twitter rss

ගෙදර ඉඳම්ම 3D ෆිල්ම් බලන්න පුලුවන්ද ?



මේක මට ආපු ලොකු ප්‍රශ්නයක්. මොකද මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වෙන Avater චිත්‍රපටය, 3D ක් නිසා මටත් ඕනෙ උනා මේක ගෙදරදි අපිට 3D ආකාරයෙන්ම බලන්න පුලුවන්ද කියල. මොකද මේක සිනමා ශාලාවෙදි බලපු මගේ යාලුවො එහෙම කියුවෙ මේක 3D සහිත සිනමා ශාලාවකින් බලනකොට හරියටම තේරුනේ හරියට "පැන්ඩෝරා" කැලේ ඉන්නව වගේ කියලයි. දැන් අහන්න එපා මමත් ඇයි යාලුවොත් එක්කම සිනම ශාලවකට ගිහිල්ල මේක බැලුවෙ නැත්තෙ කියලා.

ඉතින් මම මේක ගැන පොඩ්ඩක් සොයල බැලුවා ගොදරදී මේ 3D විදියට අපිට බලන්න පුලුවන්ද කියල.
මට දැනගන්න ලැබුන විදියට අපේ තියන නිකම් DVD player එකකින් සහ නිකන් LCD TV එකකින් මේක කරන්න බැහැ.මේකට Blu-ray Disk දාවනය කරන්න පුලුවන් player එකක් ඕනෙ. ඒ වගේම මෙයට 1080 HD TV එකකුත් උවමනා වෙනව. නමුත් මේ Blu-ray players සාමාන්ය players වලට වැඩිය මිලෙන් ඉතා වැඩියි. තව මෙය සඳහාම වෙන්වුනු කන්නාඩි විශේෂයකුත් පැලඳිය යුතුයි. ඒ වගේම මේක බලනකොට අපිට හොඳින්ම මේය 3D විලාශයෙන් බලන්නනම්,
  • TV එකේ brightness ටිකක් වැඩි කර ගන්න ඕනෙ. මොකද අපි පලඳින කන්නාඩි යුගලයේ ඇති red/blue lenses, brightness වැඩි අවස්තාවේදි හොඳින් pictures ග්‍රහනය කර ගැනීම.
  • පුලුවන් තරම් අඳුරේ මෙය බලන්න ඕනෙ.ඒකෙන්අපේ ඇස් තුල ඇතිවෙන double-vision කියන එක අඩුකර ගන්න පුලුවන්
  • අනිතෙක TV එකට ටිකක් ලන්වෙලා මෙය නැරන්බීම.
ඉතින් මේ මොන දේ කරන්නත් ඉස්සෙල්ලම Blu-ray player එකක් ගන්න එපැයි. දැන් ඉඳලම ඒකට සල්ලි එකතු කරන්න ගන්න ඕනෙ. එතකොට Avater එකේ Blu-ray පිටපතක් ආපු කාලෙකට බලන්න පුලුවන්.
වැඩි විස්තර ඕනෙ අයට මෙන්න මේක වැදගත් වේවි.



  1. affata siri . . ubath hoya ganan ewa kollo. . .. ela ela . . .maat salli ekatu karannam eayin ekak ganna . . .

  1. මේසදහා,

    3D සහිත BluRay දාවකයක්, (හැම Blu-Ray player එකකම බෑ.) 3D BluRay Disk එකක් (නිකන් Blu-Ray Dish එකකුත් බෑ), HDMI 1.4 Cable එකක්, 3D TV එකක් (TV එකද 3D විය යුතුයි) වගේම 3D TV එක්ක එන කන්නඩි දෙකක් උවමණායි. 10 දෙනෙක් බලනවානම්, කන්නඩි කුට්ටම් 10යක් ඕනේ.

    එක එක TV සාදන්නම් විසින් එක එක 3D Spec බාවිතා කරනවා, DolyTue D වගේ, එම නිසා TV එක සමග එන කන්නාඩි කුට්ටම එම වර්ගයේ TV එක්ක පමණයි.

  1. විෙශ්ෂ කන්නාඩියක් තියනවනම් සාමාන්‍යය LCD ඒකකින් බලන්න පුලුවන්,
    කණ්නාඩිය EBAY ඒෙකන් $3කට ගන්න පුලුවන්. 3D FILM ඒක ෙමතනින් බාගන්න
    http://btjunkie.org/torrent/The-Final-Destination-3D-2009-DVDRip-XviD-No-Rars/403269e3701a167a36e450ac51409680467ed591ad28

  1. මේ මාසේ විතරයි ඇවේටර් මෙහෙ සිනමා එකේ තියෙන්නේ..ඉතින් බලන්න යන්න බැරි වුණොත් මේවිදියට වත් බලන්න තමා වෙන්නේ ;-)

    [හැබැයි දැන්ම නෙමෙයි...සල්ලි හොයන් මේ ආම්පන්න ටික ගත්ත දවසකට ..හික්ස්..]

  1. @ දුකා ; ඒකනෙ දෙන්නම එකම කඩෙන් ගමු එතකොට පොඩි ඩිස්කවුන්ට් පාරක් දාගන්න පුලුවන් මුදලාලියට කියලා.

    @ කාලින්ග ; බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට

    @ එදිරි ; කන්නාඩි කුට්ටමකුත් ගන්න ඕනෙද මේකට !

  1. කන්නාඩි ඕන වෙන්නේ ඇයි. ඒකෙන් මොකක්ද වෙන්නේ.

  1. @ Anonymous ; මමත් මේ ගැන වැඩි විස්තරයක් නම් දන්නෙ නැ. නමුත් මට හිතෙන්නෙ මේ කන්නඩි වලින් අපි බලන TV එක හෝ ස්ක්‍රීන් එකින් පිටත් තියන දේවල් බැහැර කිරීමක් කරනව. වැඩි විස්තරයක් මෙන්න මේකෙන් බලාගන්න පුලුවන්

    http://www.epanorama.net/documents/pc/3dglass.හ්ට්ම්ල්

    මේ තියෙන්නෙ ඒ කන්නඩි දෙකක පින්තූරයක්

    http://upload.wikimedia.org/wikipedia/commons/0/0a/Master_system_3d_glasses.jpg

  1. @ANONYMOUS

    කන්නාඩි උවමණා වෙන්නේ, 3D පෙනීමට අපිට Stereo vision එකක් ලැබිය යුතුයි. අපේ ඇස් දෙකක් තියන නිසා තමයි අපිට දුර, උස වගේ දේවල් තේරෙන්නේ, නමුත් එක ඇසක් නම් මේක හරියට පේන්නේ නෑ.

    TV වල අපිට පේන්නේ MONO රූපයක්, ඇස් දෙකටම එක සමානව, නමුත් 3D වලදී ඇස් දෙකට වෙන වෙනම රූප ලැබෙනවා, මේ දෙක එකම තිරයකින් ලැබෙනකොට වෙන් කොට හදුනා ගග්න තමයි කන්නඩි දාන්න ඕනේ.
    එවිට වම් ඇසට අදාල රූපය තිරයේ දිස්වෙනකොට දකුනු ඇස වැසෙනවා, මේ ආකාරයෙන්, දකුනු ඇසේ රූපය පෙනෙනකොට වම් ඇස වැසෙනවා, මේ දේ කරන්න තමයි කන්නාඩි ඕනේ.

    නැතිනම් වම හා දකුණට වෙන වෙනම් රූප වාහිනී තිර සවිකොට, වම දකුනට, දකුණ වමට නොපෙනෙන ලෙස සකසන්න ඕනේ, ඒ කියන්නේ නහය මැද්දෙන් තප්පයක් බැදලා :D

  1. අපේ රටේ සිනමාහල් වල ඔය කියන ත්‍රිමාණ චිත්‍රපට බැලීමේ හැකියාව තියෙනවද?

  1. @ කාලිංග ; පැහැදිලි කිරීමනම් සුපිරි.

    @ ම.ම.හි ; මම දන්න විදියට දැනට නැහැ.

  1. 3D TV විකාශන අයුඅරු http://madhukaudantha.blogspot.com/2009/10/stages-to-get-live-3d-tv-into-home.html

    Intel සමාගම අනාගත(2015) රූපවාහිනිය මූර්තිය http://mahasinhalaya.blogspot.com/2009/12/intel.html

  1. Guys, the Avatar film uses a technology that's quite different from the rudimentary red-blue lens contraption suggested by some of you. You absolutely cannot watch this sort of a 3D movie with your ordinary LCD/Plasma and a Bluray player. The Final Destination link someone's given is not a 3D movie, merely a 2D rip of the DVD.

    They are going to introduce proper 3D TVs in the middle of this year.

  1. Hall එකකට ගිහින් බලනවා මං.. වැඩේ ලාබයිනේ..

    මේ ඇත්තටම මොකෝ යාළුවෝ එක්ක ඔබතුමා නොගියේ? :පී

  1. @ malee_msg ; ඕකනෙ කියන්නෙ අහන්න එපා කියන එකමයි අහන්නෙ, උන් ඉන්නෙ වෙන රටක මම ඉන්නෙ වෙන රටක ඒකයි හේතුව.අනිත් එක මම ඉන්න රටේ පිචර් හෝල් තහනම්ය!

  1. ඉතිං ඕක මුලින්ම කියලා තිබ්බා නම් ඉවරයිනේ.. :පී

  1. මම මේ බ්ලොග් එකේ දාන කොමෙන්ට්ස් පබ්ලිශ් වෙන්නෙ නෑනෙ..ඊයෙ මුලින්ම කොමෙන්ට් එකක් දැම්මා, කලින් පෝස්ට් එකට රිප්ලයු කොමෙන්ට් එකකුත් දැම්මා ..මොකද්ද දන්නේ නෑ සීන් එක?

  1. @ LG ; අනේ දන්නෙ නැ මචෝ මොකද්ද කියල අවුල ! හිතලනම් එහෙම දෙයක් කෙරුවෙ නැ.

  1. රොකී මචො හොඳ පෝස්ට් එකක්....ඉස්සෙල්ලම..ස්තුතියි...

    මට 3D උන හැදුනෙ අවු 15 කට විතර කලින් රුබී එකේ වගෙ මතක 3D ෆිල්ම් එකක් බැලුව.
    එදා ඉදන් තිබුනු එකක් නිසා 3D ෆිල්ම් නෙට් එකට අපු ගමන්...
    බලන්න ව්දියක් හෙව්ව...අන්තිමට හොයා ගත්ත....දැන් මාස 5ක් විතර ඉඳන් මම හැම ෆිල්ම් එකක්ම 3D බලනව...

    එක වෙන්නෙ මෙහෙමයි... මුලින්ම 3D කන්නාඩි යුගලක් ඔන වෙනව...ඒක ලංකාවෙ නම් හොයල හොයල බොහොම අමාරුවෙන් මහරගම ඇමිටි බිල්ඩින් එකෙ...
    "The CD Shop" එකෙන් හොයාගත්ත එකක් රු:1500/= ebay එකෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුලුවන්...

    ඊලඟට 3D DVD එකක් ඔනම DVD player එකක දාල ඔනෙම Tv එකක බලන්න....මතක ඇතුව කන්නාඩි 2 ඇහේ දාගන්න...
    නැත්තන් 2D තමයි පේන්නෙ...
    ඒ වගේම කම්පියුටර් එකෙ ඔනෙම ප්ලේයර් එකකත් බලන්න පුලුවන්...

    මෙකෙ වදගත් කාරනයක් වෙන්නෙ ටීවී එක හෝ කම්පියුටර් මොනිටර් එක විසාල වෙන තරමට නියම 3D අත්දැකීමක් ලබන්න පුලුවන්...
    ඒ වගෙම තිරයෙ ඉදල ඔබ ඉන්න දුර අනුව 3D ගැඹුර වෙනස් වෙනව.... එ වගෙම තිරය හරි මැද ඉදන් බැලුවොත්The-Final-Destination-3D film
    එකෙ කාර් එකෙන් ගැලවිල එන යකඩ කෑල්ලක් ඔයාගෙ නහයට ඇවිත් වදින එක විඳ ගන්න පුලුවන්...(තව සීන් තියෙනව...)

    මෙකෙ වදගත් කාරනයක් වෙන්නෙ ටීවී එක හෝ කම්පියුටර් මොනිටර් එක විසාල වෙන තරමට නියම 3Dඅත්දැකීමක් ලබන්න පුලුවන්...

    ඊ ලඟට ස්ටීරියෝ කොපික් කියන වර්ගයෙ 3D ෆිල්ම් ඔයාලට නෙට් එකෙන් බාන්න පුලුවන්....
    ඒව බලන්න පුලුවන් Stereoscopic Player එකෙන් විතරයි... Stereoscopic Player එක මෙතනින් බා ගන්න..
    http://extratorrent.com/torrent/2422522/Stereoscopic+Player1.7.1+incl+crack.html

    දැන් 3Dෆිල්ම් නම් බලන්න පුලුවන්නෙ.... ඒත් හැම එකක් ම බලන්නෙ කොහොමද....... එක කරන්නෙ මෙහෙමයි..

    හැම එකක්ම 3D විදියට බලන්න ( 3D නොවන සාමාන්‍ය ෆිල්ම් ) මුලින්ම CyberLink PowerDVD v.11 instol කරගන්න...ඒක මෙතනින් බාගන්න...
    http://download.cnet.com/3001-13632_4-10352449.html?spi=5686c02ca6243c2636cf2504ff1afe23
    ඒකෙ දකුනු කෙලවරේ තියෙන 3D බට්න් එක ක්ලික් කරාම ඔයාට ෆිල්ම් විතරක් නෙවේ ෆොටොස් වුනත් 3D විදියට බලන්න පුලුවන්.....

    මම මගෙ PC එක මොනිටර් එක වෙනුවට LCD 32" ටීවී එකට කනෙක් කරල තමයි ෆිල්ම් බලන්නෙ... වෙන කිසිම දෙයක් ඔන වෙන්නෑ...

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed