twitter rss

7.5 හේ සීතලයි vehicle computer එකයි, අලුත් ගැජට් එකයි තවත් කතායි

කියන්න කතා ගොඩයි. දන්නවනෙ මේ දින වල තියෙන කාලගුණය . ලෝකෙටම අවුලක් වෙලා තියෙන්නෙ. එහෙන් වොෂින්ටන් නගරයත් මුලුමනින් අයිස් වෙලා. ඉතින් ඔය කෙරුවාව හින්දම මෙහෙත් දැන් උදේට 7.5 °C වගේ තත්වෙක වෙලා තමයි තියෙන්නෙ. උදේට නැගිටිනකොට ඉතින් දෙයියෝ සිහිකරලා මේ රටවල් වලට ආයු වඩලා තමයි නැගිටින්නෙ. ඒ නැගිට්ටත් හැමදාම විනාඩි දහයක් හරි විස්සක් හරි පරක්කු වෙලා තමයි ඔෆිස් එකට යන්නෙ. ඒක එහෙමයි කියමුකො. ඔෆිස් එකෙත් මේ දවස් වල මෙලෝ රහක් නෑ. අරක වැඩ කරන්නෙ නෑ. මේ වැඩසටහන වැඩකරන්නෙ නෑ. ලෙඩ ගොඩයි. මමනම් ඉතින් මේ දවස්වල මොන සක්කරයා තියා සක්කරයගෙ මල්ලි වයිමා ආවත් හොඳ කෝපි කෝප්පයක් දාගෙන පැයක් දෙකක් ඉඳලා තමයි වැඩට බහින්නෙ. බහින්නෙ කියල කියුවෙ අපේ IT room එක තියෙන්නෙ උඩම තට්ටුවෙ නිසා.

ඔය හැම දෙයක්ම අස්සෙ මට ලස්සන වැඩක්ට මාට්ටු වෙන්න සිද්ද වුනා. අපේ කම්පැනියෙ IT එකේ වෙනම ඉන්ජිනේරු මහත්තයෙක් ඉන්නවා vehicle computers වල නෙට්වර්ක් සම්බන්දව ක්‍රියා කරන්න. vehicle computer කියලා කියුවේ පරිගනකයේ වැඩසටහන් ආදාරයෙන් වාහන වල දෝෂ සොයා ගන්න computers වලටයි. මෙහෙ හැම දෙයක්ම කෙරෙන්නෙ ඔය විදියටනෙ. ඉතින් අපේ කොම්පැනියටත් අනුබද්දව මේ වගේ ක්‍රියාවලි වෙනව. හොඳම වැඩේ කියන්නෙ මේ වැඩේ කරන එවුන් දෙන්නම මේ දිනවල නැහැ. එකෙක් Vacation ගිහිල්ලා. සහයට ඩැනීත් උණ ගැනිලා වැඩට එන්නෙ නෑ. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙන්නෙ බොහොම දුලඹවයි. ඉතින් අවාසනාවත්ත් ලෙස ඔය නෙට්වර්ක් එකට අදාලව අවුලක් වුනා. ඉතින් වැඩේ බාර වුනේ ......... වෙන කාටවත් නෙමෙයි මේ බ්ලොග් එක ලියන කෙනාටයි. මම ඉතින් වැඩ කෙරුවට ඔය vehicle computers ද මොකද්ද කියන ඒව සම්බන්දව මෙලෝ රහක් දන්නෙ නෑ. නමුත් ඉතින් නෝන්ඩි වෙන්නයි , එන මාසේ Salary increment එකකුත් ලැබීමට නියමිතව තියෙන නිසා වැඩේට බැස්සා. හරියට වැඩ කරන එකකුයි අල වෙච්ච එකයි ලඟ තියාගෙන දවස් දෙකක් විතර වටේ ගියා. එම වැඩසටහන ක්‍රියා කිරීමට අදාල ෆයිල්ස් ටිකක් මිසින් වෙලා තිබුනා. කොහොමහරි මෙම වැඩසටහන් අපිට නැවට ස්තාපිත කරන්න ක්‍රමයකුත් තිබුනෙ නෑ. ඒ හින්ද අල එකේ උපරිම අලයක් වුනා. කොහොමහරි වැඩේ බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තා, දින දෙකක ප්‍රතිපලයක් වෂයෙන්. ඒ වගේම අර increment ද මොකද්ද කියන එකත් හිතුවට වැඩිය හම්බුනා. මෙන්න මේක තමයි අල වෙච්ච පරිගණකය.



ඔන්න ඔය විදියටයි ඒ කතාව ඉවර වුනේ. ඒ අස්සෙ තව උහුලන්නම බැරි වැඩක් උනානෙ. ඒ තමයි මගේ සියලුම මතක ධාරිතාවන් පිරී යෑම. මතක ධාරිතාවන් කියල කියුවේ මගේ ලැප් එකට අයත් 320 GB, externel Hard disk එකට අදාල 1 TB මතකය වගේම, ඔෆිස් එකේ තියෙන කොම්පියුටරේ 500 GB එකෙන් 380 වක්ම පිරී යාමයි. කාරනය සෑහෙන්න බරපතලයි. මොකද මම දිනකට චිත්‍රපටි 3ක් හෝ 4ක් අනිවාර්‍යයෙන්ම බානවා. ඒ තරම්ම චිත්‍රපටි සඳහා ඇබ්බැහි වූවෙක්. ඒ බව ඉතින් බයිස්කෝප් අඩවියෙ මම ලියන ලිපි කියවන අයට නම් තේරෙනවා ඇති. කොහොමත් දවසේ පැය විසි හතරෙන් අවම වශයෙන් පැය පහක් ඔය වැඩේට මම වෙන් කරනවා. නැතුව ඉතින් මේ නන්නාදුනන රටවල් වන මොන අහවල් දෙයක් කරන්නද ! ඉතින් ලඟදි බාපු Avatar එකයි තව චිත්‍රපටි ටිකකුයි බාන්න දානකොටයි දැනුනෙ මේ ආනිසන්සෙ වෙලා කියලා. මොනා කරන්නද, තියන සල්ලි ටිකත් අරගෙන ගියා එදා රැම කඩේ. 1TB HD එකක් ගනන් කඩවල් දෙක තුනකින් අහනකොට එක මුදලාලි මහත්තයෙක් කියුවා, externel Hard disk එකක් ගන්න වෙලා media drive එකක්ම අරගෙන ඒකට sata HD එකක් දාගන්න කියලා.ඒකෙන් ටීවී එකට එහෙම ගහලා ෆිල්ම් බලන්න පුලුවන් කියුවා. තව සිංදු අහන්නත් පුලුවන් කියුවා. තව ගොඩක් දේවල් කියුවා. මමත් ඉතින් හාවා වගේ අහගෙන ඉඳලා ඇහුවා Game ගහන්නත් පුලුවන්ද කියලා. ඒපාර මිනිහා කියුවා ඒවනම් කරන්න බෑ කියලා. ගේම් ගහන්න බැරි නිසා ඉතින් තව කීයක් හරි අඩුකරලා දෙන්න කියුවා. කොහොම හරි මුදලාලියගෙ දක්ෂතාවයටද, මගෙ නුවනක්කාර කමකටද මන්ද මම externel Hard disk එකක් වෙනුවට media drive එකක් එක්ක 1 TB sata HD එකකුත් ගත්තා. ගෙදර ඇවිල්ලා ඉතින් කාටුන් එකක් දාල TV එකටත් ගහලා බැලුවා. හිතුවට වැඩිය හොඳ කොලිටියට තියෙනවා. ඔය පහලින් තියෙන්නෙ ඒ ගත්ත ගැජට් එක තමයි.



හිතුවට වැඩිය කතාව දික් උනාද කොහෙද, මේ දිනවල ඉතින් මේ සිංහල උපසිරැසි ගැන්වීමේ මහජන සේවයකුත් කරගෙන යනවනෙ. ඒක හින්දා ටිකක් වැඩ වැඩියි. අද ඉතින් රොයිලිගෙ සිංහල සබ් එකත් එක්ක ඇවේටර් TV එකට දාලා කස්ටිය එක්ක බලන්න ඉන්නෙ. නමුත් මම හිතන්නෙ නෑ, මේ ගැජට් එකට සිංහල සබ් දිරවයි කියලා. හරියට වැඩ කෙරුවොත් ඒ බව ඊලඟ ලිපියෙන් කියන්නම්.
  1. ෂා..ඔයාඅරන් තියෙන්නේ හොද භාණ්ඩයක්නේ. මගෙත් මතක ධාරිතා පිරී යන්න ලංවෙලා තියෙන්නේ..මේවගේ එකක් ගත්තොත් හොදයි වගේ හිතෙනවා..

    ඔයා IT වැඩ කරුවෙක් නිසා හොදට එන්ජෝයි කරයි IT Crowd බැලුවොත්! සමහරවිට දැනටමත් බලන්න ඇති? නැත්නම් බලන්න..නියමයි! ;-)

  1. ඒක නෙවෙයි ඔය vehicle computer වල දුවන්නෙත් XP නේ :P
    (media drive එක නම් එල... දැක්කම ආසාවෙ බැරුව ගියා ඒත් ඉතිං අපිට කොයින්ද ටොමියො බූල් කියනවනේ)

  1. @ LG ; අම්බෝ ඔයා හොඳයි කියලා දුන්න weeds එකත් තාම බලලා ඉවර නෑ. IT crowd එකත් බලන්න ගත්තොත් එහෙම මට පැය 10ක් විතර ඕව බල බලම ඉන්න වෙන්නෙ. කොහොම උනත් වීඩ්ස් එකනම් එල. මේකත් පස්සෙ බලන්න හරි බාලා තියාගමු.

    @ සහන් ; ඔවු මේක වැඩ කරන්නෙ XP උඩ තමයි. නමුත් මේකට දාලා තියෙන මෘදුකාන්ගය තමයි අවුල් ඇති කෙරුවෙ. ඒක හරියට පරිගනකයට සම්බන්ද කරලා තියෙන hard wr එක්ක වැඩ කරුවෙ නෑ. ඉතින් ඒක වින්ඩොස් වල අවුලක් නෙමෙයි. මේ මෘදුකාන්ගයෙ හුට පටයක්.

  1. 7 °C නම් තව හොඳා බන්. :P අපිට....

    මමත් මේ හාඩ් එකක් ගන්න හිත හිත තමා ඉන්නෙ. දැන් ෆිල්ම් එකක්වත් සේව් කරගන්න විදියක් නෑ. :( එක අතකට සේව් කර ගත්තට බැලෙන්නෙත් නැති තරම් :D

    මේ වැඩේ එල වගේ. බලමු බලමු. ස්තූති වෙන්න ඕනා ඔත්තුවටයි බයිස්කෝප් එකයි මා ගැනයි දීපු ප්‍රචාරයටයි. :P

    මචෝ මගෙ openid එකෙන් මට කමෙන්ට් කරන්න දෙන්නේ නැහැනේ. දැන් දෙතුන්පාරක් බලලා බැරිම තැනයි මෙහෙම දාන්නේ. :(

  1. මරු ගැජට් එකක් අරන් තියෙන්නේ. ධාවනය කරන්න පුලුවන් File format compatibility කොහොමද කියලත් කිව්වනම් වටිනවා.

  1. එළ ගැජට් එක නෙවැ

  1. අපි දාමු පාටියක්.. සැලරි ඉන්ක්‍රිස්මන්ට් එකක් ආවා කිව්වනේ.. :ඩී

  1. @ Royly Fernando; ඔවු ඉතින් ඔය බයිස්කෝප් එකට දාන ෆිල්ම් වල හැටියට හරියන්න හාර්ඩ් එකකුත් තියා ගන්න එපැයි. openID එකේ කේස් එකනම් මොකද්ද දන්නෙ නෑ මචෝ. පොඩ්ඩක් බලන්න ඕනෙ.

    @ Prabath ; මමත් තාම හරියට මේකෙ වැඩකෑලි බැලුවෙ නෑ. තාම කාටුන් විතරයි බැලුව. පස්සෙ බලලා කියන්නම්

    @ Thilina ; :)

    @ malee_msg; ආහ් මේ දැරිවිත් ඇවිල්ල ඉන්නෙ. දාමු දාමු පාටි එකට දෙක්ම.

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed