twitter rss

ඇපල් ෆොන් එකෙන් වැට පැනිල්ල සහ මගේ නැවත සයිබර් ආගමනය

කට්ටියට මාව මතකද දන්නෙ නෑ. ඔන්න දිගු නිහැඬ්යාවකින් පසුව නැවතත් බ්ලොග් ලියවිල්ලට පය තබන්නයි හදන්නෙ. මුලින්ම සමාවෙන්න ඕනෙ, ගිය වතාවෙ කට්ටියටම නොකියා අතුරු දහන් වෙලා හිටපු එකට. දන්නෙ නැද්ද ඉතින් අර හැඳි මිටේ තරමට මොලේ තියන අය හිඳා තමයි ඒ වැඩෙත් උනේ. 

ටික කාලෙකින් පස්සෙ අපේ සහෝදර බ්ලොග් අඩවි දිහා බැලුවහම පෙනුන කාරනයක් තමයි. හුඟක් වැදගත් සහ කාලයක් ආසාවෙන් කියවපු හුඟක් බ්ලොග් අඩවි පේන තෙක්මානයක නොතිබුනු එක. ඒ වෙනුවට බ්ලොග් වලින් කොහොමද සල්ලි හොයන්නෙ, බ්ලොග් එකට මේ ගැජට් එක දාන්නෙ කොහොමද , බ්ල්ලාලා බ්ල්ලාලා බ්ල්ලාලා .... වගේ බ්ලොග් ටිකක් තමයි ඉතුරු වෙලා තියනවා දැක්කෙ. විශේෂයෙන්ම ඉතා වැදගත් තාක්ෂණික ලිපි, කාලීන ලිපි, දේශපාලන ලිපි ලියූ සහෝදර බ්ලොග් කරුවන්ගේ බ්ලොග් ලිපි බොහෝ කාලයකින් අලුත් වී තිබුනෙ නෑ. මම හිතන්නෙ වැඩ වැඩි කම නිසාම වෙන්න ඇති. කොහොම උනත් බ්ලොග් ලියන නවක මුහුනු ටිකකුත් දැකගන්න ලැබුනා. සමහරුන්ගේ බ්ලොග් ගැන නම් හුඟක් සතුටුයි. නමුත් තවත් සමහරුන් ඉතින් අර ඇඩ් දාලා සල්ලි හම්බකරන්න හිතාගෙන කිසිම වැඩකට නැති බ්ලොග් කෙරුවාවකුත් පටන් අරගෙන තියෙනවා. 

හරි බෝරින් කරන්නෙ නැතුව අද ලියන්න ගිය ලිපිය ගැන පටන් ගමුකො එහෙනම්.

ඇපල් ෆෝන් කතන්දරය

ඇත්තටම මේ වැඩේ ගැන ඔයාලත් එක්ක බෙදාගන්න කිතුවෙ, මේක මටම ලැබුනු හොඳ අද්දැකීමක් නිසයි.
මගේ යාලුවෙක්ට ලඟදි දවසක Apple IPhone එකක් ලැබුනා. ඒක මැලේෂියා වල ඉඳලා ලැබුන එකක්. ටික දවසක් පාවිච්චි කරමින් ඉන්නකොට මිනිහා පන්ඩිත වැඩක් කරන්න ගියා. ඒ තමයි ඇපල් සමාගම Iphone 4 ත් සමඟ සමගාමීව අලුතින් නිකුත් කෙරූ iOS4  එකට අප්ඩේට් කරන්න යෑම. අන්තිමට අප්ඩේට් කරලා ඉවර වෙනවත් සමඟම කිසිම දෙයක් කරන්න බැරි ලොක් වෙච්ච ෆෝන් කෑල්ලක් තමයි ඉතුරු වුනේ. මිනිහා එච්චර පොරක් නොවුනත් ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවා. බැරිම තැන තමයි ඉතින් මිනිහා මගේ පිහිට පැතුවෙ.
මමත් ඉතින් ඇපල් කන්න දන්නවා උනාට ඇපල් ෆෝන් හදන්න දන්නෙ නෑනෙ. වැඩේ මුල ඉඳලම පටන් ගත්තා. සුපුරුදු පරිදි ගූගල් දෙවියගෙ පිහිට පැතුවා. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මතකයේ තිබුනා කාලින්ග සහෝදරයගෙ බ්ලොග් එකේ iphone එකට සිංහල දාන හැටි කියලා තිබුන ලිපිය. හීනෙන් වගේ මතකෙ තිබ්බ ඒකෙ Jailbreak කරනවිදිය ගැන විස්තරයක් දාලා තියනවා කියලා. මුල සිට අගට කියවලා ලිපියට අනුව blackra1n කියන ටූල් එක බාගත කර ගත්තා. ලිපියෙ තියන විදියටම පියවරෙන් පියවර කෙරුවත් හරි ගියේ නෑ. ඊට අමතරව youtube එකෙත් ටුයුටෝරියල් ටිකක් බැලුවා. කිසිම දෙයක් හරි යන්නෙ නෑ.

හැම දෙයක්ම පැත්තට දාලා වැඩේට අලුතින් බැස්සා. ෆෝරම් ටිකකට ගිහිල්ලා බලද්දි තමයි වෙලා තියෙන සන් සිද්දිය තේරුනේ.
ඇත්තටම iphone සඳහා අලුතින් නිකුත් කෙරුනු iOS4 කියන මෙහෙයුම් පද්දතියට තවමත් Jailbreak කරන්න පුලුවන් තරම් විදියේ වැඩසටහනක් ඉදිරිපත් කරලා නෑ (ඔන්න වැඩකාරයෙන් ඉන්නවනම් කරන්න හොඳම එක්සසයිස් එක.). මොකද මේ ios4 කියන මෙහෙයුම් පද්දතිය හදනහොට ඇපල් සමාගම මේ jailbreak කිරීමට වැට බැඳිම සඳහා සෑහෙන්න මහන්සියක් වෙලා තියනවා කියන්න පුලුවන්. ඒ මෙහෙයුම සෑහෙන දුරට සාර්ථකයි කියලා කියන්නත් පුලුවන්. මොකද මේ OS3.*.* එකෙන් iOS4 එකට අප්ග්‍රේඩ් කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටුනු අය තොග ගානට ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ට සාර්ථකයි කියන්න පුලුවන් තරම් හොඳ විසඳුමක් ලැබිලා තිබ්බෙ නැ. බලන් යනකොට මගේ යාලුව විතරක්ම නෙමෙයි ඇපල් මුදලාලි අමාරුවෙ වට්ටලා තියෙන්නෙ :)` . හැබැයි ඉතින් දින ගනනාවක් කට්ට කාලා මේ අවුල මට ගොඩ දාගන්න පුලුවන් වුනා. මම ගොඩ දැම්මා කියුවට 99% ක්ම වැඩේ කෙරුවෙ මෙහෙ මාත් එක්ක එකම ඩිපාර්ට්මන්ට් එකේ වැඩකරන සර්ෆුදීන් කියන මිත්‍රයා තමයි. ඔහු ඉන්දියානු ජාතිකයෙක්. මේ වගේ වැඩ වලට හරි දස්සයා.

දැන් වැඩේ ගොඩ දාගත්ත හැටි පියවරෙන් පියවර කියලා දෙන්න තමයි දැන් හදන්නෙ.
ඊට ඉස්සෙලා කියන්න ඕනෙ වැඩේ සාර්ථක වෙන්න ඉස්සෙල්ල මෙන්න මේ දේවලුත් ට්‍රයි කරලා බෑලුවා.

1. මුලින්ම blackra1n කියන ටූල් එකෙන් ෆෝන් එක  බුට් කරන්න දාලා වරු ගානක් බලාගෙන හිටියා. ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි තේරුනේ iOS4 එකට   blackra1n එකෙන් කිසිම හානියක් කරන්න බැරි බව.

2.දැන් ෆෝන් එක iOS4 එකට අප්ග්‍රේඩ් වෙලා තියන නිසා cracked OS3.* එකක් බාගත කරලා os4 එකේ ඉඳලා os3.* එකට downgrade කරන්න බැලුවා. ඒකට අපේ keyboard එකෙ shift key එක ඔබාගෙනම අපි බාගත්ත os3.* එකේ පාත් එක දුන්නනම් හරි. ඒත් අවාසනාවකට ඒකත් ඇපල් මුදලාලිට මාට්ටු වුනා. (මේ වැඩේට කියන්නෙ  DFU (Direct Firmware Upgrade) mode එක තුලින් ඩවුන්ග්‍රේඩ කිරිම කියලයි)
තව ඉතින් ඔය නානාප්‍රකාර ඒවා දාලා බැලුවා. හරි ගියෙ නැත.

ඔය පහලින් දාලා තියෙන්නෙ ෆෝන් එක දැන් ( ඒ කියන්නෙ ලොක් වෙලා තියෙන ) අවස්තාවෙදි ගත්තා පිංතූරයක්.


අපි දැන් බලමු මේක සාර්ථක කර ගන්න මොනවද කරන්නෙ කියලා.

1. මුලින්ම Redsn0w කියන කුඩා මෘදුකාංගය බාගත කරගන්න ඕනෙ මෙන්න ඒකට ලින්ක් එක.



2. ඊට පස්සෙ iOS 4.0.2 කියන firmware එක බාගත කරන්න ඕනෙ. මෙන්න ඒකට ලින්ක් එක. මගේ යාලුවා මුලින් iOS 4.0.2 එක ස්ථාපිත කරලා තිබුන නිසා මට ඒක අවශ්‍ය උනේ නෑ. ඒ ෆයිල් එක (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) කියන විදියට තමයි සේවු වෙන්නෙ. ඒ වගේම iOS 4 කියන firmware එකත් බාගැනීම කලගත යුතුයි. මෙන්න ඒකට ලින්ක් එක. ඒක සේවු වෙන්නෙ (iPhone1,2_4.0_8A293_Restore.ipsw). කිඅයන නමිනුයි.

3. අර මම මුලින් බාගන්න කියපු Redsn0w කියන zip file එක extract කරගන්න. ඒ xtract කර ගත්ත ෆෝල්ඩරයටම අර අපි මුලින් බාගත කල (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) firmware එකයි, (iPhone1,2_4.0_8A293_Restore.ipsw) කියන firmware එකයි කොපි කර ගන්න. කොහොමහරි මේ ෆයිල් තුනම එක ෆෝල්ඩරයක තියනවනම් හුඟක් හොඳයි. පහත රූපසටහන වගේ.


4. ඊලඟට ෆෝන් එක පරිගණකයට සම්බන්ද කරන්න කේබලය හරහා. එවිට Itune එක ඔබේ ෆෝන් එක හඳුනා ගනීවි.

දැන් මම කියන්න හදන්නෙ අපේ ඇපල් ෆෝන් එකේ තියන නවතම සංස්කරනයක් ඉවත් කරලා පරන සංස්කරනයක් දාගන්න හැටියි. කෙටියෙන් කියනවනම් මේකට අපි  Downgrades කරනවා කියලා කියනවා. ඒ වගේම මේ ආකාරයෙන්ම ඔබට පුලුවන් මැනුවලි OS එකක් ඇපල් ෆෝන් එකට ස්ථාපිත කරගන්න.

5.  වම් පැත්තෙ තියන මෙනුවෙන් ඩිවයිස් කියන එක තෝරලා ඔබේ iphone එක තෝරා ගන්න. දැන් පරිගණකයේ Shift key එක ඔබන ගමන්ම itune එකේ ඇති 'Restore' button එක ඔබන්න.


6. දැන් අපි මුලින් බාගත කරපු iOS 4.0.2 firmware file (iPhone1,2_4.0.2_8A400_Restore.ipsw) කියන ෆයිල් එකේ පාත් එක ලබා දෙන්න. ටික වෙලාවකින් නවතම සංස්කරනය වන iOS 4.0.2 firmware ෆොන් එකට ස්ථාපිත වෙයි.

7. හරි දැන් ඔය හැම එකක්ම පැත්තකින් තියලා අර අපි මුලින් බාගත්ත Redsn0w කියන application එක ඩබල් ක්ලික් කරන්න. ටික වෙලාවකින් corresponding IPSW file සිලෙක්ට් කරන්න කියලාඅ කියයි. එවිට අපි කලින් බාගත්ත iOS 4.0 firmware file (iPhone1,2_4.0_8A293_Restore.ipsw) එකේ පාත් එක ලබා දෙන්න. බැරි වෙලාවත් ඔබ OS 4.0.2 කියන ෆයිල් එක මේකට ලබා දුන්නොත් "Unable to recognize specified IPSW" කියලා මැසේජ් එකක් එයි.


9. Redsn0w ඇප්ලිකේෂන් එක firmware එක verify කිරීමෙන් අනතුරුව "Next" ඔබන්න


10. Redsn0w එක තුලින් jailbreak කිරීමට අවශ්‍ය දත්තා සූදානම් කිරීමට ආරම්භ කරයි.

11. මීලඟට පැමිනෙන වින්ඩෝවේදී පහත රූපයේ සටහන් කර ඇති පරිදි චෙක් බොක්ස් ලකුනු කර 'Next' බොත්තම ඔබන්න




12. මීලඟ පිඅයවරේදී "switch OFF your iPhone 3G and plug it to the computer." කියා මැසේජ් එකක් එයි. එවිට iphone එක off කලරා පරිගනකයට කේබලය හරහා සම්බන්ද කරන්න.


13. දැන් තමයි ටිකක් ඉවසීමෙන් කල යුතු හරිය. අපේ ඊලඟ පියවර සඳහා DFU mode එකට අපේ ෆෝන් එක දා ගන්න ඕනෙ. ඒක කරන්නෙ මෙහෙමයි.
  •  iphone එකේ පවර් බටන් එක තප්පර 2ක් තද කරගෙන ඉන්න.


  • එහෙම පවර් බටන් එක තද කරගෙන ඉන්න ගමන්ම තත්පර දෙකකට පසුව i phone එකේ හෝම් (Home) බටන් එක තත්පට 10ක් අල්ලගෙන ඉන්න.


  • දැන් තප්පර 10කට පසුව Power button එක අතාරින්න නමුත් ෆෝන් එක බූට් වෙනකල් Home button එක අතාරින්න එපා.


14. තත්පර 20ක් වගේ ඇතුලත ෆෝන් එක බූට් වෙයි.

15. ඉන් පසුව Redsn0w ඇප්ලිකේෂන් එක මගින් අලුත් RAM disk සහ kernel uploading වීමක් සිදු කරයි.


16. ටික වේලාවකින් පසුව පහත වින්ඩෝව ලැබුනු පසු විනාඩි පහක් වගේ කාලයක් Finish කියන බටන් එක ඔබන්නෙ නැතුව ඉන්න.



17.  මේ ක්‍රියාව අතරතුර මෙන්න මේ වගේ තිරයක් ෆෝන් එකෙන් දැක ගන්න පුලුවන් වෙයි.

 විනාඩි 5 කින් වගේ ෆෝන් එක ඔටෝ රී-බූට් වෙයි.

# ඔන්න දැන් තියෙනවා ඇපට් සමාගම නිකුත් කල නවතම iphone සංස්කරනය ඇතුලත් ෆෝන් එකක්.
 \\ ගැටලු එහෙම තියෙනවනම් අහන්න. මේ ක්‍රියාව එක පාරෙන්ම හරියන එකක් නෑ සමහර විට. නමුත් උත්සාහ කරලා බලන්න.

ලිපියේ අදහස් දැක්වීමේදී අතිවූ දෙබසින් පසුව මෙය දමමි. 
**අපි දැනට භාවිතා කරන නව සංස්කරනයකින් (firmware) අපිට අවශ්‍ය විටක itunes භාවිතයෙන් downgrade කිරීමේ හැකියාව ඇත. 
ඒ සඳහා http://bit.ly/doUID5 වීඩියෝ පටය උදවු කර ගන්න පුලුවන්.
  1. නැවත ආගමනය ගැන සන්තෝෂයි. මට නම් දැන් සිංහල බ්ලොග් අවකාශය මෙලෝ රහක් නැති තැනක් වෙලා තියෙන්නේ.බ්ලොග් කිහිපයක් තියනවා ආසාවෙන් කියවන,ඒ හින්දා හොඳයි. ඒ මදිවට මානසික අසහන කාරයොත් වැහි වැහැලා...

  1. "iOS4 කියන මෙහෙයුම් පද්දතියට තවමත් Jailbreak කරන්න පුලුවන් තරම් විදියේ වැඩසටහනක් ඉදිරිපත් කරලා නෑ" කිව්වට Iphone 4 issue කරපු ගමන්ම ඒකේ jail break කරන හැටි Hacker කෙනෙක් Online දාලා තිබුනා නේද...
    1). http://edition.cnn.com/2010/TECH/mobile/08/02/jailbreak.iphone.4/index.html#fbid=jYFTp14pvb7&wom=false
    2). http://www.bbc.co.uk/news/technology-10836692

  1. @ තීර්ථ යාත්‍රිකයා ; ඒකනම් ඇත්ත.

    @ Saman ; ඇත්තටම මේ ක්‍රමය recovery mode එකකට වැටිලා නැති ලොක් ෆෝන් එකකට හරියනවා. නමුත් මගේ ෆොන් එක recovery mode එකට වැටිලයි තිබ්බෙ. ෆොන් එකේ itune ලකුනින් එහා කිසිම මෙනුවකට යෑමට හැකියාව තිබුනෙ නෑ. ඒකටයි මම මේ ක්‍රමය තිලින් සාර්ථක උනෙ.

  1. නැවත ආගමනය ගැන සන්තෝෂයි ආයි අතුරුදහන් වෙන එකක් නෑ කියලා හිතනවා :P
    එනිවේ ලිපිය ගැන කියනවා නම් අතිවිශිශ්ටයි පුලුවන් නම් ඇපල් අයි ටචි එකට ඔය විදියටම වෙනස් කරගන්න පුලුවන්ද කියලා කියනවාද? :( මගේ අයි ටච් එක අත්වැරැද්දකින් සොෆ්ට්වෙයර් අප්ඩේට් වුනා. දැන් ඒ මගුලෙන් සින්දු අහනවා විතරයි හදිස්සියකට නෙට් යන්න බෑ :(

  1. @ Dar[K]; කිසිම ප්‍රශ්නයක් නෑ. අර මම මේ ලිපියේ 5 වැනි පියවරේ සඳහන් කරලා තියෙන විදියට මැනුවලි OS එක අප් ඩේට් කරන්න පුලුවන්. ඒකෙදි අපි කලින් Jailbreak කරන ලද OS එකක් තමයි බාගන්න ඕනෙ. මෙන්න මේ ලින්ක් එකෙන් ඒ cracked OS එක බාගන්න පුලුවන්
    http://bit.ly/c2gCrK

  1. වෙල්කම් බැක් කිව්වා..
    :)

  1. ආයබෝං කිව්වා. හොදට රෙස්ට් කරපු එකේ දිගට හරහට ලියන්න තමා දැන් තියෙන්නෙ.

    "iOS4 කියන මෙහෙයුම් පද්දතියට තවමත් Jailbreak කරන්න පුලුවන් තරම් විදියේ වැඩසටහනක් ඉදිරිපත් කරලා නෑ"

    වැරදි ප්‍රකාශයක්. jailbreak කිරිල්ල නීත්‍යනුකූලයි කියලා ප්‍රකාශ කරපු සැනින් iphone dev team කට්ටිය එයාල ලග තිබ්බ browser exploit එක භාවිතා කරලා jailbreak කරන්න විදියක් හදුන්වලා දුන්නා. safari වලින් http://www.jailbreakme.com වෙත යන්න විතරයි තියෙන්නෙ. කිසිම තාක්ශනික දැනුමක් උවමනා නෑ. මම අවසාන වතාවට IOS 4.02 උඩ ඉදගෙන (3GS එකක) උත්සහ කලා, අපූරුවට වැඩ.

  1. එළ එළ.. වැදගත් ලිපියක් එක්ක ඔය ආයෙත් ඇවිල්ලා ඉන්නේ :)

  1. @ änthräX; අනිවා දිගට හරහට ලියන්න තමයි බලාපොරොත්තුව.
    නමුත් recovery mode එකක jailbreak වෙලා තියන එකකින් කොහොමද safari එකට යන්නෙ. මගේ ෆොන් එක recovery mode එකට වැටිලයි තිබ්බෙ. ෆොන් එකේ itune ලකුනින් එහා කිසිම මෙනුවකට යෑමට හැකියාව තිබුනෙ නෑ. "Slide for Emergency Call" මෙන්න මේ ගැටලුව තියන කස්ටියට තමයි මේක උපකාරී වෙන්නෙ. මම ඔය හැම කරුනක්ම ජංජාලයෙන් හොයලා බැලුවා බැරිම තැන තමයි මේ ක්‍රමයෙන් ගොඩ දා ගත්තෙ.

    @ Thilina ; :P

  1. recovery තියද්දි itunes එක්ක සම්බන්ධ කලා නම් itunes ඉතිරි වැඩ ටික කරලා දෙනවනෙ.

  1. @ änthräX ; බැහැනෙ මචන් මේක itunes එකෙන් os4 එකට upgrade කරන්න ගිහිල්ල අල වුනු එකක් නෙ. recovery mode එකේ තියනකොට itunes එකෙන් http://bit.ly/92ygg6 මෙන්න මෙතන්ට වෙනකල් විතරයි යන්න පුලුවන්. අපි කොච්චර auto upgrade කෙරුවත් ෆොන් එක බූට් වෙලා ආයෙත් recovery mode එකටම තමයි එන්නෙ.

  1. screen shot එක ගත්තෙ ඔයා ඇත්තටම වැඩේ කරපු PC එකෙන් නම්, phone එකේ os4 තියෙද්දි ඔයා recover කරන්න උත්සහ කරලා තියෙන්න version 3.1.2 වලට. update කලත් ආපහු රිකවරි එන්නෙ ඒකයි. (fail නොවුනා පුදුමයි)

  1. නැහැ ඒකෙ ගැටලුවක් වෙන්නෙ නෑ. හුඟක් වෙලාවට ඒ ක්‍රමයෙන් ගොඩ දා ගන්න පුලුවන් . මොකද 3.1.2 එකර ඩවුන්ග්‍රේඩ් කෙරුවට පස්සෙ හුඟක් jailbreak වැඩසටහන් තුලින් ගැටලුව නිරාකරනය කරන්න පුලුවන් නිසා.

    නමුත් මම 2 වැනි පියවරේදී සඳහන් කරලා තිබුනා වගේ මම OS 4.0.2 එකට අප්ඩේට් කරලා තිබුන නිසා , iOS 4 firmware එක දාගෙන තමයි වැඩේ කෙරුවෙ. ඇත්තටම මෙතනදි මම iOS 4 කියන firmware එකට පාවිච්චි කරලා තියෙන්නෙ කලින් jailbreak කරපු OS එකක්. නැතුව අපි apple සයිට් එකෙන් හරි itunes එකෙන් හරි officially දෙන OS දාන්න ගියොත් වැඩේ ආයෙත් අල වෙනවා.

    මේ ගැටලුව ඇත්තටම වෙන්නෙ කලින් jailbreak කරලා තිබුනු ෆෝන් එකක් OS 4 officially දෙන OS එකකින් අප්ඩේට් කරන්න ගිහාමයි

  1. "3.1.2 එකර ඩවුන්ග්‍රේඩ් කෙරුවට පස්සෙ හුඟක් jailbreak වැඩසටහන් තුලින් ගැටලුව නිරාකරනය කරන්න පුලුවන්"
    3.1.2 වලට downgrade කරන්න යද්දි recovery වලින් එහාට යන්න බැරිකම නේද තිබුන ප්‍රශ්නෙ?

    "jailbreak කරලා තිබුනු ෆෝන් එකක් OS 4 officially දෙන OS...."
    නැහැ. jailbreak කරලා තිබුන විදිය මොක උනත් itunes භාවිතා කරලා update කරද්දි සිද්දවෙන්නෙ jailbreak එක නැතිවෙන එක විතරයි.

  1. @ änthräX ;
    ඔවු ඒ OS4 official OS එකෙන් කරන්න යනවිට. නමුත් අපි මේකට crackd OS එකක් බාවිතා කලාම ගැටලුව නිරාකරනය වෙනවා. මම මෙතනදී කරන්න හදලා තියෙන්නෙ ඒකයි. අර Redsn0w කියන එකෙන් වෙන්නෙ. මෙහි අතර මැදියෙක් වශයන් කටයුතු කිරීමයි. බොහෝ විට custom Firmware Restore කරන වෙලාවෙදි මගින් එන error code 1604, 16xx, 29 errors, මේකෙන් නිරාකරනය කරන්න පුලුවන්.

    නැහැ අපි ඒකට අනිවාර්යෙන්ම custom Firmware කරලා තියෙන OS Firmware එකක් භාවිතා කල යුතුමයි.
    කලින් lock වෙලා තිබුනු ෆෝන් එකක් OS 4 official OS එකකින් අප්ග්‍රේඩ් හෝ ඩවුන්ග්‍රේඩ් කිරීම කල නොහැකියි. අද්දැකීමෙනුයි එහෙම කියන්නෙ. මොකද මම ඒ අයුරින්ම කිහිම වරක් උත්සාහ කලත් OS එක ස්ථාපනය වෙන අතරමගදී ෆෝන් එක රී-බූට් වෙලා error msg එකක් එනවා. නමුත් මම custom Firmware එකකින් ඒ දේම කරනකොට බබා වගේ ස්ථාපනය කරන්න පුලුවන් උනා.

  1. ඔයා ලිපියෙන් පැහැදිලි කරන්න උත්සාහා කරපු 'modified OS image' එකක් install කරන එක ගැන නෙමෙයි මම ප්‍රශ්ණ කරන්නෙ. ඔයා මතුකරලා තියන සමගර point වල සත්‍යතාවය ගැන. තමන්ට තියෙන්නෙ jailbreaked OS එකක් නම් jailbreak එක නැතිකරගන්නෙ නැතිව OS එක update කරන්න "තිබුන" (අතීත කාල - මාසෙකට හමාරකට එහාපැත්තෙ) එකම විදිය තමයි.
    modify කරපු OS image එකක් දාන එක.

    මම මෙතන පෙන්වලා දෙන්න උත්සහ කලේ
    1. jaibreak කරන්න තාක්ෂණික දැනුමක් නුවමනා බව. (කිසිම තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට http://www.jailbreakme.com වෙත යන්න විතරයි තියෙන්නෙ )
    2. OS 4 තියන (jailbreaked or not) දුරකතනයක් itunes භාවිතාකරගෙන OS 3.1.2 වලට downgrade කල නොහැකි බව. (තිස්සෙම recovery ආව නෙද?)
    3. ඔයාට redsn0w භාවිතා කරන්නෙ නැතිව itunes සහ safari පමණක් භාවිතා කරගෙන ඇතිවුනු ප්‍රශ්ණයට පියවර දෙකෙන් පිලියම් කලහැකි බව( update to a genuine OS4 image using itunes, jailbreak using jailbreakme.com)

    "lock වෙලා තිබුනු ෆෝන් එකක් OS 4 official OS එකකින් අප්ග්‍රේඩ් හෝ ඩවුන්ග්‍රේඩ් කිරීම කල නොහැකියි"
    ඔයා මේ lock කියලා සදහන් කරන්නෙ jailbreak නම්, නෑ ඔයාගෙ ප්‍රකාශය වැරදියි. මමත් මේ කතාකරන්නෙ අත්දැකීමෙන්.

  1. අතිවිශිශ්ට ලිපියක්.....

    අයේ අතුරු දහන් වෙන්නේ නැතිවේයිනේ....

  1. @ änthräX ;

    1. http://www.jailbreakme.com වෙත යන්නවත් රිකවරි මූඩ් එකෙන් ෆෝන් එක අයින් කර ගත නොහැකි වීම.

    2. OS 4 තියන (jailbreaked or not) දුරකතනයක් itunes භාවිතාකරගෙන OS 3.1.2 වලට downgrade කල නොහැකි බව. (තිස්සෙම recovery ආව නෙද?) -
    මම දන්නෙ නෑ ඔබ කුමන පදනමක් උඩද මෙසේ කියන්නෙ කියලා මන්ද www.google.com වෙත ගොස් "how to downgrade ios4 to 3.13" කියලා ටයිප් කලවිට ඕනම කෙනෙක්ට ඒක කරන්න පුලුවන්ද බැරිද කියලා බලා ගන්න පුලුවන්. මා ඒ දේ කලනිසා මම දන්නවා කරන්න පුලුවන් කියලා. වැඩි දුර අධ්‍යනයට පහත ලින්ක් භාවිතා කරන්න
    http://bit.ly/biHcvG
    http://bit.ly/doUID5

    3. ෆෝන් එක රිකවරි අවස්තාවේ safari වෙත තියා මෙනුවටවත් යන්න බැරි වීම.

    පිලිතුරින් සෑහීමකට පත් වේ යැයි සිතමි.

  1. ආයුබෝවන් කියල නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න. වැදගත් ලිපි ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් :P

  1. @ ඉලංදාරියා ; ස්තූතියි සහෝ

    @ Rajeen ; අනිවා. ලංකාවට ආවට පස්සෙ ඔබ තුමාවත් සම්බන්ද කරගෙන FOSS වැඩමුලු කිහිපයක් තයන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉදිරියේදී ඒ ගැන බලමු.

  1. නියමයි අයියෙ...එහෙනම් දැන් දිගටම ලියමු

  1. This comment has been removed by the author.
  1. සාදරයෙන් පිලිගන්නවා නෑවතත්..අපිනන් අලුත් අය..ඔයාලනම් අපිව දන්නෙත් නෑ..
    අය්යේ දුකින් වුනත් කියන්නේ ඈපල් මල් තියා තාම බිම්මලක්වත් හොයාගන්න වත්කමක් නෑනොවෑ!!ඒත් කමක් නෑ යමක් මේ තුලින් ඉගෙන ගත්තා කියල හිතනවා..ස්තුති

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed