twitter rss

බ්ලොග් කරුවන් මහින්ද සහ සරත් වෙනුවෙන් කඩේ යැම.


මෙවැනි ලිපියක් ලිවීමට මුලික කෙතු පදකය වුනේ සින්ඩියේ ඇති බ්ලොග් හරුවන්ගේ සමහර ලිපි දැකීමෙනි.
ප්‍රජාතන්ත්‍රවාද සමාජයක තමන්ට කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් වැඩ කිරීමේ අයිතියක් ඇත. එහෙයින් තමන්සතු බ්ලොග් අඩවියක තුල කැමති දේශපාලන පක්ශයක් හෝ පුද්ගලයෙකුගේ ලිපියක් පලවීම මහා ලොකු කාරනාවක් නොවේය.

නමුත් මා දකින තත්වය වෙනස්ය. මන්දයත් මෙවැනි ලිපි ලියන බ්ලොග් කරුවන්ගේ ලිපි පටන් ගන්නේ තමා ඉතා මද්යස්ත මත දාරියකු ලෙසත්, ලිපිය අවසන් වී තියෙන්නේ නොදැනුවත්වම තාමා ලිපිය තුල සඟවා කීමට උත්සාහ කල තවෙකකු වෙනුවෙන් කඩේ යැමේ මතය නෙරපවා දක්වීමෙන් අනතුරුවය. එය හරියට උගුරට හොරා බේත් ගැනීමට අප කොපමන උත්සාහ කෙරුවත් එසේ කිරීම නොහැකිවීම වගේය.
අනෙත් කරුන වන්නේ බ්ලොගයේ ඇඩ්මින්ම නාමික පාඨකයින්සාදා කමෙන්ට දමා ඔහුම ඒවාට රිප්ලයි කිරීමයි. මොවුන්කරනා තව කාරනයක් වන්නේ , රටක නායකයෙකුට හෝ හිටපු හමුදා නායකයෙකුට ඉතා පහල සහ අමන ලෙස ආමන්ත්‍රනය කරමින් ලිපි සැදීමය.

අප මේ සිංහල බ්ලොග් හරුවන්ගේ සංගමය පවත්වාගෙනු යන්නේ හුදෙක්ම ශිෂ්ඨසම්පන්න සහ බුද්ධිමත් මිනිසුන් වෙනුවෙනි. ඔබත් දේශපාලනය සම්බන්ද බ්ලොග් ලිපියක් ලියනවිට සදාචාර සම්පන්න බාවය රකින්න.
  1. Agree, ඒත් අපේ සමාජයේ පැතිකඩක් නිසා මේ සදාචාරත්මක භාවය බලාපොරොත්තු වීම අපහසුය. මන්ද කන බතටත් දේශපාලනය ‍හා දේශපාලන තරහ මරහ තියාන ඉන්න බැවිනි.

  1. මාත් සම්පූර්ණයෙන්ම එකගයි.. මඩ ගහනව් මිසක් තාර්කිකව කතා කරන්න කවුරුත් කැමති නෑ.. සමහ‍රැ හොරා හොරා කියනව එයාලා ගාව කිසිම සක්කියක් නැතුව වෙන site එකක් තිබුනු දෙයක් දැකලා.. මඩ ගහන හැමෝටම එයාලට මඩක් වැදුනු දවසට තමයි තේරෙන්නේ මඩගහන එකේ විපාකේ..

  1. හපොයි ..ඔය දේශපාලනේ ගැන තියෙන ලිපි නම් මට අරහං ...මගේ උනන්දුවක් නැති සබ්ජෙක්ට් එකක් නිසා

  1. @ ~බිன்ku~ : ඒක ඇත්ත. නමුත් අවාසනාව කියන්නෙ මෙයට අපේ සිංහල බ්ලොග් ලියන්නොත් සම්බන්ද වීමයි

    @ Naveen Madhawa :- ලංකාවෙ දේශපාලනය කියන්නෙ මඩ ගොඩක්ම තමයි.

    @ LG : කොහොමත් ලංකාවෙ දේශපාලනය හැමදෙනෙක්ටම අරහං වෙන කාලය වැඩි ඈතක නෙමෙයි.

  1. ලස්සන ලස්සන දෙවල් ලියන තැන්වල... කුහක කම ඔබ්බවන්න ගියහම එතනත් කැත වෙනවා. සමහර වෙලාවට එකිනෙකාට බැනගද්දි මෙයාලා කොච්චර මොඩ මිනිස්සුද කියලත් හිතෙනව. කොහොම උනත් තමුන්ගෙ මතය ප්‍රකාශ කරන එක හරි.. නමුත් අනිත් අයට පහර දෙන එක වැරදි...

  1. හුඟක් වෙලාවට අපිව පාලනය කරන රටවල් වලට අවශ්‍ය වෙන්නෙත් රටේ මිනිස්සුන්ට දේශපාලනය නුවුවමනා දෙයක් කිරීම. එතකොට උන්ට ලේසියි තමන්ට ඕන විදිහට ඒ රටවල් වල ක්‍රියාකාරකම් පාලනය කරන්න. ලංකාවේ හැම එකාටම ඕන මධ්‍යස්ත මතධාරියෝ වෙන්න. ඒත් අපි ජීවත් වෙන රට පාලනය කරන්න දෙන්න ඕන මොකාටද කියලා තීරණය අපි නොගෙන මධ්‍යස්ථව ඉන්න හදන උන්ට මට නම් පේන්නේ PR apply කරන්න බලාගෙන රට පනින්න ඉන්න එවුන් වගේ කියලයි. උන්ට මේකට හෙණ ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. උන් ඉන්නේ යන්තම් එක කකුලක් මේකේ ඇතුලේ තියාගෙන නේ.

    මෙතනදී මිනිසා වනාහි දේශපාලනික සත්වයෙකි කියන සොක්‍රටීස්ගේ කියමනත් අපේ උන්ට වලංගු නැති වෙනවා.

    මේක අපේ රට. අපේ රටට වඩාත්ම හොඳ කවුද? වඩාත්ම හොඳ කළ හැක්කේ කාටද තීරණය කිරීම අපේ වගකීමක්.
    ඒක තේරෙන්නේ නැති උන් Green Card අරන් States හරි Australia හරි ගියානම් හොඳයි. මෙතන තමන් උපන් රටට පවු දෙන්නේ නැතිව.

  1. Anonymous උනාට මගේ නම අරුණ... :)

    සිංඩියේ දේශපාලන ලිපි පළවීමේ කිසිම ගැටලුවක් නෑ.. මොකද මේ වගේ පලවන දේශපාලන ලිපියක් පත්තරේක පලවෙයි කියල හිතන්න අමාරුයි.. ඒත් කියන්නන් වාලේ පදනමකින් තොරව හරියට දන්නෙත් නැතුව ලිපි පළ කිරීම අනුමත කරන්න බෑ..
    තව තැනක තිබ්බ දෙයක් මෙහෙ තමාගේ වගේ පල කරන්නේ හරියට ඇහින් දැකල ලිවුව වගේ.. ඒවට කමෙන්ට් එනකොට නෝ කතා ...... :(

  1. දේශපාලනය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි.ලෝකයේ කිසිම කෙනෙක් කිසිම දෙයක් සම්බන්ධයෙන් 100% මධ්‍යයස්ථ නෑ. 0.0001 % හරි එක පැත්ත්කට බරයි.

  1. සියල්ලටම එකඟයි, පහත ප්‍රකාශයට ඇරෙන්න.

    [said]
    අප මේ සිංහල බ්ලොග් හරුවන්ගේ සංගමය පවත්වාගෙනු යන්නේ හුදෙක්ම ශිෂ්ඨසම්පන්න සහ බුද්ධිමත් මිනිසුන් වෙනුවෙනි. ඔබත් දේශපාලනය සම්බන්ද බ්ලොග් ලිපියක් ලියනවිට සදාචාර සම්පන්න බාවය රකින්න.
    [/said]

    මම බ්ලොග් එකට ලියන්නේ එම ලිපි "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය"හි බ්ලොග් සින්ඩිකේටරයට දැමීමේ ඒකායන පරමාර්ථයෙන් නොවේ. මාගේ බ්ලොගය ඇතුලත්ව ඇති එකම සින්ඩිකේටරයට එය නොවේ. "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය"හි වගකීම් පරාසයට අපගේ ලිපි ඇතුලත් නොවන බැවින්, බ්ලොග් ලිපිවල ගුණාත්මය පිළිබඳව කතා කිරීමේදි "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය" හා එහි සින්ඩිකේටරය ගාවා ගැනීම පදනම් විරහිතය.

    මට හැඟෙන පරිදි සමහරක් බ්ලොග්කරුවන් සිතේ දරා සිටින චිත්‍රය වන්නේ අප "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය" හා එහි බ්ලොග් සින්ඩිකේටරය වටා ඒක රාශීවී, එය වෙත ලිපි සැපයීම අරමුණ කොට කටයුතු කරන බවත්ය. නමුත් එය අපගේ බ්ලොග සඳහා ප්‍රචාරණයක් ලබාගැනීමේ තවත් එක් මාධ්‍යයක් පමණක් බව කිව යුතුය.

    බල්ලා අපගේ බ්ලොගය වන අතර සින්ඩිය නැට්ටය. නැට්ටට අවැසි පරිදි බල්ලා නැටිය යුතු නැත.

  1. @ Supun Budhajeewa - කතාව ඇත්ත. නමුත් මම මෙහිදී විශේෂයෙන් "සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය" යන නම බාවිත කෙරුනු ලැබුවේ, එය හා ස්බැදිව ඇති බ්ලොග්වල ගුනාත්මක බාවය සාමාන්ය බ්ලොග් වලට වඩා ඉහල මට්ටමක පැවතීමයි. අනිනෙක් කාරනය වන්නේ මා මුලදී සඳහන් කල පරිදි තමාගේ බ්ලොගයේ අන්තර්ගතය තීරනය කිරීමට තමාට බාරය. නමුත් සිංහල බ්ලොග් කරුවන්ගෙන් 99% ක්ම එකතුවී සිටින සින්ඩියේ ඇසට පෙනෙන මානයේ ලියවෙන මෙවැනි ලිපි සඳහා විචාරයක් දීම යුතුකමක් නෙවේද!

  1. මට නම් හිතෙන්නේ, දේශපාලනය ගැන වුනත් 'තමුන්ගේ මතය' තමුන්ගේ බ්ලොග් එකේ ලිවීම, ලියන්නාගේ කාරියක්.. අනික් අයට කියන්න අයිතියක් නෑ, සමබරව ලියන්න කියලා..
    ඒක සමබර වෙන්න ඕනේ අහවල් මගුලටද?

    තමුන්ගේ බ්ලොග් එක තමුන්ගේ බූදලයක්.. ඒකේ දාන ඒවට, බලන එකාගේ මතය, කමෙන්ටුවක් හැටියට දාන්න පුලුවන් නේ..

    (කමෙන්ට් දාන්නේ නැති සංස්කෘතියක්නේ අපේ ගොඩාක් උන්දැලා ලග තියෙන්නේ නේද? එහෙම එවුන්ට නම් සමබර දේවල්ම තමයි දෙන්න ඕනේ.. එතකොට කිසි අවුලක් නෑ... හරී චෝයී)

  1. @ .::පිස්සා::. - ඔන්න ඕක තමයි අවුල. එහෙනම් අපි ඇයි , රුපවාහිනී නාලිකාවක්, පුවත්පතක් හැමවෙලේම සමබර විය යුතුයි කියල කියන්නෙ. පොතකට උනත් විචාරයන් දිය යුතුයි. බ්ලොගයකටත් එය පොදු වෙන්නෙ නැද්ද?

  1. උඹ මේ (අ)මුතු ඇටේ එහෙම සමබර රූපවාහිනී නාලිකා, පත්තර එහෙම දැකලා තියෙනවද?
    නමින් ස්වාධීන උනාට, මහ රජාට රෙදි උස්සන් කඩේ යන හැටි නොපෙනෙන්න උඹට ඇහේ දෝසයක් හැදිලද? නමින් ජාතික උනාට, රජ පවුලේ පැටිකිරිය විතරක් පෙන්වන ඒවා නොපෙනෙන්න ඇස් පොට්ට වෙලාද? ලේක් හවුස් එවුන් රජාට කත අදින විත්තිය පේන්නේ නැද්ද?
    මේවාට සමබර වෙන්න කියන්නේ ඒවාට වියදම් කරන්නේ රටේ මහජනතාවගේ මුදල්.. ඒවා මහා රජාගේ පවුලේ බූදලේ නෙමෙයිනේ, ඒකේ උගේ මූනත් තහඩුව විතරක් පෙන්වන්න..

    අනිත් එක චන්දයක් කිව්වාම දෙපාර්ශවයක් හෝ ඊට වැඩි ගානක් අපේක්ශකයෝ ඉන්නවා. උන් හැම දෙනාටම එක විදියටයි මහජනතාවගේ මුදලින් යැපෙන ඔය රජයේ නාලිකා හැසිරෙන්න ඕනේ. චන්දයක් ඕනෙයි, ඔය ඉන්න ගොං තඩියම පත් කර ගන්න ඕනේ නම්???????

    බ්ලොග් එකක් කියන්නේ තමුන්ගේ බූදලේ.. කවුරුවත් මත යැපෙන්නේ නෑ. තමුන්ට ඕනේ දෙයක් ලියන්න පුළුවනි(ස්වයං වාරණයක් තියෙන්න ඕන). ඉතිං බොලං සමබර වෙන්නේ මක්කටැයි???

  1. @ .::පිස්සා::. - මුලින් කියුව වගේ බ්ලොග් එකක් කියන්නෙ තමන්ගෙ බූදලයක් තමයි. මම මගේ ලිපිය තුල කොතනකදිවත් තමන් ලියන බ්ලොගය සමබර වියයුතුයි කියල නැ. නමුත් බොරු පෘවුර්ති මවා පාමින්, මඩ ගසමින් බ්ලොග් ලිවීම අනුමත කරන්න බැ. එය සැම ජනමාද්යකට මෙන්ම බ්ලොගයකටත් පොදුයි.

  1. කොහොම වුනත් කට්ටියගෙම අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි.

  1. මම කරන්නේ ඒ ලිපි දැක්කේ නැති ගානට ඉන්න එක.. ඒක හිතේ නිදහසට ඉතාම වැදගත්!

  1. කථාව තිත්තයි! ඇත්තයි! දේශපාලනය කට්ටියකට විතරක් නොවෙයි මුලු සමාජයකටම වැදගත්. බ්ලෝග් එකක ලියන්නේ තමන්ගේ මෙන්ම සමාජයේ අදහස් තමන්ගෙන් පරාවතනය වීම, විවිධ අදහස් පලකිරීමේ අයිතිය දේශපාලඥයින් වශයෙන් කාටත් තියෙනවා. මාධ්‍ය ඇහිරී තියනකොට ඉබේම මිනිස්සුන්ට වචන එනවා, ලියවෙනවා, ඒක නිසා තමන් විශ්වාසකරන මාර්ගයක යාම කඩේ යාමක් නෙවෙයි. රටකට කවුරු හරි නායයකයකු අවශ්‍යයයි, හොඳම කෙනා තෝරාගන්න වැඩිපිරිසකට බුද්ධිය තියෙනවා, 26 දාට මේ කතන්දරය ඉවර වී අලුත් එකක් පටන්ගනීවි, එතකොට ඒක..

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed