twitter rss

Take the Lead (2006) (නටන්න ලෑස්තිද?)

තේරීම

ඩාන්සින් මූවීස් වලට ප්‍රිය කරන අයට අදත් ගොඩක් ලස්සන, සරල කතාවක් තියන බයිස්කොප් එකක් තමයි දෙන්න යන්නෙ. මේකෙ මගේ ආසම නලුවෙක් වන Antonio Banderas ප්‍රධාන චරිතයට පන පොවනව. ඇත්තටම කියුවොත් මේක සත්ය කතාවක්.

මේ ෆිල්ම් එක හදුන්වල දීල තියෙන්නෙ , “The real story of a dance teacher who believed in the talent of a group of problem kids” කියලයි. Pierre Dulaine (Antonio Banderas) කියන්නෙ නර්තනය උගන්වන ගුරුවරයෙක්. ඔහුට ඇමරිකාවෙ පැල්පත් සහ මුඩුක්කු ගෙවල් ආශ්‍රිතව වෙසෙන ලමයින් ඉගෙන ගන්න පාසලක ඉගැන්වවීමෙ අවස්තාවක් ලැබෙනව. හැබැයි මොවුන්ට ලතින් ඇමරිකන් නර්තනය ඉගැන්වවීම ලේසි-පහසු වෙන්නෙ නෑ. මොකද මොවුන්ගෙ ශයිලිය වෙන්නෙ, ස්ට්‍රීට් ඩන්සින් තමයි. හැබැයි මොවුන් දක්ෂයො. කතාවෙ ඉතුරු හරිය යන්නෙ මෙම ගුරුවරයා මේ ලමයින්ව පුරුදු පුහුනු කරල ඒවකට සිටින දක්ෂ නර්තන ශිල්පියන් සහබාගී වෙන තියන ලතින් ඇමරිකන් ඩාන්සින් තරගයකට ඉදිරිපත් කිරීමට ගන්න වෑයමයි. ඉතා ලස්සන සහ ඇස පුදුම කරවන නර්තන වලින් සමන්විත් මෙම චිත්‍ර පටිය හැම කෙනෙක්ම බැලිය යුතු බයිස්කෝප් එකක් ලෙස හඳුන්වන්නෙ. මෙම ගුරුවරය (Pierre Dulaine) ඇත්තටම ඇමරිකාවෙ 12,000 වඩා ශිෂ්යයින් පිරිසකට ඉගැන්වීමෙ කටයුතු කරල තියෙනව.


Torrentඑක මෙතනින් බාගන්න.
  1. ආව් ආව් නටන්න පුලුවන් ෆිල්ම් එකක්

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed