Showing posts with label iOS. Show all posts
Showing posts with label iOS. Show all posts
හුඟ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. අද හුඟක් දෙනා කතා කරන දෙයක් තමයි මෙ ඇන්ඩ්රොයිඩ් මොබයිල් ෆෝන් ගැන. දැනට ඇපල් මොබයිල් එකක් භාවිතා කරන මටත් මේ අන්ඩ්රොයිඩ් කියන්නෙ මොකද්ද කියලා දැනගන්න හුඟක් ලොකු ආසාවක් තිබුනා. ඇන්ඩ්රොයිඩ් කියන්නෙ ගූගල් සමාගම යටතේ තියන, දැනට ඉතා සීග්රයෙන්ම ව්යාප්ත වෙමින් පවතින, හුදෙක්ම මොබයිල් ෆෝන් සඳහා භාවිතා කරන මෙහෙයුම් පද්දතියක්. විකිපීඩියාවෙ කියන විදියට නම් "The Android operating system is the world's best-selling Smartphone platform"! අනේ මන්දා ඇත්තද කියලා. ඒත් ඇන්ඩ්රොයිඩ් එක්ක ජීවත් වෙන අපේ කාලිංගයි, මලින්තයි නමි ඕක අනිවා සනාත කරනවා. හැබැයි මයික්රොසොෆ්ට් සමාගම විසින් අලුතින් හදුන්වා දුන්න "මොබයිල් වින්ඩෝස් 7" දුරකතන මෙහෙයුම් පද්දතියත් එක්ක මේ බව පොඩ්ඩක් වෙනස් වෙලාදෝ කියලා හිතෙනවා. ඒක ගැන වෙන දවසක කතා කරමුකෝ. කරුමෙකට මටනම් තාම ඔය ඇන්ඩොයිඩ් එකක අයිතිකරුවෙකු වෙන්න වාසනාව ලැබිලා නෑ. මොකද ඕවා මේ නොකියා ෆෝන් වගෙ රුපියල් 10,000 කට වගේ ගන්න නෑනෙ. ආයෙ ඉතින් හිටපු තැනම ජොබ් එකට යනකල් "නෝ එනි අදර් මොබායිල්" ! ඒත් යාලුවන් අරගත්ත ඇන්ඩ්රොයිඩ් මොබයිල් කීපයක්ම අත පත ගාන්නනම් අවස්තාව ලැබිලා තියෙනවා.
අද මම කියන්නෙ ආතේ තියන ගානට , අන්ඩ්රොයිඩ් මේනියාවෙන් පෙලෙන අයට ලාබෙට ගන්න පුලුවන් ඇන්ඩ්රොයිඩ් මොබයිල් ටිකක් ගැන විස්තරයි. මුලින්ම කියන්නම් ඉන්දියානු නිෂ්පාදන දෙකක් ගැනම. මේ මොබයිල් දෙකම මම පුද්ගලිකවම පරිහරනය කරලා තියෙන මොබයිල් දෙකක්. ඒ වගේම මේ නිෂ්පාදන දෙක තමයි දැනට ලෝකයේ අඩුම මිලට තියෙන ඇන්ඩ්රොයිඩ් ඇතුලත් දුරකතන දෙක.
01.) ඉන්දියානු දුරකතන සමාගමක් වන Spice විසින් හඳුන්වා දුන්න - Mi-310.
මුලින්ම මේ Spice සමාගම ගැන කියනවනම්, මට හිතෙනවා ඔවුන් අනාගතේ දුරකතනා නිෂ්පාදන කරුවන් අතර හොඳ නමක් ඇති කර ගනී කියලා. එහෙම කියන්න මූලිකම හේතුව තමයි ඔවුන්, ඔවුන්ටම ආවේනික අලුත්ම නිමාවක් යටතේ දුරකතන වෙලඳපලට නිකුත් කිරීම. මම එහෙම කියන්නෙ ඔවුන් මෑතකදී නිකුත් කරපු මොබයිල් ප්රොජෙක්ටරයක් සහිත දුරකතනය (Spice - M-9000) නිසායි. දන්න තරමින් ඔවුන් තමයි මේ හපන්කම මුලින්ම ලෝක වෙලඳපලට දැක්වුවේ. දුරකතනය තුල හුඟක් අඩුපාඩුකම් තිබුනත් ඔවුන්ගේ නව නිර්මානීය ගුනය මේ දුරකතානාය තුලින් හොඳින් පෙන්වනු ලැබුවා.
මොවුන්ගේ නවතමා ඇන්ඩ්රොයිඩ් මොබායිල් එක ගැන කියනවනම්, මමනම් හිතන්නෙ මුදලේ හැටියට ගන්න පුලුවන් හොඳම දුරකතනය මේ Mi-310 වෙන්න ඇති. මුලින් කියුවා වගේ මේ ඩුරකතනය මට පුද්ගලිකාවම පරිහරනය කරන්න අවස්තාව ලැබිලා තියෙනවා. මෙය මිලදී ගන්න වැයවෙලා තියෙන්නෙ ඉන්දියානු රුපියල් 7,550.00 වගේ මුදලක්. ශ්රී ලංකා මුදලින් නම්, රුපියාල් 18,800.00 වගේ මුදලක්. මේ දුරකතනයේ ගුනාංග ගැන කියනවනම්, මුදලේ වටිනාකමත් එක්ක බලනකොට මට දැනට පාවිච්චි කරපු හොඳම ටච් ස්ක්රීන් එක සහිත මොබයිල් එකක කියලා බය නැතුව කියන්න පුලුවන්. මම දැනට භාවිතා කරන අයි ෆෝන් එකේ මට්ටමටම මේ ටච් ස්ක්රීන් එක හොඳ මට්ටමක තියෙනවා කියලා කියුවොත් විස්වාස කරන්න පුලුවන්ද ? එච්චරම වේගවත් නැති උනාත්, අකමැත්තෙන් හරි ඒක විස්වාස කරන්න වෙනවා. මේ දුරකතනය මල්ටි ටච් ( එකවර ස්ක්රීන් එකේ ස්තාන දෙකක් ටච් කිරීම) සඳහා සහය දක්වනවා. ඒ වගේම ඔටෝ රොටේටින් සඳහාද සහයා දක්වනවා. මේ ඔටෝ රොටේටින් ගැන කතා කරනාකොට අපි නොකියා ස්මාර්ට් ෆෝන් දුරකාතන වලදී මුහුන දෙන ලේට් රොටේටින් ( ඒ කියන්නෙ දුරකතය සිරස් අතට තියලා , තිරස් අතට ගත්තහාම , දුරකාතනයේ ස්ක්රීන් එක වෙනස් වෙලාඅ පොසිෂන් එකට එන්න හැට පැයක් යන එක) ගතිය හොඳින් මග හැරලා තියෙනවා. දුරකාතනය සිරස් , තිරස් අයුරින් වෙනස් කරන විට ඉතා ඉක්මනින් ස්ක්රීන් එක වෙනස් වෙනවා.
අනිත් විශේෂ දේවල් තමයි මෙය HSDPA, 7.2 Mbps සඳහා සහය දක්වන අතරතුර ,Wi-Fi hotspot සේවාවෙන්ද යුක්තයි. ඒ කියන්නෙ දුරකතනයේ සිම් පත මගින් දුරකතනය ලබා ගන්නා 3G සේවාව Wi-Fi සඳහා සහය දක්වන ලැප්ටොප් ඇතුලු ඩිවයිස් 10 කට එකවර ඉන්ටර්නෙට් සේවාව ලබාදීමේ හැකියාව.
අනිත් කාරනාය තමයි මේ දුරකතනය තුල ක්රියාත්මක වෙන දැනට බහුලවම ඇන්ඩ්රොයිඩ් දුරකතාන තුල භාවිතා වෙන Android OS, v2.2 (Froyo) කියන මෙහෙයුම් පද්දතිය. දැනට ඇපල් iPhone එකක් භාවිතා කරන මම මේතරම් අඩු මුදලකටා තියෙන ඉන්දියානු නිෂ්පාදනයක් තුල ඇන්ඩ්රොයිඩ් කොතරම් කොඳින් ක්රියාත්මක වෙනවද වෙනවද කියලා අවංකවම ටිකක් පුදුම උනා. එතරම් වේගවත් සහ වර්නවත්. අනෙත් කාරනාව තමයි මම දැනට ඇපල් දුරකාතන තුල පමානක් දැක්ක (සමහර විට මේ වෙනකොට වෙනත් දුරකතන තුලත් ඇති) Proximity sensor for auto turn-off කියන ගුණාංගය. ඒ කියන්නෙ අපි දුරකාත ඇමතුමකට පිලිතුරු දීමක් කාරන අවස්තාවෙ දුරකතනය කනට ලංකරන විට, දුරකතනයේ ඩිස්ප්ලේ ලයිට් නිවී යෑම. ඒ මගින් බැටරිය හොඳින් ඉතුරු කිරීමක් කර ගන්න පුලුවන්. සඳහන් කරපු ගුණාන්ග වලට අමාතරම මෙය 16GB මෙමරි දක්වා සහය දක්වනවා.
මෙහි මම දකින එකම අවාසිය තමයි 2mpxl කැමරාව. ඒ ගැනනම් සෑහීමකට පත්වෙන්න බෑ. ඒත් රුපියල් 18,000 කට වගේ තියන දුරකාටනායකින් අපිට තවත් දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?. අනෙත් කාරනය තමයි මෙහි නිමාව, දැනට බොහෝවිට දකින්න තියන ප්ලාස්ටික් ආවර්නය වෙනුවට සවිමත් මෙටල් ආවරනයක් තමයි මෙ මොබයිල් එකට භාවිතා කරලා තියෙන්නෙ. ඒ නිසාම දුරකතනයේ සවිමත් භාවය ඉතා හොඳ මට්ටමක තියෙනවා. මේ දුරකතනයේ වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න මේ ලින්ක් එකට යාන්න . වෙලාවක් තිබුනොත් මේ දුරකතනයේ youtube වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරන්නම්. මේ දුරකතනය ලංකාවෙ වෙලඳපලේ තියෙනවද කියලනම් හරියාටම දන්නෙ නෑ. ඉන්දියාවෙ ඉඳලා එන කෙනෙක්ගෙ අතේ ගෙන්න ගන්නවා මිසක්, තැපෑලෙන්නම් ගෙන්න ගන්න එප, අනිවා රුපියල් 10,000 කවත් ටැක්ස් එකක් කන්න වෙයි. ආහ් තව දෙයක් ...... මේකත් එක්ක නොමිලේම ලෙදර් පවුච් එකකුත් දෙනවා. ඒකත් සුපිරි. නිල වෙබ් අඩවිය - http://www.spicecorp.in
02.) Micromax - Andro A60
මෙකනම් දැනට ඉන්දියාව තුල නැගී එන දුරකතන නිෂ්පාදන සමාගමක් වන Micromax හි නවතම නිකුතුවක්. අඟල් 2.80කින් යුතු තිරයක් සහිත මේ දුරකතානයේ මිල ගැන කියනවනම් ඉන්දියාඅනු රුපියල් 6,600.00 පමන වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 16,500ක් විතර. මේ දුරකතනය ගැනනම් එතරම් දරට සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් මුදලෙ හැටියට නරකමත්ම නෑ. ඇන්ඩ්රොයිඩ් එක්ක ටිකක් සෙල්ලම් කරලා කරකවලා කඩලා බිඳලා , අනිත් පැත්ත හරවලා බලලා ටිකක් ඉගෙන ගන්න නම් කියාපු ෆෝන් එක. මේකෙනම් 3.2mpxl කැමරාවක් තියනවා කියලා තිබුනට , කැමරාවනම් සෑහෙන්න දුරට අවුල්. ඒ වගේම 32GB මෙමරි දක්වා සහය දක්වනවා. ඒ වගේම HSDPA, 7.2 Mbps සඳහා සහය දක්වනවා. Android OS, v2.1 (Eclair) කියන මෙහෙයුම් පද්දතිය තාමයි මේ දුරකාතනය තුල ක්රියාත්මක වෙන්නෙ.
අඩු මුදලකට ගන්න පුලුවන් මෙන්න මේ ඇන්ඩ්රොයිඩ් ගැනත් වෙලාවක් තිබ්බොත් ගිහිල්ලා බලන්න
Acer BeTouch E110
Samsung I5503 Galaxy 5
LG Optimus GT540
Samsung Galaxy 3 (I5801)
HTC Tattoo
17
ඇදහස්
මේ ලිපිය සෑහෙන්න කාලයක් තිස්සෙ ලියනවා කියලා හිතාගෙන හිටපු ලිපියක්. දැන්නම් iPhone එක අරගෙන මාස තුනක් විතර ඇති. ඇත්තටම හිතාගෙන ගියෙනම් iPhone 4G එකක් ගන්න තමයි , නමුත් මොබයිල් ෆෝන් එකකට රුපියල් අනූ දාහක් වගේ ගානක් වියදම් කරන එක මහ මෝඩ වැඩක් කියලා හිතුනා. ඒ නිසා ලද දෙයින් සතුටු වෙයන් කියලා, 3Gs එකක් ගත්තා. කැමරාව සහ ප්රොසසර් එකේ වේගය ඇරුනහම මේ 4G සහ 3GS වල ලොකු වෙනසක් නෑ. මම මේ ලිපිය ලියන්න හිතුවෙ මගේ පම්පෝරිය ගහන්න නෙමෙයි, ඉගෙන ගත්ත දේවල් ටිකක් කට්ටියත් එක්ක බෙදා ගන්න. මොකද මේ දුරකතනය ටිකක් ගානින් වැඩි එකක් නිසා මෙය වැඩිපුර අතපත ගාන්න හම්බෙන්නෙ නෑ. ඒ නිසාම මේහි තියෙන විශේෂත්වය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නෑ. සමහර අය මේ ගැන නොදන්න කමටම මීටත් වඩා මිලෙන් වැඩි දුරකතන ගන්නවා. මුලින්ම මේ iPhone වලදි හඳුන්වන OS ගැන එහෙමත් නැත්තන් firmware එක ගැන පොඩ්ඩක් හොයලා බලමු. සාමාන්යන් අපි Nokia හෝ SE හෝ වෙනත් ජංගම දුරකතනයකදී නම් මේ OS එක upgrade කරන කතා ඇහෙන්නෙ නෑ. එහෙම කතාවක් ඇහුනත් upgrade එකක් කරන්නෙ කීයෙන් කී දෙනාද !(විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ මම මේ කතා කරන්නෙ smart phone ගැන නෙමෙයි .පසුව ඒ ගැන පැහැදිලි විස්තරයක් කරන්නම්). නමුත් iPhone එකකදි මේ OS එක එහෙම නැත්තන් firmware එකට විශේෂ තැනක් හිමි වෙනවා. සාමාන්යන් මේ OS එකක් 350-400mb ත් අතර ප්රමානයක් ගන්නවා. දැනට නිකුත්වී තියෙන අලුත්ම සංස්කරණය තමයි iOS 4.2 කියලා කියන්නෙ. ඒ වගේම අපිට කැමති වෙලාවක iTune හරහා මේ OS එක upgrade හෝ downgrade කර ගන්න පුලුවන්. බොහෝ වෙලාවට හුඟ දෙනෙක් මේ සඳහා භාවිතා කරන්නෙ customized firmware තමයි. මන්ද අපි බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ ඔරිජිනල් dealer with orginal sim නෙමෙයි නිසා. ඒකත් හරියට අපි අර පිටකොටුවෙන් හරි ටොරන්ට් එකකින් හරි හොරට ගහපු වින්ඩෝස් සීඩි එකක් ගෙදර පරිගණකයට දානවා වගේ. වෙනසකට තියෙන්නෙ මේ දාන්නෙ ජංගම දුරකතනයකට නිසා. customized firmware එකක් කොහොමද දාන්නෙ කියලා මම පසුගිය ලිපියකින් කියලා දුන්න මතක ඇතිනෙ. නොබලපු කට්ටිටිය මෙතනින් ගිහිල්ල ඒකත් කියවලා දැනුමක් ගන්න.
මේ එක්කම සිංහල සහ iPhone දක්වන සහයෝගය සඳහන් කරන්න ඕනෙ. පසුගිය, එනම් iOS 4.0 වලට පෙර සංස්කරණ වලදී සිංහල සිංහල සහයෝගය දැක්වුවෙ නෑ. නමුත් iOS 4.0 සිට අපිට තවදුරටත් සිංහල සහයෝග දැක්වීම ගැන තවදුරටත් කරදර වෙන්න ඕනෙ නෑ. මන්ද iOS එකත් එක්කම සිංහල යුනිකෝඩ් සහය දැක්වීමත් අපිට හිමිවෙනවා. මෙය ඇත්තටම Apple විසින් කරපු ඉතා වටිනා දෙයක්. මන්ද ලංකාවේ 80% කටත් වඩා වැඩි පිරිසක් භාවිතා කරන Nokiaහර මේ සිංහල යුනිකෝඩ් සහය දැක්වීම තාමත් කරන්න බැරිවෙලා තියෙනවා. iOS 4.0 සහ iOS 4.1 වලදී මේ සිංහල rendering පොඩි , පොඩි අඩුපාඩු තිබුනත් iOS 4.2 වලදී මේ හැම දේකටම පිලිතුරු සපයමින් ඔවුන් 100% ක් සිංහල සහයෝග දක්වන OS එකක් ඔවුන් අපිට ලබාදීලා තියෙනවා. දිනපතා සිංහල බ්ලොග් වගේ කියවන මම වගේ කෙනෙක්ටනම් ඒක වටිනා දෙයක්.
පහලින් තියෙන්නෙ මම දැනට බාවිතා කරම iOS 4.0 වලදී සිංහල වල තත්වය
මේ තියෙන්නෙ රුවන් විසින් භාවිතා කරන නවතම iOS 4.2 තුල සිංහල වල තත්වය.
ඇත්තටම ඇපල් iPhone එකක් කියන්නෙ Life Style ජංගම දුරකථනයක්. ඒ කියන්නෙ අපේ එදිනෙදා ජීවිතයේ බොහෝ වැඩකටයුතු වලට මේ දුරකතනය අපිට පිහිට වෙනවා. මේ අපිට පිහිටවෙන වැඩසටහන් අපිට iPhone App එකක් විදියට සරලව හඳුන්වන්න පුලුවන්.
පහතින් දැක්වෙන්නෙ දුරකතන ඔස්සේ Apps Store එකට පිවිසුන විට මුල් පිටුව දිස්වෙන ආකාරයයි
මේ වගේ වැඩසටහන් එහෙම නැත්තන් Apps (ඇප්ස්) දැනට 200000 ක් පමාන දැනට Apps Store එක තුලින් ලබා ගන්න හැකියාව තියෙනවා . මේ හැම එකක්ම දුරකතන තිරයේ දෙතුන් පාරක් ඇඟිලි පුරුක එහා මෙහා කරලා පහසුවෙන් බාගත කරගන්න පුලුවන්. මේ හැම ඇප් එකක්ම ගබඩා කරලා තියෙන තැන අපි හඳුන්වන්නෙ App Store එක විදියටයි. මේ App Store එකට පරිගණකය තුලින් පිවිසෙන්න iTunes මෘදුකාන්ගය අපේ පරිගණකය තුල පිහිටා ගන්න ඕනෙ. හැබැයි මේ Apps ලැබෙන්නෙ නිකන් නෙමෙයි. ඒ App එකේ වටිනා කම මත අපි ඔවුන් නියම කරන මුදලක් අපි ඒ App එක බාගත කිරීමට ගෙවීමට සිදු වෙනවා. නමුත් ගෙවීමක් සිදු නොකර බාගන්න පුලුවන් App තියෙනවා. නමුත් ඒවා බොහෝ විට Demo vertion වගේ එකකට සීමා වෙනවා. උදාහරනයකට ගත්තොත් අලුතින්ම නිකුත්වුනු Need for Speed - Hot Pursuit එකට ඩොලර් $ 4.99 ක වගේ මුදලක් ගෙවීමට සිදු වෙනවා.මෙතනදි අපිට සම්පූර්න ගේම් එකම ලැබෙන නිසා මමනම් හිතන්නෙ ඒක බොහොම සාදාරන මුදලක්. මන්ද මේකට අයිති PS3 එක හෝ Xbox 360 එක ගන්න ගියානම් අපිට $ 50 ක් වගේ ගානක් ගෙවන්න සිද්ද වෙනවා.
පහතින් දැක්වෙන්නෙ එම පිටුවම පරිගණකයේ iTunes හරහා බාගත කිරීමට යෑමේදී ලැබෙන ආකාරයයි
ඔය පහතින් තියෙන්නෙ මගේ ප්රියතම Guitar Rock2 Game එක iPhone එකෙන් play කරපු හැටි.
ඔය වගේ දැනට වෙලඳපලට නිකුත්වී තියෙන සෑම games එකක්ම මේ App store එක හරහා අපේ iPhone එකට බාගත කර ගන්න පුලුවන්. Game විතරක් බොහෝ ජනප්රිය පොත් උනත් කිසිම කරදරයකින් තොරව බාගත කරන්න පුලුවන්. ඒ වගේම දැනට අපි කා අතරෙත් ජන්ප්රිය VLC වගේ ප්ලේයර් එකක් උනත් අපිට මේ App Store එක හරහා අපේ iPhone එකට බාගත කරලා දැනට අපි පරිගණකය තුල බාවිතා කරන .divx, .avi, .mpeg, .flv , .wmv, .mkv වගේ ඕනෑම වීඩියෝවක් කිසිම අයුරකින් කන්වර්ට් එකකින් තොරව ඉතා පහසුවෙන් iPhone එකට කේබල් එක තුලින් iTunes හරහා දුරකතනයට ඇතුලත් කරන්න පමනයි තියෙන්නෙ. විශේෂම කාරනය වෙන්නෙ අපි පරගණකයේ නරඹන1080px වගේ HD වගේ වීඩියෝවක් උනත් කිසිම කන්වර්ට් එකකින් තොරව කිසි ගැටලුවක් නොමැතිව දුරකතනයෙන් නරඹන්න පුලුවන් වීමයි. VLC වගේ ප්ලේයර් එක නම් අපිට නොමිලේම බාගත කරගන්න පුලුවන් Apps Store එක හරහා.
දැන් මම කියලා දෙන්න යන්නෙ සල්ලි සතයක්වත් නොගෙවා තමන් කැමතිම App එකක් iPhone එකට බාගත කරගන්න විදියක් ගැන. මේ App එක අපි කැමතිම $ 10 ක් වගේ වටිනාකමකින් යුත් ගේම් එකක් වෙන්න පුලුවන්, නැත්තන් පොත්ක් වෙන්න පුලුවන් , නැත්තම් ප්ලේයර් එකක් වෙන්න පුලුවන්, නමුත් කිසිම ගැටලුවකින් තොරව අපිට මේක සතයක් වත් නොගෙවා බාගත හරගන්න පුලුවන්. විශේෂයෙන් කියන්න ඕනෙ, මේහෙම වැඩ කරන එකනම් හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඔයාලගේ දැනුමට තමයි මේක බෙදාගන්න හිතුවෙ. මේ tool එකට අපි කියන්නෙ “Installous” කියල.
- “Installous” ස්තාපිත කිරීම.
* මුලින්ම අපේ iPhone එක jailbreak කරගන්න ඕනෙ. මේක කරන හැටි අපේ කාලින්ග සහෝදරයගෙ බ්ලොග් එකෙත් තිබුන නිසා මම මේ ගැන වැඩිදුර සඳහනක් කරන්න යන්නෙ නෑ.
* iPhone එක jailbreak කෙරුවයින් පසුව දුරකතනයේ තියෙන Cydia කියන වැඩසටහන ක්රියාත්මක කරන්න ඕනෙ. හැබැයි මේ හැම දේම ක්රියාත්මක කරන්න අපිට අන්තර්ජාලය වුවමනා වෙනවා. විශේෂයෙන්ම WiFi වගේ සම්බන්ද තාවයක් තියෙනවනම් හුඟක් හොඳයි.
* ඉන් පසුව එහි ඇති "Manage" කියන මෙනුවෙන් "Sources" කියන පිටුවට ඇතුලු වෙන්න
* පිටුවේ දකුණුපස ඉහල ඇති "Edit" කොටසට ගොස් "Add" කියන බොත්තමට එන්න.
* ඉන්පසුව දුරකතන තිරයේ දිස්වෙන url එක ලබාදීමට "http://cydia.hackulo.us" ලෙස එහි සඳහන් කරන්න. පසුව "Add Source" බොත්තම ක්රියාත්මක කරන්න.
* දැන් නැවතත් "Manage" බොත්තම තුලින්, "Sources" පිටුවට යන්න. ඔබ පෙර සඳහන් කල ක්රියාවලිය හරියට කෙරුවනම් "Hackulo.us" ලෙස එම තිරයේ දිස්වෙනවා ඔබට දැකගන්න පුලුවන් වෙයි. "Hackulo.us" මත ක්ලික් කරන්න.
* පිටුව ඇතුලට ගියායින් අනතුරුව දකින්න පුලුවන් වේවි, Hackulous Security නම්වූ මෙනුවක්. එය ක්ලික් කරන්න.
* දැන් එම පිටුවේ එහල දකුණු පස ඇති "Install" බොත්තම ක්රියාත්මක කරන්න. (මම මීට පෙර මෙය ස්ථාපිත කරල තිබුන නිසා මගේ දුරකතනයේ මෙය දිස්වන්නෙ Modify ලෙසයි)
* දැන් "Installous" වැඩසටහන අපේ දුරකතනය තුල ස්ථාපිත වීම ආරම්භ කරනු ලබයි. ටික වෙලාවකින් පසුව දුරකතනය Restart වෙයි.
* හරියට මේ පියවර අනුගමනය කෙරුවනම් "Installous" වැඩසටහන ඔබේ iPhone එහේ තිරයේ දිස්වේවි.
මේ "Installous" වැඩසටහන ගැන යමක් කියනවනම්, ඇත්තටම මෙයින් කරන්නෙ කලින් crack කරනු ලැබූ Apps Rapidshare, mediafire වගේ තැන්වල upload කරලා මේ "Installous" වැඩසටහන තුලින් .ipa එක බාගත කිරීමට සලස්වා දීමයි. හැබයි ඉතින් Apps Store එකෙන් නිකුත්වුනු App එකක් මේ "Installous" එකට එන්න දින දෙක තුනක් යනවා.
මේ තියෙන්නෙ දැනට මා විසින් "Installous" මගින් බාගත කර තියෙන Apps ටිකක්.
ඔය පහලින් තියෙන්නෙ මම දැනට භාවිතා කරන Social Networking Apps ටික
දැනට Apple iPhone එකට එකතුවී තියෙන හොඳම තරඟ කරුවා තමයි Android OS එක ඇතුලත් දුරකථන! එයිනුත් අංගසම්පූර්ණ Android දුරකතනයක් විදියට මමනම් දකින්නෙ Google සමාගම HTC සමඟ එකතුන නිකුත් කල Nexusජංගම දුරකතනය තමයි. දැන් එහිත් දෙවෙනි Google නවතම දුරකතනය Samsung සමාගමත් එක්ක එකතුව නොබෝ දිනකින් වෙලඳපලට නිකුත් කරන්න නියමිතව තියෙනවා. ඒ ගැනත් ඉදිරි ලිපියකින් ඔබව දැනුවත් කරන්න පොරොන්දු වෙනවා.
කට්ටියට මාව මතකද දන්නෙ නෑ. ඔන්න දිගු නිහැඬ්යාවකින් පසුව නැවතත් බ්ලොග් ලියවිල්ලට පය තබන්නයි හදන්නෙ. මුලින්ම සමාවෙන්න ඕනෙ, ගිය වතාවෙ කට්ටියටම නොකියා අතුරු දහන් වෙලා හිටපු එකට. දන්නෙ නැද්ද ඉතින් අර හැඳි මිටේ තරමට මොලේ තියන අය හිඳා තමයි ඒ වැඩෙත් උනේ.
ටික කාලෙකින් පස්සෙ අපේ සහෝදර බ්ලොග් අඩවි දිහා බැලුවහම පෙනුන කාරනයක් තමයි. හුඟක් වැදගත් සහ කාලයක් ආසාවෙන් කියවපු හුඟක් බ්ලොග් අඩවි පේන තෙක්මානයක නොතිබුනු එක. ඒ වෙනුවට බ්ලොග් වලින් කොහොමද සල්ලි හොයන්නෙ, බ්ලොග් එකට මේ ගැජට් එක දාන්නෙ කොහොමද , බ්ල්ලාලා බ්ල්ලාලා බ්ල්ලාලා .... වගේ බ්ලොග් ටිකක් තමයි ඉතුරු වෙලා තියනවා දැක්කෙ. විශේෂයෙන්ම ඉතා වැදගත් තාක්ෂණික ලිපි, කාලීන ලිපි, දේශපාලන ලිපි ලියූ සහෝදර බ්ලොග් කරුවන්ගේ බ්ලොග් ලිපි බොහෝ කාලයකින් අලුත් වී තිබුනෙ නෑ. මම හිතන්නෙ වැඩ වැඩි කම නිසාම වෙන්න ඇති. කොහොම උනත් බ්ලොග් ලියන නවක මුහුනු ටිකකුත් දැකගන්න ලැබුනා. සමහරුන්ගේ බ්ලොග් ගැන නම් හුඟක් සතුටුයි. නමුත් තවත් සමහරුන් ඉතින් අර ඇඩ් දාලා සල්ලි හම්බකරන්න හිතාගෙන කිසිම වැඩකට නැති බ්ලොග් කෙරුවාවකුත් පටන් අරගෙන තියෙනවා.
හරි බෝරින් කරන්නෙ නැතුව අද ලියන්න ගිය ලිපිය ගැන පටන් ගමුකො එහෙනම්.
ඇපල් ෆෝන් කතන්දරය
මගේ යාලුවෙක්ට ලඟදි දවසක Apple IPhone එකක් ලැබුනා. ඒක මැලේෂියා වල ඉඳලා ලැබුන එකක්. ටික දවසක් පාවිච්චි කරමින් ඉන්නකොට මිනිහා පන්ඩිත වැඩක් කරන්න ගියා. ඒ තමයි ඇපල් සමාගම Iphone 4 ත් සමඟ සමගාමීව අලුතින් නිකුත් කෙරූ iOS4 එකට අප්ඩේට් කරන්න යෑම. අන්තිමට අප්ඩේට් කරලා ඉවර වෙනවත් සමඟම කිසිම දෙයක් කරන්න බැරි ලොක් වෙච්ච ෆෝන් කෑල්ලක් තමයි ඉතුරු වුනේ. මිනිහා එච්චර පොරක් නොවුනත් ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවා. බැරිම තැන තමයි ඉතින් මිනිහා මගේ පිහිට පැතුවෙ.
මමත් ඉතින් ඇපල් කන්න දන්නවා උනාට ඇපල් ෆෝන් හදන්න දන්නෙ නෑනෙ. වැඩේ මුල ඉඳලම පටන් ගත්තා. සුපුරුදු පරිදි ගූගල් දෙවියගෙ පිහිට පැතුවා. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මතකයේ තිබුනා කාලින්ග සහෝදරයගෙ බ්ලොග් එකේ iphone එකට සිංහල දාන හැටි කියලා තිබුන ලිපිය. හීනෙන් වගේ මතකෙ තිබ්බ ඒකෙ Jailbreak කරනවිදිය ගැන විස්තරයක් දාලා තියනවා කියලා. මුල සිට අගට කියවලා ලිපියට අනුව blackra1n කියන ටූල් එක බාගත කර ගත්තා. ලිපියෙ තියන විදියටම පියවරෙන් පියවර කෙරුවත් හරි ගියේ නෑ. ඊට අමතරව youtube එකෙත් ටුයුටෝරියල් ටිකක් බැලුවා. කිසිම දෙයක් හරි යන්නෙ නෑ.
හැම දෙයක්ම පැත්තට දාලා වැඩේට අලුතින් බැස්සා. ෆෝරම් ටිකකට ගිහිල්ලා බලද්දි තමයි වෙලා තියෙන සන් සිද්දිය තේරුනේ.
ඇත්තටම iphone සඳහා අලුතින් නිකුත් කෙරුනු iOS4 කියන මෙහෙයුම් පද්දතියට තවමත් Jailbreak කරන්න පුලුවන් තරම් විදියේ වැඩසටහනක් ඉදිරිපත් කරලා නෑ (ඔන්න වැඩකාරයෙන් ඉන්නවනම් කරන්න හොඳම එක්සසයිස් එක.). මොකද මේ ios4 කියන මෙහෙයුම් පද්දතිය හදනහොට ඇපල් සමාගම මේ jailbreak කිරීමට වැට බැඳිම සඳහා සෑහෙන්න මහන්සියක් වෙලා තියනවා කියන්න පුලුවන්. ඒ මෙහෙයුම සෑහෙන දුරට සාර්ථකයි කියලා කියන්නත් පුලුවන්. මොකද මේ OS3.*.* එකෙන් iOS4 එකට අප්ග්රේඩ් කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටුනු අය තොග ගානට ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ට සාර්ථකයි කියන්න පුලුවන් තරම් හොඳ විසඳුමක් ලැබිලා තිබ්බෙ නැ. බලන් යනකොට මගේ යාලුව විතරක්ම නෙමෙයි ඇපල් මුදලාලි අමාරුවෙ වට්ටලා තියෙන්නෙ :)` . හැබැයි ඉතින් දින ගනනාවක් කට්ට කාලා මේ අවුල මට ගොඩ දාගන්න පුලුවන් වුනා. මම ගොඩ දැම්මා කියුවට 99% ක්ම වැඩේ කෙරුවෙ මෙහෙ මාත් එක්ක එකම ඩිපාර්ට්මන්ට් එකේ වැඩකරන සර්ෆුදීන් කියන මිත්රයා තමයි. ඔහු ඉන්දියානු ජාතිකයෙක්. මේ වගේ වැඩ වලට හරි දස්සයා.
දැන් වැඩේ ගොඩ දාගත්ත හැටි පියවරෙන් පියවර කියලා දෙන්න තමයි දැන් හදන්නෙ.
ඊට ඉස්සෙලා කියන්න ඕනෙ වැඩේ සාර්ථක වෙන්න ඉස්සෙල්ල මෙන්න මේ දේවලුත් ට්රයි කරලා බෑලුවා.
1. මුලින්ම blackra1n කියන ටූල් එකෙන් ෆෝන් එක බුට් කරන්න දාලා වරු ගානක් බලාගෙන හිටියා. ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි තේරුනේ iOS4 එකට blackra1n එකෙන් කිසිම හානියක් කරන්න බැරි බව.
2.දැන් ෆෝන් එක iOS4 එකට අප්ග්රේඩ් වෙලා තියන නිසා cracked OS3.* එකක් බාගත කරලා os4 එකේ ඉඳලා os3.* එකට downgrade කරන්න බැලුවා. ඒකට අපේ keyboard එකෙ shift key එක ඔබාගෙනම අපි බාගත්ත os3.* එකේ පාත් එක දුන්නනම් හරි. ඒත් අවාසනාවකට ඒකත් ඇපල් මුදලාලිට මාට්ටු වුනා. (මේ වැඩේට කියන්නෙ DFU (Direct Firmware Upgrade) mode එක තුලින් ඩවුන්ග්රේඩ කිරිම කියලයි)
තව ඉතින් ඔය නානාප්රකාර ඒවා දාලා බැලුවා. හරි ගියෙ නැත.
ඔය පහලින් දාලා තියෙන්නෙ ෆෝන් එක දැන් ( ඒ කියන්නෙ ලොක් වෙලා තියෙන ) අවස්තාවෙදි ගත්තා පිංතූරයක්.
අපි දැන් බලමු මේක සාර්ථක කර ගන්න මොනවද කරන්නෙ කියලා.
1. මුලින්ම Redsn0w කියන කුඩා මෘදුකාංගය බාගත කරගන්න ඕනෙ මෙන්න ඒකට ලින්ක් එක.
2. ඊට පස්සෙ iOS 4.0.2 කියන firmware එක බාගත කරන්න ඕනෙ. මෙන්න ඒකට ලින්ක් එක. මගේ යාලුවා මුලින් iOS 4.0.2 එක ස්ථාපිත කරලා තිබුන නිසා මට ඒක අවශ්ය උනේ නෑ. ඒ ෆයිල් එක (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) කියන විදියට තමයි සේවු වෙන්නෙ. ඒ වගේම iOS 4 කියන firmware එකත් බාගැනීම කලගත යුතුයි. මෙන්න ඒකට ලින්ක් එක. ඒක සේවු වෙන්නෙ (iPhone1,2_4.0_8A293_Restore.ipsw). කිඅයන නමිනුයි.
3. අර මම මුලින් බාගන්න කියපු Redsn0w කියන zip file එක extract කරගන්න. ඒ xtract කර ගත්ත ෆෝල්ඩරයටම අර අපි මුලින් බාගත කල (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) firmware එකයි, (iPhone1,2_4.0_8A293_Restore.ipsw) කියන firmware එකයි කොපි කර ගන්න. කොහොමහරි මේ ෆයිල් තුනම එක ෆෝල්ඩරයක තියනවනම් හුඟක් හොඳයි. පහත රූපසටහන වගේ.
4. ඊලඟට ෆෝන් එක පරිගණකයට සම්බන්ද කරන්න කේබලය හරහා. එවිට Itune එක ඔබේ ෆෝන් එක හඳුනා ගනීවි.
දැන් මම කියන්න හදන්නෙ අපේ ඇපල් ෆෝන් එකේ තියන නවතම සංස්කරනයක් ඉවත් කරලා පරන සංස්කරනයක් දාගන්න හැටියි. කෙටියෙන් කියනවනම් මේකට අපි Downgrades කරනවා කියලා කියනවා. ඒ වගේම මේ ආකාරයෙන්ම ඔබට පුලුවන් මැනුවලි OS එකක් ඇපල් ෆෝන් එකට ස්ථාපිත කරගන්න.
5. වම් පැත්තෙ තියන මෙනුවෙන් ඩිවයිස් කියන එක තෝරලා ඔබේ iphone එක තෝරා ගන්න. දැන් පරිගණකයේ Shift key එක ඔබන ගමන්ම itune එකේ ඇති 'Restore' button එක ඔබන්න.
6. දැන් අපි මුලින් බාගත කරපු iOS 4.0.2 firmware file (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) කියන ෆයිල් එකේ පාත් එක ලබා දෙන්න. ටික වෙලාවකින් නවතම සංස්කරනය වන iOS 4.0.2 firmware ෆොන් එකට ස්ථාපිත වෙයි.
7. හරි දැන් ඔය හැම එකක්ම පැත්තකින් තියලා අර අපි මුලින් බාගත්ත Redsn0w කියන application එක ඩබල් ක්ලික් කරන්න. ටික වෙලාවකින් corresponding IPSW file සිලෙක්ට් කරන්න කියලාඅ කියයි. එවිට අපි කලින් බාගත්ත iOS 4.0 firmware file (iPhone1,2_4.0_8A293_Restore.ipsw) එකේ පාත් එක ලබා දෙන්න. බැරි වෙලාවත් ඔබ OS 4.0.2 කියන ෆයිල් එක මේකට ලබා දුන්නොත් "Unable to recognize specified IPSW" කියලා මැසේජ් එකක් එයි.
9. Redsn0w ඇප්ලිකේෂන් එක firmware එක verify කිරීමෙන් අනතුරුව "Next" ඔබන්න
10. Redsn0w එක තුලින් jailbreak කිරීමට අවශ්ය දත්තා සූදානම් කිරීමට ආරම්භ කරයි.
11. මීලඟට පැමිනෙන වින්ඩෝවේදී පහත රූපයේ සටහන් කර ඇති පරිදි චෙක් බොක්ස් ලකුනු කර 'Next' බොත්තම ඔබන්න
12. මීලඟ පිඅයවරේදී "switch OFF your iPhone 3G and plug it to the computer." කියා මැසේජ් එකක් එයි. එවිට iphone එක off කලරා පරිගනකයට කේබලය හරහා සම්බන්ද කරන්න.
13. දැන් තමයි ටිකක් ඉවසීමෙන් කල යුතු හරිය. අපේ ඊලඟ පියවර සඳහා DFU mode එකට අපේ ෆෝන් එක දා ගන්න ඕනෙ. ඒක කරන්නෙ මෙහෙමයි.
- iphone එකේ පවර් බටන් එක තප්පර 2ක් තද කරගෙන ඉන්න.
- එහෙම පවර් බටන් එක තද කරගෙන ඉන්න ගමන්ම තත්පර දෙකකට පසුව i phone එකේ හෝම් (Home) බටන් එක තත්පට 10ක් අල්ලගෙන ඉන්න.
- දැන් තප්පර 10කට පසුව Power button එක අතාරින්න නමුත් ෆෝන් එක බූට් වෙනකල් Home button එක අතාරින්න එපා.
14. තත්පර 20ක් වගේ ඇතුලත ෆෝන් එක බූට් වෙයි.
15. ඉන් පසුව Redsn0w ඇප්ලිකේෂන් එක මගින් අලුත් RAM disk සහ kernel uploading වීමක් සිදු කරයි.
16. ටික වේලාවකින් පසුව පහත වින්ඩෝව ලැබුනු පසු විනාඩි පහක් වගේ කාලයක් Finish කියන බටන් එක ඔබන්නෙ නැතුව ඉන්න.
විනාඩි 5 කින් වගේ ෆෝන් එක ඔටෝ රී-බූට් වෙයි.
# ඔන්න දැන් තියෙනවා ඇපට් සමාගම නිකුත් කල නවතම iphone සංස්කරනය ඇතුලත් ෆෝන් එකක්.
\\ ගැටලු එහෙම තියෙනවනම් අහන්න. මේ ක්රියාව එක පාරෙන්ම හරියන එකක් නෑ සමහර විට. නමුත් උත්සාහ කරලා බලන්න.
ලිපියේ අදහස් දැක්වීමේදී අතිවූ දෙබසින් පසුව මෙය දමමි.
**අපි දැනට භාවිතා කරන නව සංස්කරනයකින් (firmware) අපිට අවශ්ය විටක itunes භාවිතයෙන් downgrade කිරීමේ හැකියාව ඇත.
ඒ සඳහා http://bit.ly/doUID5 වීඩියෝ පටය උදවු කර ගන්න පුලුවන්.
ඒ සඳහා http://bit.ly/doUID5 වීඩියෝ පටය උදවු කර ගන්න පුලුවන්.
Subscribe to:
Posts (Atom)



















