twitter rss

ලෝකේ හොඳම හැකින් ( Hacking) සහ පරිගණක තාක්ෂණය සම්බන්ද චිත්‍රපටි

තේරීම


අද මාර කම්මැලි දවසක්, office එකේ පරන වෙවී තිබ්බ වැඩ ටිකත් ඔක්කොම ඉවර කෙරුවා. ජංජාලෙත් රවුමක් දැම්මා. කම්මැලි කමත් යන්ඩ කියල අද මම කියනම් දැනට ලොකේ හැකින් (hacking) සහ පරිගණක තාක්ෂණය පිලිබඳව නිපැවුනු හොඳම චිත්ත්‍රපටි ටිකක් ගැන.

මම මෙහෙම එකක් දාන්න හිතුවෙ, දැන් අපිට හම්බෙන්නෙ ගොඩක් මෑත කාලීනව නිපැවුනු චිත්‍රපටි නිසායි. මෙතනදි මම 1983 ඉඳල චිත්‍රපටි ඇතුලත් කරල තියනව. වෙලාවක් ලැබුනොත් බාගෙන බලන්න.

1. Sneakers (1992) -









ටිකක් විතර පරනයි. නමුත් හොඳටම රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක්,

2. Live Free or Die Hard (2007)



මේකනම් ඉතින් මෑත කාලීනව ආපු එකක් නිසා ගොඩක් අය බලල ඇති

3. War Games (1983)



මේ මූවි එක මම ඉපදෙන්ඩත් ඉස්සෙල්ලා ගහපු එකක්. එදා කාලෙ මේ ෆිල්ම් එක ගහල තියෙන්නෙ අදට එනම් 2005 වගෙ වෙන දෙයක් තේමා කරගෙන. මේ ෆිල්ම එකෙන් තමයි මුලින්ම හැකින් (Hacking) වලින් කොතරම් විනාශයක් කල හැකිද කියල ලෝකෙට දැනෙන්න සලස්වල තියෙන්නෙ. ඒ වගේම nuclear weapons ගැනත් මේ ෆිල්ම් එකෙන් පෙන්නල තියනව.


4. Untraceable (2008)



මේකනම් මම බලපු ගොඩක් රසවත් චිත්‍රපටියක්. කතාව වෙන්නෙ, FBI එකේ ඉන්න නිලධාරිනියකට පැවරෙනව අන්තර්ජාලයේ කරන අමුතුම ජාතියෙ අපරාදයක් ගැන හොයන්න. මේක අසාමාන්ය විදියට කෙරෙන අපරදයක්. අපරාදය මොකද්ද කියල කියන්නෑ. එතකොට අගය නැති වෙන නිසා.

5. Takedown (2000)



මේකනම් ඕගොල්ලො ඔක්කොමල්ලම බලන්න ඕනෙ ෆිල්ම් එකක්. මෙ ෆිල්ම එක සත්ය සිදුවීමක් පාදක කරගෙන හදපු '
Kevin Mitnick' කියන හැකර් වටා තනපු ෆිල්ම එකක්.මේය එසේ මෙසේ හැකර් කෙනෙක් නෙමෙයි. FBI එකත් හැක් කරපු එක්කෙනෙක්. වැඩිවිස්තර ඕනෙනම්, විකිපීඩියා පැත්තෙ රවුමක් දාන්ඩ.

මෙන්න මේවයි එයා කරලා තියන හපන්කම් :-

Confirmed criminal acts

6. Hackers (1995)


මේකෙ ඉන්නෙ අපි කවුරුත් අදුනන සුරූපි නිලියක් වන Angeline Jolie , ඇයට පරිගණකයේ ඕනෙම geek එකක් විසඳන් කරන්න පුලුවන්.


  • වෙලාවක් සෙට් වුනෙත් මේවත් බලන්න

7. Antitrust (2001)

8. Swordfish (2001)

9. The Net (1995)

10. Eagle Eye (2008)


මෙතනදි මම සඳහන් කෙරුවෙ 'English movies' විතරයි. මොකද මම සාමාන්යෙන් නරබන්නේ ඉංග්‍රීස් මූවීස් විතරක් වීම. දන්න අය ඉන්නවනම් අනිත් භාෂා වලින් හොඳ ෆිල්ම්ස් ටිකකුත් දාන්න.
  1. "මෙතනදි මම සඳහන් කෙරුවෙ 'English movies' විතරයි. මොකද මම සාමාන්යෙන් නරබන්නේ ඉංග්‍රීස් මූවීස් විතරක් වීම. දන්න අය ඉන්නවනම් අනිත් භාෂා වලින් හොඳ ෆිල්ම්ස් ටිකකුත් දාන්න."


    ඕවයෙ බොලිවුඩ් ඩුප්ලිකේට් ඇති සමහරවිට. :))

  1. මේක බලලා තියනවද ? මම ආස එකක්. මේකත් හැකිං වලට තරමක් සම්බන්දයි.


    Firewall

  1. @ ශාකුන්තල:- අනිවා ඇති.

    @ lankasand :- ඇහුවෙනම් අදයි. සෙවිල්ලක් දාල බලමු.

  1. කාලයක් ගියා The Net කියලා TV series 1. ඒකත් නියමයි

  1. visit this kadapila page has lot of hacking stuff(Hackers Movies Hacking Documentorys Computer's History)
    download it using the attached torrent.
    click the link 2 get the torrent.
    kadapila forum Hackers Movies

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed