twitter rss

මගේ උපසිරැසි 50 හේ ගමන....



අද දවසේ මම මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය සුම් තුලින් ලබාදුන්නා. සුම් සමඟ එක්වෙලා ලොකු දේවල් කරන්න බැරිවුනත් කණ්ඩායම් හැඟීම එක්ක අපි අලුත් දෙයක් උපසිරැසි කලාවට වගේම ඉන් ඔබ්බට ගිහිල්ලා අපි ලබාදුන්නා. ඒ නිසා තමයි උපසිරැසි කලාවෙන් මුලින්ම සිංහල උපසිරැසි සහිතව ටෙලි නාට්‍ය මාලාවක් ලෙස කොටස් 12කින් යුත් Simbad ටෙලි සිත්තම නොකඩවා සති දොළහක් පුරා ගෙන එන්න පුළුවන් වුනේ. ඒ නිසා තමයි අපේ නිර්මාණ වසර දෙකක් වත් වයස නැති මේ සුම් අඩවියෙන් මෙතරම් පිරිසක් බාගත කිරීම් කරල තියෙන්නේ. ඇත්තටම The Amazing Spider-Man (2012) චිත්‍රපටය මේ දක්වා 6700ක‍ට අදික පිරිසක් වාර්තාගත ලෙස බාගත කිරීම් කරල තියෙන්නේ. ඇත්තටම එහෙම දැකීමත් හිතට ලොකු සතුටක්. මොකද මම ඇත්තටම උපසිරැසි ගැන්වීම් කරන්නේ මගේ රැකියා කරන කාලය නිමවී නිවාඩු වෙලාවක් සඳහා කරන විනෝදාංශයක් විදියටයි. ඒ විනොදාන්ශයෙන් තවත් කෙනෙක්ට උපකාරයක් වෙනවා කියන්නේ ඒක ඇත්තටම සතුටක්. 

ඇත්තටම මම මුලින්ම උපසිරැසි නිර්මාණයක් කෙරුවෙ 2010 වසරේ පෙබරවාරි මාසේ දීයි. ඒ ආපු ගමනට තවත් මාස තුනකින් වගේ අවුරුදු තුනක් සපිරෙනවා. එදා ඇත්තටම අන්තර් ජාලයේ උපසිරැසි නිර්මාණ කරුවන් හිටියේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් වගේ තමයි. එදා ඉඳල මගේ මේ 50 උපසිරැසිය දක්වා ගමනට උදවු කරපු විශේෂී කොටසක් ඉන්නවා, මුලින්ම මගේ සහෝදරියට ස්තුතී වන්ත වෙනවා, ඇය තමයි මගේ මුල්ම උපසිරැසි ගැන්වීමේ ඉඳලා උපසිරැසි ගැන්වීම් තුන හතරක් වෙනකල් මගේ උපසිරැසි ගැන්වීම් වල අඩු පාඩු හැදුවේ. ඒ වගේම සුම් සමඟ එකතු වුනු දිනයේ සිට සුම් අඩවියේ ඇඩ්මින් සහෝදරයාටත් ස්තුතී වෙනවා, ඒ වගේම මගේ උපසිරැසි වලින් වැඩි හරියකට සහයට ලබාදුන් සුම් අඩවියේ මහේශිටත් ස්තුතී වෙනවා. මම මතකයි Battleship සහ The Hunger Games වගේ නිර්මාණ වලට පැය කිහිපයක් ඇතුලත ඇය දක්වපු සහයෝගය, ඒ වගේම පනිෂර් නොහොත් දර්ශන නිශාන්තට , ඔහුත් පැය කිහිපයක් ඇතුලත ඔහුගේ හින්දි දැනුමින් Jism 2 වගේ චිත්‍රපටි වලට උදවු වුනා. ඒ වගේම මාත් සමඟ සහය වෙලා උපසිරැසි කරපු හැම කෙනෙක්ටම වගේම හැමදාම උපසිරැසි වලට අදහසක් හරි අකුරු කරල යන ඔබටත් ස්තුතී වෙනවා.

අලුතින් ලියන්න පටන් ගත්ත පිහාටුවක් වගේ කතාවේ වැඩත් කරගෙන යනවා අපි මේ දවස් වල නවකතා පිටුව පොඩි අලුත් කිරීමකට ලක් කරමින් යනවා. ඒ කටයුතු ඉවර කරපු ගමන්ම ඒකෙත් ඉතුරු කොටස් ටික පුළුවන් තරම් ඉක්මනටම දෙන්නම්.

ඇත්තටම රැකියාවේ ස්වභාවයත් අනුව දැන් ඉස්සර වගේ නිදහස් කාලයක් ලැබෙන්නේ බොහොම අඩුවෙන් නමුත් එවැනි වෙලාවක් ලැබුණු විට අනිවාර්යෙන් ඔබේ රසවින්දනයට ඉදිරියටත් උපසිරැසි ගෙන එනවා කියල පොරොන්දු වෙන්ව. පහලින් තියෙනවා මගේ මුළු උපසිරැසි ගන්වපු චිත්‍රපටි සියල්ලම.



























25. Toy Story 3 (2010)




21. My Name Is Khan (2010) 

20. Fantastic Mr. Fox (2009)

19. The Collector (2009)

18. Revolution [2012] Episode 2

17. Arrow [2012] Episode 3 

16. Arrow [2012] Episode 2

15. Arrow [2012] Episode 1

14. Sinbad [2012] Episode 12

13. Sinbad [2012] Episode 11

12. Sinbad [2012] Episode 10

11. Sinbad [2012] Episode 9

10. Sinbad [2012] Episode 8

09. Sinbad [2012] Episode 7

08. Sinbad [2012] Episode 6

07. Sinbad [2012] Episode 5

06. Sinbad [2012] Episode 4

05. Sinbad [2012] Episode 3

04. Sinbad [2012] Episode 2

03. Sinbad [2012] Episode 1

02. Merry Madagascar (2009)



Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails
There was an error in this gadget

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed