twitter rss

Websites බ්ලොක් කරන්ඩ අමතර software නැතුව

තේරීම


හලෝ කට්ටිය ! මේ දවස්වල අපේ ඔෆිස් එකේ වයිරස් සෙල්ලමක් පටන් අරගෙන මාර අලයක් වෙලා තියන්නෙ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න එවුන් ටික එතින් මාර කට්ටක් කනව. office එකෙ PC 80 වක් විතර තියන නිසා වෙඩේ ලේසිනෑ. කරුමෙ කියන්නෙ මේක server එකටත් බෝවෙල තියන එකනෙ. දැන්නම් ඉතින් Kaspersky දාල වෙඩේ ගොඩ දාගෙන යනව. ඔන්න ඔය හේතුව නිසයි බ්ලොග් එක ලියන්නත් බැරි වුනේ. හරි හරි අද මම කියන්න යන්නෙ , අමතර software නෙතුව වෙබ් සයිට් එකක් බ්ලොක් කරන විදියයි. මේක හරිම ලේසියි, සමහර අය්යිලනම් මේක දන්නවත් ඇති.

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ,

01. C:\Windows\System32\drivers\etc කියන folder එක හොය ගන්ඩ.
02. ඒකෙ තියන hosts කියන file එක ඕපන් කරන්ඩ නෝට් පෑඩ් එකත් එක්ක.
03. හරි ඒකෙ තියන අන්තිම ලයින් එකේ මුලට 127.0.0.1 ගහල ස්පේස් තියල ඔයාට බ්ලොක් කරන්ඩ ඕනෙ ඇඩ්‍රස් එක ටයිප් කරන්ඩ.
ex : 127.0.0.1 www.google.com

මේ වගේ ඕනෙ තරම් සයිට්ස් ඕගොල්ලන්ට ඇඩ් කරන්ඩ පුලුවන්. හැබැයි අන්තිමට ඇඩ් කරන පේලියට පස්සෙ 'Enter' කී එක ඔබන්ඩ අමතක කරන්ඩ එපා.

ඊට පස්සෙ file එක save කරන්ඩ.

වැඩේ එච්චරයි.
  1. එළම ලිපියක් මචං. තෑන්ක්ස්.

  1. @ චරිත: ඉදිරියෙදි මේ වගේ ලිපි ගොඩක් ලියන්ඩ බලාපොරොත්තු වෙනව.

  1. server එක linux දැම්මනම් හරිනේ. :-* . windows කියන අල පාත්තිය server වලට දැම්මොත් බඩුම තමා =)). දැන ලෝකෙ තියන වේගවත්ම super computers 100න් 90කට වඩා දුවන්නෙ linux servers ;;) . ඇයි ඉතිං ඔබේ සර්වරයට එය යොදාගන්නෙ නැද්ද?

  1. ඔයාගෙ කතාව සීයට දෙසීයක් හරි :D .නමුත් කොස්ස කියන්නෙ මම වැඩ කරන්නෙ ලංකවෙ නෙමෙයි. මෙහෙ ඉන්න මිනිස්සුන්ට ජනීල වලින් තොර ජීවිතයක් නෑ. අපිට මිනිස්සු හදන්ඩ බැරි නිසා. අපි වෙන දෙයක් බලාගෙන ඉන්නව. :(

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed