මේ කොටස මීට පෙර පොස්ට් කරලා තිබුනත්. මේ ඩොමේන් නේම් වෙන්ස් කරන්න යෑමෙන් ඒ 5වැනි කොටස අතුරුදහන් වෙලා තැති බවින් නැවතත් එය පෝස්ට් කරමි
නිමාවක් නොමැති කතාවක් - 5 කොටස
ගිහාන් මල්ලිත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට එතනට පැමිනි අමුත්තා නිසා මාව ගල් ගැහිලා ගියා.
අමුතා කියලා කියුවට ඊට මැදිවියේ පසුවෙන කාන්තාවක් සහ, තරුණ වයසේ පසුවන කෙල්ලො දෙනෙක් අයිති වෙනවා.
නෑ නෑ මේ එයා වෙන්න බෑ.
- මචන් මේ අරය බන් !
- කවුද බන් !
- ඇයි යකෝ මම අර කියුවෙ.
- කවුද බන් ! මොකාද ?
- අර එදා මට මඩ ගහගෙන ගිය කෙල්ල බන් !
- කොයි එක්කෙනාද ?
- මචන් පිස්සුනම් කෙලින්න හදන්න එපා. මෙතන නම් ඔය කෙල්ලට බනින්න යන්න එපා. බලපන් ඒ මූන දැක්කහම හිතක් හදාගෙන බනින්න පුලුවන්ද කියලා. අනිත් එක මේක හොස්පිටල් එකක්.
මදුරයගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා.
ආපු කට්ටියට ගිහාන් මල්ලිත් එක්ක කතා කරන්න දීලා අපි පැත්තකට උනා. ටික වෙලාවට පස්සෙ ගිහාන් මල්ලිගෙ අම්මා කියලා අනුමාන කල හැකි මැදි වයසෙ පසුවන කාන්තාවක් අපිත් එක්ක කතා කරන්න ගත්තා.
- ඔය පුතාලත් ගිහාන්ගෙ ඉස්කෝලෙ ඉගෙන ගන්න අය නේද ?
අපි ඔලුව වැනුවේ, කියන්න වචන ගලපගන්න ටිකක් අමාරු වෙලා හිටිය නිසා වෙන්න ඇති. මොකද මේ සිදුවෙලා තියෙන හැම දේකටම අපෙත් සම්බන්දයක් තියන නිසා.
බලන්න පුතා මේ ලමයා මේ වෙච්ච දේ ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ නෙ. පුතාලවත් දන්නවද මේ ගැන මොනවා හරි දෙයක්? මේ සිද්දිය වෙන්න දවස් දෙක තුනකට ඉස්සෙල්ල මේ ලමයා ඉස්කෝලෙ ඉඳලා එනකොටත් කාත් එක්ක හරි ගහගෙන තුවාල කරගෙන ආවා. ඒත් අපිත් එක්ක කිසිම දෙයක් කියන්නෙ නෑ.
මමයි මදුරයයි, රිද්මයයි මූනට මූන බලා ගත්තා.
- ඇත්තටම ඇන්ටි මේක ඉස්කෝලෙට සම්බන්ද දෙයක් වෙන්න බෑ. අපිනම් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.
රිද්මයා කියපු බොරුව, හරි ගස්සලා කියන්න මට ඕනෙ කමක් තිබුනත්, වෙලාවෙ හැටියට ඇත්ත දේ කියන්න ගියොත් එහෙම ඇය තවත් කලබල වෙන නිසා සිද්දවෙච්ච් දේ නොකියා ඉන්න එකම හොඳයි.
- මචන් මෙතන තවත් වෙලා ඉන්න ගියොත් ඇන්ටි රහස් පොලිස්සියෙන් වගේ අපෙන් ප්‍රශ්ණ කරන්න ගනියි. ඒක නිසා මෙතනින් හිමීට ලිස්සන එක තමයි නුවනට හුරු.
- අනිවා ! මෙතන හිටියොත් අපිට ඉල්ලගෙන කන්නයි වෙන්නෙ.
නලල අගට වැටිලා තියෙන කෙස් රොදෙන් මුහුණ හරියටම නොපෙනෙන නිසා මට ඒ මුහුන දිහා බලන්න ඉතා ඕනෙ කමක් ඇතිවුනා. එදා දැක්ක මුතු කැට වගේ දිලිසෙන ඇස් දෙකයි මම ඉස්සරහා ඉන්න කෙනාගෙ මේ ඇස් දෙකයි, දෙකම එකයි. ඒ නිසා මේ එයාම වෙන්න ඕනෙ. නමුත් මේ වගේ අහිංසක මූනක් තියෙන කෙල්ලෙක්ට අරවගේ නපුරු විදියට පාරෙ ඉන්න මනුස්සයෙක්ට මඩ ගහගෙන යන්න පුලුවන්ද !
මනීශ .... , යකෝ මනීශ ! කොහෙද බන් උබ ඉන්නෙ. !
මදුරයගෙ කෑ ගැහිල්ලට මාව පියවි ලෝකෙට ආවා.
- මේ උබ බනින මගුලක් හොස්පිට්ල් එකෙන් එලියෙදි බැනපන්.
ඒ එක්කම අපි තුන්දෙනා ගිහාන් මල්ලි ඉන්න තැනට ගියා.
"ගිහාන් මල්ලි අපි ගිහිල්ලා එන්නම්. අපි ඉස්කෝලෙන් ආවෙ ඉක්මනටම එනවයි කියලයි. අපි ගිහින් එන්නම් ඇන්ටි." - මදුරයා කියුවා
ෂික් විතරක් මේ කෙල්ල නෙමෙයිනෙ ඔලුවක් උස්සලා බලන්නෙ.
තියෙන ආඩම්බරකම, විහිලුවකටවත් අපි දිහා බැලුවෙ නෑ නෙ.
මම කාගෙවත් නමක් නොකියම අර කෙල්ල දිහා බලාගෙනම "අපි එහෙනම් ගිහිල්ලා එන්නම්" කියලා කියුවා.
චික් මේ කෙල්ලටනම් කිසිම හිතක් පපුවක් නෑ. මම නිකන් නෝන්ඩි උනා. ඒ කෙල්ල ඔලුවවත් උස්සල අපි දිහා බැලුවෙ නෑ.
ඇන්ටිත් නිකන් අමුතු බැල්මක් මා දිහා දැම්මා.
අපි තුන් දෙනා ගොලුවො වගේ හොස්පිට්ල් එකෙන් එලියට ආවා.
මචන් උබට ෂුවර්ද ඒ කෙල්ලමයි මේ ඇවිල්ලා ඉන්නෙ කියලා. මටනම් හිතාගන්නවත් බෑ, මේවගේ අහින්සක මූණක් තියෙන කෙල්ලෙක් ඒ වගේ බලු වැඩක් කරයි කියලා. අනිත් එක තමයි එතන හිටපු කෙල්ලො දෙන්නා ගිහාන් මල්ලිගෙ කවුද දන්නෙ නෑ.
- "මේ ඒක නෙමෙයි බන් ! අපි මේක ජැකාට කියනවද ?, මොනවා උනත් අර පාහරයො පොඩි එකාට කරලා තියෙන්නෙ මහ බලුම බලු වෙඩ. හැබැයි ජැකාට කියුවොත් අපිටත් ගිහාන් මලයා ඉන්න ඉස්පිරිතාලෙම එහා පැත්තෙ ඇඳක කකුලක් අතක් එල්ලගෙන ඉන්න පුලුවන්."
- "මොනවා උනත් අපි අද ජැකාගෙ ගෙදර ගිහාම මේ ගැන ඌට කියමු. නැත්තන් යන එන මගකදි අපිවත් සුදු වෑන් එකකින් එහෙම උස්සගෙන ගියොත්, අද තියෙන තත්වෙ උඩ අපේ අම්මලාට පොලිසි තියා උසාවි යන්නත් බෑ. "
"මනීශ ! උබ මොන ලෝකෙද බන් ඉන්නෙ ? අපේ කතාවට සම්මදමක් දෙන්නෙ නැද්ද උබ ?" මදුරයයි රිද්මයයි කියපු කිසිම දෙයක් මම අහගෙන හිටියෙ නෑ. ඕනෙ ඒත් එ බව උන්ට නොපෙන්වල කෝකටත් තෛලය වගේ " උබලා කියපු විදියට කරමු " කියලා ෂේප් උත්තරයක් දුන්නා.
අඩෝ ! උබ ඉස්කෝලෙ නොගිහින් ඉන්නෙ නිදා ගන්නද ! නැගිටපන් නැගිටපන්, උබ ඊයෙ රෑ ඉඳල නේද මේ නිදාගෙන ඉන්නෙ. උබ නිදාගෙන ඉන්න හැටි දැක්කම මටත් හිතෙනවා කොහෙ හරි තුවාලයක් කරගෙන හොඳට ගෙදරට වෙලා නිදා ගන්න.
මම ඉස්කෝලෙ ඉවරවෙලා ගෙදර ගිහාම ජැකා නිදාගෙන ඉන්න විදිය දැකලා ඉබේටම කියවුනා.
- නෑ බන් මේ කෙහෙල්මල් තුවාලෙ නිසා පොතක් පත්තරයක් තියා ටීවී එකක් වත් බලන්න බෑ.
මම ගිහන් මල්ලිගෙ සිද්දියයි, මඩ කෙල්ලගෙ සිද්දියයි, ඔක්කොම අකුරක් නැතුව ජැකාගෙ කනේ තිබ්බා. වෙච්ච වැඩේ ගැන ජකාට තියෙන්නෙ දුකකට වැඩිය පාලනය කරගන්න බැරි තරහක්.
- උබ එනවද හෙට මාත් එක්ක පොඩි එකාව බලන්න යන්න හොස්පිට්ල් එකට.
- ඒත් බන් ඔය තුවාලෙත් තියාගෙන උබ හොස්පිට්ල් යන එක එච්චර නුවනට හුරු නෑ.
- උබගෙ බණ පැත්තකින් තියලා කියපන් උබ හෙට ඌව බලන්න යන්න එනවද කියලා.
හරි හරි එහෙනම් හෙට ඉස්කෝලෙ යන එකත් පැත්තකින් තියලා ඉස්පිරිතාලෙ බඩගාමුකෝ. ජැකාගෙ කතාවට එකග වෙන්න වෙච්ච නිසා, අපි පහුවෙනිදා ආයෙත් හොස්පිට්ල් එකට ගියා.

Subscribe to:
Post Comments (Atom)

හපෝයි මේකෙ තිබ්බ ඔක්කොම කමෙන්ට්ස් ටික ගිහිල්ලනෙ...