
අද ලියන්න හදන්නෙ වයිරස් එකක් හදන හැටිවත්, වයිරස් එකක් අයින් කරන හැටිවත් ගැන නෙමෙයි, ජංජාලෙ සැරිසරමින් ඉන්නකොට දැකපු දෙයක් ගැනයි. ඇත්තටම කියනවනම්, මේක OS එකක්. OS එකක් කියුවට නිකම්ම OS එකක් නෙමේ. මේ OS එක ක්‍රියත්මක වෙන්නෙ Web Browser එකක් උඩයි. මේකෙ නම ඇවිල්ලා, Icloud. මේ Web Browser base ගැන අපිට මුලින්ම අහන්න ලැබුනෙ Google OS වලින්. නමුත් ඉතින් ඒක එන්නෙ ලබන අවුරුද්දෙනෙ. මේ එක නිපද්වල තියෙන්නෙ Xcerion AB සමාගමෙනුයි. Sweden රටට අයත් සමාගමක්. AJAX-based තාක්ෂණයක් තමයි මෙතනදි ඒ ගොල්ලො බාවිතා කරල තියෙන්නෙ. මෙතනදි OS එකක තියන හැම වැඩසටහනක්ම අපිට බාවිතා කරන්න පුලුවන්. අනිත් එක තමයි අපිට ඔන්ලයින් 3GB online storage එකකුත් ලැබෙනව. ලස්සන Interface එකකුත් තියනව.
හැබැයි දැනට තියන ලෙකුම අවුල තමයි. මේක හරියට ක්‍රියත්මක වෙන්නෙ, MS Internet explorer වල විතරයි. Firefox වලට තාම යන්නෙ Alpha version එකක්. මටනම් දැනෙන විදියට ලොකු සාර්ථකත්වයක් Icloud OS එකේ තියනව. නමුත් වෙලාවකට හිතෙනව, OS එකක් ඇතුලෙ තවත් OS එකක් run වෙන එකෙන් ලැබෙන වාසිය මොකද්ද කියල. මේකත් අයිති වෙන්නෙ FOSS පැත්තට නිසා කස්ටිය කැමති වෙයි කියල හිතනව.
ඔන්න මමත් වැඩේ අත්හදා බැලුව. Screen Print ටිකකුත් ගත්තා.
- මුලින්ම ට්‍රයි කෙරුවෙ, Firefox එකේ
- මේක තමයි Console එක.

- Firefox එකේ browser එක හරියටම වැඩ කෙරුවෙ නෑ. ඒක හින්ද IE එකට මාරුවක් දාල බැලුව. ආහ් නියමෙට වැඩ


-
නිවැරදිවම කිව්වොත්, OS එකේ shell එක විතරයි browser එක මත ධාවනය වෙන්නේ. එහෙම නේද?
-
Anonymous October 27, 2009 at 3:27 PM
මේ කාරණය මේකට සම්භන්ධ දන්නෙ නෑ ඇයි මේ සමහර online virus scan වගේ ඒවා IE විතරක් run වෙන්නෙ ?
-
@Anonymous,
මේ කාරණය ටෙක් කතා (www.techkatha.com) වලින් ඇහුවනම් වඩා හොඳ පිළිතුරක් ලැබෙයි.
මම හිතන්නේ මේකට හේතුව IE වල ActiveX පාවිච්චි වීම නිසා ඒවා හරහා වින්ඩෝස් වල තියෙන library වලට ප්‍රවේශ වෙන්න web applications වලට ඉඩ සැලසීම. Windows Update කරන්නත් IE අත්‍යාවශ්‍ය වීමට හේතුව මේකයි. ඒ වගේම IE අනාරක්ෂීත වෙන්නත් මේ ActiveX තාක්ෂණය හේතුවක්. :(
-
@ දක්ෂිණ :- ඔව් ඒකත් Cloud තාක්ෂණයෙන් හදපු එකක්.
@ ශාකුන්තල:- ඔව් හරියට හරි. මෙතනදි අපිට Interface එකක් තමයි හම්බෙන්නෙ. නමුත් මට තියන ගැටලුව තමයි. මේවගේ දේකින් මොකද්ද වෙන සෙතේ කියල.
@ Anonymous :- ශාකුන්තල හොඳ පිලිතුරක් ලබාදීලා තියනව :)
-
වෙබ් OS එකකින් බලාපොරොත්තු වෙන්නෙ පරිගණකය තුළ අඩු සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් වෑඩ කටයුතු කිරීම.
මෙම webOS එකක් තියෙනකොට පරිගණකයකට ඉහළ දෘඩ ඩිස්ක ධාරිතාවයක් අවශ්‍ය වෙන්නෙ නෑ. අපේ සියළුම තොරතුරු සර්වරය තුළයි තියෙන්නෙ. අවශ්‍ය වෙන්නෙ ටිකක් වේගවත් අන්තර්ජාල සම්බන්ධයක් පමණයි. මෘදුකාංග ස්ථාපනය කරන්න කරදර නෑ. තව වාසි තිබෙනව.
බලන්න මේ තියෙන්නෙ තවත් webOS එකක්.
http://g.ho.st
-
අප්පට සිරි.. රොකියත් හොයාගන්න දේවල්... :D
එළ එළ... :)
-
@ H. Madhawa Ranga :- හොඳ පැහැදිලි කිරීමක් :)
@ ගයන්ත :- :D
-
Anonymous October 28, 2009 at 12:43 PM
@ශාකුන්තල
ප්‍රශ්නය ටෙක් කතා වලට යොමු කලා ඔබට බොහොම ස්තූතියි
-
තැන්ක්ස් මචන් මම මේක ගැන අහලා තිබ්බා
ඔය වගේම එකක් තියෙනවා eyeOS කියලා... ඒකනම් අවුලක් නැතුව Firefox වල වැඩ...