twitter rss

යාලුවගේ මගුල

අද ආවෙනම් කතා ලියන්න නෙමෙයි. අද උදේ පාන්දරම නැගිටින්නත් ඉස්සෙල්ලා මට දුරකථන ඇමතුමක් ආවා. නිදි මරගාතේ ෆෝන් එක අරගෙන බලනකොට ලංකාවෙන් තමයි කෝල් එක ඇවිල්ලා තිබුනේ. ඉතින් බොහොම අමාරුවෙන් "හලෝ" කියනවත් එක්කම මාව මීට අවුරුදු 5 කට හෝ 6 කට පෙර අතීතයකට අරගෙන ගියා. ඔහු මගේ මගේ පාසල් මිතුරෙක්.

කතාව කෙටියෙන් මේකයි. ඒ කාලේ පාසල් ජීවිතය සුන්දරයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒක හැම දෙනාම දැන්නවා. දැනිලා තිබුනා. මගේ ඉස්කෝලෙ බාරව කරයුතු කෙරුවෙ බ්‍රදර්ස්ලා (brothers) යි. අපේ ඉස්කෝලෙට එක තාප්පෙකින් වෙන් වෙලා තමයි තවත් ජනප්‍රිය පාසලක් (convent) එකක් තිබුනේ. මෙහෙම කියනකොට ඔක්කොමල්ලම දන්නව දැන් මොකද්ද කියලා ඉස්කෝලෙ. මගේ යාලුව පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ ගියෙ ස්කූල් වෑන් එකෙන් තමයි. ඒත් O/L වලින් පස්සෙ මිනිහා අමුතුම පුද්ගලයෙක් උනා. අර මම කියපු බාලිකා පාසලේ බාලිකාවකට මේ මනුස්සයට හිත ගියා. අපේ ඉස්කෝලෙ දැඩි නීති නිසා, මේ වගේ දේවල් ගැන හිතන එකත් බොහෝ අය නතර කරල තිබුනෙ. මගේ යාලුවත් ඉස්කෝලෙ විනයට බොහොම ලැදි, පාසල තුල හොඳ නමක් තිබ්බ, ගුරුවරුන්ගේ හොඳ ලමයා යන කීර්ති නාමය රැගත් කොලුවෙක්. නමුත් මේ කෙල්ල ඔලුවට ගිය දවසෙ ඉඳලා මිනිහගෙ හැසිරීම ටිකක් අමුතු වුනා. දින චර්‍යාව වෙනස් වුනා.  ආහ් මේ කෙල්ලව මගේ යාලුවට මුන ගැහිලා තියෙන්නෙ ඒ කාලෙ O\L ක්ලාස් එකකදියි. මගේ යාලුවා සාමාන්‍යන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති එකෙක් නිසා. ඒ කාලෙ මේ සිද්දිය පිලිබඳව යාලුවො වෙච්ච අපිටත් පුදුමයක් තිබුනා.

කොහොමහරි, මගේ යාලුවා O\L වලින් ඉතා ඉහල රිසාල්ට් එකක් ගත්තා. මගේ මතකයේ විදියට අපේ පංතියෙ වැඩිම රිසාල්ට් එක තිබුනෙ එයාට. පොඩි කාලෙ ඉඳලම, මෙඩිකල් ෆැකල්ටි එකට යන්න තමයි මිනිහට සෑහෙන්න ආසාවක් තිබුනේ. ඒ නිසාම එයාට bio sciences කරන්න පුලුවන් උනා. නමුත් අපි හැමෝම පුදුම කරවලා මිනිහා ගියා කොමර්ස් කරන්න. හේතුව උනේ අර බාලිකාවිය මේ වන විටත් කොමර්ස් පන්ති පටන් අරගෙන තිබ්බ නිසයි. අපි පුලුවන් තරම් උත්සාහ කෙරුවත් මේක තේරුම් කරල දෙන්න ඒක හරියට ගඟට ඉනි කැපුවා වගේ උනා. හැබැයි පුදුමේ කියන්නෙ මේක තාමත් one side love එකක්. තාම මේක අර කෙල්ලගෙ මූණට මුන ගැහිලවත් නෑ. කොටිම්ම කියනවනම් මිනිහා ස්කූල් වැන් එකේ යන එක නැවැත්තුවා. අපි පුලුවන් විදියට උත්සාහ කෙරුවා මේ කෙල්ලත් එක්ක අපේ එකාට කතා කරන්න අවස්තාවක් ලබලා දෙන්න. ඒත් ඒක හරිගියෙ නෑ. අපි A\L වලදි පංති දෙකකට වැටුන හින්දා මුන ගැහෙන එක ටිකක් අඩු උනා. ඒත් ඉස්කෝලෙ ඉන්ටවල් එකේදි එහෙම ඉතින් ඔය ගැන යාලුවගෙන් විමසන්න අමතක කෙරුවෙ නෑ. කොහොම උනත් A\L ලියලා අවසානය වන තෙක්ම මේක අර කෙල්ලත් එක්ක වචනයක්වත් කතා කරලා තිබ්බෙ නෑ. ඊට පස්සෙනම් වුන කිසිම දෙයක් දන්නෙ නෑ. 

නමුත් අද ආපු දුරකතන ඇමතුම මේ හැම දේම පුදුම කෙරුවා. මගේ යාලුවා දැන් කොලඹ ප්‍රසිද්ද පුද්ගලික බැංකුවක  ass. Manager කෙනෙක් විදියට වැඩ කරනවාලු. ඉතින් මම අර පරන සිද්දිය අමතක කරන්න බැරි නිසා කෙල්ල ගැන ඇහුවා. ඒ දුන්න උත්තරෙන් මාව පුදුම උනා. ඒ තමයි මිනිහා ලබන මාසෙ බඳිනවලු ඒ කෙල්ලව. මගේ ගෙදරට කෝල් කරලා තියෙන්න මාව දෙවෙනි මනමාලයට ගන්න සුදුසු තත්වෙක තියෙනවද කියලා අහන්නයි. ඔන්න ඕකයි අද "දවසේ කතාව".  මට හිතුනේ මුන් දෙන්න ගිය ආත්මෙ ඉඳලම පතාගෙන ඉන්න ඇතියි කියලයි. නමුත් ඉතින් අවාසනාවට මට ඌගෙ දෙවෙනි මනමාලය වෙන්න වෙන්නෙ නෑ. මොකද මට තව මාස 4ක් විතර යනකම් ලංකාවට යන්න නිවාඩු ගන්න ලැබෙන්නෙ නෑ. ඒත් ඉතින් මගේ යාලුවට සුබ අනාගතයක් සහ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවායි කියල තමයි ප්‍රාර්තනා කරන්න තියෙන්නෙ.
  1. අන්න ලව්.. ඔවට තමයි ලව් කියන්නෙ. හප්පේ ඔන්න මගේ අතීතෙත් මතක් වෙනවා නේ O/L සහ A/L ඉවර වෙනකන් ඔය පස්සෙන් යැමේ සිද්ධි. හික් හික්.. ඔන්න මමත් සුබ මංගලම් කිව්වා කියන්නකො..

  1. ෂාහ් හරියට හිංදි ෆිල්ම් එකක් වගේ.

    මගේත් සුභ පැතුම් උන් දෙන්නට . . .

    සත්‍ය ප්‍රේමය ජය ගන්නවා කියලා අර අසල්වසියෝ ටෙලියෙත් කියනෙන ඕකනේ කොල්ලෝ . . . .

    ඊයේ පෙරේදා මාත් යාලුවෙකුට ඇඩ්විසෙ කලා ඔය වගේ ඒකපාර්ෂවික ප්‍රේමයක් කොහොමද රියලිටි එකක් කර ගනෙන කියලා . . වෙලාවක ලියනන්ම්කෝ ඒ ගැන

  1. මරු මරු.. යාළුවාට සුභ මංගල්‍යක්....

  1. uba hoda welawata oke names demme neththe. neththan aru amaruwen yaalu karagaththa kellawath uuta nethi wenawa.

  1. ඔයාගෙ යාලුවාට අපෙනුත් සුබ පැතුම්! :)

  1. යාලුවා වාසනාවන්තයා....

  1. එහෙම ආදරයක් ඉතින්, සෑහෙන අමාරැයි හොයාගන්න.
    අපෙනුත් සුබ පැතුම්

  1. උඹ තාමත් ගැන හිතනවද මචං :D ?@ udara

  1. @ උදාරයා ; ආහ් ඒකත් එහෙමද ?

    @ දුකා ; ඕකනෙ අපි ලියුවෙත් ඒව හින්දි ෆිල්ම් , ඉතින් ලියමුකො බලන්න අර යාලුවට ඇඩ්වයිස් කරපු කතාවත් !

  1. @ Thilina ; බොහොම ස්තූතියි.

    @ mj ; උබ දන්නවනේ ඉතින් මේ කවුද කියලා

    @ msenarath ; කමෙන්ට් කෙරුවට ස්තූතියි.

    @ panhida ; යාලුවා වාසනා වන්තයා. හැබැයි මට ඒකගෙ දෙවෙනි මනමාලය වෙන්න බැරි වෙච්ච එකනම් දුක තමයි.

  1. @ හෙළයා ; ඒකනෙ මචන් පුදුමේ

    @ rock3r ; සහෝගෙ කමෙන්ට් එක පොඩ්ඩක් පැහැදිලි මදි !

  1. මගේ ඉස්ටෝරියත් ටිකක් ඔය වගේ තමා..
    ආදරයට ජයවේවා!

  1. සෑබෑ ආදරවන්තයන් ජයගන්නවා - එම දෙපලට මගෙන් සුභපෑතුම්

  1. සැබෑම ආදරවන්තයන්නෙ..... සුබ පතනවා ඔවුන්ගෙ අනාගතේට....

  1. ලොල් බ්ලොග් අවකාශේ හැමෝටම පාසල් කාලේ මතක් වෙලා වගෙ, එකපාරටම. මටත් මේවා කියෙව්වහම මගේ පසෙල් කාලේ ගැනත් ලියන්න හිතෙනවා .
    (සුදාරක මලයට තමයි ලියන්ට මොකුත් නැතිවෙන්නේ ;)

  1. @ nadeesthoughts ; ඉතින් අපිටත් දැන ගන්නත් එක්ක ලියමුකොබ්ලොග් එකේ

    @ BEAUTIFUL SRI LANKA ; ඒකනම් ඇත්ත.

    @ විශ්මි ; ඒකනෙ . දෙන්නම වාසනාවන්තයි.

  1. @ upulpp ; අනේ මන්ද, මමනම් මේක ලියුවෙ අද උදේ කෝල් එක නිසා. වැඩ වැඩි කමට මේකට හොඳ හොඳ රසබර කොටස් එකතු කරන්න බැරි උනා. සුදාරකගෙ සීන් එක මොකද්ද හැබෑවටම. ?

  1. ahem ahem mee mata nana mathak wune kawda danne nee neda dewani manamali??aparade ??btw yaluwata jayasiri mangalam kiyala wish karanawa..:D.

  1. @ Anonymous ; ඔවු මේක ඇත්ත සිදු වීමක් තමයි ! දෙවෙනි මනමාලි නම් කවුද කියලා දන්නෙ නෑ ! චාරුද දන්නෙ නෑ.

  1. නියම සිද්දිය. අවංක ආදරය ජය ගන්නව නේ.

  1. ඒ අවංක ආදරයට මගේ ප්‍රණාමය. ඒ දෙපලට වේවා ජයසිරි මංගලම්.

    කොහෙද තාම මට ඔහොම එකක සෙට් වුණේ නැහැනේ. ඒත් ඒ කෙනා හමුවෙන කම් ඇස් දල්වා කට දල්වා මාත් බලන් ඉන්නවා.....

  1. පතාගෙන ආපු ආදරයක්..........

  1. @ Hasitha ; ඔහොම යනකොට කෙදිනක හෝ හමුවේවි!

    @ ඔජායෙ.... ; පතාගෙනත් කියලා කියෙනවා

  1. @ Rocking udara :aane kage namada mee daala thiyenne??mmm..aww aww ...dan dewani manamalaya yanne nee ehenan magul gedarata??btw kohoma wunath lankawata ena kaleka mathaka athuwa yaluwawa balanna present ekak aragenama gedarata yanna..:D(anonymous J)

  1. ඈහුවත් සතුටුයි මේ වගේ දේවල් නම්...... සුබ මංගලම් ..

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed