twitter rss

ලස්සන වැම්පයර්ස් ලගෙ කතාවක් !



මට අද ඔෆිස් එකේ
වැඩ ටිකක් අඩු නිසා මම දැනට බලන ටෙලි කතා වලින් එකක් ගැන ලියන්න හිතුනා. මෙකෙ නම "The Vampire Diaries" මේකෙ කතාව වෙන්නෙ හදිස්සියේම පාසලකට පැමිනෙන තරුණයෙකු වටායි. ඔහු Vampire කෙනෙක්!. හරියට අර Twilight ෆිල්ම් එකේ වගේ. මම ඉතින් බැලුවොත් බලන්නෙ යක්කු නැත්තන් හොල්මන් තියන ඒවමනෙ. ඒ බව බයිස්කෝප් සයිට් එකේ මම දාලා තියන ලිපි කියවන අයට තේරෙනව ඇති. හැබැයි ඒකට හේතුව නම් මටත් තේරෙන්නෙ නැ. සමහර විට ලංකාවෙන් ඇත් වෙලා මෙහෙ ඉන්න යක්කුත් එක්ක ජීවත් වෙන නිසා වෙන්න ඇති.

මේක එහෙම Vampires ල ඉන්න කතාවක් උනාට මේකෙ ඇතුලෙ ඉතා ලස්සන ආදර කතාවක් තියෙනවා. ඕගොල්ලන්ටත් මුල් කොටස බැලුවොත් ඒ බව තේරෙයි.
මේ ටෙලි කතා මාලාව මගේ හිත් ගන්න එක හේතුවක් තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නන් තම උපරිමයෙන් මීට සහයෝගය දීල තියෙනව. ඒ වගේම ඉන්න කස්ටියත් හරිම ලස්සනයි (විශේෂයෙන්ම කාන්තා පක්ෂිකයන්). මෙය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න තරුණ තරුණියන් වටා යන කතාවක් නිසා කතාව අපේ වයසට හරියන විදියට හරි ගිහිල්ල තියෙනව.

දැනට මේක IMDB වල 7.7/10 වැනි රේටින්ග් එකක් පවත්වගෙන යනවා.
මේකෙ දැනට විකාශනය වෙලා තියෙන්න කොටස් 11 යි.මමනම් කොටස් 11 ම බැලුව.මේක මෙහෙනම් විකාශනය වෙන්නෙ සිකුරාදා. දැන් ඉතින් ඊලඟ සිකුරාදා එනකන් දැන් ඉන්න බැරුව ඉන්නෙ.

බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් isohunt එකෙන් දැනට විකාශය වුනු සියලු කොටස් වල ටොරන්ට් ගොනු බාගත කරගන්න පුලුවන්.


  1. මමත් ඕකෙ ඔක්කොම කතා ටික බැලුවා. පට්ට කතාව. මමනම් හැබැයි online streaming වලින් තමයි බලන්නෙ.

  1. මටත් අස හිතුණා මේක බලන්න...
    එපිසෝඩ් දෙකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ;-)

  1. balanna nam aasai..aath apita kohenda echchara luck ekak..ape paththe net speed adui ne..700MB ekak download karanna dawas dekak yanawa..DuMINDu

  1. @ sajithdilshan ; online streaming වලින් බලනකොට කොලිටිය ගන්න බැහැ නේද හරියට. මමනම් ඉතින් ටොරන්ට් තමයි.

    @ LG ; අපෝ මුල් කොටස් දෙක බැලුවහම ඔයාට දිගටම බලන්න ඕනෙ වෙයි. මම ඔයගෙ "වීඩ්ස්" එකත් බාගත්තා. හෙට ඉඳලා ඒකත් බලන්න පටන් ගන්න ඕනෙ.

    @ DuMINDu ; හැබැයි DuMINDu මේකේ ටොරන්ට එකනම් 300mb වගේ තමයි වෙන්නෙ. විනාඩි 40 එක කොටසක්.

  1. තිප්පොලෙ මම බාගත කරගැනිමට ලින්ක් සහ ටොරෙන්ට් ලබා දෙන්නද ?

  1. @ උදාර. නොහොත් xyz ; දෙන්න දෙන්න ඒක ඉතින් මගෙන් අහන්න දෙයක් නෙමෙයිනෙ. ඔයාගෙ බ්ලොග් එකේ ඔයාට කැමති දෙයක් දාන්න පුලුවන්නෙ.

  1. ''ඒ වගේම ඉන්න කස්ටියත් හරිම ලස්සනයි (විශේෂයෙන්ම කාන්තා පක්ෂිකයන්)''

    අහ් එකත් එහෙමද? :)

  1. හපෝ බෑ..! මං බලන්නේ නැහැ..

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed