twitter rss

නිමාවක් නොමැති කතාවක් - 4 කොටස

මේ දවස්වල වැඩ ගොඩාක් බදාගෙන කරනවනෙ. හන්තාන ලිනක්ස් එකට අදාල පොඩි ලිපි වගයක් හදනවා, ඒ වගේම සිංහල ඔෆිස් මිහුණතට අදාලවත් පොඩි පොඩි පරිවර්ථන වගයක් කරගෙන යනවා. ඒත් එක්කම යලුවෙක්ගෙ හොටෙල් එකකට වෙබ් සයිට් එකකුත් හදවනා. ඔය දේවල් වලට අමතරව ඔෆිස් එකෙත් මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. ආහ් ඒ අස්සෙ දුකාගෙ 100 වැනි පෝස්ට් එක නිමිත්තෙන් දුන්න පාටියටත් අපි ගියානෙ.ඔන්න ඔය හේතු නිසයි මේ කතාව ටිකක් ලියන එක පරක්කු උනේ. (වෙන හේතුවක්නම් ඇත්තෙම නෑ.)
ඉතින් මගේ හිතාදර සෙනෙහෙවන්ත බ්ලොග් කියවන්නෙනි, තරහා නැතුව මේ කොටසත් කියවලා කමෙන්ටුවක් දාලා යන්න. පුලුවන් අය ඉතින් මූණු පොතේ තාප්පෙ මේ ලිපිය දාලා සහයෝගයක් ලබා දුන්නට අපි ඔන්න තරහ එහෙම වෙන්නෙ නෑ.

නිමාවක් නොමැති කතාවක් - 4 කොටස



පන්තියට ආපු  සෝමපාල සර් අරුන්ට අපෙන් සමාව ගන්න කියලා කියුවා. පන්ති කාමරය දැඩි ලෙස නිහඬයි. සර්ගෙ කටහඬ දැඩි වුනා. උඹලා මේක මෙතනින් ඉවර කෙරුවෙ නැත්තම් උඹලා එකෙක්ට්වත් මේ ඉස්කෝලෙන් ඒ ලෙවල් ලියන්න මම ඉඩ තියන්නෙවත් මේ ඉස්කෝලෙ පැත්ත පලාතෙ පස් පාගන්නවත් ඉඩ තියන්නෙ නෑ. සෝමපාල සර් විශ්‍රාම යන වයසේ පසුවූවත් කොපමන දැඩි පුද්ගලයෙක් වුවත් ඒ කටහඬට සැලෙන බව නිසැකයි." හරි හරි මේක මෙතනින් ඉවරයි. අවුලක් හිතන්න එපා". නිහඬතාවය බිඳමින් උන්ගෙන් එකෙකු කීය. සෝමපාඅල සර්ට වුවත් ඒ වචන වලින් සෑහීමකට පත්වෙන්න සුදූඋනා.

"මචන් මටනම් අද ක්ලාස් යන්න බෑ. මේවා ඇඳගෙන අද ක්ලාස් ගියොත් එහෙම මට නිශාදිගෙන් හැන්ගි හැන්ගි තමයි ඉන්න වෙන්නෙ." ජැකා සද්දෙ පොඩ්ඩක් අඩු කරලා කියුවා. නිශාදි කියන්නෙ අපි නුගේගොඩ රොටරියෙ රජාකරුනා සර්ගෙ කෙමිස්ට්‍රි පන්තියන්න පටන් ගත්ත දවස්වල ඉඳලා ඇස ගැටුන කෙල්ලෙක්. කෙල්ලගෙ තියන චාම් බව නිසාද මන්දා ජැකා මේ කෙල්ල ගැන මොනවදෝ හිතාගෙන හිටියා. හැබැයි ඉතින් දැන් අපි පන්ති යන්න පටන් අරගෙන අවුරුද්දකටත් කිට්ටු වෙන්න ආවත් තාමත් මුන් දෙන්න එකට මුනගැහිලා කතාවත් කරල නෑ.ජැකා මොනදේටත් වැඩ්ඩා උනාට කෙල්ලෙක් ඉස්සරහදි ඌට කිසිම දෙයක් කර ගන්න බෑ. ලඟට ගියත්,එක්කො කකුල් වෙවුලනවා, එහෙම නැත්තන් දිව පැටලෙනවා. ඉතින් මේවගේ වැඩ වලට ඉන්න එක්ස්පර්ට්ම එකා තමයි මදුරයා. ඌගෙ උදවුවෙන් තමයි නිශාදිට ඇසගැටෙන මානයටවත් ජැකාව අරගෙන යන්න පුලුවන් වෙන්නෙ.

අද ඉල්ලගෙන කාපු වලිය නිසා අපි කට්ටියගෙම යුනිෆෝම් ගන්න දෙයක් නැතිනිසා කට්ටියම තීරනය කෙරුවා ක්ලාස් නොගිහින් ඉන්න.
මචන් මටනම් අරුන්ව සත පහකට විශ්වාස නෑ බන්. "අරුන් ටික සෝමපාල සර් ඉස්සරහ එහෙම කියුවට, අපිට අම්බානකට නෙලයිද දන්නෙ නෑ බන්." - මොනා උනත් මලින්දයගෙ බය තාම පහව ගිහිල්ල නෑ වගෙයි. උඹලා බය වෙන්න එපා. ආයෙ උන්ට ඒ පාට් දාන්න හම්බෙන්නෙ නෑ. එහෙම සීන් එකකට ආවොත් ඉතින් අපිත් ඒ විදියටම උන්ට සලකමු. ජැකා කියන දෙයක් නොකර ඉන්න එකෙක් නෙමෙයි. ඒ නිසා කවුරුවත් ඒ කතාවට උත්තර දෙන්න ගියෙ නෑ. "ඒත් මචන් මේක ගයන්ත
අය්යලට කියන්න යන්නනම් එපා. එහෙම උනොත් මේක සෑහෙන්න දුර දිය යයි. අනිත් එක මේව අපේ ගෙවල් වලට ගියොත් එහෙම ,හෙනම අවුලක්". මම එහෙම කියුවෙ බයටද නැත්තන් වෙන මොකකට හරිද කියලා කියන්න මටවත් හරියට තේරෙන්නෙ නෑ.කොහොමහරි කට්ටිය වැඩිය කතා බහක් නැතුවම ස්කූල් බස් එකෙන්ම ගෙවල් වලට ගියා.

අම්මට පෙන්නෙ නැති වෙන්න ෂේප් එකේ ගෙදර ඇවිල්ල ඇඳුම් ටික හෝදලා දැම්මා. අම්බානකට ගුටිකාලා ඉන්න නිසා ගෙදර අයට වැඩිය මූණ පෙන්නන්න ගියේ නෑ. හවස්වරුවෙ කාමරෙන් එලියටවත් යන්නෙ නැතුව ගනන් ටිකක් හැදුවා. ඒත් රෑ නිදා ගන්න ගිය වෙලාවෙ ඉඳලම ඔලුව පුපුරන්න තරම් රිදෙනවා.අම්මට කියන්නත් බෑ. ගුටිකාලා හතරැස් වෙලා තියෙන මූණ දැක්කහම රටේ නැති ප්‍රශ්න අහනවා. ඊටත් වැඩිය ඉහල දෙපාර්තුමේන්තුවට එහෙම මේක අම්ම කියුවොත් එහෙම. ඒ හැම දේම හිතලා හිමීට නංගිගෙන් පැනඩෝල් එකක් ඉල්ලගන්න ගියා. අම්මට හපන් නංගි ! මෙයත් ප්‍රශ්ණ අහනවා අහනවා ඉවරයක් නෑ. අපි දෙන්නා අතරෙ සාමාන්‍යන් රහස් නැති නිසා මම මුල ඉඳලම විස්තරේ කියුවා. එයා ලඟ තිබුනු ඕඩි කොලෝන් ටිකකින් ඔලුව අතගාලා පැනඩෝල් එකත් බීලා ඇඳට ආවා. උදේ පාන්දරම අම්ම කෑ ගහනවා මට කෝල් එකක් කියලා!. "මචන් උබට අවුලක් නෑ නේද ?" ඒ ජැකාගෙ කටහඬ! නෑ බන්. ඊයෙ රෑ ටිකක් අවුලෙන් හිටියෙ. ඒත් දැන් හරි. අද උඹ ඉස්කෝලෙ ඉන්නෙ ස්කූල් බස් එකේද ?" 
- නෑ න් මගේ ඇහැ ලඟ වෙච්ච තුවාලෙ ටිකක් වැඩි වෙලා වගේ මම අද ඉස්කෝලෙ එන්න වෙන්නෙ නෑ.

ඉස්කෝලෙ ඉවරවෙලා මදුරයයි, රිද්මයයි, මමයි කට්ටියම ජැකාලගෙ ගෙදර ගියා. ඌව දැක්කා විතරයි අපිත් හොල්මන් වෙලා ගියා.තුවාලෙ ලේ කැටියක් වෙලා ඔක්කොම ලේ ඇතුලෙ පිරිලා ඒක කුරුම්බැටියක සයිස් එකට ලොකුවෙලා, ඌට හරියට ඒ ඇහැත් ඇරගන්න බෑ. ජැකාගෙ ගෙදර ඉන්නෙ අම්මයි අක්කයි විතරයි. තාත්තා හදිසි හෘද්‍යාබාදයකින් මියගිහිල්ල දැනට අවුරුදු 2ක් පමන වෙනාවා. අක්කා දැනට පේරාදෙනය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගන්නවා. අම්මා රිච්වේ ලාමා රෝහලේ හෙඳ වරියක් විදියට රැකියාව කරනු ලැබුවා. ඒ නිසාම ජැකා දවසේ වැඩි කාලයක්ම ගතකෙරුවෙ අපේ ගෙදරයි. ජැකාගෙ අම්මත් මේ වෙලාවෙ ගෙදර අනෑ. ඒ නිසා අපි තීරනය කෙරුවා ජැකාව ලඟ තියෙන ඩිස්පැන්සරියකට ගෙනියන්න. තුවාලෙ ටිකක් බරපතල නිසා ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා කියුවා. ඩොක්ටර් ලියුමක් ලියලා දුන්නා ඔපරේෂන් එකට. අපි ජැකාගෙ අපි ආයෙත්ගෙදර එනකොට ජැකාගෙ අම්මත් ගෙදර ඇවිල්ලා. ප්‍රශ්න වැලක් ඇහුවට පස්සෙ අපි ජැකාවා ඉස්පිරිතලෙට දාලා ඇතුල් කෙරුවා. අපි යනකොට ටිකක් හවස් වෙලා තිබුන නිසා, ඊලඟ දවසෙ තමයි ඔපරේශන් එක තිබුනේ.

අපි හවස ගෙදර යනකොට ජැකාව අම්මා ගෙදර එක්කරගෙන ඇවිල්ල තිබුනා. "ලොකු අවුලක් නෙමෙයි නිසා ඔපරේශන් එකට පස්සෙ ගෙදර යන්න පුලුවන් කියලා ඩොකා කියුව බන්" !"මේ ඒක නෙමෙයි බන්, උබට දැන් ක්ලාස් ගිහිල්ලා නිශාදිව බලන්න වෙන්නෙ, හරියට අර දොස්තර හොඳහිත කාටුන් එකේ ඉන්න "චවු චවු" වගේ එක ඇහැක් වැහෙන්න කලු රෙදි කෑල්ලක් තියාගෙන තමයි". මදුරයගෙ කතාවට සෙට් එකටම හිනා ගියා.මොන හේතුවක් නිසාද මන්දා අපි මේ අවුරුද්ද තිස්සෙම එකම දවසක්වත් කෙමිස්ට්‍රි ක්ලාස් එක මිස් කරලා නෑ. මදුරයා විතරක් නෙමෙයි අපි හැමෝම දන්නවා ජැකා කකුලක් කඩා ගත්තත් තනි කකුලෙන් හරි කෙමිස්ට්‍රි ක්ලාස් එකටනම් යනවා කියලා.

ජැකත් දවසක් දෙකක් ඉස්කෝලෙ එන්නෙ නෑ කියපු නිසා මදුරයයි, මමයි, රිදිමයයි ස්කූල් බස් එකේම ගියා. නමුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ කනට වැටුන නිවුස් එකනම් එච්චර හොඳ නිවුස් එකක් නෙමෙයි. ඒ තමයි එදා අපි අරුන්ගෙන් බේරගත්ත පොඩි එකාට බරපතල විදියට පරදීමක් වෙලා. ඉස්කෝලෙ එන ගමන් තමයි මේ දේ වෙලා තියෙන්නෙ. මේ දේ කරපු එවුන් කවුද කියලා මුලු ඉස්කෝලෙම දැනගෙන හිටියත්, එකෙක්වත් ඒක ගැන කතා කරන්නවත් ගියෙ නෑ. හවස ක්ලාස් තියෙන හින්දා, අපිට පොඩි එකාව බලන්න යන්න විදියක් තිබුනෙ නෑ. එච්චර ඉස්කෝලෙදි ඇහැට දැක පුරුදු පොඩි එකෙක් නොවුනත්, අපි හොඳටම දැනගෙන හිටියා අරුන්ට අපිට ගහන්න බැරි කමට මේ පොඩි එකාට මේ දේ කෙරුවා කියලා.
  

ඊලඟ දවසෙ ඉස්කෝලෙට ආවට පස්සෙ දැනගන්න ලැබුනා පන්තියෙ කට්ටියක් පොඩි එකාව බලලා ඇවිල්ලා කියලා. විස්තර වල හැටියට පොඩි එකාට දරුනු තුවාල තියෙනවලු. සෝමපාල සර්ගෙ විශේෂ අවසරයක් අරගෙන අපි 12.00ට ඉස්කෝලෙන් එලියට ඇවිල්ල කෙලින්ම මහ රෝහලට ගියා. සමීරයා හරියටම වෝඩ් නම්බර් එක කියපු නිසා, අපිට වෝඩ් එක හොයා ගන්න එච්චර අමාරු වුනේ නෑ. මදුරයා ගිහාන් මල්ලිව ඈත ඉඳලම අඳුර ගත්ත නිසා, අපි කෙල්ලිම එතනට ගියා. වෙලාව හරියටම 12.30 නිසා තාම කවුරුත් ඇවිල්ලා හිටියෙ නෑ. පොඩි එකාටනම් සෑහෙන්න තුවාලයි. "හොඳ වෙලාවට මචන් ජැකාව අපි එක්කරගෙන ආවෙ නැත්තෙ ! නැත්තන් මේ අහින්සක පොඩි එකාට අර වල් බල්ලෝ කරලා තියෙන දේ දැක්කනම් ඕකා මොන මගුලක් මෙතන කරයිද දන්නෙ නෑ. ගිහාන් මල්ලිත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට එතනට පැමිනි අමුත්තා නිසා ........................

ඉතිරිය පසුවට ~
පින්තූරය ඉස්සුවෙ කාගෙවත් බ්ලොග් එකකින් එහෙම නෙමෙයි !

  1. පට්ට මචන් එල...දිගටම ලියාගෙන යන්න...ඉලග කොටසත් පුලුවන් ඉක්මනට ලියලා දාන්න මචන්.....

  1. ගිහාන් මල්ලිත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට එතනට පැමිනි අමුත්තා නිසා...

    ඈ බන් වැඩ වැඩි කමට දැන වාක්‍ය වල කොටස් විතරද ලියන්නේ :P .... සුවර් එකටම ඔතන්ට එන්න ඇත්තේ ජැකා.. මම හරි නේද?

  1. මගින් ඉවර කලා නම් ඉතුරැ කොටස ඉක්මනටම දාපන්. හරිද? නැත්තම් පොඩි එකාට වුන දේ උඹට වෙයි....

    දිගටම ලියමු මචෝ.

  1. නියමයි නියමයි මචෝ.දිගටම ලියන්න....

  1. @ asiri ; බලමු බලමු , ඊලඟ එකත් ලියන්න,

    @ Dar[K] ; නෑ බන් ඒ වාක්‍ය ඉවර කරන්නෙ නැතුව තිබ්බෙ පොඩ්ඩක් උබලට හිතන්න. නෑ නෑ ජැකා ඔය අස්සෙ එන්නෙ නෑ. වෙන කෙනෙක් තමයි එන්නෙ. එතනින් මුලු කතාවම ටිකක් වෙනස් වෙනවා. මටත් පොඩ්ඩක් හිත හිත් ඉන්නෙ මේක කොහොමද ගොතන්නෙ කියලා

    @ හෙළයා ; හප්පේ මේක කියවන්නෙ under world එකේ කට්ටියනෙ. හෙ හේ එල එල. ඉක්මනටම ඊලඟ කොටස දාන්නම්.

    @ dinu ; නමනම් හොඳට අහලා පුරුදුයි.

  1. අම්මෝ මගේ අර බ්ලොග් 100 පාර්ටියට ඇවිත් උඹ බීලා කබරයා දාලා ඉස්කුරුප්පු වෙලා හිටපු නිසා පරන ලොරි බාගෙකින් උඹව ගෙදර ගිහින් දාලා ඇවිත් මම කල්පනා කලේ උඹ ආයි මාසෙකින් වත් ලියන එකක් නෑ කියලයි . .

    මොන මෙන්න දවස් දෙකක් නෑ ආයේ එකක් ලියලා . . .

    හරි හරි මල්ලී පින්තූර කාගේ වත් බ්ලොග් වලින් ඉස්සුවත් කමක් නෑ මොකෝ උනුත් අනුන්ගෙන් උස්සපුවනේ බන් . . .

    අඩේ මට අහන්න බැරි උනා අර බන්දු සමරසිංහගේ වගේ උඹේත් ඉස්සරහා දත නැතෙතේ මේ වලිය නිසාද . . හික් හික්

  1. එතනට එන්නේ අර කෙල්ල . . . හරිනේ

  1. mamath hithanne oya kella thamayi othanata enne.

  1. patta kathawa. liyapan liyapan eelaga kotasath ikmanatama !

  1. mamath giye Thilak rajakaruna sir ge class ne . mama dekke nee ne oya kellawa

  1. අර ගෑණු ළමයා නේද එන්නේ...?

  1. රස කරන්නෙ නැතුව ඉතුරු කෑල්ලත් දාපන්

  1. pattai. ara genu lamaya gena 3,4 blog dekema ne ne. part 5 waladi nam eya gena kiyay wage ne...monawunath ela

  1. @ දුකා ; ඒකනෙ කියන්නෙ මොන පාටි වලට ගියත්, පහුවදාට අපි කෙලින් කියලා
    දතේ කතාව මෙතන ප්‍රසිද්ධියෙ කියන්නෙ ඕනෙ නෑ නෙ -

    @ Ravindu_D ; මොන කෙල්ලද ?

  1. @ mj ; ඔවු උබලනම් ඉතින් රස කර කර කියවයි. මම එපැයි බොහොම අමාරුවෙන් බොරු ගොතන්න.

    @ Anonymous ; ඒකනෙ. ඔයා සර් උගන්නනකොට වෙන කොහෙවත් දිහානෙ බලගෙන ඉඳලා තියෙන්නෙ

  1. @ මිස්සක ; මොන ගෑනු ලමයද ? ...... මමනම් හිතන්නෙ ඔතනට කොල්ලෙක් තමයි එන්නෙ !

    @ Anonymous ; කෙහෙල්මල් රස කිරිල්ලක් නෙමෙයි බන්z . ලියන්න වෙලා නැති කමයි !

    @ Chathuranga Pathirana ; අනිවා අනිවා. 5 වැනි කොටසෙදි කෙල්ල ගොඩ බහිනවා කතාවට.

  1. hmmmm thathwaya enna ennama baarum..btw mama hithanne ekko ara baninna inna kella...ehema neththan sweetma sweet cutema cute lady doctor kenek..mehema wennath puluwan ara oyawa nawapu car eke apu girl oye balanna giya mallige neyek ho,sahidariyek wenna puluwan..

    to be honest anik kattiya kiyanna wage kella genath tikak kiyanna..oya api bully karapu nisane poddak kellawa seen eken behera kale..:D

    pics gena kiyanawanam...harima lassanai..ada eke inna girluth sweet,,meka ilangata patan ganna sthanayata eeka niyama clue ekak..
    two thumbs up..hondata liyanna..

  1. මචෝ ඔය ඉන්න ගෑනූ පරාණයේ රූපය මූණූ පොතට දාද්දි පෙන්නන්නේ නැහැනේ. හන්තාන ලින්ක්ස් එක විතරයි පෙන්වන්නේ. අපාරාදේ ඒක දැක්කනම් බෑ කියලා හිතන වුනුත් එයි බලලා යන්න :)


    මම නම් උඹේ කතාව කියවන්නේ ඉවර වුනහම තමයි. නිමක් නෑ කියලා ඉවරවෙලා කවදා ඉවර කරයිද කවුද දන්නේ. එතකන් නවත්වන සැරයක් සැරයක් ගානේ උබට බනින එක හරි නෑනේ :P

  1. @ janitha ; narakadha oyath blog ekak liyanna patan gaththoth !

    @ roylyfernando ; ඔවු මචන් මොකද්ද දන්නෙ නෑ සීන් එක. මමත් ට්‍රයි කෙරුව කෙරුවා. FB එකට පිංතූරෙ එන්නෙම නෑ.
    මේක ටිකක් දිග කතාවක් මචන් ! ඒක නිසා ටික ටික කියවන එක තමයි නුවනට හුරු !

  1. ikmanata ithuru kotasath danna !

  1. All Sri Lankan Bloggers invited to join the
    one and only Multi lingual
    DIRECTORY OF SRI LANKAN BLOGGERS
    Orchids
    http://www.orchidslk.co.nr/

  1. හම්මාච්චියා මෙ ශිහාන් මල්ලිගේ අක්කා තමයි එදා කාර් එකෙන් මඩ පහර එල්ල කලේ නෙද?

  1. ඉවසා වදාරනු මැනවි. ඊලඟ කොටස හෙට ඉක්මනටම දාන්නම්.

  1. ලස්සන කතාවක් ......... දිගටම ලියාගෙන යන්න :)

  1. @දිලිනි ; බොහොම ස්තූතියි. කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න.

  1. episode 5 is missing. we cant view it,pls replace it

  1. @ Chathuranga Pathirana ; yes bro. unfortunately that post deleted . but dont worry i'll post 5 and 6 episodes both soon.
    and thnx for the comment

  1. @ Rokiya :blog ekak patanganna....mmmm..:)

  1. bus eke yanawa wage negala yanawa lawanam..hihihi ela ela

Post a Comment

ලිපිය බැලුවනම් අනිවා කමෙන්ට් එකෙක් තියලා යන්න !

Related Posts with Thumbnails

අලුත් අදහස්

Unicode Decoder

විස්තරේ

Bloggers’ Rights at EFF

License

License
This work is licensed