- මේ ගමන උබට යන්නම ඕනෙද බන් ?
මම ජැකගෙන් ඇහුවෙ නිකමට හරි ජැකාගෙ තීරනය වෙනස් වෙලාද කියලා බලන්න, ඌ දාපු බැල්මෙන්ම මට තේරුන අද මූ ඉස්පිරිතාලෙ ගිහිල්ලම තමයි නතර වෙන්නෙ කියලා.
- මචන් මේ දවස්වල මටනම් මහා භාන්ඩාගාරයෙන් ප්‍රතිපාදන පාස් වෙන්නෙ නෑ, උබ ලඟ තියනව නේද දවසේ ගතමනාවට ප්‍රතිපාදන!
හරි හරි බන් මම ඊයෙ අම්මගෙන් ගානක් ඉල්ල ගත්තා! ඒකෙන් ගැටගහගමු.
"මචන් උබ ඇතුලට පලයන් මම මේ හරියෙන් ඉන්නම්." ඉස්පිරිතාලේ ගේට්ටුව ලඟදි මම එහෙම කියුවෙ ඇයි කියලා මටම හිතා ගන්න බෑ. ඒත් අර කෙල්ල ඔතන හිටියොත් කියලා මට ජැකාට කියන්න ලැජ්ජාවක් තිබුනා.ඌ මගේ පොඩි කාලේ ඉඳලම ඉන්න යාලුවා නිසාම ඒක ඌට තේරුම් ගින නිසා වෙන්න ඕනෙ , ඒ ගැන කිසිම කතාවක් නැතුව වෝඩ් නම්බර් එක අහගෙන ඌ කෙලින්ම ගියෙ.
මම මේ ලෝකෙ දැකලා තියන ලස්සනම ඇස් දෙක තියෙන්නෙ කාටද කියලා ඇහුවොත් මම දෙන පිලිතුර කුමක් වේද? ගතවූවේ විනාඩි 10 ක් වැනි කාලයකි , ඒ ඇස් වලට හිමි කාරිය මම ඉන්න තැනින් කැන්ටිමට ගියා. මට ඇය ඉන්න තැනට යන්න උවමනාඅවක් නොතිබුනත්, මම එතනට මටත් නොදැනිම ගියෙ ඇයි කියලා මටවත් හිතාගන්න බැරුව ගියා.
- ඔයාලට සල්ලි වාහන තිබුනයි කියලා පාරෙ යන අපිට මඩ ගහගෙන යන්න කියලා ඔයාගෙ තාත්තද කියලා දුන්නෙ.?. අඳුන ගත්ත නිසාද මන්දා මම දිහා බලලා ආයෙත් බිම බලාගත්තා.
- මට වාහන ඩ්‍රයිව් කරන්න තාම ලයිෂන් නෑ.
ගතවූයේ ස්වල්ප මොහොනතකි. ඇය එතනින් වේගයෙන් රෝහල පැත්තට ගියා.
- "දැන්නම් පොඩි එකාට සෑහෙන්න හොඳයි මචන්". ඒත් එක්කම එතන්ට ආපු ජැකා මට පිටට තට්ටුවක් දාන ගමන් කියුවා.
වෙච්ච දේ ගැන ජැකාට නොකියන්න තීරනය කෙරුවෙ, ඌට මේක කියුවොත් ඌ හිතයි මම මේ කෙල්ලට ට්‍රයි කියලා.
******
මොකද තමුන් දෙන්නා ඊයෙ ඉස්කෝලෙ ආවෙ නැත්තෙ. ඊයෙ ටෙස්ට් එකෙන් මට තමුන් දෙන්නට බිංදුව දානවා ඇරෙන්න වෙන දෙන්න ලකුණක් නෑ.
- "මොකද්ද බං මේ කරුමේ, කියන හත්තිලව්වක් කෙළ ගහලා කියන්න එපැයි මෙතන අපිව නාවන්නෙ නැතුව". ජැකා හිමීට කුරු කුරු ගානවා.අපේ රසායන විද්‍යාව උගන්වන ආරියවන්ශ සර්ට දැන් අවුරුදු 50 කටත් කිට්ටුයි. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි පීරියෙඩ් එකේදී කවුරුත්ම පංතියෙ ඉදිරිපෙල අසුන් වල ඉන්න කැමති නෑ.ඒ මුකුත් හින්දා නෙමෙයි. සර්ගෙ කටින් මදි නොකියන්න ඉස්සරහා ඉන්න අයව තෙමන නිසයි.
ඉන්ටර්වල් එකේදි කැන්ටිමට ගිහාම වෙනදට දකින අපත මූණු ටික අතුරුදහන් වෙලා තිබුනා. ඒ මේ වෙනකොටත් A/L විභාගය පටන් අරගෙන තිබුන නිසයි.
- මචන් අද ත්ලක් සර්ගෙ ක්ලාස් යනවා නේද ? ඔවු ඔවු මොකා නැතත් ඉතින් ජැකානම් යයි. ඒකත් හොඳයි මූ නිශාදිව බලන්න නිසා හරි පන්ති කට් කරන්නෙ නැතුව යන එක. මූගෙ අම්මට එහෙම නිශාදි ගැන කියුවනම් මූට නිශාදිව දැන්ම බන්දලා දීලා මූගෙන් නිශාදි ලවුවලා ඔක්කොම වැඩ ටික ගනී. යකෝ මදුර මට උබ හිතන තරම් පිස්සුවක් නෑ බන් නිශාදි ගැන.
- ආහ් ඒක තමයි උබ මේ බැන්ඩේජ් එකකුත් තාම ඔලුවෙ තියාගෙන බැරිමරගාතෙ පංති යන්න හදන්නෙ.
- එකට ඉන්න අපිටත් උබ කොලේ වහනවනේ. රිද්මයත් කතාවට පොහොර දැම්මා.
ඉස්කෝලෙ ඉවරවෙලා සම්මාදම් එකතු කරලා අරියභවන් එකෙන් තෝසෙ පාරකුත් බඩට දාගෙනම හතර දෙනාම තිලක් සර්ගෙ කෙමෙස්ට්‍රි පංතියනට යනකොට විනාඩි 15ක් විතර පරක්කු වෙලා. පංතියට යනවත් එක්කම ලාවට සු .................... පාරක් දානව.
- මේ කෙහෙල්මල් තෝසෙ කෑමකට සෙට් වෙච්ච නිසා නොමිලේ අතුරුපසට හෙන චාටර් සූ ....... පාරකුත් කන්න උනා. ජැකා මදුරයගේ මූන දිහා කන්න වගේ බලාගෙන කියුවා.
- ආහ් හරි බන්, ඔච්චර උබට මලපනින්නෙ උබේ මල් කුමාරි උබට සූ ... දැම්මෙ නෑනෙ.
- මේ මේ ....... පංතියට පරක්කු වෙලා ආවා මදිවට සර්ගෙන්, ඉල්ලගෙන තවත් චාටර් කන්නද යන්නෙ. උබලා දෙන්නා කටවහගෙන දැන්වත් පාඩම අහගනින්ලකො.
- අපි පංතියට පරක්කු වෙලා ආපුනිසා අපිට ඉඳගන්න ලැබුනේ ඉදිරිපෙල අසුන් වලයි. ඒ නිසාම පංතිය ඉවර වෙච්ච ගමන්ම අපිට එලියට බහින්න උනා. අදත් ඉතින් පුරුදු පරිදිම ජැකා වෙනුවෙන් අපි කන කට්ට කනවද අපි නැත්තන් මූගෙ අසනීප තත්වෙ ගැන හිතලා අදට විතරක් අපි මාරු වෙලා යනවද?. හැමදාම වැඩේට සප් එක දෙන මදුරයා ජැකා දිහා බලාගෙන ඇහුවා.
- පොඩ්ඩක් වෙලා ඉඳලා බලමුකෝ, නැත්තන් මූට අද නින්ද යන එකක් නෑනෙ.
විනාඩි 10ක් හිටියා, 15ක් හිටියා නිශාදි එන පාටක් නෑ.
- මචන් මමනම් අද නිශාදිව පංතියෙදිවත් දැක්කෙ නෑ. අද පංති ආවෙ නැද්ද දන්නෙ නෑ. එහෙම පංති ඇවිල්ලා නැත්තන් අපි මෙතන්ට වෙලා නිකන් කට්ට කන එකේ තේරුමක් නෑනෙ. ඒකනිසා අපි අද යමු මචන්. සාමාන්‍යන් මම කියන දේකට ජැකා එකඟවෙන නිසා කට්ටියම බස් හෝල්ට් එකට යන්න හදනකොටම,
"ජීවන්ත" ! කියා හුරු පුරුදු හඬක් පිටිපස්සෙන් අහුනා.
-
asiriD April 29, 2010 10:45 AM
ela machan patta....puluwan imanata ilaga kotasath danne..................
-
ඊලඟ කොටසත් බලලම කමෙන්ට් කරමු
-
ගොඩ දවසක් බලන් හිටියා මේක කියවන්න....
-
අදයි ඔයාගේ කතාව දැක්කේ මම මුල ඉදලම කියවනවා නැත්තම් කොනක් නැහැ කොහෙවත්
-
හම්මො ඇති යාන්තම් කාතාව ඇවිල්ලා...
ඔය ජීවන්ත කියලා කිව්වේ අර ලස්සන ඇස් දෙක හිමි කාරිද දන්නේ නැහැ නේ..
-
ඇති යාන්තම් මතක් වෙලා තියනව...කොච්චර කාලයක් බලන් හිටියද මේක දානකන්.......
-
මම මේ කතා 5 ම කියවල ඔන්න 6 අද කියෙව්ව... නියම ස්ටොරි එක.. ඇත්ත කතාවක් වගේ
-
අනිත් කොටසත් ඉක්මණට දානවද......
-
asiriD May 7, 2010 8:23 AM
සහෝදරයා ඉක්මනට ඉතුරු කොටස දාන්නකෝ........
-
අද තමයි මුලු කතාවම කියෙව්වෙ... ලස්සනට ලියල තියෙනවා...
-
නියමයි මචෝ!!! සිරා කතාව!
-
Anonymous June 21, 2010 9:53 AM
ithuru kotasa kawadda dakinna puluwan apita??oya anthrasdan wela hitiya neda?moko habetama..
-
ඊලඟ කොටස එනකම් තමයි මාස ගානක ඉදන් මේ බලන් ඉන්නේ
-
මචන් දා පාන්
-
හෆොයි දැන් මාස ගානක් වෙලා 7 එන්නේ නෑ වගේදෝ.........
-
opsssssss




ඇති යන්තම්.. දැන් ඉතින් ඊලඟ කොටස එනකම් තමයි ඉන්නේ කියලා උඹ දන්නවනේ ?