twitter rss

අලුත ගෙනා මනමාලි

මට පොඩි දොලදුකක් ආවනෙ, PSP එකක් ගන්න. ඒකට පහුගිය කාලෙ හිතේ සහ ජීවිතේ ඇතිවුන අවුල් සහගත දේවලුත් ටිකක් දුරට බලපෑවා. හිතගෙන හිටියෙනම් iPod Touch එකක් ගන්න නමුත් අන්තිම මොහොතෙ තීරනය වෙනස් වුනා. වැඩට traveling කරනකොට ඉතින් මිකම්ම නිකක් උඩ බලාගෙන එනවට වැඩිය ගෙදර හාර්ඩ් එක පිරෙන්න බාගෙන ඉන්න ඒත් බලන්න වෙලාව නැතිව තියන ෆිල්ම් එකක් එනගමන් බල බල එන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ! ඔන්න ඕව හිතලා තමයි PSP Go එකක් ගන්න අන්තිමේටම අදහස් කෙරුවෙ.

මේ PSP Go කියන්න ගිය වසරේ , ඒ කියන්නෙ 2009 වසරේ නොවැම්බර් මාසයේදී එලිදැක්වූ අලුත්ම PSP version එකයි. මෙයට පරන PSP එකේ නොතිබුන සුවිශේෂී විශේෂාංග රැසක් එකතුවී තිබෙනවා. ඒ අතරින් Wi-Fi, Bluetooth, PlayStation 3 connectivity, internal 16GB HDD, වැනි දේවල් එකතුවී තියෙනවා. Bluetooth මගින් HSDPA හෝ 3G පහසුකමින් යුත් මොබයිල් එකක් හරහා PSP Go එකෙන් අන්තර්ජාලයා හා සම්බන්දවිය හැකියි. ඒ වගේම Wi-Fi මගිනුත් ඉතා හොඳ අන්තර්ජාල සම්බන්දතාවක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම අන්තර්ජාලය සම්බන්දවූ පසු, එමගින් Skype වැනි වැඩසටහන් මගින් voice chatting වැනි පහසුකම ලාබාගන්න පුලුවන්. මෙහි අභ්‍යන්තරවම සකසා ඇති මයික් එක ගැනනම් සඳහනක් කරන්නම ඕනෙ. මොකද ඒකෙ තියන සංවේදී තාවයට ඉතා කුඩා සද්දයක් උනත් ඇසෙන විදියේ උසස් නිමාවක් තියෙනවා.

වීඩියෝ ගැන කියනවනම්, PSP Go එක 1080HD යන උපරිම පැහැදිලිතාවයෙන් යුත් වීඩියෝ සඳහා සහයෝගීතාවය දක්වනවා.

ඒ වැගේම Audio ගැනත් යමක් සඳහන් කරන්න ඕනෙ. ගොඩක් අය කියනවා, IPod Touch එකත් එක්ක සංසන්දනය කරනකොට PSP Go එකේ Audio කොලිටියි එච්චරම හොඳනෑ කියලා. නමුත් මේ උපාන්ග දෙකම ඒ කියන්නෙ Ipod Touch එකයි PSP Go එකක් දෙකම බාවිතා කරපු පුද්ගලයෙක් විදියට මම කියන්නෙ sony bass reflex earphone එකක් PSP Go එකට සම්බන්ද කරගත්තනම්, වෙනමම ලෝකෙක ජීවත්වෙනවා වගේ දැනේවි.

අනිත් කාරනය තමයි Games. පරන PSP එකේ mini CD වැටියකින් තමයි අපිට games දාන්න පුලුවන් උනේ. නමුත් දැන් තාක්ශනය දියුනු කරලා Apple I store වගේම Sony PSP games store මගින් ගේම්ස් බාගත කරගැනීමේ පහසුකම තියෙනවා.

කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා නමුත් වෙලාව නෑ. මේටික ලියුවෙත් බොහොම අමාරුවෙන්. ඔය පලින් තියෙන්නෙ මගේ අලුත් මනමාලි තමයි. ලංකාවෙ මුදලින් නම් PSP Go එකට විතරක් රුපියල් 30,000ක් විතර ගියා. Sony bass reflex earphone එකටත් රුපියල් 2,500ක් විතර ගියා.

Manufacturer - Sony Computer Entertainment
Product family - PlayStation
Type - Handheld game console
Generation - Seventh
Retail availability - NA/EU October 1, 2009, JP November 1, 2009
Media - Digital distribution
CPU - MIPS 333 MHz[3]
Storage capacity - Memory Stick Micro, 16GB of internal flash memory
Memory 64 MB RAM
Display - 480 x 272 pixels with 16.8 million colours, 16:9 widescreen TFT LCD, 3.8 in (97 mm)
Controller input - Sixaxis, DualShock 3 (optional)[4]
Connectivity - Wi-Fi 802.11b, USB 2.0 via Media Go Software, Bluetooth 3.0, PlayStation 3
Online services - PlayStation Network
Predecessor - PSP-3000 (concurrent)






  1. අපොයි 32500/= ක් අදහස අත් ඇරගත්තා

  1. koi earphone eka ??? eyageth photo ekak daannako powne

  1. @ ම ; හැබැයි උඹ දුන්න රුපියල් දෙකත් දාලා තමයි මේක ගත්තෙ. හික්ස් !

  1. මැක්සා බන්.., ගාන තමයි සැර වැඩි :(

  1. නියම මනාලියෙක්නේ මචං...එලම තමයි..

  1. ඕක තියාගනින් හදිස්සියකට බිත්තියට ඇණයක් හරි ගහන්න බැරියැ...

  1. FREE SMS GO TO REGISTER USE ONLY FIRFOX -http://sscnetwork.ning.com/

  1. තව විසිදාහක් විතර දාල මිනි ලැප්ටොප් එකක්ම ගන්න පුලුවන්නෙ. :-)

  1. @ Chanaka Aruna Munasinghe; මේ පික්ස් ටිකත් ගත්තෙ මහ රෑ බොහොම අමාරුවෙන්. බලමු ඒකෙත් පික්ස් ටිකක් දාන්නම්.

    @ Thilina ; ඔවු බන් ඒත් ඒ ගානට පාඩු නෑ.

    @ දුකා ; :P

    @ හෙලයා ; හික් හික් ඒකනේ

    @ #චමිල# ; මත්මයගෙ ගෙදර ඇන ගහන්නෙත් මේවගේ ඒවයින්ද ? හොඳයි ඒකත් දැනගත්ත එක.

    @ ත‍රිඳු ; මිනි ලැප් එකෙක ඔයාට NFS ගහන්න පුලුවන්ද ? මේක ඇවිල්ල සම්පූර්න gaming device එකක්. දැනට ලෝකයේ වැඩියෙන්ම අලෙවිවන පෝටබල් ගේමින් ඩිවයිස් එක.

  1. මනමාලි ලස්සනයි ඈ....!

  1. @ malee_msg ; තෑන්ක්ස් සහෝදරී!

  1. මම ඒත් බැලුවා කෝ මේ කෙල්ලෙක් කියලා අලුත ගෙනා මනමාලි කිව්වම.

  1. මනමාලිනම් සිරා! ;) කොයි පළාතෙන්ද මචෝ කැන්ඳන් ආවෙ? :D

  1. මමත් මේ මනමාලිට ආදරෙයි..මෙයාව කැන්දන් එන එක මගේ එක හීනයක් :D

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed