ඔන්න කට්ටියටම හොඳ ඕපා-දූපයක් කියන්ඩයි යන්නෙ. මේක ඇවිල්ලා Microsoft ලාගේ අලුත්ම ගැජට් එකක්.මේකට දැනටනම් නම දාල තියෙන්නෙ Microsoft Courier කියලයි. ඇත්තටම කියනවනම් මේක සාක්කුවෙ දාගෙන යන්ඩ පුලුවන් dual-screen table එකක්. හැබැයි ඉතින් table එකකට කරන්ඩ බැරි හුගක් දේවල් මේකෙන් කරල දෙනව.පල්ලහයින් තියන වීඩියෝ ක්ලිප් එක බැලුවහම ඔයාලට ඒක තේරෙයි.
ඒ වගේම මේ Microsoft Courier එකට 'ඊ-පේපර්' තාක්ශනයත් ඇතුලත් කරල තියනව.
ගොඩක් අය කියනව මේකත් සුපුරුදු ලෙසෙම Apple I-phone එක කොපි කරල ගහපු දෙයක් කියල.මොකද Microsoft කාරයට බෑනෙ කවුරුහරි දියුනු වෙනව බලන් ඉන්ඩ. Apple i-Phone ගැන කියනකොට මතක් වුනේ! Apple i-Phone නම් අද පිටකොටුවෙ රුපියල් 10,000 ටත් තියෙන්නෙ!. ඇපල් කාරය add කරල නැති function නුත් ඒ phone වල තියනව. Dual sim, 5pxl camera, radio, TV, හැබැයි ඉතින් ගන්න කෙනාට දෙය්යන්ගෙම පිහිටයි!
ලිපිය නිකන්, යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ වුනා. ගනන් ගන්ඩ එපා.
Subscribe to:
Post Comments (Atom)
=))