twitter rss

ඒ කාලෙ කෙල්ලෙක් පස්සෙ ගිහිල්ල අපිට වෙච්ච වැඩක්

මේක මම මැරතන් බ්ලොග් එකට කාලෙකට ඉස්සල්ලා ලියපු ලිපියක්. හුඟ දෙනෙක්ට කියවන්න එක්ක මම මෙතන දාන්න හිතුවා.



ඒ කාලෙ කියුවෙ ඉතින් මේක අපොස උ/පෙ කරන කාලෙ වෙච්ච දෙයක්. අපි නුගේගොඩ ක්ලාස් යන කාලෙ ඉතින් කොලබ බාලිකා විදුහලක බාලිකාවක් ගැන අපේ සෙට් එකේ එකෙක්ට පොඩ්ඩක් හිත ගිහිල්ල තිබුනා. ඉතින් හැම දාම ක්ලාස් ඉවර උනාම මේකා අර කෙල්ල පස්සෙ යනවා, මේකගෙ පස්සෙ අපි යනවා. එක දවසක් මේ කෙල්ලගෙන අපේ එකා කෙමිස්ට්‍රි පොතක් ඉල්ලන්න කියලා හිතාගෙන බස් එකේදි කතා කරලා. අපිත් ඉතින් බසෙකේ පස්සට වෙලා වැඩේ බලාගෙන ....

ඉතින් මිනිහා ටිකක් ලැජ්ජාකාරයා නිසා ලඟට්ටම ගිහිල්ල සීට් එකේ ඉඳගෙන ඉන්න අර කෙල්ලගෙන් " මේ ඔයාගෙ අද ක්ලාස් එකේ පොත දෙනවද , අපි අද ක්ලාස් එන්න පොඩ්ඩක් පරක්කු උනා " කියලා කියුවා. ඔන්න මේ මනුස්සයා පොතත් නැතුව අපි ලඟට ආවා. හැබැයි බස් එකෙන් බහිනකල්ම මිනිහා නෝ-කතා, නෝ-සිනා, අපිත් ඉතින් අහන්න ගියෙ නෑ. එදායින් පස්සෙ මූ ඒ කෙල්ලගෙ පස්සෙන් යනවා තියා, ඒ කෙල්ල ගැන කතා කලේවත් නෑ. ටික දවසකට පස්සෙ තමයි අපිට උනේ මොකද්ද කියලා තේරුම් ගියේ.   "මචන් ඒ කෙල්ලගෙ කටහඬ හරියට පිරිමි මිනිහෙක්ගෙ කටහඬක් වගේ . මට ඇත්තටම කොල්ලෙද්ද කෙල්ලෙක්ද කියාලා ඒ කටහඬින් හිතා ගන්න බැරි උනා". 

අපි කට්ටියටම ඉස්කෝලෙන් අවුට් වෙනකල්ම ඕක මතක් කරලා හිනා වෙන එක අන්තිමට පුරුද්දක් උනා. තාමත් ඉස්කෝලෙ පරන සෙට් එක සෙට් උනාම ඔය කතාව අමතක නොවෙන කතාවක්
  1. ඇත්ත කියහන් උඹට නේද ඕක උනේ....
    එල කතාව

  1. නිමාවක් නොමැති කතාව නිමා වුනාද ?

  1. @ තීර්ථ යාත්‍රිකයා ; පිස්සුද බන්z විහිලු කතා කරන්න එපා.

    @ මහේෂ් කූරගම ; ඒක ලියන්න ඕනෙ මචෝ ! ආයෙත් පටන් ගන්න ඕනෙ. ලබන සතියෙ කොටසක් දාන්න හිතාගෙන ඉන්නවා

    @ Ansh Lucky Sri Jay ; :P

  1. How to Start a new casino business in India
    If you have a 거제 출장샵 strong Indian casino with a wide array of 원주 출장샵 games in various languages, they have 김포 출장안마 a great opportunity to become a 포항 출장샵 profitable  Rating: 화성 출장샵 4 · ‎3 votes

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed