02.) Micromax - Andro A60
මෙකනම් දැනට ඉන්දියාව තුල නැගී එන දුරකතන නිෂ්පාදන සමාගමක් වන Micromax හි නවතම නිකුතුවක්. අඟල් 2.80කින් යුතු තිරයක් සහිත මේ දුරකතානයේ මිල ගැන කියනවනම් ඉන්දියාඅනු රුපියල් 6,600.00 පමන වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 16,500ක් විතර. මේ දුරකතනය ගැනනම් එතරම් දරට සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් මුදලෙ හැටියට නරකමත්ම නෑ. ඇන්ඩ්‍රොයිඩ් එක්ක ටිකක් සෙල්ලම් කරලා කරකවලා කඩලා බිඳලා , අනිත් පැත්ත හරවලා බලලා ටිකක් ඉගෙන ගන්න නම් කියාපු ෆෝන් එක. මේකෙනම් 3.2mpxl කැමරාවක් තියනවා කියලා තිබුනට , කැමරාවනම් සෑහෙන්න දුරට අවුල්. ඒ වගේම 32GB මෙමරි දක්වා සහය දක්වනවා. ඒ වගේම HSDPA, 7.2 Mbps සඳහා සහය දක්වනවා. Android OS, v2.1 (Eclair) කියන මෙහෙයුම් පද්දතිය තාමයි මේ දුරකාතනය තුල ක්‍රියාත්මක වෙන්නෙ.
අඩු මුදලකට ගන්න පුලුවන් මෙන්න මේ ඇන්ඩ්‍රොයිඩ් ගැනත් වෙලාවක් තිබ්බොත් ගිහිල්ලා බලන්න
Acer BeTouch E110
Samsung I5503 Galaxy 5
LG Optimus GT540
Samsung Galaxy 3 (I5801)
HTC Tattoo
-
කවුද මේකක් මට ඉන්දියාවේ ඉඳලා ගෙනත් දෙන පිංවතා... ඉදිරිපත්වෙන්න බලන්න... :D
-
Spice Mi-310 එකක් නම් මාත් ගෙන්න ගන්න කැමතියි :-D
-
මං හිතව්වෙ ලාබෙට දෙන කඩයක්වත්දෝ කියලා.. මදැ :D
මටත් ඉන්දියන් එකක් හරි ගෙන්නලා දෙන්ටොකො :D
-
ස්පයිස් ගැන අහලා තිබුණට මම දැනගෙන හිට්යේ නෑ.., මේක මේතරම් හොඳ ඇති කියලා.., හොයාලා බලන්න ඔනේ..! ඔත්තුවට ස්තූතියි..!!
පලි: Sony ericsson Xpieria X10 mini එකත් ඇන්ඩ්‍රොයිඩ් [OS එක donut ද කොහෙද].., මිල 18000-20000 විතර.., හොයලා බලන්නකෝ..! :)
-
android ඉස්සරහට හොද ගමනක් යයි වගෙ
-
@මරේ ; ඔවු ඔවු මට මතකයි උබ ඕක ගැන මාස හයක විතර වෙලේ ඉඳලා ටුවිටරෙන් අහනවා. අතේ ගානට ගන්නනම් Spice Mi-310 එක සිරා !
Micromax - Andro A60 එකනම් සෙල්ලන් කරන්න වගේ හොදයි. ඒත් සීරියස් වැඩක් කරන්නනම් ටිකක් අල
@වාසල ; හික්ස් මේ වෙසක් මාසේ පින්වතෙක් ඉදිරිපත් උනොත් මටත් දන්වන්න
@Bunny ; හික්ස් ඔය වෙලාවට තමයි හිතෙන්නේ ඉන්දියාවට පාලමක්වත් තිබ්බනම් හොදයි කියල
-
aiya iphone aka gatha kohnda kiyada plwanm mata mail aakak dana madukaperera77@gmail.com
-
@ලිෂා ; ඔවු ! ෆෝන් එක ගෙවන ගානට හොදට ගැලපෙනවා.
වැඩි විස්තර මෙන්න මේ වීඩියෝ එකෙන් බලන්න http://www.youtube.com/watch?v=Gzjs9y5Dj9g
වාසලට ස්තුතියි වීඩියෝව හොයල දුන්නට
-
@jnuwan ; දැනට යන විදියටනම් එහෙම තමයි හිතෙන්නේ.
@MADUKA virajith perera ; iPhone එකනම් ගත්තේ දැනට මාස 8 කට වගේ උඩදී. මම ලංකාවෙන් බැහැර රැකියාව කරනකොට
-
පට්ට පෝස්ට් එක..
අයියෙ Spice - Mi-310 cpu speed +ram එක ගැන දන්නවනන් කියන්න පුලුවන්ද?
-
මම නම් ඇන්ඩ්‍රොයිඩ් දැනට අතගාල, සෙල්ලම් කරල තියෙන්නෙ Samsung Galaxi S, HTC Desire, HTC Desire HD, HTC Desire S කියන ෆෝන් 4. ඒකෙන් මට නම් සුපිරි HTC Desire HD එක තමා (මම පාවිච්ච් කරන්නෙ ඒක නිසා හෙම නෙමේ :-P )
HTC Desire S එක නම් ආවෙ GingerBread (2.3) එක්ක. අනිත් උඩ කිවුව 3ම තියෙන්නෙ 2.2. ඒත් මේ මාසෙ ඉවර වෙන්න කලින් ඒවට 2.3 අප්ඩේට් එක එනවලු.
අපේ ඔෆිස් එකේ iPhone 4G, Windows Mobile තියෙනව. ඒත් ඒ එකක්වත් ඇන්ඩ්‍රොයිඩ් වලට කිට්‍ටු කරන්නවත් බෑ.
-
@Hasitha ජයසූරිය ; CPU එකනම් 600 Mhz වගේ තමයි වෙන්නේ
@රංග ; සීයට සීයක්ම එකඟයි කතාවට. මම මෙතන කියලා තියෙන්නේ ගොඩක්ම බජට් ෆෝන් ගැන. Android වල නියම රසය වින්දින්නනම් අනිවා , HTC හෝ Moto එකක්ම පාවිච්චි කරන්න ඕනේ. HTC Desire S කියන්නේ Android වලට කියපු ෆෝන් එක. මටනම් HTC Google Nexus One එක තරම් තවම කිසිම ෆෝන් එකක් නෑ.
-
එළ එළ.. මමත් Android එකකට කෙළ හල හල හිටියේ. කොහෙද, ජොබය අල වුනානේ :( දැන්නං පාං කියාගන්නත් බැරුව ඉන්නේ :D
-
අපට නම් කොයින්ද පූසො මාළු :(
-
අනේ හැබෑට මේ රොකියා දාපු ලෙඩක්. දැන් ඕක ඉන්දියාවෙන් ගෙනත් දෙන පිංවතා එහෙනම් මං වෙච්චි... :D
-
@ලිශාන්
Sony ericsson Xpieria X10 mini ඇන්ඩ්‍රොයිඩ් තමයි, තිබ්බ දරන්න පුලුවන්ම ෆෝන් එක, ඒ උනාට ගන්න එපා කියන එකයි මගේ රෙකමන්ඩේශන් එක. මගේ යාලුවෙක් අරන් අමාරුවෙ වැටුනා. කොලිටිය අන්තිමයි[ලු] ඊට පස්සෙ අරන් සතියෙන් ෆෝන් එක brick උනා කිව්වා.
මාත් ලාබෙට ඇන්ඩ්‍රෝයිඩ් එකක් ගන්න තමා බලාගෙන ඉන්නේ
දැන් හයමාසයක් විතර ඉඳන් බලා ගෙනඉන්නවා
දැනට හිතාගෙන ඉන්නේ Samsung Galaxy Mini S5570 (http://www.gsmarena.com/samsung_galaxy_mini_s5570-3725.php) - 28000 හරි Vodafone 945 (http://www.dialog.lk/personal/mobile/phones-and-accessories/vodafone-945/) 23000 හරි තමා
Micromax - Andro A60 මේක නම් මෙහේ තියෙනවා මට මතක හැටියට 19000ක් ද කොහෙද