twitter rss

මගේ සිංහල උපසිරැසි කෙරුවාව !



ඔන්න දෙයියනේ කියල හදපු මුල්ම සිංහල උපසිරස ෆිල්ම් එක අද ජන්ජාලෙට දාල තියෙනව. ඒක දකිනකොටනම් සැහෙන්න සතුටුයි. මොකද මේ වැඩේ පටන්ගත්තෙ හිතේ තිබ්බ ලොකු ආසාවකට. මොකද ඔෆිස් එකන් එලියට ඇවිල්ල මේ වැඩේ කරන්න ගිහාම වෙන කිසිම දෙයක් කරන්න වෙන්නෙ නැ. හැබැයි ඉතින් සබ් වලින් 90% විතරම හැදුවෙ ඔෆිස් එකේදි video & sub සන්සන්ධනාත්මකව ගැලපීම විතරයි ගෙදරදි කෙරුවෙ . ඒක නිසා මගේ පූර්ණ ගවුරවය මම වැඩ කරන තැනට හිමිවිය යුතුයි (ඒකෙ ලොක්කො එහෙම දන්නවනම් මගේ තට්ටෙ පලයි).

කොහොම උනත් ආසාවට පටන් ගත්තට ලයින් 100ක් විතර කරගෙන එනකොටනම් වැඩේ එපා වුනා. දමල ගහලා වෙන වැඩක් කරන්නයි හිතුනෙ. නමුත් ඉතින් වැඩක් පටන් ගත්තොත් කොහොමහරි ඉවර කරන පුරුද්ද නිසා කොහොමහරි කෙරුව. අනිත් එක තමයි මේක තායි ෆිල්ම් එකක් නිසා තායි අදහස ඉංග්‍රීසි අදහසට හරවල ඒක තමයි මට සිංහලට හරවන්න උනේ. ඒක ලේසි නැහැ. මොකද සිංහල කතාකරන භාෂාවට ගැලපෙනම වචන හොයන්න සැහෙන්න කට්ටක් කන්න වුනා. ඒ වෙලාවට ලැබුනු මගේ සහෝදරියගේ සහයත් මතක් කරන්න ඕනෙ. කොහොමහරි මේකට හිතපු තරම් දවසක් ගියෙ නැ. දින හතරක් ඇතුලත් වැඩේ කරල ඉවර වෙන්න පුලුවන් වුනා. ඒ ඉතින් ඔෆිස් එකේ පූර්ණ සහයෝගයට පින් සිද්ද වෙන්න තමයි.

ඒ අතින් අපේ රොයිලි සහෝදරය කරන කැපකිරීම ගැන අපි හොඳ ඇගයීමක් දෙන්න ඕනෙ. ඔහු තමයි මේකෙ පුරෝගාමියා. ඔහුගේ දයිර්යමත් කිරීමත් මට ලොකු පිටුවහලක් වුනා.ඒ වගේම අපේ බයිස්කෝප් එකේ Umesh Leelasena සහ Isira Gunathilake කන කට්ටට ස්තූති කරන්න ඕනෙ. ඉදිරියටත් හොඳ ෆිල්ම් වලට සබ් දාන්න හිතාගෙන ඉන්නව. කැමති ෆිල්ම් එකක් එහෙම තිබ්බොත් mail එකක් එවන්න.

මෙන්න මේකෙන් කැමති කස්ටියට ෆිල්ම් එකයි, සිංහල උපසිරසියි බාගත කර ගන්න පුලුවන්.

Phobia 2 (2009) | ඇත්තටම ඔබටත් බිය දැනෙනවද? [සිංහල උපසිරැසි සහිතව]




  1. හොද වැඩක් නෙ කරලා තියෙන්නේ..නියමයි!

    මම නම් ඔය බය හිතෙන ඒවා බලන්න බයයි..මේක ගොඩා...ක් බය හිතෙන එකක්ද.. නැත්නම් අර Paranormal activity වගේ එකක්ද?

  1. @ LG; අපෝ Paranormal activity එකනමි මට නිකන් විකාරයක් වගේ. නමුත් මේක නම් ඊට වැඩිය ගොඩක් වෙනස්. මේකෙ කතා 5ක් තියනව. මුල්ම් එකේ නම් හාමුදුරු නමක් ගැන තමයි පෙන්නන්නෙ. ඒකට ටිකක් විතර බය වෙනව. හැබැයි අන්තිම එකනම් මාරේ මරු. නියම කතාව අන්තිම එක තමයි. ඒකෙ විහිලු වලට බර විදියට තියෙන්නෙ. සමස්තයක් ගත්තහම මුලු ෆිල්ම් එකම ඉතා අනර්ගයි කියල කියන්න පුලුවන්

  1. niyamai machan . . .. ela kiri . . onna ohoma ne inna ona . . wada patan gatta nam kohoma hari saartakawa iwara karanna ona . . loku deyak ganna tiyenawa ube lipiyen . .. . ela

  1. @ දුකා : බොහොම ස්තූතියි දුකා අය්යෙ කමෙන්ට් එකට.

  1. එළ වැඩක්... ජයෙන් ජයම වේවා.. ඉදිරියටත් බයිස්කෝප් සිංහලෙන් සමඟ ඉඳිවි කියල බලාපොරොත්තු වෙනවා. ;)

  1. පට්ටො මේ දැන්ම බාමි

  1. එල එල, keep it up machan

  1. කියන විදියට නම් හොදයි වගේ මාත් බාගත කරන්න කියලා රික්වෙස්ට් එකක් දාන්න ඕනි...

  1. @ malee_msg : ඒකනෙ ඉතින් , රොකියා වැඩක් කෙරුවොත් ඉතින් ඒකෙ ආයෙ අහන්න දෙයක් නැහැනෙ (අලයක්ම තමයි)

  1. එළ එළ නියම වැඩක්..

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed