twitter rss

මගේ මෝටර් බයිසිකල් ජීවිතේ සහ ...... අලුතින්ම ගත් YAMAHA FZ ගැන යමක් !

ලංකාවට ආවත් හරි බ්ලොග් එක පැත්ත පලාතේ එන්නවත් බැරිවුනා! හේතුනම් එමටයි ! ආයෙ නම් යන්න අදහසක් නැහැ!
දැන් ලංකාවට ඇවිල්ල මාසයක් විතර පහුවුනානේ. බ්ලොග් එකේ Draft වල ලියන්න පටන්ගත්ත ලිපි කෑලිනම් හෙන ගොඩක් තියෙනවා. පුලුවන් වෙලාවක ඒවත් සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්නවා.

අද ලියන්න හිතුවේ මගේ මේ තක්වා දුර පාවිච්චි කරපු මෝරට් බයිසිකල් ගැනයි !  ඒකට හේතුව වෙන්නෙ මම අලුතින්ම ගත්ත යමහා යතුරු පැදියෙ රෙජිස්ටර් එක පෙරේදා ඇවිල්ල තිබුනා. මගේ ජීවිතේට මෝටර් බයිසිකල් කොච්චර දුරට සමීපද කියතොත් මම දැනට බයික් 8 ක් විතර පොඩි කාලෙ ඉඳලම පැදලා තියෙනවා. ඒ තාත්තගෙ සහ මගේ බයිසිකල් එකතුවන්. දැන් තාත්තටනම් කාර් එකක් තියෙන නිසා බයිසිකල් පදින්නෙ නෑ. නමුත් මට නම් බයිසිකලය තරම් සුපිරි වාහනයක් තවත් නෑ.

මගේ බයිසිකල් ආගමනය වෙන්නෙ  2000 වසරේදී එතකොට අපේ ගෙදර HONDA CD 125 Benly යක් තිබුනා. ඕකෙන් තමයි මුලින්ම බයිසිකල් පැදිල්ල ඉගෙන ගත්තෙ. මේක ඇවිල්ල ඩබල් සයිලන්සර් තියෙන මගේ ඒ කාලෙ වයසට ටිකක් හාම්බාන් කරන්න අමාරු බර බයිසිකලයක් . පේනවනේ පල්ලහා පිංතූරෙ.



 හැබැයි බයිසිකලේ කොච්චර බර වුනත් මම මගේ ලයිසන් එක ගන්න 2001 වසරේදී අට ගැහුවෙන් ඔන්න ඔය බයිසිකලේ.  කට්ටිය "චැලි" වලින් අට ගාහනකොට මම ඕකෙන් අට ගැහුවා. ඊට පස්සෙ HONDA CN125, Suzuki GN125, Hyosung cruiser 125 වගේ බයික් ගෙදර තිබුනා. ඒ අතරින් මගේ ආසම එක තමයි Hyosung cruiser 125 එක. මේක හරියට Harley-Davidson බයික් එකක විදියට තමයි හදලා තිබුනේ. ඔය තියෙන්නෙ පහල පිංතුරෙ.


ඊට පස්සෙනම් Yamaha TZR වගේ බයික් මටම කියලා පාවිච්චි කෙරුවා. ඒකත් මම දැනට පැදලා තියෙන ආසම බයික් එකක්. නමුත් ඉන්ධන පිරිමැස්ස අතින් ගත්තහම ඔය මම දැනට සඳහන් කරලා තීයෙන හැම බයික් එකක්ම පැට්‍රල් ලීටරේකට අඩුම තරමෙ කිලෝමීටර් 20ක් 25ක් වත් වැඩකරන්නෙ නෑ.

දෙමවුපියන්ගෙන් සංවර්ධනය වෙන කාලෙ පැට්‍රල් ගහන එක එච්චර ගැටලුවක් නොවුනට ජොබක් කරන කාලේ ඕය පැට්‍රල් ප්‍රශ්නෙ ලොකු අවුලක් වුනා. ඒ නිවාම තමයි ඉන්දියන් බයික් පදින්න හිත හදා ගත්තෙ. 2006 දී තමයි මටම කියලා මගේ සල්ලි වලින් Bajaj 125 එකක් ගත්තෙ. ඔය වගේ TVS Apache 150, වගේ බයික් වල මුල් අයිතිකරුවෙක් වෙලා හිටියා.
ලංකාවෙන් ගියාට පස්සෙනම් ලෝකෙ දැනට තියෙන හොඳම බයික් පදින්න අවස්තාව ලැබුනා. ඒ අතරින්, HONDA CBR 400RR , HONDA CBR900RR Fireblade, Suzuki GS500F සහ Harley වර්ගයට අයත් බයික් පදින්න අවස්තාව ලැබුනා.

ලංකාවට ඇවිල්ල්ලත් ගන්න බයික් එක මොකද්ද කියලා ලොකු ප්‍රශ්නයක් තිබුනා. ඒ වෙනකොට තමයි YAMAHA වලින් අලුත් බයික් මොඩල් ටිකක් එලියට දාලා තිබුනෙ. ඒ එක්කම YAMAHA R15 එකක් ගන්න එක මගේ ඔලුවෙ තිබ්බ ලොකුම ආසාවක්. ඒ 153cc ඇන්ජිම සහ ඉන්දියාවේ නිශ්පාදිත නිසා ඉන්ධන පිරිමැස්ම ඒ කියන්නෙ ලීටරයකට 35Km කට වැඩිය ගමන් කිරීමේ හැකියාව මෙය සතුව ඇති නිසායි. ඔය පහලින් දාලා තියෙන්නෙ ඒකෙ පිංතූරයක්.


 ඒක ලංකාවෙ AMW එකේ විකුනුම් මිල විදියට රුපියල් ලක්ෂ 4.25 කට වැඩිය මුදලක් වුනා. නමුත් අවාසනාවකට මම ලංකාවට එන කාලෙදී ඔවුන් ඒ බයික් එක ලංකාවට ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්තලයි තිබුනෙ. ඒ වැඩි වියදමක් නිසා ලංකාවෙ ඒක විකිනීම අපහසු නිසා.

ඊට පස්සෙ ‍YAMAHA සතුව තිබුනේ FZ කියන මාදිලියට අයත් ස්පෝර්ට් නේකඩ් වර්ගයට අයත් යතුරුපැදි මාදිලියයි. අවසානයේ එය ගැනීමට තීරනය කෙරුවා. මෙහි අවසන් මිල රුපියල් 240,000/- විදිහටයි සටහන් වුනේ. මේ තියෙන්නෙ බයික් එකේ තාක්ශනික විස්තර ටිකක්.

Engine type             Air-cooled, 4-stroke, SOHC, 2-valve
Displacement         153.0cc
Bore & Stroke       58.0 × 57.9mm
Compression ratio  9.5:1
Maximum output     14PS / 7500 rpm
Maximum torque    14 N.m / 6000 rpm
Starting method      Electric start/Kick start (optional)
Lubrication type     Electric start/Kick start (optional)
Fuel Supply           BS26
Clutch type          Multiplate wet type
Ignition type        C.D.I. with 3 dimension digital
Primary/secondary reduction ratio     3.409 / 2.857
Transmission type     Return type 5-speed

මේ තියෙන්නෙ අද ගත්ත බයිසිකලේ පිංතූර ටිකක්. තාම නම්බර් ප්ලේට් එකනම් ඇවිල්ල්ල නෑ.






 මේකත් ඉතින් දවස් කීයකටද කියලා කියන්න බෑ.
  1. බාග ඕෆ් රෝඩ් එහෙම දානව නෙමේ ඕන්........යට වදිනව යකෝ....

  1. ම්ම් මගෙත් හීනෙ ඕකනෙ... ගේන්න යන්න හදනකොට වහිනවා... නැත්තනං මොකෙක් හරි බාල්දියක් පෙරලනවා... කොහොමත් ලබන සතියෙ ගන්නයි ඉන්නේ...

  1. පට්ට අයිටම් එකක් වගේ මචං. පරිස්සමින් පැදපන්

  1. aniwa niyama bick 1ka
    yatawadina seen 1kanam eththa
    ela bick 1ka

  1. CBR 150 එක මොකද?

  1. මගෙත් සුපිරි වාහනේ බයික් එක තමා. රෝද දෙකේ ගමනේ ආතල් එක වෙන කිසිම වාහනයක නෑ. වරක් ඩිලන්ත මාලගමුව කියල තිබුනා කොතරම් අනතුරු දායක උනත් තවමත් කැමති බයික් පදින්න කියල.
    මොනව උනත් පරෙස්සමෙන් මල්ලි...

  1. @mahima ; යට වදින සීන් එක කියලා කියුවෙ මොකද්ද .......... එහෙම කේස් එකක් නම් දැනටනම් අවුලක් වෙලා නෑ.

    @dinesh ; ඉන්දියන් නම් සෑබෑව. නමුත් ජපන් බයික් එකක් අරගෙන මම ඒකෙන් කොලඹ යනවට හොඳයි කාර් එකක් යනවා. ලංකාවෙ පැට්‍රල් කියන්නෙ රත්තරන්නෙ.

    @Kanishka | කණියා ; මම අර කියුවා වගේ , ඔය HONDA CBR මාදිලියෙ බයික් වල තියන ලොකුම දේ තමයි පැට්‍රල් බොන එක. නමුත් ඉතින් එදිනෙදා භාවිතයට නැතුව, ජොලියට සහ ඉඳලා හිටලාඅ රවුමක් දාන්නම් කියාපු බයික් එක.

  1. machanla mama oka ganna giya mila wedie ban. daraganna amarui. passe mama pulsar 135LS ekak gaththa. a unata thamath mama asama bande thamai FZ

  1. හෆොයි ඩේලි දුවනවනම් ඕව හොඳයි.මම හිතුවෙ ෆනියට කියල.

  1. මගේ හිත බයික් එකක් තමයි ඔය FZ එක.. ආසවෙ බැරුවා..

  1. @ GAME CLUB ; ඔවු මචෝ ! ඒකනම් ඇත්ත ! ඒත් YAMAHA එකයි බජාජ් එකයි දෙකක් නෙ ! හැබැයි 135LS එකේ පැට්‍රල් නම් 50 කට වැඩිය වැඩ කරනවා.

    @ Uditha Umesh ; මේකෙ තව එකක් තියෙනවා හෙඩ් ලයිට් එක ඩබල් එන එකක් . ඒක ලක්ෂ 2.80 ක් වෙනවා. බයික් එකනම් පට්ට

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed