twitter rss

බ්ලොගයේ ආරම්භය

මීට දින කිහිපයකට පෙර මගේ ටිකක් ලඟින් නෑදෑ වෙන මල්ලියෙක්ගෙන් කෝල් එකක් ආවා. මිනිහා කරන පරිගණක පඨමාලාවෙ ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනෙලු, පොඩි හෙල්ප් එකක් දෙනවද ඒක කරන්න මාතෘකාවක් තෝර ගන්න කියලා. ඉතින් මමත් ටිකක් හිතල බලලා කියුවා එහෙනම් "බ්ලොග්" ගැන තොරතුරු ටිකක් හොයාගෙන ඒ ගැන ලියන්න කියලා. ඉතින් මිනිහා මේක හදලා අද උදේ මට email කරලා තිබ්බා වැරදි අඩුපාඩු තියෙනවනම් හදලා දෙන්න කියලා. ඇත්තටම කියනවනම් මම නොදන්න කරුනුත් ඒකෙ ගොඩක් තිබුනා. ඒකෙ බ්ලොගර් ගැන තිබ්බ පොඩි සටහනක් තමයි මම ඔය දාලා තියෙන්නෙ.

අද ලෝකයේ බ්ලොග් ලිවීම බාල මහලු කොයි, කා අතරත් ජනප්‍රිය දෙයක්. එයට ඔවුන් blogger, wordpress, joomla වගේ සේවාවන් බහුලව බාවිතා කරනවා. නමුත් දැනට ලෝකයේ වැඩිම දෙනෙක්බ්ලොග් සෑදීමට බාවිතා කරන්නෙ ගූගල් විසින් නොමිලේ ලබාදෙන බ්ලොගර් අඩවියයි.
මේ ඒ පිලිබඳ විස්තර ටිකක්.

බ්ලොගර් සේවාව මුලින්ම ආරම්භ කරල තියෙන්නෙ Pyra Labs කියන සමාගම විසින් 1999 අගෝස්තු විසිතුන් වෙනිදායි. ඒක තමයි බ්ලොගින්වලට මුලින්ම හදපු ටූල් එකක් වුනේ ඒ කාලයේදි.

Blogger.com 1999 දී



Blogger.com 2000 දී



2003 වසරේදී මෙය ගූගල් සම සමාගමක් ලෙස ඔවුන් පවරා ගනු ලැබුවා. ඒ වගේම ඔවුන් මෙයට Image uploading (via Picasa) , comments, drag and drop widgets, individual archieve pages for posts වගේ අමතර දේවල් යෙදීමට පහසු වෙන විදියට සකස්කරනු ලැබුවා.

Blogger.com 2004 දී



මමනම් හිතන්නෙ මේ නොමිලේ ලබාදෙන බ්ලොගර් , වර්ඩ්ප්‍රෙස් වැනි සේවාවන් නිසා අද බ්ලොග් කෙරුවාව සෑහෙන්න ජන‍ප්‍රිය මට්ටමකට පැමිනිලා තියෙනවා.

  • මොකද හිතන්නෙ මිනිහ පාස් වෙයි නෙද මේක දීලා ?
  1. elane bole.... ma blog liwwata mewa dangena hitiye nah ne.. Danumata mekath hodai :)

    udarays

  1. hmm ow pass wei

    Dar[K]

  1. Ow ..Ow miniha pass wei... Api kohomath godak dewal Karanne ake histry aka dena gena nemei ne. me..project ake Esthiuthie karana page ake Oyage name akath athi neda...

  1. he he.....

    මිනිහ දස්සය වගේ..

    /බිඟුවා...!

  1. ෂැහ්.. මාරයිනෙ බන්.. සිරාවටම මේව දැකල තිබ්බෙ නෑ..

  1. මල්ලිට exam පාස් වෙන්න සුබ පතනවා :-D

  1. කමෙන්ට් කරපු ඔක්කොටම ස්තූති කරනව. මමත් හිතනව මිනිහට හොඳ ලකුනු ප්‍රමානයක් මේකට හම්බෙයි කියලා.

  1. මමත් ඉස්සරලම බ්ලොග් එකක් පටන් ගත්තෙ 2004 දී. Google කෂ්ටිය ගත්ත දවස් වලම. ඒත් ඒක පටන් ගත්ත විතරයි. සිංහල් බ්ලොග්ස් තිබුනෙ නැහැනෙ ඒ දවස් වල. අපි ඉංග්‍රීසියෙන් ලිව්වට කවුරු කියවයිද. සප්ත මහා සාගරයේ තවත් එක දිය බිංදුවක් විතරක් වෙයි අපේ බ්ලොග් එක... දැන් නම් ආසාවෙන් ලියනවා එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවන බව දන්න නිසා.

  1. මමත් බ්ලොග් පටන් ගත්තේ බ්ලොගර් වලින් තමා

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed