twitter rss

ඇපල්, iPhone, Apps Haking සහ iOS ගැන නොදන්න අයට සරලින්

මේ ලිපිය සෑහෙන්න කාලයක් තිස්සෙ ලියනවා කියලා හිතාගෙන හිටපු ලිපියක්. දැන්නම් iPhone එක අරගෙන මාස තුනක් විතර ඇති. ඇත්තටම හිතාගෙන ගියෙනම් iPhone 4G එකක් ගන්න තමයි , නමුත් මොබයිල් ෆෝන් එකකට රුපියල් අනූ දාහක් වගේ ගානක් වියදම් කරන එක මහ මෝඩ වැඩක් කියලා හිතුනා. ඒ නිසා ලද දෙයින් සතුටු වෙයන් කියලා, 3Gs එකක් ගත්තා. කැමරාව සහ ප්‍රොසසර් එකේ වේගය ඇරුනහම මේ 4G සහ 3GS වල ලොකු වෙනසක් නෑ. මම මේ ලිපිය ලියන්න හිතුවෙ මගේ පම්පෝරිය ගහන්න නෙමෙයි, ඉගෙන ගත්ත දේවල් ටිකක් කට්ටියත් එක්ක බෙදා ගන්න. මොකද මේ දුරකතනය ටිකක් ගානින් වැඩි එකක් නිසා මෙය වැඩිපුර අතපත ගාන්න හම්බෙන්නෙ නෑ. ඒ නිසාම මේහි තියෙන විශේෂත්වය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නෑ. සමහර අය මේ ගැන නොදන්න කමටම මීටත් වඩා මිලෙන් වැඩි දුරකතන ගන්නවා. මුලින්ම මේ iPhone වලදි හඳුන්වන OS ගැන එහෙමත් නැත්තන් firmware එක ගැන පොඩ්ඩක් හොයලා බලමු. සාමාන්‍යන් අපි Nokia හෝ SE හෝ වෙනත් ජංගම දුරකතනයකදී නම් මේ OS එක upgrade කරන කතා ඇහෙන්නෙ නෑ. එහෙම කතාවක් ඇහුනත් upgrade එකක් කරන්නෙ කීයෙන් කී දෙනාද !(විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ මම මේ කතා කරන්නෙ smart phone ගැන නෙමෙයි .පසුව ඒ ගැන පැහැදිලි විස්තරයක් කරන්නම්). නමුත් iPhone එකකදි මේ OS එක එහෙම නැත්තන් firmware එකට විශේෂ තැනක් හිමි වෙනවා. සාමාන්‍යන් මේ OS එකක් 350-400mb ත් අතර ප්‍රමානයක් ගන්නවා. දැනට නිකුත්වී තියෙන අලුත්ම සංස්කරණය තමයි iOS 4.2 කියලා කියන්නෙ. ඒ වගේම අපිට කැමති වෙලාවක iTune හරහා මේ OS එක upgrade හෝ downgrade කර ගන්න පුලුවන්. බොහෝ වෙලාවට හුඟ දෙනෙක් මේ සඳහා භාවිතා කරන්නෙ customized firmware තමයි. මන්ද අපි බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ ඔරිජිනල් dealer with orginal sim නෙමෙයි නිසා. ඒකත් හරියට අපි අර පිටකොටුවෙන් හරි ටොරන්ට් එකකින් හරි හොරට ගහපු වින්ඩෝස් සීඩි එකක් ගෙදර පරිගණකයට දානවා වගේ. වෙනසකට තියෙන්නෙ මේ දාන්නෙ ජංගම දුරකතනයකට නිසා. customized firmware එකක් කොහොමද දාන්නෙ කියලා මම පසුගිය ලිපියකින් කියලා දුන්න මතක ඇතිනෙ. නොබලපු කට්ටිටිය මෙතනින් ගිහිල්ල ඒකත් කියවලා දැනුමක් ගන්න.

මේ එක්කම සිංහල සහ iPhone දක්වන සහයෝගය සඳහන් කරන්න ඕනෙ. පසුගිය, එනම් iOS 4.0 වලට පෙර සංස්කරණ වලදී සිංහල සිංහල සහයෝගය දැක්වුවෙ නෑ. නමුත් iOS 4.0 සිට අපිට තවදුරටත් සිංහල සහයෝග දැක්වීම ගැන තවදුරටත් කරදර වෙන්න ඕනෙ නෑ. මන්ද iOS එකත් එක්කම සිංහල යුනිකෝඩ් සහය දැක්වීමත් අපිට හිමිවෙනවා. මෙය ඇත්තටම Apple විසින් කරපු ඉතා වටිනා දෙයක්. මන්ද ලංකාවේ 80% කටත් වඩා වැඩි පිරිසක් භාවිතා කරන Nokiaහර මේ සිංහල යුනිකෝඩ් සහය දැක්වීම තාමත් කරන්න බැරිවෙලා තියෙනවා. iOS 4.0 සහ iOS 4.1 වලදී මේ සිංහල rendering පොඩි , පොඩි අඩුපාඩු තිබුනත් iOS 4.2 වලදී මේ හැම දේකටම පිලිතුරු සපයමින් ඔවුන් 100% ක් සිංහල සහයෝග දක්වන OS එකක් ඔවුන් අපිට ලබාදීලා තියෙනවා. දිනපතා සිංහල බ්ලොග් වගේ කියවන මම වගේ කෙනෙක්ටනම් ඒක වටිනා දෙයක්.

පහලින් තියෙන්නෙ මම දැනට බාවිතා කරම iOS 4.0 වලදී සිංහල වල තත්වය


 මේ තියෙන්නෙ රුවන් විසින් භාවිතා කරන නවතම iOS 4.2 තුල සිංහල වල තත්වය.


 ඇත්තටම ඇපල් iPhone එකක් කියන්නෙ Life Style ජංගම දුරකථනයක්. ඒ කියන්නෙ අපේ එදිනෙදා ජීවිතයේ බොහෝ වැඩකටයුතු වලට මේ දුරකතනය අපිට පිහිට වෙනවා. මේ අපිට පිහිටවෙන වැඩසටහන් අපිට iPhone App එකක් විදියට සරලව හඳුන්වන්න පුලුවන්.

පහතින් දැක්වෙන්නෙ දුරකතන ඔස්සේ Apps Store එකට පිවිසුන විට මුල් පිටුව දිස්වෙන ආකාරයයි




මේ වගේ වැඩසටහන් එහෙම නැත්තන් Apps (ඇප්ස්) දැනට 200000 ක් පමාන දැනට Apps Store එක තුලින් ලබා ගන්න හැකියාව තියෙනවා . මේ හැම එකක්ම දුරකතන තිරයේ දෙතුන් පාරක් ඇඟිලි පුරුක එහා මෙහා කරලා පහසුවෙන් බාගත කරගන්න පුලුවන්. මේ හැම ඇප් එකක්ම ගබඩා කරලා තියෙන තැන අපි හඳුන්වන්නෙ App Store එක විදියටයි. මේ App Store එකට පරිගණකය තුලින් පිවිසෙන්න iTunes මෘදුකාන්ගය අපේ පරිගණකය තුල පිහිටා ගන්න ඕනෙ. හැබැයි මේ Apps ලැබෙන්නෙ නිකන් නෙමෙයි. ඒ App එකේ වටිනා කම මත අපි ඔවුන් නියම කරන මුදලක් අපි ඒ App එක බාගත කිරීමට ගෙවීමට සිදු වෙනවා. නමුත් ගෙවීමක් සිදු නොකර බාගන්න පුලුවන් App තියෙනවා. නමුත් ඒවා බොහෝ විට Demo vertion වගේ එකකට සීමා වෙනවා. උදාහරනයකට ගත්තොත් අලුතින්ම නිකුත්වුනු Need for Speed - Hot Pursuit එකට ඩොලර් $ 4.99 ක වගේ මුදලක් ගෙවීමට සිදු වෙනවා.මෙතනදි අපිට සම්පූර්න ගේම් එකම ලැබෙන නිසා මමනම් හිතන්නෙ ඒක බොහොම සාදාරන මුදලක්. මන්ද මේකට අයිති PS3 එක හෝ Xbox 360 එක ගන්න ගියානම් අපිට $ 50 ක් වගේ ගානක් ගෙවන්න සිද්ද වෙනවා.

    

පහතින් දැක්වෙන්නෙ එම පිටුවම පරිගණකයේ iTunes හරහා බාගත කිරීමට යෑමේදී ලැබෙන ආකාරයයි



ඔය පහතින් තියෙන්නෙ මගේ ප්‍රියතම Guitar Rock2 Game එක  iPhone එකෙන් play කරපු හැටි.



ඔය වගේ දැනට වෙලඳපලට නිකුත්වී තියෙන සෑම games එකක්ම මේ App store එක හරහා අපේ iPhone එකට බාගත කර ගන්න පුලුවන්. Game විතරක් බොහෝ ජනප්‍රිය පොත් උනත් කිසිම කරදරයකින් තොරව බාගත කරන්න පුලුවන්. ඒ වගේම දැනට අපි කා අතරෙත් ජන්ප්‍රිය VLC වගේ ප්ලේයර් එකක් උනත් අපිට මේ App Store එක හරහා අපේ iPhone එකට බාගත කරලා දැනට අපි පරිගණකය තුල බාවිතා කරන .divx, .avi, .mpeg, .flv , .wmv, .mkv වගේ ඕනෑම වීඩියෝවක් කිසිම අයුරකින් කන්වර්ට් එකකින් තොරව ඉතා පහසුවෙන් iPhone එකට කේබල් එක තුලින් iTunes හරහා දුරකතනයට ඇතුලත් කරන්න පමනයි තියෙන්නෙ. විශේෂම කාරනය වෙන්නෙ අපි පරගණකයේ නරඹන1080px වගේ HD වගේ වීඩියෝවක් උනත් කිසිම කන්වර්ට් එකකින් තොරව කිසි ගැටලුවක් නොමැතිව දුරකතනයෙන් නරඹන්න පුලුවන් වීමයි. VLC වගේ ප්ලේයර් එක නම් අපිට නොමිලේම බාගත කරගන්න පුලුවන් Apps Store එක හරහා.




දැන් මම කියලා දෙන්න යන්නෙ සල්ලි සතයක්වත් නොගෙවා තමන් කැමතිම App එකක් iPhone එකට බාගත කරගන්න විදියක් ගැන.  මේ App එක අපි කැමතිම $ 10 ක් වගේ වටිනාකමකින් යුත් ගේම් එකක් වෙන්න පුලුවන්, නැත්තන් පොත්ක් වෙන්න පුලුවන් , නැත්තම් ප්ලේයර් එකක් වෙන්න පුලුවන්, නමුත් කිසිම ගැටලුවකින් තොරව අපිට මේක සතයක් වත් නොගෙවා බාගත හරගන්න පුලුවන්. විශේෂයෙන් කියන්න ඕනෙ, මේහෙම වැඩ කරන එකනම් හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඔයාලගේ දැනුමට තමයි මේක බෙදාගන්න හිතුවෙ. මේ tool එකට අපි කියන්නෙ Installous” කියල.


  • Installous” ස්තාපිත කිරීම.

* මුලින්ම අපේ iPhone එක jailbreak කරගන්න ඕනෙ. මේක කරන හැටි අපේ කාලින්ග සහෝදරයගෙ බ්ලොග් එකෙත් තිබුන නිසා මම මේ ගැන වැඩිදුර සඳහනක් කරන්න යන්නෙ නෑ.

* iPhone එක jailbreak කෙරුවයින් පසුව දුරකතනයේ තියෙන Cydia කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනෙ. හැබැයි මේ හැම දේම ක්‍රියාත්මක කරන්න අපිට අන්තර්ජාලය වුවමනා වෙනවා. විශේෂයෙන්ම WiFi වගේ සම්බන්ද තාවයක් තියෙනවනම් හුඟක් හොඳයි.


* ඉන් පසුව එහි ඇති "Manage" කියන මෙනුවෙන් "Sources" කියන පිටුවට ඇතුලු වෙන්න


* පිටුවේ දකුණුපස ඉහල ඇති "Edit" කොටසට ගොස් "Add" කියන බොත්තමට එන්න.


* ඉන්පසුව දුරකතන තිරයේ දිස්වෙන url එක ලබාදීමට "http://cydia.hackulo.us" ලෙස එහි සඳහන් කරන්න. පසුව "Add Source" බොත්තම ක්‍රියාත්මක කරන්න.


* දැන් නැවතත් "Manage" බොත්තම තුලින්, "Sources" පිටුවට යන්න. ඔබ පෙර සඳහන් කල ක්‍රියාවලිය හරියට කෙරුවනම් "Hackulo.us" ලෙස එම තිරයේ දිස්වෙනවා ඔබට දැකගන්න පුලුවන් වෙයි. "Hackulo.us" මත ක්ලික් කරන්න. 


* පිටුව ඇතුලට ගියායින් අනතුරුව දකින්න පුලුවන් වේවි, Hackulous Security නම්වූ මෙනුවක්. එය ක්ලික් කරන්න.


* දැන් එම පිටුවේ එහල දකුණු පස ඇති "Install" බොත්තම ක්‍රියාත්මක කරන්න. (මම මීට පෙර මෙය ස්ථාපිත කරල තිබුන නිසා මගේ දුරකතනයේ මෙය දිස්වන්නෙ Modify ලෙසයි)


* දැන් "Installous" වැඩසටහන අපේ දුරකතනය තුල ස්ථාපිත වීම ආරම්භ කරනු ලබයි. ටික වෙලාවකින් පසුව දුරකතනය Restart  වෙයි.

* හරියට මේ පියවර අනුගමනය කෙරුවනම් "Installous" වැඩසටහන ඔබේ iPhone එහේ තිරයේ දිස්වේවි.



මේ "Installous" වැඩසටහන ගැන යමක් කියනවනම්, ඇත්තටම මෙයින් කරන්නෙ කලින් crack කරනු ලැබූ Apps Rapidshare, mediafire වගේ තැන්වල upload කරලා මේ "Installous" වැඩසටහන තුලින් .ipa එක බාගත කිරීමට සලස්වා දීමයි. හැබයි ඉතින් Apps Store එකෙන් නිකුත්වුනු App එකක් මේ "Installous" එකට එන්න දින දෙක තුනක් යනවා.


මේ තියෙන්නෙ දැනට මා විසින් "Installous"  මගින් බාගත කර තියෙන Apps ටිකක්.
             

ඔය පහලින් තියෙන්නෙ මම දැනට භාවිතා කරන Social Networking Apps  ටික



දැනට Apple iPhone එකට එකතුවී තියෙන හොඳම තරඟ කරුවා තමයි Android OS එක ඇතුලත් දුරකථන! එයිනුත් අංගසම්පූර්ණ Android දුරකතනයක් විදියට මමනම් දකින්නෙ Google සමාගම HTC සමඟ එකතුන නිකුත් කල Nexusජංගම දුරකතනය තමයි. දැන් එහිත් දෙවෙනි Google නවතම දුරකතනය Samsung සමාගමත් එක්ක එකතුව නොබෝ දිනකින් වෙලඳපලට නිකුත් කරන්න නියමිතව තියෙනවා. ඒ ගැනත් ඉදිරි ලිපියකින් ඔබව දැනුවත් කරන්න පොරොන්දු වෙනවා.
  1. එල ලිපියක්.. එකම අවුල මට iphone එකක් නැති එක තමා :D

  1. වටින ලිපියක් රොකියො ! මටත් මුලදි ඔය jailbreak කිරිල්ල ගැටලුවක් වුනා.iTouch එකට මට අවශ්‍ය කරන ඇප්ස් දාගන්න ඔනේ නිසා තමා ඒ ගැන මුලින් හෙව්වේ. මුලදි මට හෙන අවුලක් වුනා වයිෆයි නෙට්වර්ක් එකක ඉන්නකොට ඉබේම iOS එක අප්ග්‍රේඩ් වෙනවා කියල එන මැසේජ් එක, දැන් නම් ඒ කරදරෙත් නෑ

    facebook යනවා නම් facebook for iPhone ඇප් එක බාගන්න ෆ්‍රී දෙන්නේ http://www.facebook.com/iphone

  1. Thanx for the info
    good post bro :)

  1. මාව පිස්සු වැට්ටුවාට ස්තූතියි....! :-D

  1. හොද ලිපියක්. මේ වගේම ovi store එකෙ apps තුත් නිකන් දෙන web අඩවියක් හෝ software එකක් දන්නවනම් කියනවද?

  1. ඔයානම් දෙයියෙක් නෙමේ දේවාලයක්. මේ ගැන techkatha google සමූහයේ අහල මම බැනුනුත් ඈහුවා ප්‍රතිපත්ති උල්ලන්ගනය නරනවා කියලා.ඔයාට පින් සිද්ද වෙන්න දැන් දන්නවා..දැන් වෙලාවක් නෑ මම ගෙදර ආපු ගමන් මේක කරන්න පටාන් ගන්න ඕනෙ. එතකොට අවුලක් වුනොත් අහන්නම්.....

  1. මේක නම් සුපිරි පෝස්ට් එකක්..

  1. ලිපියනම් ඉවරෙට කියෙව්වා මල්ලි... ඔව ඉතිං මට තේරෙනව හොරයිනෙ... තේරුනත් ඉතිං ඕව පස්සෙ දුවන්න තරම් හයියක් මට නෑ දැන්... :)

    කොහොම උනත් මේ ටික කියන්නම ඕනි.... සල්ලි වලටම හැමදේම යටවෙන මේ ලෝකේ තමන් දැනගත්ත දේ කිසිම ඉරිසියාවකින් තොරව මෙහෙම කියල දෙන එක ඔයාලගෙ ඉදිරි ජීවිතයට එක්කරන්නෙ කියාගන්න බැරි තරම් ලොකු පුණ්‍ය කර්මයක්...

  1. නියම පෝස්ට් එකක් අයියා.. දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා.. ඒත් මන් දන්න කෙනෙක් ඉන්නවා එයා ලග තියෙන්නෙ 4G එකක්. එයා කියන විදියට ඇපල් ෆෝන් වල එක අඩුපාඩුවක් තමා මොනා හරි උනොත් ස්පෙශලි ලන්කාවෙ නම් හදන්නෙ නෑ කියල.. පිටරට ඉන්න කෙන්ක් ට නම් නියමයි..

  1. @ Kanishka | කණියා ; ගමු ගමු එහෙනම් එකක් ලඟදිම ගමු

    @ Dar[K] ; Facebook විතරක් නෙමෙයි twiter, සහ බොහෝ සමාජ අඩවි වලට අයත් Apps නොමිලේ තමයි දෙන්නෙ. හැබැයි ඔය මොන App එකක් කොහෙ තිබුනත් අන්තිමට ඔක්කොම ටික අපිට මුනගැහෙන්නෙ, Apps Store එකේදි තමයි !

  1. @ හුදකලා යාත්‍රිකයා ; Sony Ericson සමඟ එන Android ගැනනම් මම වැඩිය හොඳයි කියන්න කැමති නෑ. Android මොබයිල් එකක් ගන්නවනම් පුලුවන් තරම් HTC හෝ මෝටරෝලා එකක් ගන්න බලන්න. නමුත් Nokia එකට වැඩියනම් දාහකින් හොඳයි .

    @ Nadeendra ; බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට !

  1. @ Bunny : ඕකනෙ කියන්නෙ අපි මොකක් හරි ලිපියක් ලියුවොත් පිස්සු වටුවා කියලා බනිනවා. ස්තූතියි මලයෝ කමෙන්ට් එකට

    @ chamoda ; Nokia Applications නම් අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් නොමිලේ බාගන්න පුලුවන්, ඔය ovi store එකනම් අමූලික බොරු වැඩක්. ඕකෙ තියන App වලට වැඩිය හොඳ සහ නොමිලේ Applications ,
    http://gallery.mobile9.com/ වගේ අඩවියකින් නොමිලේ බාගත කරගන්න පුලුවන් !

  1. @ subashblog ; අහන්න ඕනෙම ගැටලුවක්, දන්න උපරිමයෙන් උත්තර දෙන්න බලන්න. ස්තූතියි කමෙන්ට් එකට

    @ Ansh Lucky Sri Jay ; :P

    @ තනෝජා රාජපක්‍ෂ ; බොහොම ස්තූතියි අක්කෙ දිරිගැන්වීමට !

    @ කසු.... ; ඒක අමූලික බොරුවක්, ලංකාවෙ පිටරට වලට වැඩිය ඇපල් iphone සහ iPad ගැන දන්න ඕනෙම අයුරක ගැටලුවන් විසඳන්න පුලුවන් අය ඉන්නවා. අදහසක් තියෙනවනම් Apple product එකක් ගන්න ඒ ගැන දෙපාරක් හිතන්න එපා.

    අනිත් කාරනය Apple iPhone 4G එකේ දී මතුවන ලොකුම ගැටලුව තමයි, ඒකෙ අපි සාමාන්‍ය්යෙන් භාවිතා කරන Sim එක පාවිච්චි කරන්න බෑ. ඒකට mini sim එකක් තමයි දාන්න වෙන්නෙ. ඒක ලොකු ගැටලුවක්. ඒ නිසා අදහසක් තියෙනවනම් 4G එකක් ගන්න දෙපාරක් හිතලා බලන්න.

  1. ඔන් දැන් තමයි රොකියෝ මේක කියවන්න වෙලාවක් වෙන් කරගත්තේ .... වටින ලිපියක් හින්දා මතක තියන් ඉදලා කියෙව්වා ...


    ම්ම් මටත් තියන ප්‍රශ්නය තමයි අයිෆොන් එකක් ගන්න එක ... ඒ කොහොම උනාත් ගත්ත දවසක හරි මේ ලිපිය පෙරලලා බලලා වැඩක් ගන්නම් කෝ ....

  1. @ වැප් ; ස්තූතියි වැපෝ කමෙන්ටුවට.

  1. මචන් Iphone 3GS එකක් තියෙන්නෙ iso 4.02 තමා තියෙන්නෙ. කාලින්ග අයිය කියලා තියෙන විදියට jailbreak කරන්න පුළුවන්ද? කරන්න ඉස්සෙල්ලා වැඩි හොදට ඈහුවෙ.

  1. As far as I know there iOS 4.0 is the best for jailbreak. There is a Cydia warning not to upgrade to iOS 4.02 which is un-jailbreakable. You can try Redsn0w and blackra1n in your case ( note the 0,1 in names instead of o or i.) If you are able to downgrade to iOS 4.0 then it is a piece of cake.Just type jailbreakme.com ( or the alternative address) from the browser in the iphone, wait until it is done.

    To downgrade you really have to do your home work; find the exact firmware version of 4.0 which match the rombot of your phone. Read reviews on "hackthatphone" or other site how to find how to read your serial number.Don't worry iTunes won't let you flash your phone with the wrong firmware.Remember to sync all your apps,music,contacts, etc as you may loose all of them while downgrade (not in the case of upgrade). Good luck & happy jail-breaking, mate.

  1. @Siribiris : thanks යාළුවා උපදෙස් වලට.මම jailbreakme.com කියන එකෙත් ට්‍රයි කලා හරි ගියේ නෑ.4.02 තියෙන එක 4.01 ගන්න කියනවා. මම ඉතින් 4.01 කියන එක download කරගෙන itunes හරහා downgrade කරන්න ගියාම ඒක extract වෙලා verifi වෙද්දි error 1k එනවා. පුල් ට්‍රයි එකක් දුන්නා හරි ගියේ නෑ. දන්නවා නම් මම වරද්ද ගත්ත තැන කියනවද........

  1. @ subashblog ; මුලින්ම් සමාවෙන්න ඔනෙ උත්තර දෙන්න පරක්කු උනාට , අර Siribiris කියුවා වගේ මමත් 4.2 එක jailbreak කරන එක ගැනනම් වැඩිය විශ්වාසයක් තියන්නෙ නෑ. ඒත් ඉතින් දැන් ඔයා jailbreak කරන්න ගිහිල්ලා අවුලක් උනා නම්, හොඳම දේ තමයි ඕකට තවත් කට්ට කනවට වැඩිය, තියන එක 4.0 හෝ 4.1 වලට downgrade කරන එක. ඒක කරනකොට iTunes එකෙන් කෙලින්ම බාලා කරන්න යන්න එපා. මගේ පසුගිය ලිපියෙ http://goo.gl/kVKHl තියෙනවා, කොහොමද custom iOS එකක් දාගන්නෙ කියලා. ඒ විදියට පියවර ටික අනුගමනය කරලා දාන්න උත්සාහයක් කරලා බලන්න. අවුලක් උනොත් කියන්න

  1. ඔයාගෙ ලිපියෙ තියෙන විදියට downgrade කරන්න ගියාම iso එක extract වෙලා verify වෙන තැනේදි error එකක් එනවා. දන්න හැම දේම කලා හරි යන්නෙ නෑ. මොකද කරන්න ඕනෙ කියන්නකෝ......

  1. සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට. එකට හේතුව ඒක modified firmware කරපු එකක් හරි නැත්නම් ඔයාගෙ iphone batch එකට නොගැලපෙන නිසයි. ඒක තමයි අපට iTune එකෙන් ලැබෙන ආරස්සාව. වැරදි firmware flash එක කලොත් බඩුම තමා ( if not iphone has a fixed bootstrap in the ROM)

    There are many "versions" of firmware for 3GS ( the numbers in the file name are different). You must get the correct version, to make it work with iTunes. These files are big (around 340 MB) so, downloading manu and trying each may not be a option for you, as I did. I have a 3Gs from the new batch - I think with fixed rombot, and the file name I used is "iPhone2,1_4.0_8A293_Restore.ipsw" if it match your model.For this file to work your serial no. should read something like xx011xxxxxxxx, if I remember corectly.

  1. Ok. I did it again. updated to iOs 4.01 and jailbreaked. If iTune is not starting update process and giving an error, that means you have the wrong firmware file. If it started extracting file, reboot iphone and you see the progress bar increasing on the phone, then we are good. It may still give an error, but it is OK. Now, the problem is the phone may be in recovery mode in an infinite-loop. you need to download TinyUmbrella( get the version 4.1.12, not the latest, which didn't work for me) and select the unrecognized phone from the left plane, the "kick your device out of recovery. disconnect the phone and reboot. It will be still in recovery mode until you connect and start iTune again. Then it will ask update "carrier" ( click "yes"). connect with your wi-fi network, go to safari and jailbreak. I guess, you could manage the rest.

  1. As i see from your comments, since ITune didn't pass the 1st verification, Seems you have the wrong or invalid firmware file.

  1. ඔයා කියන විදියට මම farmware ගොඩක් අත්හදා බැලුවා. ඒත් අර මම කියන විදියට itunes වලට farmware එක දුන්නම ඒක අරගෙන හොදින් extract වෙලා itunes මගින් අන්තර්ජාලය හා සම්භන්ද වී මෙය verifi කිරීමකට ලක් වේ. එහිදී මෙයට error එකක් පැමිනේ. මෙම​ error එක පැමිනෙන්නේ itunes server එක හා සම්භන්ද වීමේදීය. මෙය farmware එකේ වැරැද්දකට වඩා itunes වල ඈති security පැත්තක් නිසා වන වන දෙයක්ද දැන් තියෙන එක පහලට දැමීමට නොහැකි වන ලෙස තැනූ. මා විසින් ජන්ජාලෙන් සොයා ගත් විදියට C:\Windows\System32\drivers\etc\ කියන ස්ථානයේ ඈති host නම් file එක ​නෝට් පෑඩ් එකකින් open කර එහි පහලට 74.208.10.249 gs.apple.com නම් එක යොදා බැළුවෙමි. එයද සාර්ථක වූයේ නැත. මෙය downgrade කිරීමට පිලියමක් නැතිද. කරුනාකර මොනවා හරි එකක් කියන්නකෝ මේක හදා ගන්න.

  1. @ subashblog ; මූලිකම දේ තමයි ඔයා කස්ටම් OS එකක් දානකොට අන්තර්ජාලයට සම්බන්ද කරීමක් අවශ්‍ය නෑ. මට කියන්න දැන් තියන තත්වෙ උඩ ඔයාගෙ ෆෝන් එක iTunes වලින් හඳුනා ගන්නවද ?
    ඕකට බය වෙන්න දෙයක් නෑ. udararock@gmail.com එකට ඔයා මට මේල් එකක් දාන්න. ඒ වගේම චැට් රික්වෙස්ට් එකකුත් දාන්න.

  1. හරි අයියෙ ගොඩක් ස්තූතියි. පෝන් එක හොදට හදුන ගන්නවා ඒ වගේම තමා farmware එක 4.02 ඉදන් 4.2 update කරන්නත් පුළුවන්. ඒත් downgrade කරන්න තමා බැරි.

  1. I don't want to discourage you, but just a friendly warning. Even from these countries standards, iphone is an expensive toy and most of the tech. secrets of it is undocumented. That Internet verification is the only guarantee I have that it will pass the activation later. So, I would like to play safe. I'm using iTune 10.0.1.22 and still works fine. I don't have any experience with custom OS, so I'll leave it for you.

  1. http://www.apptracker.org/ වලිනුත් බොහෝ සොෆ්ට්වෙයා බාගන්න පුලුවනි නොමිලේම,,,, :D

  1. මචන් මගේ තියෙන්නේ 3GS phone එකක්. මම එක 4.1 අප්ඩේට් කරා firmware 06.15.00 ව.දැන් GPS හරියට වැඩ නෑ.මොකද කරන්නේ?

  1. අවුරුදු 7 කට පසුව තත්වය ��������

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed