‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ඇත්තටම බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්ද?
‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක් -
http://www.silumina.lk/2013/02/03/_art.asp?fn=av1302039
http://lankacnews.com/sinhala/main-news/89705/
බුද්ධ චරිතයට නිගරු කළ සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය -
http://www.gossip9.com/2013/01/siddhartha-gauthama-movie-srilanka.html
ලිපිය අවසානයේ කියන්නේ, චිත්‍රපටියවත් හරියට නොබලා ඒ ගැන විචාර ලින මිනිස්සුත් හරියට අර ෆේස් බුක් එකේ හැංගි හැංගි ගල් ගහන වීරයෝ වගේ තමයි. මං ඇත්තටම දන්නේ නැහැ කාගේ උවමනාවට ලියු විචාරද මේවා කියලා. මේවට කමෙන්ට් කරලා තියෙන මිනිස්සු දැක්කහම ඇත්තටම දුකයි. ලංකාව වැනි රටක මෙවැනි වෙනම පසුතල නිර්මාණය කරලා සහ මෙවැනි වියදමක් යොදා සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ නිපන්දවෙන චිත්‍රපටි හුඟක් අඩුයි. ඒ නිසා මේ එක එක මිනිස්සුන්ගේ විචාර ගැන තැවෙන්නේ නැතුව, ඔබට විචාරයක් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් චිත්‍රපටය නරඹලා ඒ ගැන අදහස් පලකරන්න. නැත්තන් මේ චිත්‍රපටය බුදුන්ට අගෞරවයක්, මේක තහනම් කරන්න ඕනේ වගේ මන්ද බුද්ධික ප්‍රකාශ කරන්න එපා.
-
උඹ ගැන පැහැදෙනවා.. අඩුගානේ උඹ චිත්‍රපටිය බලලනේ විචාරෙ ලිවුවේ..
-
මේ ගැන මුකුත් කියන්න දන්නෙ නැහැ.මොකද මම තාම මේ චිත්‍රපටිය නැරඹුවේ නැහැ.බැලුවට පස්සේ ලියන්නම් . .
-
Anonymous February 5, 2013 at 3:54 PM
සහතික ඇත්ත මචන් කාරණේ!!!
-
අවුරුදු 35 ද ගිහිගෙයි කලකිරිලා ගියේ? :p මං හිතුවේ(අහල තිබුනේ) 29දි කියලා.
-
Anonymous February 5, 2013 at 6:19 PM
දෙයක් කියන්න ඕනි. මම මේක බලන්න නොගියේ ලංකාවේ සිනමාව ගැන තියන කලකිරීම නිසා.අර මහින්දාගමනය චිත්‍රපටයේ රජ්ජුරුවොන්ගේ තේජස පෙන්නන්නේ, පටන්ගන්න්කොටම වැවක නාන ගෑනියෙක්ගේ කොන්ඩෙන් අල්ලාගෙන රජ්ජුරුවොන්ට බුදියාගන්න අන්තප්පුරේට ගෙනියන එක. මියුසික් එහෙම දාලා නියමට ඒ කෑල්ල පෙන්නනවා.මං අහන්නේ ඒ කාලේ හිටපු රජ කෙනෙක්ගේ තේජස ගැන පෙන්නන්න ඊට වැඩිය හොඳ දෙයක් අධ්‍යක්ෂකවරයාට හිතා ගන්න බැරි උනාද කියන එක.
මේ චිත්රපටියෙවත් ඒ වගේ ගොන් ආතල් නැතුව ඇති කියල හිතනවා.
මේකයි චිත්‍රපටියට කොච්චර සල්ලි වියදම් වුනත් නළු නිළියන්ගේ දක්ෂතාව මත සෑහෙන ආකල්පයක් මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඒ උනාට අර "රොෂාන්" වගේ නළුවෝ කියාගන්න මිනිස්සුගේ ඒ හැකියාව ගැන ඉතින් දන්නෝ දනිති.
"සිංහල චිත්‍රපට බලන්න ගිහින් මටත් අන්තිමට ගිහි ගෙයි කල කිරෙනවා හුඟක් වෙලාවට"
-
හොඳ උත්සාහයක්.. හැමෝම වැරදියි කියලා කෑ ගහද්දි.. ඔබට නිවැරදියි කියලා හිතෙනකොට.. නෑ ඒක නිවැරදියි කියලා කියන්න... තර්ක කරන්න තරම් හයියක් ඔබට තිබෙනවා.. මා එයට ගරු කරනවා... තව කාලෙකට.. සල්ලි දීලා චිත්‍රපටි බලන්න අදහසක් නෑ.. එහෙම සල්ලි තිබුණොත්.. ඒකෙන් පොඩි එවුන්ට කඩල ගොට්ටක් අරං යනවා.. ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ..
-
බලන්නේ නැතිවනං මොනවත්ම කියන්න බැහැ. හැබැයි බොහෝ දුරට මං ඕක බලන එහෙකුත් නැහැ. බුද්ධ චරිතය ගැන මං බලපු හොදම ෆිල්ම් එක තමා “ලිට්ල් බුද්ධා“ ඒ හැර මං සාමාන්‍යයෙන් ඔය වගේ චිත්‍රපටිවලට ඒ හැටි කැමැත්තක් නැහැ.
-
මම මේක බලනවද නොබලනවද කියල හිත හිත හිටියෙ. බලන්න අවස්ථාවක් හොයාගන්නත් බැරි වුණා මේ වෙනකල්. දැන්නං ඕන මගුලක් කියල බලන්නයි කල්පනාව. ලංකාවෙ හදපු ෆිල්ම් නොබලපු උන්යැ අපි! ;-)
-
කතා කරලා වැඩක් නැහැ ඔය ෆේස් බුක් එකේ ඉන්න පිස්සෝ ගැන නම්, මොකක් හරි ගෘප් එකක එකක් බලලා, පිස්සු හැදිලා වගේ කෑ ගහනවා.
-
මේ චිත්‍ර පටිය විචාරය කරන්නම් එයාට බෞද්ධ ධර්මය ගැනත් හොඳ අවබෝදයක් තිබිය යුතුයි. ඒ වගේම සිදුහත් කියන්නේ මොන වගේ චරිතයක්ද කියල අවබෝධයකුත් තිබිය යුතුයි. දයාවංශ ජයකොඩි මහතාට සිනමාව ගැන අවබෝධයක් නැතිවෙන්න පුලුවන් ඔහුගේ කෝනයෙන් එය වැරදි දෙයක්විදියට දකිනව කියන එක සිනමා විචාරයක් නෙමෙයි. මම පුද්ගලිකව මේ නිර්මාණයට කැමති නෑ. කොටින්ම නිර්මාණයක් කියන්නත් කැමති නෑ. ඒ සල්ලිවලින් ආප්ප බැදල දුන්නම් ඒක හොඳයි කියන මතයේ ඉන්නේ. ඒකට හේතුව බුදුන්ට කරන අපහාසය නිසයි. ඒ නලුවාගේ රංගනයෙන් නොව තිර රචකයා හා අධ්‍යකෂක වරයාගේ දුර්වල තාවයයි. කතාවේ දුර්වල තාවය යි නිසා.
සිද්ධාර්ථ කවදාවත් ඇඬුවා කියා ඔබ අසා තිබේ ද? එයම ඇති මේ චිත්‍ර පටයේ තිර රචකයාගේ බුද්ධ චරිතය ගැන ඇත අනවබෝධය ප්‍රකාෂ කිරීමට. පටංගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් පෙන්නනේ සිද්ධාර්ත කුමාරයා අඬන එක නෙමෙයි ද? එය සැබෑවටම කරන අපහාසයක් තමයි. චිත්‍ර පටයේ ඇඳුම් පසුතල නිර්මාණය ගැන මගේ අපැහැදීමක් නෑ. නමුත් කේනුරීව්ස් රඟන Little Buddha චිත්‍ර පටය මීට වඩා බුද්ධ චරිතයට සාධාරනයක් කර ඇත.(ඔබ එය නරඹා ඇතැයි සිතමි)
-
තාම මේ චිත්‍රපටිය බැලුවෙ නෑ මමත්, අපේ පැත්තට එද්දී සෑහෙන්න කාලයක් යාවි.. එතකං මොනවත් කියන්න බෑ.. ඉවසමුකෝ...
-
Anonymous February 11, 2013 at 8:12 AM
ඊයේ චිත්‍රපටය බැලුව.
එක දෙයකින් ඔක්කොම කියන්න පුළුවන්:"පුරුදු වෙන්න චිත්‍රපට අධ්‍යක්ෂණය කලාම ඕක තමා වෙන්නේ."
තව පොඩ්ඩක් විස්තර කොලොත්:
කතාවේ සිද්ධි අතර ගැලපීම අන්තිමයි.
චිත්‍රපටයේ කිසිම ගලා යෑමක් නෑ. නීරසයි.
සංගීතය 100% අවස්ථාවල ගැලපීමක් නෑ. අමිහිරියි.
ගෞතම චරිතය රංග පාන නළුවට පෞරුෂය මදි. දේවදත නම් හොඳයි.
අධ්‍යක්ෂණය අවුල් උනාම ඔක්කොම අවුල් වෙනවනේ ඉතින්. :)
-
සාමන්‍යයෙන් මම මේ වගේ ෆිල්ම් වලට විශේෂ කැමැත්තක් නෑ මොකද මේවා වැටෙන්නේ ෆැන්ටසි කියන ගනයට නිසා. (අපේ ෆිල්ම් වල හිස්ට්‍රි කියලා ඒවා නෑ බන් අන්න ඒකට ඉන්ග්‍රීසි ෆිල්ම්ස් - ග්ලැඩියේටර්, එලිසබෙත්, රෝයල් එෆෙයා එහෙම)
මෑතකදී බලපු සිංහල ෆිල්ම් වලින් හිතට අල්ලම ගියේ සිකුරු හතේ ෆිල්ම් එක.
ප්‍රසන්නගේ ආකාස කුසුම් බලලා එලියට ආවේ ත් අපරාදේ පැය දෙක කියලා හිත හිත.
හැබැයි අබා ෆිල්ම් එක නම් මට සෑහෙන හොඳ තත්වයක තිබ්බා.
ලඟදී තිසා ශෙයා කරපු පරාක්‍රමබාහු ෆිල්ම් එකත් හොඳට තියෙයි කියලා හිතනවා.
අහ් උඹේ ලිපියට අදාලව කතා කරනවනම් මල්ලී
ෆිල්ම් එක බලන්නෙත් නැතුව ට්‍රේලර් එක බලලා මුලු ෆිල්ම් එකම විවේචනය කරපු එක නම් පට්ට ජෝක් එකක්.
සිදුහත් කුමාරයා රාහුල උපන්දා හොරෙන් ගිහි ගෙයින් ගියා කියන සංසිද්දිය ට මමත් පුද්ගලිකව කැමති නෑ.
යසෝදරා ගන කියවෙන හැමතැනම කියන්නේ ඈ සිදුහත්ට ඔහුගේ පරමාර්ථ ඉෂ්ට කර ගන්න උපරිම සහයෝගය දැක්වූවා කියලා.
එහෙව් එකේ ඇයි සිද්ධාර්ථ ඇයට හොරෙන් යන්නේ.
මේ ෆිල්ම් එකේ තියෙනවා කියන කන්සෙප්ට් එක තමයි මම හිතන්නේ සිද්ද වෙන්න ඇත්තේ කියලා.
හොඳ ලිපියක් මල්ලී . . බලමු මේ ෆිල්ම් එක බලන්න ලැබුනට පස්සේ මේ ගැන මට හිතුනේ දේ කියන්නම්
-
අය්යෝ දුකා ෆැන්ටසි බලන්නේ නැද්ද , මගේ නම් ෆේවරිට් කැටගරි එක . හැබැයි "මුද්දේ මහ එකා " ටත් වඩා හොඳ ෆැන්ටසි මෙහේ සැලලිහිණියගෙ එහෙම පෙන්වනවා , අන්න ෆැන්ටසි .
දයාවංශ මහත්තය කන්සෙප්ට් එකටම විරුද්ධ නම් ඒක විතරක් සඳහන් කල යුතුයි , නමුත් ඔහු ඒක සනාථ කරන්න ට්‍රේලර් එකෙන් කැලි අහුලන එකෙන් තමයි නාගන්නේ . කොහොම වුනත් මම සිද්ධාර්ථ කුමරු ගැන චිත්‍රපටයක් කිරීම ගැන කිසිම විරෝධයක් නෑ , චිත්‍රපටිය ගැන අදහස් නැරඹුවාට පස්සෙ සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා