twitter rss

බහරේන් සිට සවුදිය දක්වා දිවෙන 27KM දිග පුදුම පාලමක මැද කෘතීම දූපත ගැන මේසේ ලියමි.

අද සින්ඩියෙ ආදර වන්තයින් උදෙසා ලියවෙන ලිපි ගොඩයි. හැබැයි මමනම් ලියන්න හදන්නෙ ඒකට සම්බන්ද ලිපියක්නම් නෙමෙයි.

සිකුරාදා අපිට ඉතින් නිවාඩු දවසනේ. මාරම කම්මැලි නිසා යාලුවොත් එක්ක පොඩ්ඩක් එලියට යන්න හිතුවා. මොකද මේ දවස්වල එලියෙ කාලගුණෙත් නියමයි. මතක ඇතිනේ, දැනට දින දෙක තුනකට ඉස්සෙල්ල 7.5 ට විතර අඩුවෙලා තිබ්බත් දැන් දැන් ඒ තත්වෙ හොඳ වීගෙන එනවා. ඉතින් යන්න ලඟපාත තැනක් වෙන්නත් ඕනෙ නිසා අපි ගියා සවුදි වල ඉඳලා බහරේන් දක්වා ඉදිකරලා තියෙන පාලම බලන්න. ගමනට මාත් එක්ක තව යාලුවො දෙන්නෙක් සහබාගී වුනා. ඔවුන් දෙදෙනාම මීට පෙර මෙය නරබලා තියෙනවා. මම තමයි ඉතින් මැජික් එකක් බලන්න යනවා වගේ වාහනේට නැගලා පාලම බලන්න යන්න පිටත් වුනේ.

මේ පාලම බලන්න යන ගමන් මම ඉතින් මගේ ලැප් එකෙන් පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවා මේ පාලම ගැන විස්තර, මේක ඉදිකරලා තියෙන්නෙ 26th November 1986 දිනයේදියි. ඒ සවුදි රජයේ සහ බහරේන් රජයේ මිත්‍රත්වයක් වශයෙනුයි. පාලමේ මුලු දිග 28Km වෙනවා. ඒ අතරින් මේ පාලම හරි මැද ඔවුන් පස් වලින් ගොඩකරගත් කෘතීම දූපතක් සාදා එය රටවල් දෙක අතර දේශ සීමාව කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විස්තර ටිකත් බලාගෙන ගමන ගියා. කොහොමහරි ගමන යනකොට මෙම පාලම ඈතට දිස්වෙනකොටයි තේරුනේ මේකෙ තියන විශ්මයජනකත්වය. ඈතට පේන්නෙ, හරියට කෙලවරක් නොමැති පාලමක් වගෙයි.

මේ තියෙන්නෙ ඈතට දිස්වෙන අයුරියි.



* ඊට පස්සෙ සවුදියට සහ බහරේන් රටට අයත් විශාල tower දෙකක් තියෙනවා. ඒක උඩටත් නැග්ග ඉතින් අපි.

මේ තියෙන්නෙ අපි දැන් නැගපු tower එකයි.


ඔන්න ඉතින් දැන් මේකෙ උඩටත් නැග්ගයි කියමුකෝ. මටනම් ඇත්තටම විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. මේ වගේ දර්ශනයක් අපිට සාමාන්‍යන් දකින්න ලැබෙන්නෙ, ගුවන්යනයක් landing & take-off කරනකොට විතරයි.
ඔය යටින් දාලා තියෙන්නෙ ඔය tower එකේ ඉහලම තට්ටුවෙ ඉඳලා ගත්ත පින්තූර් කිහිපයක්.





* අපි ආවෙ ඔය පහලින් තියන පින්තූරෙ පාලමෙන් තමයි.


* ඔය පහලිත් තියෙන්නෙ බහරේන් දක්වා දිවෙන පාලමයි. ඇත්තටම ඒකෙ කෙලවරක් නම් පේන්නෙ නෑ. ඒක තමයි විශ්මය ගනකත්වය. වෙලාවකට හිතෙනවා.මේව කොහොම මිනිස්සු හැදුවද කියලා.


* ඔය පහලින් ඉන්නෙනම් මේ බ්ලොග් එක ලියන මනුස්සයා.


මේකෙන් බහින්නම් ඉතින් හිත දුන්නෙම නෑ. ඒත් ඉතින් මොනවා කරන්නද.
ඔන්න එහෙමයි රටවල් දෙකක් යා කෙරෙන යෝධ පාලමක් මැද්දෙ තියෙන කෘතීම දූපතක කතාව ඉවර උනේ.

මෙන්න මේ ලින්ක් එකෙන් වැඩි විස්තර හොයා ගත්තෙ.
  1. මෙහෙම පාලං ඉතිං ලංකාවෙ හදන්න තව අවුරුදු ගානක් යයි. අර ටවර් එකේ පොටෝ එක ලෝඩ් වෙන්නෙ නෑනෙ.. මොකද්ද සීන් එකක් තියනව.

  1. @ අනූ; මගේ pc එකේනම් පින්තූර ඔක්කොම ටික හොඳටම පේනවනෙ. මම Firefox , IE, Chrome හැම එකේම ට්‍රයි කරල බැලුවා. හොඳට පේනව. මොකද්ද දන්නෙ නෑ අවුල. සමහරවිට reload කරල බලන්න page එක.

  1. නියමයි මචං. අපිටත් බලාගන්න බෙදා ගත්තු එක හොදයි...

  1. මචං. එක ෆොටෝ එකක් ලෝඩ් වෙන්නේ නැති අවුල මටත් වෙනවා.

  1. @ හෙලයා; මම දැන් pics ටික පොඩ්ඩක් පොඩි කෙරුවා. දැන් හරියයි. අවුල පෙන්නල දුන්නට ගොඩක් ස්තූතියි.

  1. මමත් ඉන්නෙ සෙෘදියේ රියාද් වල නමුත් තාම දාමමි වලට ඈවිල්ලා පාලම බලන්න බැරි වුනා ස්තුතියි මෙහම හරි බලන්න දුන්නාට

  1. උඹත් මරු ගමන් නෙ බං යන්නේ. උඹ නැග්ගේ මේටවර් එකට නේද? http://goo.gl/sPy7

    ඕං අපිනම් එදා ලොවි ලෙටර් ලිවුවෙ නෑ හොදේ :p

  1. @ගයාන් තාරක; හරියට හරි. ඔය ටවර් එකට තමයි නැග්ගෙ.
    මොකද්ද මේ ලවු ලෙටර් කතාව. ඔයානම් එදා 2වෙනි වසර සැමරුව නේද ?

  1. බොහොම ස්තූතියි අපිවත් ගමනට මේ විදියට හරි එක්ක ගියාට..!

  1. @ malee_msg; කමෙන්ට් එකට බොහොම ස්තූතියි සහෝදරී !

  1. ela kiris.
    onna ehenam apita giya savudi duupat walata
    .

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed