මීට දින කිහිපයකට පෙර මගේ ටිකක් ලඟින් නෑදෑ වෙන මල්ලියෙක්ගෙන් කෝල් එකක් ආවා. මිනිහා කරන පරිගණක පඨමාලාවෙ ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනෙලු, පොඩි හෙල්ප් එකක් දෙනවද ඒක කරන්න මාතෘකාවක් තෝර ගන්න කියලා. ඉතින් මමත් ටිකක් හිතල බලලා කියුවා එහෙනම් "බ්ලොග්" ගැන තොරතුරු ටිකක් හොයාගෙන ඒ ගැන ලියන්න කියලා. ඉතින් මිනිහා මේක හදලා අද උදේ මට email කරලා තිබ්බා වැරදි අඩුපාඩු තියෙනවනම් හදලා දෙන්න කියලා. ඇත්තටම කියනවනම් මම නොදන්න කරුනුත් ඒකෙ ගොඩක් තිබුනා. ඒකෙ බ්ලොගර් ගැන තිබ්බ පොඩි සටහනක් තමයි මම ඔය දාලා තියෙන්නෙ.
අද ලෝකයේ බ්ලොග් ලිවීම බාල මහලු කොයි, කා අතරත් ජනප්‍රිය දෙයක්. එයට ඔවුන් blogger, wordpress, joomla වගේ සේවාවන් බහුලව බාවිතා කරනවා. නමුත් දැනට ලෝකයේ වැඩිම දෙනෙක්බ්ලොග් සෑදීමට බාවිතා කරන්නෙ ගූගල් විසින් නොමිලේ ලබාදෙන බ්ලොගර් අඩවියයි. මේ ඒ පිලිබඳ විස්තර ටිකක්.
බ්ලොගර් සේවාව මුලින්ම ආරම්භ කරල තියෙන්නෙ Pyra Labs කියන සමාගම විසින් 1999 අගෝස්තු විසිතුන් වෙනිදායි. ඒක තමයි බ්ලොගින්වලට මුලින්ම හදපු ටූල් එකක් වුනේ ඒ කාලයේදි.
Blogger.com 1999 දී

Blogger.com 2000 දී

2003 වසරේදී මෙය ගූගල් සම සමාගමක් ලෙස ඔවුන් පවරා ගනු ලැබුවා. ඒ වගේම ඔවුන් මෙයට Image uploading (via Picasa) , comments, drag and drop widgets, individual archieve pages for posts වගේ අමතර දේවල් යෙදීමට පහසු වෙන විදියට සකස්කරනු ලැබුවා.
Blogger.com 2004 දී

මමනම් හිතන්නෙ මේ නොමිලේ ලබාදෙන බ්ලොගර් , වර්ඩ්ප්‍රෙස් වැනි සේවාවන් නිසා අද බ්ලොග් කෙරුවාව සෑහෙන්න ජනප්‍රිය මට්ටමකට පැමිනිලා තියෙනවා.

- මොකද හිතන්නෙ මිනිහ පාස් වෙයි නෙද මේක දීලා ?
9
ඇදහස්

මට අද ඔෆිස් එකේ වැඩ ටිකක් අඩු නිසා මම දැනට බලන ටෙලි කතා වලින් එකක් ගැන ලියන්න හිතුනා. මෙකෙ නම "The Vampire Diaries" මේකෙ කතාව වෙන්නෙ හදිස්සියේම පාසලකට පැමිනෙන තරුණයෙකු වටායි. ඔහු Vampire කෙනෙක්!. හරියට අර Twilight ෆිල්ම් එකේ වගේ. මම ඉතින් බැලුවොත් බලන්නෙ යක්කු නැත්තන් හොල්මන් තියන ඒවමනෙ. ඒ බව බයිස්කෝප් සයිට් එකේ මම දාලා තියන ලිපි කියවන අයට තේරෙනව ඇති. හැබැයි ඒකට හේතුව නම් මටත් තේරෙන්නෙ නැ. සමහර විට ලංකාවෙන් ඇත් වෙලා මෙහෙ ඉන්න යක්කුත් එක්ක ජීවත් වෙන නිසා වෙන්න ඇති.
මේක එහෙම Vampires ල ඉන්න කතාවක් උනාට මේකෙ ඇතුලෙ ඉතා ලස්සන ආදර කතාවක් තියෙනවා. ඕගොල්ලන්ටත් මුල් කොටස බැලුවොත් ඒ බව තේරෙයි. මේ ටෙලි කතා මාලාව මගේ හිත් ගන්න එක හේතුවක් තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නන් තම උපරිමයෙන් මීට සහයෝගය දීල තියෙනව. ඒ වගේම ඉන්න කස්ටියත් හරිම ලස්සනයි (විශේෂයෙන්ම කාන්තා පක්ෂිකයන්). මෙය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න තරුණ තරුණියන් වටා යන කතාවක් නිසා කතාව අපේ වයසට හරියන විදියට හරි ගිහිල්ල තියෙනව.
දැනට මේක IMDB වල 7.7/10 වැනි රේටින්ග් එකක් පවත්වගෙන යනවා. මේකෙ දැනට විකාශනය වෙලා තියෙන්න කොටස් 11 යි.මමනම් කොටස් 11 ම බැලුව.මේක මෙහෙනම් විකාශනය වෙන්නෙ සිකුරාදා. දැන් ඉතින් ඊලඟ සිකුරාදා එනකන් දැන් ඉන්න බැරුව ඉන්නෙ.
බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් isohunt එකෙන් දැනට විකාශය වුනු සියලු කොටස් වල ටොරන්ට් ගොනු බාගත කරගන්න පුලුවන්.

මේක මට ආපු ලොකු ප්‍රශ්නයක්. මොකද මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වෙන Avater චිත්‍රපටය, 3D ක් නිසා මටත් ඕනෙ උනා මේක ගෙදරදි අපිට 3D ආකාරයෙන්ම බලන්න පුලුවන්ද කියල. මොකද මේක සිනමා ශාලාවෙදි බලපු මගේ යාලුවො එහෙම කියුවෙ මේක 3D සහිත සිනමා ශාලාවකින් බලනකොට හරියටම තේරුනේ හරියට "පැන්ඩෝරා" කැලේ ඉන්නව වගේ කියලයි. දැන් අහන්න එපා මමත් ඇයි යාලුවොත් එක්කම සිනම ශාලවකට ගිහිල්ල මේක බැලුවෙ නැත්තෙ කියලා.
ඉතින් මම මේක ගැන පොඩ්ඩක් සොයල බැලුවා ගොදරදී මේ 3D විදියට අපිට බලන්න පුලුවන්ද කියල.
මට දැනගන්න ලැබුන විදියට අපේ තියන නිකම් DVD player එකකින් සහ නිකන් LCD TV එකකින් මේක කරන්න බැහැ.මේකට Blu-ray Disk දාවනය කරන්න පුලුවන් player එකක් ඕනෙ. ඒ වගේම මෙයට 1080 HD TV එකකුත් උවමනා වෙනව. නමුත් මේ Blu-ray players සාමාන්ය players වලට වැඩිය මිලෙන් ඉතා වැඩියි. තව මෙය සඳහාම වෙන්වුනු කන්නාඩි විශේෂයකුත් පැලඳිය යුතුයි. ඒ වගේම මේක බලනකොට අපිට හොඳින්ම මේය 3D විලාශයෙන් බලන්නනම්,
- TV එකේ brightness ටිකක් වැඩි කර ගන්න ඕනෙ. මොකද අපි පලඳින කන්නාඩි යුගලයේ ඇති red/blue lenses, brightness වැඩි අවස්තාවේදි හොඳින් pictures ග්‍රහනය කර ගැනීම.
- පුලුවන් තරම් අඳුරේ මෙය බලන්න ඕනෙ.ඒකෙන්අපේ ඇස් තුල ඇතිවෙන double-vision කියන එක අඩුකර ගන්න පුලුවන්
- අනිතෙක TV එකට ටිකක් ලන්වෙලා මෙය නැරන්බීම.
වැඩි විස්තර ඕනෙ අයට මෙන්න මේක වැදගත් වේවි.

ඔන්න දෙයියනේ කියල හදපු මුල්ම සිංහල උපසිරස ෆිල්ම් එක අද ජන්ජාලෙට දාල තියෙනව. ඒක දකිනකොටනම් සැහෙන්න සතුටුයි. මොකද මේ වැඩේ පටන්ගත්තෙ හිතේ තිබ්බ ලොකු ආසාවකට. මොකද ඔෆිස් එකන් එලියට ඇවිල්ල මේ වැඩේ කරන්න ගිහාම වෙන කිසිම දෙයක් කරන්න වෙන්නෙ නැ. හැබැයි ඉතින් සබ් වලින් 90% විතරම හැදුවෙ ඔෆිස් එකේදි video & sub සන්සන්ධනාත්මකව ගැලපීම විතරයි ගෙදරදි කෙරුවෙ . ඒක නිසා මගේ පූර්ණ ගවුරවය මම වැඩ කරන තැනට හිමිවිය යුතුයි (ඒකෙ ලොක්කො එහෙම දන්නවනම් මගේ තට්ටෙ පලයි).
කොහොම උනත් ආසාවට පටන් ගත්තට ලයින් 100ක් විතර කරගෙන එනකොටනම් වැඩේ එපා වුනා. දමල ගහලා වෙන වැඩක් කරන්නයි හිතුනෙ. නමුත් ඉතින් වැඩක් පටන් ගත්තොත් කොහොමහරි ඉවර කරන පුරුද්ද නිසා කොහොමහරි කෙරුව. අනිත් එක තමයි මේක තායි ෆිල්ම් එකක් නිසා තායි අදහස ඉංග්‍රීසි අදහසට හරවල ඒක තමයි මට සිංහලට හරවන්න උනේ. ඒක ලේසි නැහැ. මොකද සිංහල කතාකරන භාෂාවට ගැලපෙනම වචන හොයන්න සැහෙන්න කට්ටක් කන්න වුනා. ඒ වෙලාවට ලැබුනු මගේ සහෝදරියගේ සහයත් මතක් කරන්න ඕනෙ. කොහොමහරි මේකට හිතපු තරම් දවසක් ගියෙ නැ. දින හතරක් ඇතුලත් වැඩේ කරල ඉවර වෙන්න පුලුවන් වුනා. ඒ ඉතින් ඔෆිස් එකේ පූර්ණ සහයෝගයට පින් සිද්ද වෙන්න තමයි.
ඒ අතින් අපේ රොයිලි සහෝදරය කරන කැපකිරීම ගැන අපි හොඳ ඇගයීමක් දෙන්න ඕනෙ. ඔහු තමයි මේකෙ පුරෝගාමියා. ඔහුගේ දයිර්යමත් කිරීමත් මට ලොකු පිටුවහලක් වුනා.ඒ වගේම අපේ බයිස්කෝප් එකේ Umesh Leelasena සහ Isira Gunathilake කන කට්ටට ස්තූති කරන්න ඕනෙ. ඉදිරියටත් හොඳ ෆිල්ම් වලට සබ් දාන්න හිතාගෙන ඉන්නව. කැමති ෆිල්ම් එකක් එහෙම තිබ්බොත් mail එකක් එවන්න.
මෙන්න මේකෙන් කැමති කස්ටියට ෆිල්ම් එකයි, සිංහල උපසිරසියි බාගත කර ගන්න පුලුවන්.
Phobia 2 (2009) | ඇත්තටම ඔබටත් බිය දැනෙනවද? [සිංහල උපසිරැසි සහිතව]
කස්ටියම දන්නවනේ ඉතින් මම උබුන්තු වලට අලුත් කියලා. උබුන්තු දාගත්ත දවසෙ ඉඳල මට නැති ප්‍රශ්නයක් නැ. හදිස්සියෙවත් අපේ සාකුන්තලව වගේ ඔන්ලයින් ඉන්නව දැක්කොත් ඉතින් ප්‍රශ්න වැලම අහනව. (ලඟදිනම් හමු වුනේ නැත.)
උබුන්තුවල රහස් සොයා යන ගමනෙදි මට පොඩි බඩගින්නක් ආවා, උබුන්තු වලට RealOne Player එක දාගන්න. කරුමෙට ලිනක්ස් ගැන දන්න කිසිම එක්කෙනෙක් මාර්ගගත (online) වෙලා හිටියෙ නැ ඒ වෙලාවෙ.
ඔන්න ඉතින් ගුගල් දේවතාවියගෙ පිහිටින් බ්ලොග් එකක් හම්බෙලා වැඩේ ගොඩ දාගත්ත.
කෙරුවෙ මෙන්න මෙහෙමයි.
1. මුලින්ම Riyal Player එකට අදාල ලිනක්ස් ෆයිල් එක බාගත්තා.
2. terminal එක අරගෙන sudo +x RealPlayer11GOLD.bin කියල ටයිප් කෙරුව. පාස්වර්ඩ් එක දෙන්න ඇහුවොත්.
3. දැන් sudo "./RealPlayer11GOLD.bin" කියලා ටයිප් කරන්නෙ.
එවිට ස්ථාපිත කිරීම ආරම්භ කරයි. install path එක අහන වෙලාවට Enter key එක ඔබන්න.
වැඩේ ඉවර වුනාම "F" key එක ඔබන්න.
ඔන්න දැන් වැඩේ හරි.
RealOne Player එක open කරන්න ....... Applications ->Sound & Video ->Real Player 11.
ඔන්න ඕකයි මහලොකු වැඩේ.

මෙවැනි ලිපියක් ලිවීමට මුලික කෙතු පදකය වුනේ සින්ඩියේ ඇති බ්ලොග් හරුවන්ගේ සමහර ලිපි දැකීමෙනි.
ප්‍රජාතන්ත්‍රවාද සමාජයක තමන්ට කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් වැඩ කිරීමේ අයිතියක් ඇත. එහෙයින් තමන්සතු බ්ලොග් අඩවියක තුල කැමති දේශපාලන පක්ශයක් හෝ පුද්ගලයෙකුගේ ලිපියක් පලවීම මහා ලොකු කාරනාවක් නොවේය.
නමුත් මා දකින තත්වය වෙනස්ය. මන්දයත් මෙවැනි ලිපි ලියන බ්ලොග් කරුවන්ගේ ලිපි පටන් ගන්නේ තමා ඉතා මද්යස්ත මත දාරියකු ලෙසත්, ලිපිය අවසන් වී තියෙන්නේ නොදැනුවත්වම තාමා ලිපිය තුල සඟවා කීමට උත්සාහ කල තවෙකකු වෙනුවෙන් කඩේ යැමේ මතය නෙරපවා දක්වීමෙන් අනතුරුවය. එය හරියට උගුරට හොරා බේත් ගැනීමට අප කොපමන උත්සාහ කෙරුවත් එසේ කිරීම නොහැකිවීම වගේය.
අනෙත් කරුන වන්නේ බ්ලොගයේ ඇඩ්මින්ම නාමික පාඨකයින්සාදා කමෙන්ට දමා ඔහුම ඒවාට රිප්ලයි කිරීමයි. මොවුන්කරනා තව කාරනයක් වන්නේ , රටක නායකයෙකුට හෝ හිටපු හමුදා නායකයෙකුට ඉතා පහල සහ අමන ලෙස ආමන්ත්‍රනය කරමින් ලිපි සැදීමය.
අප මේ සිංහල බ්ලොග් හරුවන්ගේ සංගමය පවත්වාගෙනු යන්නේ හුදෙක්ම ශිෂ්ඨසම්පන්න සහ බුද්ධිමත් මිනිසුන් වෙනුවෙනි. ඔබත් දේශපාලනය සම්බන්ද බ්ලොග් ලිපියක් ලියනවිට සදාචාර සම්පන්න බාවය රකින්න.
මම හදිස්සියෙම පොඩි නිවඩුවක් අරගෙන ලංකාවට ගිය. වැඩිය නෙමෙයි මාසෙක කාලයකට. ගිහිල්ලා එනකොට කවුද මන්දා මොඩයෙක් මගේ office එකේ PC එක windows sp2 වල ඉඳලා sp3 වලට apgrade කරලා. අවුලක් නැ කියමුකො. ඔන්න ඉතින් දැන් සිංහල යුනිකෝඩ් එකත් දාගෙන දෙයියනේ කියල සින්ඩිය පැත්තෙ රවුමක් දාන්න පටන් ගත්ත. හප්පේ සිංහල පේන්නෙ දෙමල වගෙ. පුලුවන් තරම් වැඩකිඩ දාල බැලුව. හරි යන්නෙම නැ. පස්සෙ අපෙ SUB එකේ හර්ශණ ඉන්නව දැකල , අහුව මොකද්ද අවුල කියල. ටික ටික සොයාගෙන යනකොට තමයි හොයා ගත්තෙ, windows sp2 වල ඉඳල sp3 වලට upgrade කරනකොට සමහර ෆයිල් වගයක් හරියට upgrade wela නැ කියල තේරුනේ. මැනුවලි ෆයිල්ස් රීප්ලේස් කරන්න හැදුවත් ඒක හරි ගියෙත් නැ.
දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද කියල ඉන්නකොට තමයි මතක්වුනේ පහන්ගෙ බ්ලොග් එක (http://blog.pahans.com). ඒකෙ තියනව සිංහල යුනිකොඩ් දාන්නෙ නැතුව වෙබ් බ්‍රවුසරයේ ඉඳල සිංහල කියවන්න පුලුවන් වැඩ කැල්ලක්. මම සාමාන්යයෙන් පාවිච්චි කරන්නෙ google chrome නිස ඒකට අදාල extension එකට ගිහිල්ලා අදාල බාගත කිරීම කරන්න බැලුව. මගේ වාසනාව කියන්නෙ ඒක බාගත කරන්න තියන ලින්ක් එක වැඩ කරන්නෙත් නැ. chrome එකේ එක එක vertions දාල බැලුව වාසනාවට එකක්වත් හරි ගියේ නැ.කාලින්ග සහෝදරය ඉන්නව දැකල ඇහුව windows 2003 server PC එකකටවත් සිංහල දාගෙන බලන්න පුලුවන්ද කියල. වසනාවන්ත ලෙස උත්තරය උනේ "බැ" කියලයි.
දැන් ඉතින් සිංහල එපාවෙලා ඉන්නකොට හිතුන ගිනි නරියට අදාල add-one එකක් වත් දාල වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේයිද කියල. ඔන්න අවාසනාවක මහත කියනව වගේ ගිනි නරියා එකේ සිංහල ගින්දර වගේ පේන්න ගත්ත. මට මාර හැපි. ඒකෙ සිංglish ටයිපින් උනත් ඉතා වේගවත් ලෙස කරන්න පුලුවන්. office එකේ ඉන්න එවුන්ට මේ වෙච්ච දේ ගැන කියුවත්, උන්ට මේ ගැන දැනීමක් නැ. ඒක නිසා "ආ ඇත්තද " කියල නිකන් හිටිය.
ඔන්න ඔහොමයි මගේ සිංහල කතාව නිමාවුනේ.
මේ බ්ලොග් එක ලියන්නෙත් ගිනිනරියගෙ ඉඳල. පරිගනකයට සිංහල ස්තාපිත නොකරයි
මම මේ ගැන මගේ බ්ලොග් එකේ දාන්න හිතුවෙ මම වගේ හදිස්සි ආපදාවකට ලක්වුන කෙනෙක්ට සිංහල ඉතා ලේසියෙන් දාගන්න හැකිය කියන අවබෝධය ලබ දෙන්නයි.

Subscribe to:
Posts (Atom)