ඒ මම සාමාන්යෙන් ලංකාවේ සිංහල චිත්‍රපටි රසිකයෙක් නොවුනත්, සාමාන්‍යයෙන් රජ කතා හෝ ඉතිහාස කතා රැගත් චිත්‍රපටි නරඹන්න කැමැත්තක් දක්වනවා. ඒ නිසාම සහ මේ ඉහත ලිපි වල කියන්න දේ ඇත්තක්ද කියල බලන්න ඕනේ කියල තමයි මේ චිත්‍රපටය නරඹන්න ගියේ.

මුලින්ම කියන්න ඕනේ "මේ චිත්‍රපටය ඉතා අඩුවියදමි ලෝ බජට් චිත්‍රපටයක් යැයි" කල ඇති ප්‍රකාශය. මම දන්නේ නැහැ ඉහත ලිපියේ ලිපිය ලියල තියෙන පුද්ගලයා ඇත්තටම චිත්‍රපටය නැරඹුවාද, නැතිනම් වෙන යම් දෙයක් කරමින් චිත්‍රපටය නැරඹුවාද කියල. මොකද චිත්‍රපටය පෙන්වීමට ආරම්භ කරන මොහොතේ මුලින්ම පොල් ගෙඩි අකුරින් දානවා. මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා ජන රජයේ පුර්ණ අධීක්ෂණය සහ ආධාර යටතේ සහ ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ අධීක්ෂණය යටතේ නිපඳවුනු චිත්‍රපටයක් බව. ඉතින් මම දන්නේ නැහැ ඇයි මේ ලිපිය ලියු පුද්ගලයා මෙයට ලෝ බජට් ෆිල්ම් එකක් යැයි කියන්නේ කියලා. 

චිත්‍රපටයක් කියන්නේ එය චිත්‍රපටයක් නිසයි, මන්ද එම චරිත නිරුපනය කරන්නේ නළු නිලියන් මිසක් සත්‍ය චරිත පුද්ගලයින් නෙමෙයි. ඒ නිසා මේ සිද්ධාර්ථ කුමාරයාගෙ චරිතයට රංගනයෙන් දායක වන පුද්ගලයා දෙස බලමු. අපි හොඳින්ම දන්නා කාරණයක් තමයි සිද්ධාර්ථ කුමාරයාගෙ දේහ ලක්ෂණ වලට සමාන කල හැකි පුද්ගලයෙක් මේ ලොව නැහැ. නමුත් මම හිතනවා මේ උතුරු ඉන්දියානු නළු "ගගන් මලික්" මේ චරිතයට සැහෙන්න හොඳ සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා. ඔහුගේ පියවර තැබීම සහ ඇවිදීමේ විලාශය තුලින්ම ඒ ගැන කියන්න පුළුවන්. ඒ වගේම ඔහුට හඬ කවා තියෙන සිංහල හඬ කැවීමේ ශිල්පියාත් මේ චරිතයට හොඳ සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම මෙයට අපේ ඇස් වලට මීට කලින් නොදැකපු නළුවෙකු හා ඉන්දියානු නළුවෙකු යොදා ගැනීම තුල අපිට මේ චරිතය ගැන හිතන්න යමක් මතු කරලා තියෙනවා. නමුත් මගේ කෝණයෙන් නම් ඔහුගේ චරිත නිරූපනයෙන් බුදුන්ට අගෞරවක් සිදු වෙලා නැහැ. 

දැන් බලමු මේ "දයාවංශ ජයකොඩි" මහත්තයා කරලා තියෙන ප්‍රකාශය ගැන, වැදගත්ම දේ තමයි ඔහු මේ සියලු ප්‍රකාශ කරලා තියෙන්නේ අඩුම තරමේ ෆිල්ම් එක වත් නොබලයි. ඔහු හින්දි ෆිල්ම් එකක් බලන්න ගිහින් ඒකෙදී මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (ට්‍රේලර් එක) බලලයි මේ සියලු ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇත්තටම මනුස්සයෙක්ට විනාඩි 2ක ට්‍රේලර් එකක් බලලා චිත්‍රපටය ගැන මේ වගේ විවේචනයක් කරන්න පුලුවන්ද ? මට හොඳටම විශ්වාසයි ඒ මත්තයා චිත්‍රපටිය හරියට බැලුවනම් ඔය කියන මන්දබුද්ධික කාරණය අනිවාර්යෙන් ඉල්ලා අස් කරගන්නවා. ඒ නිසා "දයාවංශ ජයකොඩි" මහත්තයෝ, ඔබතුමාට තලාෂ් බලන්න පුළුවන් එකේ ඉරිදා පත්තරයකට විචාරයක් කරන්න ඉස්සෙල්ලා දැන් වත් මේ චිත්‍රපටිය ගිහින් නරඹලා කරන විචාරයක් කරන්න.

සිද්ධාර්ත කුමාරයා ගිහිගෙයින් නික්යාමේ කාලය දක්වා නිර්මාණය වුනු චිත්‍රපටයක්මේක. නැතුව බුදු බව ලැබීම දක්වා පෙන්නුම් කෙරෙන චිත්‍රපටයක් නෙමෙයි. ඒ නිසා මේ චිත්‍රපටය තුල සිද්ධාර්ත කුමාරයා සහ යශෝදරා දේවියගේ ආදර කතාවත් යම් තාක් දුරට ලස්සනට නිරුපනය කරලා තියෙනවා. යශෝදරා දේවිය විසින් සිද්ධාර්ත කුමාරයාගේ වැඩ කටයුතු වලට සහයෝගය දීම්, තම ප්‍රදේශයේ මිනිසුන්ට කෙරෙන අසාධාරණකම් වෙනුවෙන් සිද්ධාර්ත කුමාරයා තම පියා ඉදිරියේ හඬ නැගීම, ඒ වගේම සතුන්ට දයාව දැක්වීම, මහලු විය පිළිබඳව තේරුම් ගැනීම, වෛරයට දයාව දැක්වීම වගේ දේවල් මේ පැය දෙකක් තුල වෙන රූප පෙළ තුලින් නිරුපනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒවා සීයට සීයක්ම සාර්ථක නැතත්, පෙන්නුම් කරන්න උත්සාහ කරලා තියෙන දෙයට පැහැදිලිවම සාධාරණයක් ඉටු කරලා තියෙනවා.

ඒ වගේම මම සිද්ධාර්ත කුමාරයා විසින් යශෝදරා දේවිය සහ තම කුළුඳුල් දරුවාව හැර යාම ගැන තිබුණු මතය තමා වෙනුවෙන් කල ආත්මාර්ථකාමී දෙයක් විදියටයි. නමුත් මේ චිත්‍රපය තුලින් ඒ දේ හැඟීම තනිකරම වෙනස් වුනා. මේ චිත්‍රපටයේ අවසාන විනාඩි කිහිපය හරිම හැඟීම්ජනකයි. සිද්ධාර්ත කුමාරයා ගිහිගෙයින් නික්ම ගැන යශෝදරා දේවියට කියූ විට, ඇය කියනවා ඇය නින්දෙන් සිටින විට යන්න කියලා මොකද දුක දරාගන්න නොහැකි නිසා. නමුත් අවසානයේ සිද්ධාර්ත කුමාරයා රජ මාලිගාව හැර දා යෑමට පෙර තම දරුවා සහ යශෝධරා දේවිය අවසාන වතාවට බැලීමට එන දර්ශනය හරිම සංවේදියි. යශෝදරා දේවිය නිදියි කියා සිද්ධාර්ත කුමාරයා සිතා සිටියත් යශෝදරා දේවියගේ ඇස් වලින් කඳුළු පිටවෙනවා. ඒ විනාඩි කිහිපය තුල ඇතිවන දෙබස් ප්‍රමාණය හුඟක් අඩුයි. එය තුල ලස්සන මිහිරි සෞම්‍ය සංගීතයක් තමයි කනට ඇහෙන්නේ. අන්න එතනින් තමයි චිත්‍රපටය අවසාන වෙන්නේ. 

චිත්‍රපටයේ යම් යම් අඩුපාඩු නැතුවාම නෙමෙයි. නමුත් ලංකාව වගේ රටක නිර්මාණය වෙන චිත්‍රපටි සමඟ සංසන්දය කිරීමේදී මෙය සාර්ථක චිත්‍රපටයක් කියන්න පුළුවන්. ඒ වගේම පසුතල නිර්මාණය ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. අබා චිත්‍රපටයට ටිකක් විතර සමාන පසුතල නිර්මාණයක් තමයි මෙහි දකින්නට තියෙන්නේ. නමුත් සාර්ථකයි කියන්න පුළුවන්. ඒ වගේම චිරිත නිරුපනය කිරීම් ගැන ගත්තොත්, මෙහි සෑම සුළු චරිතයකටම යොදාගෙන තියෙන්නේ ප්‍රවීන නළු නිලි කොටසක්. ඒ නිසා චරිත වලට යම්කිසි සාධාරණතත්වයක් ඉටුවෙලා කියල කියන්න පුළුවන්. චිත්‍රපටයේ ලාංකීය රංගන ශිල්පින් ලෙස ප්‍රධානම රංගනය යෙදෙන්නේ සාරංග දිසාසේකර,  රොෂාන් රණවන සහ රන්ජන් රාමනායක විසින්. ඔවුන් තිදෙනා චිත්‍රපටයෙ චරිත වලට සෑහෙන්න සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මෙහි සංගීතය මෙහෙයවීම. ලංකාවේ ප‍්‍රවීණ සිතාර් වාදන ශිල්පියකු වන ප්‍රදීප් රත්නායක විසින් තමයි එය සිදුකර තියෙන්නේ. චිත්‍රපටයේ සංගීතය ගැන නම් ඇත්තටම හොඳටම හොඳයි කියන්න පුළුවන්. දෙබස් අඩු චිත්‍රපටයක් නිසා සංගීතය තුලින් ප්‍රබල ලෙස හැඟීම් ඇතිකිරීමක් චිත්‍රපටයේ කර තිබෙනවා. විශේෂයෙන් චිත්‍රපටයේ අවසාන විනාඩි කිහිපයේ ඇතිකරන සංවේදී බවට මේ සංගීතය හොඳින්ම පිටුවහලක් වෙලා තියෙනවා. 

එදා මම 04 වෙනිදා 10.30 ට චිත්‍රපටය නැරඹීමට ගිය මොහොතේ ලිබටි තියෙටර් එක ෆිල්ම් එක බලන්න ආපු අයගෙන් ඉතිරිලා තිබුනේ. ඒ වගේම චිත්‍රපටය නරඹා එලියට අපු එක් කෙනෙක් වත් මෙම චිත්‍රපටයට අඩු තක්සේරුවකින් හෝ අගෞරවයක් ලෙස කතා කරනවා නම් ඇහුනේ නැහැ. හුඟ දෙනෙක් කියුවේ , සමහර තැන් ටිකක් බෝරින් කියල. ඒ සමහරවිට දෙබස් නොමැති තැන් ටිකක් වැඩිපුර මේ චිත්‍රපටයේ අඩංගු වෙලා තිබුන නිසා වෙන්න ඇති. මටනම් එහෙම බවක් දැනුනේ නැහැ. මොකද මම මේ චිත්‍රපටයේ සංගීතයට වහ වැටිලා හිටියේ. විශේෂයෙන්ම අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරන ගීතය චිත්‍රපටයේ වටිනාකම වැඩි කරලා තියෙනවා. තියෙටර් එකේ හොඳ කමට ඒ රසවින්දනය ඒ ලෙසටම ලැබුවා.

ලිපිය අවසානයේ කියන්නේ, චිත්‍රපටියවත් හරියට නොබලා ඒ ගැන විචාර ලින මිනිස්සුත් හරියට අර ෆේස් බුක් එකේ හැංගි හැංගි ගල් ගහන වීරයෝ වගේ තමයි. මං ඇත්තටම දන්නේ නැහැ කාගේ උවමනාවට ලියු විචාරද මේවා කියලා. මේවට කමෙන්ට් කරලා තියෙන මිනිස්සු දැක්කහම ඇත්තටම දුකයි. ලංකාව වැනි රටක මෙවැනි වෙනම පසුතල නිර්මාණය කරලා සහ මෙවැනි වියදමක් යොදා සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ නිපන්දවෙන චිත්‍රපටි හුඟක් අඩුයි. ඒ නිසා මේ එක එක මිනිස්සුන්ගේ විචාර ගැන තැවෙන්නේ නැතුව, ඔබට විචාරයක් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් චිත්‍රපටය නරඹලා ඒ ගැන අදහස් පලකරන්න. නැත්තන් මේ චිත්‍රපටය බුදුන්ට අගෞරවයක්, මේක තහනම් කරන්න ඕනේ වගේ මන්ද බුද්ධික ප්‍රකාශ කරන්න එපා. 

පුලුවන්නම් මෙන්න මේ ස්ථානයෙන් හෝ , මෙන්න මේ දෙබසින් හෝ මෙන්න මේ ක්‍රයවෙන් හෝ මෙන්න මේ චරිත නිරුපනයෙන් බුදුන්ට අගෞරවයක් වෙලා තියෙනවා කියල පෙන්වන්න. එවිට ඒ ගැන කතිකාවක් අනිවාර්යෙන් ඇති කරගන්න පුළුවන් වෙයි, නමුත් කවුරුත් කියන දේ අහල නැට්ට පුච්චගෙන දඟලන්න එපා.
Related Posts with Thumbnails
There was an error in this gadget

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed