twitter rss

මගේ අලුත් සිංහල ස්තාපිත කිරීමේ කතාව

තේරීම
මම හදිස්සියෙම පොඩි නිවඩුවක් අරගෙන ලංකාවට ගිය. වැඩිය නෙමෙයි මාසෙක කාලයකට. ගිහිල්ලා එනකොට කවුද මන්දා මොඩයෙක් මගේ office එකේ PC එක windows sp2 වල ඉඳලා sp3 වලට apgrade කරලා. අවුලක් නැ කියමුකො. ඔන්න ඉතින් දැන් සිංහල යුනිකෝඩ් එකත් දාගෙන දෙයියනේ කියල සින්ඩිය පැත්තෙ රවුමක් දාන්න පටන් ගත්ත. හප්පේ සිංහල පේන්නෙ දෙමල වගෙ. පුලුවන් තරම් වැඩකිඩ දාල බැලුව. හරි යන්නෙම නැ. පස්සෙ අපෙ SUB එකේ හර්ශණ ඉන්නව දැකල , අහුව මොකද්ද අවුල කියල. ටික ටික සොයාගෙන යනකොට තමයි හොයා ගත්තෙ, windows sp2 වල ඉඳල sp3 වලට upgrade කරනකොට සමහර ෆයිල් වගයක් හරියට upgrade wela නැ කියල තේරුනේ. මැනුවලි ෆයිල්ස් රීප්ලේස් කරන්න හැදුවත් ඒක හරි ගියෙත් නැ.

දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද කියල ඉන්නකොට තමයි මතක්වුනේ පහන්ගෙ බ්ලොග් එක (http://blog.pahans.com). ඒකෙ තියනව සිංහල යුනිකොඩ් දාන්නෙ නැතුව වෙබ් බ්‍රවුසරයේ ඉඳල සිංහල කියවන්න පුලුවන් වැඩ කැල්ලක්. මම සාමාන්යයෙන් පාවිච්චි කරන්නෙ google chrome නිස ඒකට අදාල extension එකට ගිහිල්ලා අදාල බාගත කිරීම කරන්න බැලුව. මගේ වාසනාව කියන්නෙ ඒක බාගත කරන්න තියන ලින්ක් එක වැඩ කරන්නෙත් නැ. chrome එකේ එක එක vertions දාල බැලුව වාසනාවට එකක්වත් හරි ගියේ නැ.කාලින්ග සහෝදරය ඉන්නව දැකල ඇහුව windows 2003 server PC එකකටවත් සිංහල දාගෙන බලන්න පුලුවන්ද කියල. වසනාවන්ත ලෙස උත්තරය උනේ "බැ" කියලයි.

දැන් ඉතින් සිංහල එපාවෙලා ඉන්නකොට හිතුන ගිනි නරියට අදාල add-one එකක් වත් දාල වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේයිද කියල. ඔන්න අවාසනාවක මහත කියනව වගේ ගිනි නරියා එකේ සිංහල ගින්දර වගේ පේන්න ගත්ත. මට මාර හැපි. ඒකෙ සිංglish ටයිපින් උනත් ඉතා වේගවත් ලෙස කරන්න පුලුවන්. office එකේ ඉන්න එවුන්ට මේ වෙච්ච දේ ගැන කියුවත්, උන්ට මේ ගැන දැනීමක් නැ. ඒක නිසා "ආ ඇත්තද " කියල නිකන් හිටිය.

ඔන්න ඔහොමයි මගේ සිංහල කතාව නිමාවුනේ.
මේ බ්ලොග් එක ලියන්නෙත් ගිනිනරියගෙ ඉඳල. පරිගනකයට සිංහල ස්තාපිත නොකරයි
මම මේ ගැන මගේ බ්ලොග් එකේ දාන්න හිතුවෙ මම වගේ හදිස්සි ආපදාවකට ලක්වුන කෙනෙක්ට සිංහල ඉතා ලේසියෙන් දාගන්න හැකිය කියන අවබෝධය ලබ දෙන්නයි.
  1. Chrome Add-onස් දාන්න නම් Developer Version එකක් තියෙන්න ඕනේද කෙහේද!!! ඔව් ඕනේ තමා!!!

  1. මටත් ඔය වගේ වෙලා තියනවා.. වැඩි විස්තර කියන්න දන්නේ නැහැ.. අලුතින් පීටර් ට සිංහල දාන්න ගිහින් දාගන්න බැරිව ඉන්නකොට නොහිතු නොපැතූ පරිදි නරියා සිංහල ගින්දර වගේ පෙන්නන වෙලාවක් මටත් තිබ්බා..

  1. @ Anonymous :- එදානම් තියන තරම් ඔක්කොම versions දාල බැලුව හරි ගියේ නැ.

    @malee_msg :- ඒකනෙ මලී, අපිටමනේ මේව වෙන්නෙ.

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed