twitter rss

ලාබයි ලාබයි ඇන්රොයිඩ් (Android) මොබයිල් ලාබයි .......

හුඟ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. අද හුඟක් දෙනා කතා කරන දෙයක් තමයි මෙ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ෆෝන් ගැන. දැනට ඇපල් මොබයිල් එකක් භාවිතා කරන මටත් මේ අන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොකද්ද කියලා දැනගන්න හුඟක් ලොකු ආසාවක් තිබුනා. ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ගූගල් සමාගම යටතේ තියන, දැනට ඉතා සීග්‍රයෙන්ම ව්‍යාප්ත වෙමින් පවතින, හුදෙක්ම මොබයිල් ෆෝන් සඳහා භාවිතා කරන මෙහෙයුම් පද්දතියක්. විකිපීඩියාවෙ කියන විදියට නම් "The Android operating system is the world's best-selling Smartphone platform"! අනේ මන්දා ඇත්තද කියලා. ඒත් ඇන්ඩ්‍රොයිඩ් එක්ක ජීවත් වෙන අපේ කාලිංගයි, මලින්තයි නමි ඕක අනිවා සනාත කරනවා. හැබැයි මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අලුතින් හදුන්වා දුන්න "මොබයිල් වින්ඩෝස් 7" දුරකතන මෙහෙයුම් පද්දතියත් එක්ක මේ බව පොඩ්ඩක් වෙනස් වෙලාදෝ කියලා හිතෙනවා. ඒක ගැන වෙන දවසක කතා කරමුකෝ. කරුමෙකට මටනම් තාම ඔය ඇන්ඩොයිඩ් එකක අයිතිකරුවෙකු වෙන්න වාසනාව ලැබිලා නෑ. මොකද ඕවා මේ නොකියා ෆෝන් වගෙ රුපියල් 10,000 කට වගේ ගන්න නෑනෙ. ආයෙ ඉතින් හිටපු තැනම ජොබ් එකට යනකල් "නෝ එනි අදර් මොබායිල්" ! ඒත් යාලුවන් අරගත්ත ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් කීපයක්ම අත පත ගාන්නනම් අවස්තාව ලැබිලා තියෙනවා. 

අද මම කියන්නෙ ආතේ තියන ගානට , අන්ඩ්‍රොයිඩ් මේනියාවෙන් පෙලෙන අයට ලාබෙට ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ටිකක් ගැන විස්තරයි. මුලින්ම කියන්නම් ඉන්දියානු නිෂ්පාදන දෙකක් ගැනම. මේ මොබයිල් දෙකම මම පුද්ගලිකවම පරිහරනය කරලා තියෙන මොබයිල් දෙකක්. ඒ වගේම මේ නිෂ්පාදන දෙක තමයි දැනට ලෝකයේ අඩුම මිලට තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඇතුලත් දුරකතන දෙක.

 01.) ඉන්දියානු දුරකතන සමාගමක් වන Spice විසින් හඳුන්වා දුන්න - Mi-310.

මුලින්ම මේ Spice සමාගම ගැන කියනවනම්, මට හිතෙනවා ඔවුන් අනාගතේ දුරකතනා නිෂ්පාදන කරුවන් අතර හොඳ නමක් ඇති කර ගනී කියලා. එහෙම කියන්න මූලිකම හේතුව තමයි ඔවුන්, ඔවුන්ටම ආවේනික අලුත්ම නිමාවක් යටතේ දුරකතන වෙලඳපලට නිකුත් කිරීම. මම එහෙම කියන්නෙ ඔවුන් මෑතකදී නිකුත් කරපු මොබයිල් ප්‍රොජෙක්ටරයක් සහිත දුරකතනය (Spice - M-9000) නිසායි. දන්න තරමින් ඔවුන් තමයි මේ හපන්කම මුලින්ම ලෝක වෙලඳපලට දැක්වුවේ. දුරකතනය තුල හුඟක් අඩුපාඩුකම් තිබුනත් ඔවුන්ගේ නව නිර්මානීය ගුනය මේ දුරකතානාය තුලින් හොඳින් පෙන්වනු ලැබුවා.
මොවුන්ගේ නවතමා ඇන්ඩ්‍රොයිඩ් මොබායිල් එක ගැන කියනවනම්, මමනම් හිතන්නෙ මුදලේ හැටියට ගන්න පුලුවන් හොඳම දුරකතනය මේ Mi-310 වෙන්න ඇති. මුලින් කියුවා වගේ මේ ඩුරකතනය මට පුද්ගලිකාවම පරිහරනය කරන්න අවස්තාව ලැබිලා තියෙනවා. මෙය මිලදී ගන්න වැයවෙලා තියෙන්නෙ ඉන්දියානු රුපියල් 7,550.00 වගේ මුදලක්. ශ්‍රී ලංකා මුදලින් නම්, රුපියාල් 18,800.00 වගේ මුදලක්. මේ දුරකතනයේ ගුනාංග ගැන කියනවනම්, මුදලේ වටිනාකමත් එක්ක බලනකොට මට දැනට පාවිච්චි කරපු හොඳම ටච් ස්ක්‍රීන් එක සහිත මොබයිල් එකක කියලා බය නැතුව කියන්න පුලුවන්. මම දැනට භාවිතා කරන අයි ෆෝන් එකේ මට්ටමටම මේ ටච් ස්ක්‍රීන් එක හොඳ මට්ටමක තියෙනවා කියලා කියුවොත් විස්වාස කරන්න පුලුවන්ද ? එච්චරම වේගවත් නැති උනාත්, අකමැත්තෙන් හරි ඒක විස්වාස කරන්න වෙනවා. මේ දුරකතනය මල්ටි ටච් ( එකවර ස්ක්‍රීන් එකේ ස්තාන දෙකක් ටච් කිරීම) සඳහා සහය දක්වනවා. ඒ වගේම ඔටෝ රොටේටින් සඳහාද සහයා දක්වනවා. මේ ඔටෝ රොටේටින් ගැන කතා කරනාකොට අපි නොකියා ස්මාර්ට් ෆෝන් දුරකාතන වලදී මුහුන දෙන ලේට් රොටේටින් ( ඒ කියන්නෙ දුරකතය සිරස් අතට තියලා , තිරස් අතට ගත්තහාම , දුරකාතනයේ ස්ක්‍රීන් එක වෙනස් වෙලාඅ පොසිෂන් එකට එන්න හැට පැයක් යන එක) ගතිය හොඳින් මග හැරලා තියෙනවා. දුරකාතනය සිරස් , තිරස් අයුරින් වෙනස් කරන විට ඉතා ඉක්මනින් ස‍්ක්‍රීන් එක වෙනස් වෙනවා. 
අනිත් විශේෂ දේවල් තමයි මෙය HSDPA, 7.2 Mbps සඳහා සහය දක්වන අතරතුර ,Wi-Fi hotspot සේවාවෙන්ද යුක්තයි. ඒ කියන්නෙ දුරකතනයේ සිම් පත මගින් දුරකතනය ලබා ගන්නා 3G සේවාව Wi-Fi සඳහා සහය දක්වන ලැප්ටොප් ඇතුලු ඩිවයිස් 10 කට එකවර ඉන්ටර්නෙට් සේවාව ලබාදීමේ හැකියාව.
අනිත් කාරනාය තමයි මේ දුරකතනය තුල ක්‍රියාත්මක වෙන දැනට බහුලවම ඇන්ඩ්‍රොයිඩ් දුරකතාන තුල භාවිතා වෙන Android OS, v2.2 (Froyo) කියන මෙහෙයුම් පද්දතිය.  දැනට ඇපල් iPhone එකක් භාවිතා කරන මම මේතරම් අඩු මුදලකටා තියෙන ඉන්දියානු නිෂ්පාදනයක් තුල ඇන්ඩ්‍රොයිඩ් කොතරම් කොඳින් ක්‍රියාත්මක වෙනවද වෙනවද කියලා අවංකවම ටිකක් පුදුම උනා. එතරම් වේගවත් සහ වර්නවත්. අනෙත් කාරනාව තමයි මම දැනට ඇපල් දුරකාතන තුල පමානක් දැක්ක (සමහර විට මේ වෙනකොට වෙනත් දුරකතන තුලත් ඇති) Proximity sensor for auto turn-off කියන ගුණාංගය. ඒ කියන්නෙ අපි දුරකාත ඇමතුමකට පිලිතුරු දීමක් කාරන අවස්තාවෙ දුරකතනය කනට ලංකරන විට, දුරකතනයේ ඩිස්ප්ලේ ලයිට් නිවී යෑම. ඒ මගින් බැටරිය හොඳින් ඉතුරු කිරීමක් කර ගන්න පුලුවන්. සඳහන් කරපු ගුණාන්ග වලට අමාතරම මෙය 16GB මෙමරි දක්වා සහය දක්වනවා. 

මෙහි මම දකින එකම අවාසිය තමයි 2mpxl කැමරාව. ඒ ගැනනම් සෑහීමකට පත්වෙන්න බෑ. ඒත් රුපියල් 18,000 කට වගේ තියන දුරකාටනායකින් අපිට තවත් දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?. අනෙත් කාරනය තමයි මෙහි නිමාව, දැනට බොහෝවිට දකින්න තියන ප්ලාස්ටික් ආවර්නය වෙනුවට සවිමත් මෙටල් ආවරනයක් තමයි මෙ මොබයිල් එකට භාවිතා කරලා තියෙන්නෙ. ඒ නිසාම දුරකතනයේ සවිමත් භාවය ඉතා හොඳ මට්ටමක තියෙනවා. මේ දුරකතනයේ වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න මේ ලින්ක් එකට යාන්න . වෙලාවක් තිබුනොත් මේ දුරකතනයේ youtube වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරන්නම්. මේ දුරකතනය ලංකාවෙ වෙලඳපලේ තියෙනවද කියලනම් හරියාටම දන්නෙ නෑ. ඉන්දියාවෙ ඉඳලා එන කෙනෙක්ගෙ අතේ ගෙන්න ගන්නවා මිසක්, තැපෑලෙන්නම් ගෙන්න ගන්න එප, අනිවා රුපියල් 10,000 කවත් ටැක්ස් එකක් කන්න වෙයි. ආහ් තව දෙයක් ...... මේකත් එක්ක නොමිලේම ලෙදර් පවුච් එකකුත් දෙනවා. ඒකත් සුපිරි. නිල වෙබ් අඩවිය - http://www.spicecorp.in

02.)  Micromax - Andro A60
 මෙකනම් දැනට ඉන්දියාව තුල නැගී එන දුරකතන නිෂ්පාදන සමාගමක් වන Micromax හි නවතම නිකුතුවක්. අඟල් 2.80කින් යුතු තිරයක් සහිත මේ දුරකතානයේ මිල ගැන කියනවනම් ඉන්දියාඅනු රුපියල් 6,600.00 පමන වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 16,500ක් විතර. මේ දුරකතනය ගැනනම් එතරම් දරට සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් මුදලෙ හැටියට නරකමත්ම නෑ. ඇන්ඩ්‍රොයිඩ් එක්ක ටිකක් සෙල්ලම් කරලා කරකවලා කඩලා බිඳලා , අනිත් පැත්ත හරවලා බලලා ටිකක් ඉගෙන ගන්න නම් කියාපු ෆෝන් එක. මේකෙනම් 3.2mpxl කැමරාවක් තියනවා කියලා තිබුනට , කැමරාවනම් සෑහෙන්න දුරට අවුල්. ඒ වගේම 32GB මෙමරි දක්වා සහය දක්වනවා. ඒ වගේම HSDPA, 7.2 Mbps සඳහා සහය දක්වනවා. Android OS, v2.1 (Eclair) කියන මෙහෙයුම් පද්දතිය තාමයි මේ දුරකාතනය තුල ක්‍රියාත්මක වෙන්නෙ.
 
අඩු මුදලකට ගන්න පුලුවන් මෙන්න මේ ඇන්ඩ්‍රොයිඩ් ගැනත් වෙලාවක් තිබ්බොත් ගිහිල්ලා බලන්න

Acer BeTouch E110
Samsung I5503 Galaxy 5
LG Optimus GT540
Samsung Galaxy 3 (I5801)
HTC Tattoo
  1. මාත් ලාබෙට ඇන්ඩ්‍රෝයිඩ් එකක් ගන්න තමා බලාගෙන ඉන්නේ
    දැන් හයමාසයක් විතර ඉඳන් බලා ගෙනඉන්නවා
    දැනට හිතාගෙන ඉන්නේ Samsung Galaxy Mini S5570 (http://www.gsmarena.com/samsung_galaxy_mini_s5570-3725.php) - 28000 හරි Vodafone 945 (http://www.dialog.lk/personal/mobile/phones-and-accessories/vodafone-945/) 23000 හරි තමා

    Micromax - Andro A60 මේක නම් මෙහේ තියෙනවා මට මතක හැටියට 19000ක් ද කොහෙද

  1. කවුද මේකක් මට ඉන්දියාවේ ඉඳලා ගෙනත් දෙන පිංවතා... ඉදිරිපත්වෙන්න බලන්න... :D

  1. Spice Mi-310 එකක් නම් මාත් ගෙන්න ගන්න කැමතියි :-D

  1. මං හිතව්වෙ ලාබෙට දෙන කඩයක්වත්දෝ කියලා.. මදැ :D
    මටත් ඉන්දියන් එකක් හරි ගෙන්නලා දෙන්ටොකො :D

  1. ස්පයිස් ගැන අහලා තිබුණට මම දැනගෙන හිට්යේ නෑ.., මේක මේතරම් හොඳ ඇති කියලා.., හොයාලා බලන්න ඔනේ..! ඔත්තුවට ස්තූතියි..!!
    පලි: Sony ericsson Xpieria X10 mini එකත් ඇන්ඩ්‍රොයිඩ් [OS එක donut ද කොහෙද].., මිල 18000-20000 විතර.., හොයලා බලන්නකෝ..! :)

  1. android ඉස්සරහට හොද ගමනක් යයි වගෙ

  1. @මරේ ; ඔවු ඔවු මට මතකයි උබ ඕක ගැන මාස හයක විතර වෙලේ ඉඳලා ටුවිටරෙන් අහනවා. අතේ ගානට ගන්නනම් Spice Mi-310 එක සිරා !
    Micromax - Andro A60 එකනම් සෙල්ලන් කරන්න වගේ හොදයි. ඒත් සීරියස් වැඩක් කරන්නනම් ටිකක් අල

    @වාසල ; හික්ස් මේ වෙසක් මාසේ පින්වතෙක් ඉදිරිපත් උනොත් මටත් දන්වන්න

    @Bunny ; හික්ස් ඔය වෙලාවට තමයි හිතෙන්නේ ඉන්දියාවට පාලමක්වත් තිබ්බනම් හොදයි කියල

  1. aiya iphone aka gatha kohnda kiyada plwanm mata mail aakak dana madukaperera77@gmail.com

  1. @ලිෂා ; ඔවු ! ෆෝන් එක ගෙවන ගානට හොදට ගැලපෙනවා.
    වැඩි විස්තර මෙන්න මේ වීඩියෝ එකෙන් බලන්න http://www.youtube.com/watch?v=Gzjs9y5Dj9g
    වාසලට ස්තුතියි වීඩියෝව හොයල දුන්නට

  1. @jnuwan ; දැනට යන විදියටනම් එහෙම තමයි හිතෙන්නේ.

    @MADUKA virajith perera ; iPhone එකනම් ගත්තේ දැනට මාස 8 කට වගේ උඩදී. මම ලංකාවෙන් බැහැර රැකියාව කරනකොට

  1. පට්ට පෝස්ට් එක..

    අයියෙ Spice - Mi-310 cpu speed +ram එක ගැන දන්නවනන් කියන්න පුලුවන්ද?

  1. මම නම් ඇන්ඩ්‍රොයිඩ් දැනට අතගාල, සෙල්ලම් කරල තියෙන්නෙ Samsung Galaxi S, HTC Desire, HTC Desire HD, HTC Desire S කියන ෆෝන් 4. ඒකෙන් මට නම් සුපිරි HTC Desire HD එක තමා (මම පාවිච්ච් කරන්නෙ ඒක නිසා හෙම නෙමේ :-P )

    HTC Desire S එක නම් ආවෙ GingerBread (2.3) එක්ක. අනිත් උඩ කිවුව 3ම තියෙන්නෙ 2.2. ඒත් මේ මාසෙ ඉවර වෙන්න කලින් ඒවට 2.3 අප්ඩේට් එක එනවලු.

    අපේ ඔ‍ෆිස් එකේ iPhone 4G, Windows Mobile තියෙනව. ඒත් ඒ එකක්වත් ඇන්ඩ්‍රොයිඩ් වලට කිට්‍ටු කරන්නවත් බෑ.

  1. @Hasitha ජයසූරිය ; CPU එකනම් 600 Mhz වගේ තමයි වෙන්නේ

    @රංග ; සීයට සීයක්ම එකඟයි කතාවට. මම මෙතන කියලා තියෙන්නේ ගොඩක්ම බජට් ෆෝන් ගැන. Android වල නියම රසය වින්දින්නනම් අනිවා , HTC හෝ Moto එකක්ම පාවිච්චි කරන්න ඕනේ. HTC Desire S කියන්නේ Android වලට කියපු ෆෝන් එක. මටනම් HTC Google Nexus One එක තරම් තවම කිසිම ෆෝන් එකක් නෑ.

  1. එළ එළ.. මමත් Android එකකට කෙළ හල හල හිටියේ. කොහෙද, ජොබය අල වුනානේ :( දැන්නං පාං කියාගන්නත් බැරුව ඉන්නේ :D

  1. අපට නම් කොයින්ද පූසො මාළු :(

  1. අනේ හැබෑට මේ රොකියා දාපු ලෙඩක්. දැන් ඕක ඉන්දියාවෙන් ගෙනත් දෙන පිංවතා එහෙනම් මං වෙච්චි... :D

  1. @ලිශාන්
    Sony ericsson Xpieria X10 mini ඇන්ඩ්‍රොයිඩ් තමයි, තිබ්බ දරන්න පුලුවන්ම ෆෝන් එක, ඒ උනාට ගන්න එපා කියන එකයි මගේ රෙකමන්ඩේශන් එක. මගේ යාලුවෙක් අරන් අමාරුවෙ වැටුනා. කොලිටිය අන්තිමයි[ලු] ඊට පස්සෙ අරන් සතියෙන් ෆෝන් එක brick උනා කිව්වා.

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed