twitter rss

දිලුම් මේ ඔබ ගැනම නෙමෙයි

'Social and Ethical Issues in Information Systems ' මෙය උපාධි අවසන් වසරේ පසුවන මට හමුවන එක් විශයකි. මෙම මොඩියුලයේ මූලිකව කතා කරන එක් කරුනක් තමයි 'සමාජ අඩවි' තුලින් ලෝකයා සහ තරුන පරම්පරාවට වී තිබෙන සහ වෙමින් පවතින විනාශය. එහිදී මූලිකව, ෆේස්බුක්, ට්විටර්, සහ බ්ලොග් ගන කරුනු කාරනා කතා කරනනු ලබයි. අවසානයේ අප විසින් අදාල කරුනු සංක්ෂිප්ත කර වර්තාමය ලේකනයක් සැකසිය යුතුයි. දැන් මට ඒ වාර්තාමය ලේකනය ඇතුලු දේ කිරීමට කාලය එලඹ ඇත. මේ සියල්ල අවසන් කිරීමට මා හට ඇත්තෙ තවත් මාස කිහිපයක් පමනක් නිසායි. නමුත් මීට අදාලව මා විසින් මාස ගනනක සිට විශ්ලේෂනය කල එකතු කල, කිසිම තොරතුරක් මා හිතට එකඟව මට මේ සඳහා ඇතුලත් කිරීමට නොහැකියි. ගැටලුව, මේ සියල්ල ක්ෂනයකින් වෙනස් වුනේ කෙසේද යන්නත් නොවෙයි. මන්ද රටතුල සහ ලොව තුල සිදුවෙන අපරාද බොහෝමයකට අද මෙම සමාජ අඩවි තුලින් වක්‍රව හෝ බලපෑමක් අතිවීමයි. එයට අප රට තුල සිදුවූ යම් යම් සිදුවීම් ඔබ අප, නොදන්නවා නොවෙයි.

මේ සියලුදේ සිදුවෙමින් පවතින මොහොතකදී දිලුම්ගේ මරනය ආරන්චි විය. ඒ විගසම ෆේස්බුක්, ගූගල් බස්, ට්විටර් සහ බ්ලොග් තුල ලහි ලහියේ දිලුම් ගැන ශෝක ප්‍රකාශ ඇතුලු නොයෙක් මාදිලියේ කියුම් සහ ගුණ වර්නනා ඉතා කෙටි කාලයදී පිටු ගනනින් ඉතිරී යන සැටි දැනගන්න ලැබුනි. ජීවිත්යේ කිසිම දිනක හමුවී හෝ කිසිම දිනක චැට් එකක් මා ඔහු සමග දොඩා නැත. ඔහුගේ බ්ලොගයටද මා ගියේ කිහිපවරක් පමනි. ඔහු වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට අප සයිබර් අවකාශයේ සොඳුරු සම්පන්න මිනිසුන් එක්වී කල කිසිඳු වැඩකටයුත්තකට මට සහභාගී වීමට නොහැකි විය. බොහෝවිට එයට හේතුව මම ලංකාව තුල නොසිටීම යන කාරනාව වුනත් මා සිත එය විශ්වාස කිරීමට ඉඩ නොදුන්නේය. මන්ද
මෙය කියවන ඔබට උනත් හිතෙයි, යකෝ උබ මොන රටේ හිටියත් අවංකවම දෙයක් කරන්න ඕනෙනම්, ඒක කරන්න බැරි කමක් නෑ කියා.

මෙන්න මේ සිදුවීම දාමය තුලිනුයි හිතට එකඟවම සිතුනේ, අප වෙසෙන ලංකාව තුල කොතරම් සුන්දර සහ හැඟීම් බවින් යුතු මානුෂීය පරම්පරාවක් මේ සයිබර් අවකාශය තුල සිටීද කියා. මානුෂීය පරම්පරාවක් කියා මා සඳහන් කලේ අප පරම්පරාව මෙය වුනත් ඉදිරි පරම්පරාව මෙයම අනුගමනය කරයිදෝ යන සැකය මතයි.
අවුරුදු උත්සව සන්විධානය කර ඒවාට සම්භන්ද වීම, විනෝද සවාරි යෑමට එක්වීම, බොරු බේගල් ඇද දැමීමට තැන තැන සෙට් වීම, කාලය කාදමන රෙඩියෝ වලට සෙට් වීම, හුදෙක් ඕනෑම තරුන පිරිසක් විසින් ඉතා සන්තෝෂයෙන් කරන සහ සහභාගී වෙන කටයු වේ. ඒවාට සම්භන්ද වීමට කොතරම් දුරක් ගෙවා පැමිනීමට අවශ්‍යද යන්න මේ පිරිස් මහලොකු ගැටලුවක් කර නොගනියි.
මන්ද මේ සියල්ල්ම තරුන සිතේ කික් එකට අනිවාර්ය දේවල් වීමයි. නමුත් කිසිදා නොදැක්ක සහ හැබැයින් කිසි දිනක කතා නොකල එකෙකුගේ ජීවිතයක් බේරා ගැනීමේ මෙහෙයුමකට එකෙකුට නොදෙවෙනි ලෙස සහභාගී වීම, ඔහුගේ සැපදුක් නිතිපතා සොයා බැලීම, අවම වශයෙන් ජාලයේ වල්පල් කතා කරන විටකදී, මචන් දැන් ඉලන්දාරියාගෙ තත්වෙ කොහොමද කියා අහන්නවත් මේ පරම්පරාවෙ එවුනට මතක්විය.එමෙන්ම එකෙක්වත් එන්නෙ නැත්තන් මම තනියම හරි මලගෙදර යනවා කියා කියන්න තරම් ශක්තියක් ආවේ, ඒ මේ පරම්පරාවේ එවුන් හැමදාම පල්ලි පන්සල් නොගියත් තමුගෙ හිත් තුල මනුස්සකමේ ගුණය තිබුන නිසාම විය හැකිය. මේ හැම දෙනෙකුම ඉලන්දාරියා නොහොත් දිලුම්ව දැනගත්තේ මේ සමාජ අඩවි වලට පින්සිඳු වෙන්නය. යුරෝපය ඇතුලු බටහිර රටවලට මෙවන් පරාම්පරාවන් හුදෙක්ම විහිලුවක් උනත්, මෙවැනි පරම්පරාවක් රට තුල සීටීම රටට ආඩබරයකි.

ඊයෙ (20/05/2011) දිනයේ මා හට දිලුම්ගෙ මුහුන, මුල්ම සහ අවසන් වරට දැකගැනීමට හැකිවිය. දිලුම්ගේ මවගෙන් ඇසින් වැටෙනා කඳුලු බිදු දෙස අප එකෙකුටවත් කෙලින් බැලීමට නොහැකි විය. වරෙක ඇය "අනේ පුතේ දිලුම් ඔයාලගෙ අවුරුදු උත්සවයට ගිහිල්ලා ඇවිල්ලා හිටියේ හරි සන්තෝසෙන් පුතේ" කියා හඬා වැලපුනේය. මවකට දැනෙන දුක කෙතරම්ද කියා එදින මා සාක්ෂි දැරුවේය. එදින මා ඇතුලු දහ දෙනෙකුගෙන් පමන මරණයට සහභාගී වූ පිරිස අප විසින් සක්කරනු ලැබූ බැනර් ලෙහා එල්ලවීමට යන මොහොතේ තැන තැන කසු කුසු හඬ ඇතිවිය. මරණයට පැමින සිටි තවත් සමහරෙක් ඇස් පොඩිකරමින් අප විසින් එල්ලීමට ගත් බැනර් එල්ලන්නටත් කලින්ම කියවීමට උත්සාහ කිරන බව මට වැටහුනි. මරණාධාර සමිති, පාසල් සමිති, පලාත් මහ ඇමති ඇතුලු පුද්ගලයින්ගේ අනුග්‍රාහකයින් විසින් එල්ලා තිබුනු විශාල බැනර් නොතිබුනාම නොවෙයි. නමුත් ලංකාවේ කිසිම මරණ ගෙදරක දැකගැනීමට නොහැකි අනුග්‍රා
හක භවතුන් පෙලක් ඒ බැනර් තුල දැකගැනීමට හැකිවිය. එනම්, "බ්ලොග් සහෘදයින් යන වචන පෙලයි". පැමින සිටියවුන්ට එය කුතුහලයක් වුවේය. වරෙක තරුනයෙකු පැමින "ඔය අයියලා අක්කලා, අර බ්ලොග් ලියන කට්ටිය නේද? ඇතුලට ඇවිල්ලා ඉඳගන්න" කියා කීවේය. අප සැමගේ සිත තුල නිහතමානී ආඩම්බරයක් ඇතිවුන බව මා දනිමි. රටේ බොහෝ පලාත් නියෝජනය කරමින් අප පරම්පරාවෙ සොඳුරු සයිබර් මිනිසුන් ඊයේ මෙන්ම අදත් පැමිනෙන බව මා දනිමි.

රටේ පුවත්පත් ඇතුලු විද්යුත් මාධ්‍යට එකම ඇස් දෙකින් හොඳ පැත්තට වඩා නරක පැත්ත පෙනෙයි. එමෙන්ම එයින් නරක පැත්ත උවුන්ට මාකට් කර ගැනීමට ඉතා ලේසිය. කිසි දිනෙක කිසිම කෙනෙකු ලංකාව තුල සමාජ අඩවි තුලින් රට තුල තරුන පරම්පරාව යහපත් සමාජීය කරනය වීමක් වී ඇති බව කතා කල නොමැති මාතෘකාවක් විය. එම යහපත් සමාජීයකරනය හොවා දැක්වීමට මෙම දිලුම්ගේ සිදුවීම එක් සාක්ෂියක් පමනි. මෙවැනි සාක්ෂි වැඩිවෙත්වා. එවිට එකා එකා මේ ගැන කසු කුසු කිරීමට පටන්න් ගනී. එවිට එකා එකා අප අනුකරනය කිරීමට පටන් ගනී. එවිට සමාජය තුල යහපත් සහ සංවේදී සිත් ඇත්තෝ වැඩිවේවි.



තවද, බ්ලොග් අවකාෂයේ මනුස්සකම නම් මුතු යාකල "ඉලංදාරියා" වූ දිලුම් ගේ පැතුමක් මල් පලගන්වන්න පුලුවන් නම් අකාලයේ පරවූ ඒ සුවඳ මලට උපහාරයක් වේවි.
~"සොයුර ඔබට නිවන් සුව පතමි"~
  1. හරිම වටිනා කියන ලිපියක් යාළුවෙ..ඇත්තටම අද වගේ දවසක මේක ලියපු එක හරි වටිනවා.මෙවන් ලිපි තවත් ලියන්නට ඔබට ශක්තිය ලැබේවා... ජයෙන් ජය

  1. සටහනට ස්තුතියි රොකියා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා මට අවමගුලට සහභාගී වෙන්න බැරි වුනත් මේ වචන ටික කියවද්දි ඒ වැරැද්ද තවත් වැඩි වුනා. මොනව වුනත් තාක්ෂණයට බැන බැන හණමිටි අදහස් කරගහගෙන ඉන්න මිනිස්සුන්ට මේක පාඩමක් වෙයි.

    දිලුම්, අපි නැවත හමුවෙන එකක් නැහැ. සතුටින් පිරුණු ජීවිතයක මතක අපිට ඉතුරු‍ වෙයි. සුබ රාත්‍රියක්!

  1. දිලුම්ගේ කතාවේ මම කියවපු වෙනම පැත්තක් මේක. බොහොම වටිනවා.

  1. සයිබරයේ සියල්ලන් තුල වු සහෝදරත්වය ඉදිරියටත් එලෙසම පවතීවා

  1. "...බටහිර රටවලට මෙවන් පරාම්පරාවන් හුදෙක්ම විහිලුවක් උනත්.."
    බොහෝම වැදගත් සටහනක්. අපිට මේ නූතන මාධ්‍යය හරහා සම්මතයට වඩා බොහෝ යහපත් ගොඩාක් දේවල් කරන්න පුලුවනි.

    තවද, බ්ලොග් අවකාෂයේ මනුස්සකම නම් මුතු යාකල "ඉලංදාරියා" වූ දිලුම් ගේ පැතුමක් මල් පලගන්වන්න පුලුවන් නම් අකාලයේ පරවූ ඒ සුවඳ මලට උපහාරයක් වේවි.

  1. This comment has been removed by the author.
  1. මටත් මේක කියවද්දි මොකක්දෝ වැරැද්දක හැගීමක් සිතේ ටික ටික මෝදු උනා අවුරුදු උත්සවයටවත් අඩුම ගානේ දිලුම්ගේ අවමගුල් උළෙලටවත් යන්න නොහැකි උනා කියල හිතෙනකොට හිතට ටිකක් දුකයි ඒත් සිදුවුණු දේ වෙලා ඉවරයි නමුත් මේ ලිපිය ගොඩක් අයගෙ ඇස් අරින්න හේතු වේවි කියල හිතනව ......

  1. දිලුම් වෙනුවෙන් අපි වඩා හොඳ මිනිසුන් වෙමු!

  1. බොහෝම වටින ලිපියක් උදාර මල්ලී . . .

  1. මචං. උඹට මාව මතකද මන්දා. කොහොම උනත් කාලෙකට පස්සේ ආපහු නියම දෙයක් නියම වෙලාවට ලියලා. අගය කරනවා මචං

  1. ආයෙම පාරක් නෙතට කඳුලක් එක් කල ලියවිල්ලක්,

  1. @ ගල්මල්-Coral ; මට මේ ලිපිය අවසන් කරන්න වදන් පෙළක් අමුනගන්න අමාරුවෙන් හිටියේ. ඔබේ "තවද, බ්ලොග් අවකාෂයේ මනුස්සකම නම් මුතු යාකල "ඉලංදාරියා" වූ දිලුම් ගේ පැතුමක් මල් පලගන්වන්න පුලුවන් නම් අකාලයේ පරවූ ඒ සුවඳ මලට උපහාරයක් වේවි." ලිපිය අවසානයට ලස්සන කියමනක්.
    අවුලක් සිඨාන එකක් නෑ කියලා හිතලා ඔන්න ඒක ලිපියේ අගට දැම්මා!

    @හෙළයා ; මට මොකද උබව මතක නැත්තේ. පුලුවන් ඉක්මනින් නවත්ත බ්ලොග් එක ලියන්න පටන් ගන්න

    @නීනු නෙරංජි, @පිටස්තරයා , @hare :-) , @සුදු හංසි , @Gihan Lakmal - Athal24, @Kathandara , @දුකා , @Ravi ,
    කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ස්තුතියි

  1. කියන්න දෙයක් නෑ මචං.. සුපිරි ලිපියක්....

  1. කියවල ඉවර වෙද්දී දැනුනා ඇහ අග කඳුළු බිංදුවක් තියෙනවා වගේ... ගොඩක් සංවේදී විදියට දැනෙන්න ලියල මචෝ රොකීස්

  1. දිලුම් මල්ලී අපි අතරින් වෙන් වුනත් දිලුම් නිසා මේ යහ අරමුණෙන් එක් වූ ශක්තිමත් මිනිස් අත් සමූහය සහ දෑන් වඩ වඩාත් උනන්දුවෙන් ඒ වටා තව තවත් එක් වෙමින් පවතින මානුෂික දෑත් සමූහය දකින විට, දිලුම් කොතරම් පින්වන්තදෑයි අපට සිතාගත හෑකිය... 'නාමෙ නොදිරනා..' ..... ඔබ කියා දී ගිය පාඩමම ඈති දිලුම් මල්ලි ඔබ ගෑන තවත් කලක් කතා බහ කරන්නට... ඔබ මිය ගියේ නෑතෑයි මා කියන්නේ ඒ නිසා......
    උදාර මල්ලි.... උදාර ලිපියක්! ස්තූතියි !

  1. ගොඩක් වටින.ගොඩාක් දැනෙන ලිපියක්

  1. බ්ලෝග් අවකාශයේ සැරිසරනා ඇත්තෝ මෙලෝ රහක් නැති රස්තා සෙට් එකක් නොව හහිතක් පපුවක් ඇති සොදුරු මිනිසුන් බව ලොවට පෙන්නන්ට මූල බීජ වුනු දිලුම් සොයුරාට බොහොම පිං... ඉදිරියටත් සමාජයට දැනෙන යමක් දෙන්නට බ්ලොග් කරුවන් සියළු දෙනාම සංවිධානය වුනොත් හොදයි නේද ?

  1. හැම දෙයකම හොඳ වගේම නරකත් තියෙනව..... නරක වගේම හොඳත් තියෙනව.... ඉතින් ඒ හැම දෙයක්ම හොඳ විදියට, හොඳටම පාවිච්චි කළොත් සුන්දර අනාගතයක් ඉබේම ලැබේවි...

  1. @රොකියා | Udara:
    කිසිම අවුලක් නැහැ.

    මෙතැන දී වැදගත් වෙන්නේ ඔබ ඉදිරිපත් කර ඇති කාරනාව, ඒ සඳහා වචන කිහිපයකින් හෝ සෙතක් කරන්න පුලුවන් වීම සතුටක්.

  1. නියම ලිපියක් අයියා......වෙන කියන්න වචන නෑ........

  1. ලාබෙට නවාතැන් පහසුකම් හොයාගන්න http://travelserf.com/ මේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න. අවුරුදු නිවාඩුවට විදේශ ගත වෙන්න සූදානම් වෙන අයටත් ලාබදායී විදියට සුපිරි හෝටල් ගැන දැනගන්න මේ වෙබ් අඩවිය ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙයි.

    http://travelserf.com/

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed