අද සින්ඩියෙ ආදර වන්තයින් උදෙසා ලියවෙන ලිපි ගොඩයි. හැබැයි මමනම් ලියන්න හදන්නෙ ඒකට සම්බන්ද ලිපියක්නම් නෙමෙයි.
සිකුරාදා අපිට ඉතින් නිවාඩු දවසනේ. මාරම කම්මැලි නිසා යාලුවොත් එක්ක පොඩ්ඩක් එලියට යන්න හිතුවා. මොකද මේ දවස්වල එලියෙ කාලගුණෙත් නියමයි. මතක ඇතිනේ, දැනට දින දෙක තුනකට ඉස්සෙල්ල 7.5 ට විතර අඩුවෙලා තිබ්බත් දැන් දැන් ඒ තත්වෙ හොඳ වීගෙන එනවා. ඉතින් යන්න ලඟපාත තැනක් වෙන්නත් ඕනෙ නිසා අපි ගියා සවුදි වල ඉඳලා බහරේන් දක්වා ඉදිකරලා තියෙන පාලම බලන්න. ගමනට මාත් එක්ක තව යාලුවො දෙන්නෙක් සහබාගී වුනා. ඔවුන් දෙදෙනාම මීට පෙර මෙය නරබලා තියෙනවා. මම තමයි ඉතින් මැජික් එකක් බලන්න යනවා වගේ වාහනේට නැගලා පාලම බලන්න යන්න පිටත් වුනේ.
මේ පාලම බලන්න යන ගමන් මම ඉතින් මගේ ලැප් එකෙන් පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවා මේ පාලම ගැන විස්තර, මේක ඉදිකරලා තියෙන්නෙ 26th November 1986 දිනයේදියි. ඒ සවුදි රජයේ සහ බහරේන් රජයේ මිත්‍රත්වයක් වශයෙනුයි. පාලමේ මුලු දිග 28Km වෙනවා. ඒ අතරින් මේ පාලම හරි මැද ඔවුන් පස් වලින් ගොඩකරගත් කෘතීම දූපතක් සාදා එය රටවල් දෙක අතර දේශ සීමාව කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විස්තර ටිකත් බලාගෙන ගමන ගියා. කොහොමහරි ගමන යනකොට මෙම පාලම ඈතට දිස්වෙනකොටයි තේරුනේ මේකෙ තියන විශ්මයජනකත්වය. ඈතට පේන්නෙ, හරියට කෙලවරක් නොමැති පාලමක් වගෙයි.
මේ තියෙන්නෙ ඈතට දිස්වෙන අයුරියි.

* ඊට පස්සෙ සවුදියට සහ බහරේන් රටට අයත් විශාල tower දෙකක් තියෙනවා. ඒක උඩටත් නැග්ග ඉතින් අපි.
මේ තියෙන්නෙ අපි දැන් නැගපු tower එකයි.

ඔන්න ඉතින් දැන් මේකෙ උඩටත් නැග්ගයි කියමුකෝ. මටනම් ඇත්තටම විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. මේ වගේ දර්ශනයක් අපිට සාමාන්‍යන් දකින්න ලැබෙන්නෙ, ගුවන්යනයක් landing & take-off කරනකොට විතරයි.
ඔය යටින් දාලා තියෙන්නෙ ඔය tower එකේ ඉහලම තට්ටුවෙ ඉඳලා ගත්ත පින්තූර් කිහිපයක්.

* අපි ආවෙ ඔය පහලින් තියන පින්තූරෙ පාලමෙන් තමයි.

* ඔය පහලිත් තියෙන්නෙ බහරේන් දක්වා දිවෙන පාලමයි. ඇත්තටම ඒකෙ කෙලවරක් නම් පේන්නෙ නෑ. ඒක තමයි විශ්මය ගනකත්වය. වෙලාවකට හිතෙනවා.මේව කොහොම මිනිස්සු හැදුවද කියලා.

* ඔය පහලින් ඉන්නෙනම් මේ බ්ලොග් එක ලියන මනුස්සයා.

මේකෙන් බහින්නම් ඉතින් හිත දුන්නෙම නෑ. ඒත් ඉතින් මොනවා කරන්නද.
ඔන්න එහෙමයි රටවල් දෙකක් යා කෙරෙන යෝධ පාලමක් මැද්දෙ තියෙන කෘතීම දූපතක කතාව ඉවර උනේ.
මෙන්න මේ ලින්ක් එකෙන් වැඩි විස්තර හොයා ගත්තෙ.

13
ඇදහස්
කියන්න කතා ගොඩයි. දන්නවනෙ මේ දින වල තියෙන කාලගුණය . ලෝකෙටම අවුලක් වෙලා තියෙන්නෙ. එහෙන් වොෂින්ටන් නගරයත් මුලුමනින් අයිස් වෙලා. ඉතින් ඔය කෙරුවාව හින්දම මෙහෙත් දැන් උදේට 7.5 °C වගේ තත්වෙක වෙලා තමයි තියෙන්නෙ. උදේට නැගිටිනකොට ඉතින් දෙයියෝ සිහිකරලා මේ රටවල් වලට ආයු වඩලා තමයි නැගිටින්නෙ. ඒ නැගිට්ටත් හැමදාම විනාඩි දහයක් හරි විස්සක් හරි පරක්කු වෙලා තමයි ඔෆිස් එකට යන්නෙ. ඒක එහෙමයි කියමුකො. ඔෆිස් එකෙත් මේ දවස් වල මෙලෝ රහක් නෑ. අරක වැඩ කරන්නෙ නෑ. මේ වැඩසටහන වැඩකරන්නෙ නෑ. ලෙඩ ගොඩයි. මමනම් ඉතින් මේ දවස්වල මොන සක්කරයා තියා සක්කරයගෙ මල්ලි වයිමා ආවත් හොඳ කෝපි කෝප්පයක් දාගෙන පැයක් දෙකක් ඉඳලා තමයි වැඩට බහින්නෙ. බහින්නෙ කියල කියුවෙ අපේ IT room එක තියෙන්නෙ උඩම තට්ටුවෙ නිසා.
ඔය හැම දෙයක්ම අස්සෙ මට ලස්සන වැඩක්ට මාට්ටු වෙන්න සිද්ද වුනා. අපේ කම්පැනියෙ IT එකේ වෙනම ඉන්ජිනේරු මහත්තයෙක් ඉන්නවා vehicle computers වල නෙට්වර්ක් සම්බන්දව ක්‍රියා කරන්න. vehicle computer කියලා කියුවේ පරිගනකයේ වැඩසටහන් ආදාරයෙන් වාහන වල දෝෂ සොයා ගන්න computers වලටයි. මෙහෙ හැම දෙයක්ම කෙරෙන්නෙ ඔය විදියටනෙ. ඉතින් අපේ කොම්පැනියටත් අනුබද්දව මේ වගේ ක්‍රියාවලි වෙනව. හොඳම වැඩේ කියන්නෙ මේ වැඩේ කරන එවුන් දෙන්නම මේ දිනවල නැහැ. එකෙක් Vacation ගිහිල්ලා. සහයට ඩැනීත් උණ ගැනිලා වැඩට එන්නෙ නෑ. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙන්නෙ බොහොම දුලඹවයි. ඉතින් අවාසනාවත්ත් ලෙස ඔය නෙට්වර්ක් එකට අදාලව අවුලක් වුනා. ඉතින් වැඩේ බාර වුනේ ......... වෙන කාටවත් නෙමෙයි මේ බ්ලොග් එක ලියන කෙනාටයි. මම ඉතින් වැඩ කෙරුවට ඔය vehicle computers ද මොකද්ද කියන ඒව සම්බන්දව මෙලෝ රහක් දන්නෙ නෑ. නමුත් ඉතින් නෝන්ඩි වෙන්නයි , එන මාසේ Salary increment එකකුත් ලැබීමට නියමිතව තියෙන නිසා වැඩේට බැස්සා. හරියට වැඩ කරන එකකුයි අල වෙච්ච එකයි ලඟ තියාගෙන දවස් දෙකක් විතර වටේ ගියා. එම වැඩසටහන ක්‍රියා කිරීමට අදාල ෆයිල්ස් ටිකක් මිසින් වෙලා තිබුනා. කොහොමහරි මෙම වැඩසටහන් අපිට නැවට ස්තාපිත කරන්න ක්‍රමයකුත් තිබුනෙ නෑ. ඒ හින්ද අල එකේ උපරිම අලයක් වුනා. කොහොමහරි වැඩේ බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තා, දින දෙකක ප්‍රතිපලයක් වෂයෙන්. ඒ වගේම අර increment ද මොකද්ද කියන එකත් හිතුවට වැඩිය හම්බුනා. මෙන්න මේක තමයි අල වෙච්ච පරිගණකය.

ඔන්න ඔය විදියටයි ඒ කතාව ඉවර වුනේ. ඒ අස්සෙ තව උහුලන්නම බැරි වැඩක් උනානෙ. ඒ තමයි මගේ සියලුම මතක ධාරිතාවන් පිරී යෑම. මතක ධාරිතාවන් කියල කියුවේ මගේ ලැප් එකට අයත් 320 GB, externel Hard disk එකට අදාල 1 TB මතකය වගේම, ඔෆිස් එකේ තියෙන කොම්පියුටරේ 500 GB එකෙන් 380 වක්ම පිරී යාමයි. කාරනය සෑහෙන්න බරපතලයි. මොකද මම දිනකට චිත්‍රපටි 3ක් හෝ 4ක් අනිවාර්‍යයෙන්ම බානවා. ඒ තරම්ම චිත්‍රපටි සඳහා ඇබ්බැහි වූවෙක්. ඒ බව ඉතින් බයිස්කෝප් අඩවියෙ මම ලියන ලිපි කියවන අයට නම් තේරෙනවා ඇති. කොහොමත් දවසේ පැය විසි හතරෙන් අවම වශයෙන් පැය පහක් ඔය වැඩේට මම වෙන් කරනවා. නැතුව ඉතින් මේ නන්නාදුනන රටවල් වන මොන අහවල් දෙයක් කරන්නද ! ඉතින් ලඟදි බාපු Avatar එකයි තව චිත්‍රපටි ටිකකුයි බාන්න දානකොටයි දැනුනෙ මේ ආනිසන්සෙ වෙලා කියලා. මොනා කරන්නද, තියන සල්ලි ටිකත් අරගෙන ගියා එදා රැම කඩේ. 1TB HD එකක් ගනන් කඩවල් දෙක තුනකින් අහනකොට එක මුදලාලි මහත්තයෙක් කියුවා, externel Hard disk එකක් ගන්න වෙලා media drive එකක්ම අරගෙන ඒකට sata HD එකක් දාගන්න කියලා.ඒකෙන් ටීවී එකට එහෙම ගහලා ෆිල්ම් බලන්න පුලුවන් කියුවා. තව සිංදු අහන්නත් පුලුවන් කියුවා. තව ගොඩක් දේවල් කියුවා. මමත් ඉතින් හාවා වගේ අහගෙන ඉඳලා ඇහුවා Game ගහන්නත් පුලුවන්ද කියලා. ඒපාර මිනිහා කියුවා ඒවනම් කරන්න බෑ කියලා. ගේම් ගහන්න බැරි නිසා ඉතින් තව කීයක් හරි අඩුකරලා දෙන්න කියුවා. කොහොම හරි මුදලාලියගෙ දක්ෂතාවයටද, මගෙ නුවනක්කාර කමකටද මන්ද මම externel Hard disk එකක් වෙනුවට media drive එකක් එක්ක 1 TB sata HD එකකුත් ගත්තා. ගෙදර ඇවිල්ලා ඉතින් කාටුන් එකක් දාල TV එකටත් ගහලා බැලුවා. හිතුවට වැඩිය හොඳ කොලිටියට තියෙනවා. ඔය පහලින් තියෙන්නෙ ඒ ගත්ත ගැජට් එක තමයි.

හිතුවට වැඩිය කතාව දික් උනාද කොහෙද, මේ දිනවල ඉතින් මේ සිංහල උපසිරැසි ගැන්වීමේ මහජන සේවයකුත් කරගෙන යනවනෙ. ඒක හින්දා ටිකක් වැඩ වැඩියි. අද ඉතින් රොයිලිගෙ සිංහල සබ් එකත් එක්ක ඇවේටර් TV එකට දාලා කස්ටිය එක්ක බලන්න ඉන්නෙ. නමුත් මම හිතන්නෙ නෑ, මේ ගැජට් එකට සිංහල සබ් දිරවයි කියලා. හරියට වැඩ කෙරුවොත් ඒ බව ඊලඟ ලිපියෙන් කියන්නම්.

-
-
-
ඔන්න කට්ටිය බලාගෙන හිටපු Avatar ෆිල්ම් එකේ හොඳ පිටපතක් අද උදේ නිකුත් උනා.
මේකගැන මගේ යාලුවෙකුගේ බ්ලොග් එකක මුලින්ම දාල තියෙනවා මම දැක්කා.
යාලුවා තාම සින්ඩියෙ රෙජිස්ටර් වෙලා නැති නිසා මම ලින්ක් එක මේකෙ දාන්නම්
බාගන්න ඕනෙ අය මේකෙන් බාගන්න
http://chithrapatiya.blogspot.com/2010/02/avatare-2009.html

Subscribe to:
Posts (Atom)