Showing posts with label චිත්රපටි. Show all posts
Showing posts with label චිත්රපටි. Show all posts
‘ශ්රී සිද්ධාර්ථ ගෞතම’ චිත්රපටය ඇත්තටම බුදුන්ට අගෞරව කරන චිත්රපටයක්ද?
තේරීම
චිත්රපටි,
හිතන්න දෙයක්
‘ශ්රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්රපටයක් -
http://www.silumina.lk/2013/02/03/_art.asp?fn=av1302039
http://lankacnews.com/sinhala/main-news/89705/
බුද්ධ චරිතයට නිගරු කළ සිද්ධාර්ථ ගෞතම චිත්රපටය -
http://www.gossip9.com/2013/01/siddhartha-gauthama-movie-srilanka.html
දින තුනක නිවාඩු කාලයත් එක්ක සඳුදා නිදහස් දවසේ තමයි මේ චිත්රපටය නරඹන්න ලිබර්ටි තියෙටර් එකට මම ගියේ. ඒ මම සාමාන්යෙන් ලංකාවේ සිංහල චිත්රපටි රසිකයෙක් නොවුනත්, සාමාන්යයෙන් රජ කතා හෝ ඉතිහාස කතා රැගත් චිත්රපටි නරඹන්න කැමැත්තක් දක්වනවා. ඒ නිසාම සහ මේ ඉහත ලිපි වල කියන්න දේ ඇත්තක්ද කියල බලන්න ඕනේ කියල තමයි මේ චිත්රපටය නරඹන්න ගියේ.
මුලින්ම කියන්න ඕනේ "මේ චිත්රපටය ඉතා අඩුවියදමි ලෝ බජට් චිත්රපටයක් යැයි" කල ඇති ප්රකාශය. මම දන්නේ නැහැ ඉහත ලිපියේ ලිපිය ලියල තියෙන පුද්ගලයා ඇත්තටම චිත්රපටය නැරඹුවාද, නැතිනම් වෙන යම් දෙයක් කරමින් චිත්රපටය නැරඹුවාද කියල. මොකද චිත්රපටය පෙන්වීමට ආරම්භ කරන මොහොතේ මුලින්ම පොල් ගෙඩි අකුරින් දානවා. මෙම චිත්රපටය ශ්රී ලංකා ජන රජයේ පුර්ණ අධීක්ෂණය සහ ආධාර යටතේ සහ ශ්රී ලංකා චිත්රපටි සංස්ථාවේ අධීක්ෂණය යටතේ නිපඳවුනු චිත්රපටයක් බව. ඉතින් මම දන්නේ නැහැ ඇයි මේ ලිපිය ලියු පුද්ගලයා මෙයට ලෝ බජට් ෆිල්ම් එකක් යැයි කියන්නේ කියලා.
චිත්රපටයක් කියන්නේ එය චිත්රපටයක් නිසයි, මන්ද එම චරිත නිරුපනය කරන්නේ නළු නිලියන් මිසක් සත්ය චරිත පුද්ගලයින් නෙමෙයි. ඒ නිසා මේ සිද්ධාර්ථ කුමාරයාගෙ චරිතයට රංගනයෙන් දායක වන පුද්ගලයා දෙස බලමු. අපි හොඳින්ම දන්නා කාරණයක් තමයි සිද්ධාර්ථ කුමාරයාගෙ දේහ ලක්ෂණ වලට සමාන කල හැකි පුද්ගලයෙක් මේ ලොව නැහැ. නමුත් මම හිතනවා මේ උතුරු ඉන්දියානු නළු "ගගන් මලික්" මේ චරිතයට සැහෙන්න හොඳ සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා. ඔහුගේ පියවර තැබීම සහ ඇවිදීමේ විලාශය තුලින්ම ඒ ගැන කියන්න පුළුවන්. ඒ වගේම ඔහුට හඬ කවා තියෙන සිංහල හඬ කැවීමේ ශිල්පියාත් මේ චරිතයට හොඳ සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම මෙයට අපේ ඇස් වලට මීට කලින් නොදැකපු නළුවෙකු හා ඉන්දියානු නළුවෙකු යොදා ගැනීම තුල අපිට මේ චරිතය ගැන හිතන්න යමක් මතු කරලා තියෙනවා. නමුත් මගේ කෝණයෙන් නම් ඔහුගේ චරිත නිරූපනයෙන් බුදුන්ට අගෞරවක් සිදු වෙලා නැහැ.
දැන් බලමු මේ "දයාවංශ ජයකොඩි" මහත්තයා කරලා තියෙන ප්රකාශය ගැන, වැදගත්ම දේ තමයි ඔහු මේ සියලු ප්රකාශ කරලා තියෙන්නේ අඩුම තරමේ ෆිල්ම් එක වත් නොබලයි. ඔහු හින්දි ෆිල්ම් එකක් බලන්න ගිහින් ඒකෙදී මේ චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය (ට්රේලර් එක) බලලයි මේ සියලු ප්රකාශ කරලා තියෙන්නේ. ඇත්තටම මනුස්සයෙක්ට විනාඩි 2ක ට්රේලර් එකක් බලලා චිත්රපටය ගැන මේ වගේ විවේචනයක් කරන්න පුලුවන්ද ? මට හොඳටම විශ්වාසයි ඒ මත්තයා චිත්රපටිය හරියට බැලුවනම් ඔය කියන මන්දබුද්ධික කාරණය අනිවාර්යෙන් ඉල්ලා අස් කරගන්නවා. ඒ නිසා "දයාවංශ ජයකොඩි" මහත්තයෝ, ඔබතුමාට තලාෂ් බලන්න පුළුවන් එකේ ඉරිදා පත්තරයකට විචාරයක් කරන්න ඉස්සෙල්ලා දැන් වත් මේ චිත්රපටිය ගිහින් නරඹලා කරන විචාරයක් කරන්න.
සිද්ධාර්ත කුමාරයා ගිහිගෙයින් නික්යාමේ කාලය දක්වා නිර්මාණය වුනු චිත්රපටයක්මේක. නැතුව බුදු බව ලැබීම දක්වා පෙන්නුම් කෙරෙන චිත්රපටයක් නෙමෙයි. ඒ නිසා මේ චිත්රපටය තුල සිද්ධාර්ත කුමාරයා සහ යශෝදරා දේවියගේ ආදර කතාවත් යම් තාක් දුරට ලස්සනට නිරුපනය කරලා තියෙනවා. යශෝදරා දේවිය විසින් සිද්ධාර්ත කුමාරයාගේ වැඩ කටයුතු වලට සහයෝගය දීම්, තම ප්රදේශයේ මිනිසුන්ට කෙරෙන අසාධාරණකම් වෙනුවෙන් සිද්ධාර්ත කුමාරයා තම පියා ඉදිරියේ හඬ නැගීම, ඒ වගේම සතුන්ට දයාව දැක්වීම, මහලු විය පිළිබඳව තේරුම් ගැනීම, වෛරයට දයාව දැක්වීම වගේ දේවල් මේ පැය දෙකක් තුල වෙන රූප පෙළ තුලින් නිරුපනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒවා සීයට සීයක්ම සාර්ථක නැතත්, පෙන්නුම් කරන්න උත්සාහ කරලා තියෙන දෙයට පැහැදිලිවම සාධාරණයක් ඉටු කරලා තියෙනවා.
ඒ වගේම මම සිද්ධාර්ත කුමාරයා විසින් යශෝදරා දේවිය සහ තම කුළුඳුල් දරුවාව හැර යාම ගැන තිබුණු මතය තමා වෙනුවෙන් කල ආත්මාර්ථකාමී දෙයක් විදියටයි. නමුත් මේ චිත්රපය තුලින් ඒ දේ හැඟීම තනිකරම වෙනස් වුනා. මේ චිත්රපටයේ අවසාන විනාඩි කිහිපය හරිම හැඟීම්ජනකයි. සිද්ධාර්ත කුමාරයා ගිහිගෙයින් නික්ම ගැන යශෝදරා දේවියට කියූ විට, ඇය කියනවා ඇය නින්දෙන් සිටින විට යන්න කියලා මොකද දුක දරාගන්න නොහැකි නිසා. නමුත් අවසානයේ සිද්ධාර්ත කුමාරයා රජ මාලිගාව හැර දා යෑමට පෙර තම දරුවා සහ යශෝධරා දේවිය අවසාන වතාවට බැලීමට එන දර්ශනය හරිම සංවේදියි. යශෝදරා දේවිය නිදියි කියා සිද්ධාර්ත කුමාරයා සිතා සිටියත් යශෝදරා දේවියගේ ඇස් වලින් කඳුළු පිටවෙනවා. ඒ විනාඩි කිහිපය තුල ඇතිවන දෙබස් ප්රමාණය හුඟක් අඩුයි. එය තුල ලස්සන මිහිරි සෞම්ය සංගීතයක් තමයි කනට ඇහෙන්නේ. අන්න එතනින් තමයි චිත්රපටය අවසාන වෙන්නේ.
චිත්රපටයේ යම් යම් අඩුපාඩු නැතුවාම නෙමෙයි. නමුත් ලංකාව වගේ රටක නිර්මාණය වෙන චිත්රපටි සමඟ සංසන්දය කිරීමේදී මෙය සාර්ථක චිත්රපටයක් කියන්න පුළුවන්. ඒ වගේම පසුතල නිර්මාණය ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. අබා චිත්රපටයට ටිකක් විතර සමාන පසුතල නිර්මාණයක් තමයි මෙහි දකින්නට තියෙන්නේ. නමුත් සාර්ථකයි කියන්න පුළුවන්. ඒ වගේම චිරිත නිරුපනය කිරීම් ගැන ගත්තොත්, මෙහි සෑම සුළු චරිතයකටම යොදාගෙන තියෙන්නේ ප්රවීන නළු නිලි කොටසක්. ඒ නිසා චරිත වලට යම්කිසි සාධාරණතත්වයක් ඉටුවෙලා කියල කියන්න පුළුවන්. චිත්රපටයේ ලාංකීය රංගන ශිල්පින් ලෙස ප්රධානම රංගනය යෙදෙන්නේ සාරංග දිසාසේකර, රොෂාන් රණවන සහ රන්ජන් රාමනායක විසින්. ඔවුන් තිදෙනා චිත්රපටයෙ චරිත වලට සෑහෙන්න සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මෙහි සංගීතය මෙහෙයවීම. ලංකාවේ ප්රවීණ සිතාර් වාදන ශිල්පියකු වන ප්රදීප් රත්නායක විසින් තමයි එය සිදුකර තියෙන්නේ. චිත්රපටයේ සංගීතය ගැන නම් ඇත්තටම හොඳටම හොඳයි කියන්න පුළුවන්. දෙබස් අඩු චිත්රපටයක් නිසා සංගීතය තුලින් ප්රබල ලෙස හැඟීම් ඇතිකිරීමක් චිත්රපටයේ කර තිබෙනවා. විශේෂයෙන් චිත්රපටයේ අවසාන විනාඩි කිහිපයේ ඇතිකරන සංවේදී බවට මේ සංගීතය හොඳින්ම පිටුවහලක් වෙලා තියෙනවා.
එදා මම 04 වෙනිදා 10.30 ට චිත්රපටය නැරඹීමට ගිය මොහොතේ ලිබටි තියෙටර් එක ෆිල්ම් එක බලන්න ආපු අයගෙන් ඉතිරිලා තිබුනේ. ඒ වගේම චිත්රපටය නරඹා එලියට අපු එක් කෙනෙක් වත් මෙම චිත්රපටයට අඩු තක්සේරුවකින් හෝ අගෞරවයක් ලෙස කතා කරනවා නම් ඇහුනේ නැහැ. හුඟ දෙනෙක් කියුවේ , සමහර තැන් ටිකක් බෝරින් කියල. ඒ සමහරවිට දෙබස් නොමැති තැන් ටිකක් වැඩිපුර මේ චිත්රපටයේ අඩංගු වෙලා තිබුන නිසා වෙන්න ඇති. මටනම් එහෙම බවක් දැනුනේ නැහැ. මොකද මම මේ චිත්රපටයේ සංගීතයට වහ වැටිලා හිටියේ. විශේෂයෙන්ම අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරන ගීතය චිත්රපටයේ වටිනාකම වැඩි කරලා තියෙනවා. තියෙටර් එකේ හොඳ කමට ඒ රසවින්දනය ඒ ලෙසටම ලැබුවා.
ලිපිය අවසානයේ කියන්නේ, චිත්රපටියවත් හරියට නොබලා ඒ ගැන විචාර ලින මිනිස්සුත් හරියට අර ෆේස් බුක් එකේ හැංගි හැංගි ගල් ගහන වීරයෝ වගේ තමයි. මං ඇත්තටම දන්නේ නැහැ කාගේ උවමනාවට ලියු විචාරද මේවා කියලා. මේවට කමෙන්ට් කරලා තියෙන මිනිස්සු දැක්කහම ඇත්තටම දුකයි. ලංකාව වැනි රටක මෙවැනි වෙනම පසුතල නිර්මාණය කරලා සහ මෙවැනි වියදමක් යොදා සහ රාජ්ය අනුග්රහය යටතේ නිපන්දවෙන චිත්රපටි හුඟක් අඩුයි. ඒ නිසා මේ එක එක මිනිස්සුන්ගේ විචාර ගැන තැවෙන්නේ නැතුව, ඔබට විචාරයක් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් චිත්රපටය නරඹලා ඒ ගැන අදහස් පලකරන්න. නැත්තන් මේ චිත්රපටය බුදුන්ට අගෞරවයක්, මේක තහනම් කරන්න ඕනේ වගේ මන්ද බුද්ධික ප්රකාශ කරන්න එපා.
ලිපිය අවසානයේ කියන්නේ, චිත්රපටියවත් හරියට නොබලා ඒ ගැන විචාර ලින මිනිස්සුත් හරියට අර ෆේස් බුක් එකේ හැංගි හැංගි ගල් ගහන වීරයෝ වගේ තමයි. මං ඇත්තටම දන්නේ නැහැ කාගේ උවමනාවට ලියු විචාරද මේවා කියලා. මේවට කමෙන්ට් කරලා තියෙන මිනිස්සු දැක්කහම ඇත්තටම දුකයි. ලංකාව වැනි රටක මෙවැනි වෙනම පසුතල නිර්මාණය කරලා සහ මෙවැනි වියදමක් යොදා සහ රාජ්ය අනුග්රහය යටතේ නිපන්දවෙන චිත්රපටි හුඟක් අඩුයි. ඒ නිසා මේ එක එක මිනිස්සුන්ගේ විචාර ගැන තැවෙන්නේ නැතුව, ඔබට විචාරයක් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් චිත්රපටය නරඹලා ඒ ගැන අදහස් පලකරන්න. නැත්තන් මේ චිත්රපටය බුදුන්ට අගෞරවයක්, මේක තහනම් කරන්න ඕනේ වගේ මන්ද බුද්ධික ප්රකාශ කරන්න එපා.
පුලුවන්නම් මෙන්න මේ ස්ථානයෙන් හෝ , මෙන්න මේ දෙබසින් හෝ මෙන්න මේ ක්රයවෙන් හෝ මෙන්න මේ චරිත නිරුපනයෙන් බුදුන්ට අගෞරවයක් වෙලා තියෙනවා කියල පෙන්වන්න. එවිට ඒ ගැන කතිකාවක් අනිවාර්යෙන් ඇති කරගන්න පුළුවන් වෙයි, නමුත් කවුරුත් කියන දේ අහල නැට්ට පුච්චගෙන දඟලන්න එපා.
15
ඇදහස්
පහතින් ලබාදී ඇත්තේ, මා විසින් මේ දක්වා නිමකර ඇති සිංහල උපශ්රීර්ෂ ඇතුලත් චිත්රපටි ලයිස්තුවයි.
45. Sinbad (TV Series 2012) Episode 12 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
44. The Avengers (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
43. The Avengers (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
42. The Avengers (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
41. Sinbad (TV Series 2012) Episode 11 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
40. Sinbad (TV Series 2012) Episode 10 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
39. Sinbad (TV Series 2012) Episode 9 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
38. Sinbad (TV Series 2012) Episode 8 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
37. Jism 2 (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
36. Sinbad (TV Series 2012) Episode 7 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
35. The Avengers (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
34. Sinbad (TV Series 2012) Episode 6 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
33. The Cabin in the Woods (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
32. The Dictator (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
30. The Hunger Games (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
29. Battleship (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
28. Sinbad (TV Series 2012) Episode 4 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
27. Sinbad (TV Series 2012) Episode 3 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
26. Sinbad (TV Series 2012) Episode 2 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
25. The Raven (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
24. Sinbad (TV Series 2012) Episode 1 සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
23. The Messengers (2007) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
22. Piranha 3DD (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
21. Mirror Mirror (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
20. The Raid: Redemption (2011) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
19. Iron Sky (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
18. Gone (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
17. The Woman in Black (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
16. Contraband (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
15. Mission Impossible: Ghost Protocol (2011) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
14. Don 2 (2011) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
13. Underworld: Awakening (2012) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
12. The Adventures of Tintin (2011) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
11. Hugo (2011) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
10. Puss in Boots (2011) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
9. In Time (2011) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
8. Toy Story 3 (2010) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
7. Phobia 2 (2009) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
6. The Book of Eli (2010) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
5. Salt (2010) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
4. My Name Is Khan (2010) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
3. Fantastic Mr. Fox (2009) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
2. The Collector (2009) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
1. Merry Madagascar (2009) සිංහල උපශ්රීර්ෂ සමඟ
IMDB පිටුව
ලිපිය කියවන්න
බාගත කරගන්න
ඉදිරියේදී තිරගත වීමට නියමත නැරබිය යුතුම සුපිරි චිත්රපට පෙළක් ............. Must see upcomming movis
තේරීම
චිත්රපටි
ලියන්න දෙයක් හොයාගන්න නැතිම තැන කට්ටියට ඉස්සරහට බලන්න තියෙන සුපිරි චිත්රපට කිහිපයක් ගැන දැනුවත් කරන්න හිතුවා, මුලිනම් ඒකෙන පටන් ගමු.
01.The Hangover Part II (2011) -
01.The Hangover Part II (2011) -
මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ .. මේකේ මුල් කොටස බලපු අය දන්නවා ඇති, Doug ගේ විවාහයට ඉස්සෙල්ල යාලුවන්න දෙන්න අරගෙන යන Hangover එකේදී වෙන අමුතු සිද්දි ටික ......අසාමාන්ය විදියට හිනා නොගියත් මමනම් බලපු විකට චිත්රපට වලින් තත්විකම කතාවක් අඩංගු චිත්රපටයක් කියලා කියන්න පුළුවන් .
නමුත් මේකේ දෙවෙනි කොටසේදී Stu ගේ විවාහයට සහභාගී වීමට මේ යාලුවේ කණ්ඩායමම තායිලන්තය කරා යනවා . දැනට ලබා තියෙන ආදායම් වාර්තා දැක්කහම හිතෙනවා මේකනම් අනිවා මුල් ඒක වගේම හොඳ ඇති කියලා
02. Pirates of the Caribbean: On Stranger Tides (2011)
Pirates of the Caribbean චිත්රපට මාලාවේ හතරවැන්න. මෙම චිත්රපටය ගැනනම් ඉතින් අයෙත් කියන්න දෙයක් නෑනේ. නොබලපු කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ලිපිය ලියන අවස්ථාවේත් මෙම චිත්රපටය සතියේ වැඩිම ආදායම් ලබන චිත්රපට ගොන්නේ තුන්වන ස්තානයෙයි පසුවෙන්නේ.
03. Conan the Barbarian (2011)
කොමික්ස් ආශ්රිත චිත්රපට බල්ලන්න ආස අයට.තාමත් හිතාගන්න බෑ Jason Momoa මෙහි Conan ගේ චරිතයට තෝරා ගත්ත එකට. නමුත් මෙයත් කාටුන් ඒක වගේම හොඳ හිට් එකක් වෙයි කියලා හිතනවා.
04. Harry Potter and the Deathly Hallows: Part 2 (2011)
මේක ගැනනම් හැම කෙනෙක්ම දන්නවනේ. Harry Potter චිත්රපට මාලාවේ අට වැනි චිත්රපටය.
05. Cowboys & Aliens (2011)
මේකනම් තිරගත වන දවසට මමත් පුද්ගලිකව ඇඟිලි ගැන ගැන ඉන්නේ. පසුගිය ජේම්ස් බොන්ඩ් චිත්රපට මාලාවේ බොන්ඩ් ගේ චරිතයට පණ පෙවූ සම්මානනීය නළු Daniel Craig විසිනි. පිටසක්වලින් පැමිණෙන මොහු ගම්මානය බේරාගැනීමට දරන උත්සාහය මෙහි කතා තේමාව වෙනවා
06. Captain America: The First Avenger
කාලයක් තිස්සේ කාටුන් සහ කොමික්ස් පොත් තුලින් සුපිරි වීරයා "කැප්ටන් ඇමරිකා" මෙවර ප්රථම වරට සිනමා නිර්මාණයක් ලෙස ඉදිරි මාස කිහිපය තුල එළිදැක්වීමට නියමිතයි. දෙවන ලෝක යුද්දයේදී ජර්මානු ප්රහාර හමුවේ අයිස් කුට්ටියක් තුල අභිරහස්ව සිරවී සිටින මෙම වීරයා අද, එනම් වර්තමානයේ ඇමරිකානු විද්යාඥන් පිරිසක් විසින් සොයා ගනු ලබනවා. මෙහි Steve Rogers නොහොත් Captain America චරිතයට පනපොවන්නේ Chris Evans විසිනි. මතක ඇතිනේ Fantastic Four චිත්රපට මාලාවේ ෆයර් මෑන්,
07. Kung Fu Panda 2 (2011)
මෙය ලොකු පොඩි කා අතරත් ආදරයට පත්වුන Kung Fu Panda චිත්රපටයේ දෙවැනි කොටසයි. මුල් කොටස වගේම 'පූ' ගේ අතේ මේ ගමේ අනාගතය පැවතෙනවා. අලුත්ම ආයුදයක් සමඟ පැමිණෙන සතුරු බලවේගයකට එරෙහිව 'පූ" ඇතුළු යාලුවෝ කණ්ඩායම සටන්වදින අයුරුයි මෙහි කතා තේමාව වෙන්නේ. Jack Black, Angelina Jolie, Jackie Chan, Lucy Liu, යන සුපිරි නළු නිලි කණ්ඩායමක් තමයි මෙහි හඬකැවීමෙන් සම්බන්ද වෙන්නේ
08. X-Men: First Class (2011)
මුලින් තිරගත වුනු X-Men චිත්රපට මාලාවේ කතා වලට වඩා ටිකක් විතර වෙනස් කතාවක් රැගත් චිත්රපටයක් තමයි, X-Men: First Class කියන්නේ. X-Men කණ්ඩායමේ නායක Charles Xavier සහ Magneto ගේ තරුණ කාලය සහ මෙම කණ්ඩායම්තුල ඔවුන් ආරම්භක සමජකයින් ඇතුළු කතාවක් තමයි මෙහි අඩංගු වන්නේ. මෙහි Charles Xavier ගේ චරිතයට පණ පොවන්නේ Golden Globe ඇතුළු සම්මාන සඳහා නිර්දේශවුණු තරුණ නළු James McAvoy විසිනි.
09. The Amazing Spider-Man (2012)
මෙයනම් ලබන වසරේ තිරගතවීමට නියමිත චිත්රපටයක්. තවමත් නිෂ්පාදන අවදියේ පවතින මෙහි කතාව ගැන වැඩියමක් දන්නේ නෑ. නමුත් පසුගිය 'Spider-Man' චිත්රපට මාලාවේ ප්රධාන චරිත වලින් දායකවුනු Tobey Maguire සහ Kirsten Dunst වෙනුවට නවක නළු නිලි පිරිසක් තොරගනිමනම් දැනට චිත්රපට විචාරකයින්ගේ දැඩි දෝෂාදර්පනයට හේතුවෙලා තියෙනවා. මමත් හිතා ගත්ත Kirsten Dunst නැත්තන් මෙකනක් බලන්නේ නෑ කියලා.
10. Johnny English Reborn (2011)
Mr. Bean මාලාව තුලින් ජනප්රිය වූ සුප්රසිද්ධ නළු Rowan Atkinson ප්රදාන රංගනයෙන් දායකවුනු Johnny English චිත්රපටයේ දෙවැනි කොටස ලෙසටයි මෙයත් තිරගතවීමට නියමිත. මෙවර ඔහු චීන අගමැති ඝාතනය කිරීමට තනන රහස් ඝාතන කල්ලියකට එරෙහිව සටන් වදිනවා. Mr. Bean ට ආසා කරන අය නොවරදවා බැලිය යුතු චිත්රපටයක් මේක.
11. Super 8 (2011)
ඔස්කාර් සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනු සුපිරි නිෂ්පාදක Steven Spielberg විසින් නිෂ්පාදිත නවතම සිනමා නිර්මාණයයි ගේ Super 8 කියන්නේ. අභිරහස් ලෙස සිදුවන දුම්රිය අනතුරක් වට තමයි මෙම කතාව දිවයන්නේ. මෙහි ප්රදාන චරිත සඳහා අවුරුදු දහයත් පහලවත් අතර ළමා පිරිසක් එකතුවෙලා තියෙනවා. කවදත් අමුතුම ආකාරයේ කතා තේමාවන් රැගත් චිත්රපට ගෙනෙන, Steven Spielberg ගේ මෙම නිර්මානයත් ඉදිරි මාසයේදී තිරගතවීමට නියමිතයි.
12. Green Lantern (2011)
මෙයත් කොමික්ස් පොත් කියවන්නන් අතර මතකයේ රැඳුණු චරිතයක් වටා නිර්මාණය වී තියෙනවා.DC කොමික්ස්ගේ නිර්මාණයක් වන මෙහි කතා තේමාව වන්නේ පෘතුවියට සමාන වෙනත් ග්රහ ලෝකයක ඇතිවන ගැටුමකදී mystical green මුදුව පෘතුවියේ වෙසෙන Hal Jordan හට ලැබෙනවා. එයින් පසු ඔහු Green Lantern ලෙස වී ග්රහ ලොව බේරාගැනීමට සටන් කරනවා. මෙහි Green Lantern ගේ චරිතයට පණ පොවන්නේ මතකයේ රන්දුනු නිම්න කිහිපයකටම දායකවුනු Ryan Reynolds විසිනි.
13. Bad Teacher (2011)
මෙයත් මෙම සමර් සීසන් එක තුලදී එලි දක්වන විකට චිත්රපට වලින් එකක්. සුපිරි නිලි Cameron Diaz මෙහි ප්රදාන චරිතය, ගුරුවරියක් ලෙස මෙහෙයවනවා. Cameron Diaz කියන්න ඕනේ නෑ නේ. අය මෙතෙක් රංගනයට දායකවුනු චිත්රපට සිල්ල වගේ ඉතා හොඳින් තිරගතවී තියෙනවා. මෙහි පෙරදසුන් බැලුවනම් හිතයි බලනවද නැද්ද කියලා
14. Transformers: Dark of the Moon
මෙය Transformers චිත්රපට පෙලේ තුන්වන චිත්රපටයයි. ප්රේක්ෂකයන් වඩාත් බලාපොරොත්තු රඳවාගෙන ඉන්න චිත්රපටයක් කියුවොත් මා නිවැරදියි. මේ කතාවෙනම් හඳ මත ඇති Transformers වරුනට අයත් කඩාවැටුණු යානාවක් වැටි කතාව ගලායන්නේ. මෙහිදී කොයි කවුරුත් කතා බහ වන කාරණයක් තමයි, මුල් චිත්රපට දෙකේදී ප්රදාන නිලියට පණ පොවනු ලැබූ සුරුපිනිය Megan Fox මෙම කොටසේදී නොමැතිවීම. Megan Fox නම කියා තියෙන්නේ මෙම Transformers චිත්රපටයේ අද්යක්ෂවන Michael Bay සමඟ වැඩ කිරීමට ඉතා අපහසු බැවින් , අය මෙම තුන්වැනි කොටසට සම්බන්දවිම ප්රතික්ෂේප කෙරු බවයි.
15. Cars 2 (2011)
මෙයත්, ඩිස්නි චිත්රපට සමාගම විසින් 2006 වසරේ තිරගත වුනු Cars චිත්රපටයේ දෙවන කොටසයි. මටනම් මුල් කොටස මතක නෑ. කොහොම උනත් හෙන ආසාවෙන් බැලුවා කියලනම් කොන්දට මතකයි. ඒ නිසාම තමයි මෙම චිත්රපට ගොඩට මෙයත් තෝරා ගත්තේ. මෙයටත් Owen Wilson ඇතුළු සුප්රසිද්ද නළු නිලි පිරිසක් හන්දකවිමෙන් දායක වෙනවා.
16. The Adventures of Tintin: The Secret of the Unicorn (2011)
තව පොඩ්ඩෙන් මේකත් අමතක වෙනවා. කලින් සඳහන් කල Steven Spielberg ගේ ප්රථම ඇනිමේෂන් චිත්රපටයයි මේ. ලංකාව ඇතුළු මුළු ලෝකය පුරා ප්රචලිත ටින් ටින් ගේ චරිතය වැටි මෙම කතාව නිර්මාණය වී ඇත්තේ. මෙහි Tintin ලෙස හඬ කැවීමට සම්බන්ද වී තියෙන්නේ Jamie Bell නම්වූ බ්රිතාන්ය ජාතික තරුණයි. කාටුන් එකේ මෙන්ම , මෙහිත් කැප්ටන් හැඩොක්, තොම්සන් දෙපල, ස්නොවී කට්ටියම ඉන්නවා.
Subscribe to:
Posts (Atom)









.jpg)


























.jpg)
















