කට්ටිය දාලා තිබ්බ කමෙන්ට් වල හැටියට ලියන එක දිගටම කරන්න ඕනෙ කියලා හිතුවා. හැබැයි ඉතින් මහා ලොකුවටනම් ලියන්න බෑ. මොකද ඉතින් ඔෆිස් එකේ වැඩ ටිකත් ෂේප් එකේ කරගන්න ඕනෙනෙ.
බස් එකට නැග්ග ගමන්ම මගේ කැමරාව දාලා බැලුවා කෙල්ල කොහෙද කියලා. මගේ ඇස් වල දුර පෙනීම හොඳ නිසා, කෙල්ලගෙ පින්තූරෙනම් ෆොටෝ කොපියක් ගහලා ඔලුවෙ සේවු කරගත්තා වගේ තමයි. ඒත් කෙල්ලනම් පේන්නනම් නෑ. මේ කෙල්ල කොහෙටද රහත් වුනේ........ . ඒ අස්සෙ කොන්දා කෑ ගහනවා ඉස්සරහටයි, පස්සටයි යන්න කියලා, ඇති සෙනගකුත් නෑ. කලිසමේ එක පැත්තක් සුදු පාටයි, මඩ වතුර පාර වැදිච්ච අනිත් පැත්ත දුඹුරු පාටයි. ඒක දැකලා ඉන්න සෙනග ටිකත් මම දිහා හරියට අමුතු සතෙක් දිහා බලනවා වගේ බලනවා. ඒ අස්සෙ බස් එකේ අන්තිම සීට් එකේ ඉන්න කෙල්ලො කට්ටියකුත් කින්ඩියට වගේ බලලා මොනවදෝ කියනවා. ෂික් විතරක්…. ඒ පැත්ත බලන්නත් ලැජ්ජයි. වෙලාව හොඳ නම් ජැකා හරි රිද්මයා හරි මේ බස් එකට ඉස්සරහ හෝල්ට් එකකින් නගින්න ඕනෙ. එහෙනම් ඉතින් මේ කෙල්ලො ටිකට ඉස්කෝලෙ ලන්ගින් බහිනකල්ම අපේ ජැකා නෝන්ඩිය දානවා. ඒ උනාට මට ඉන්නෙ වැස්සක් තියා හිරි පොදයක් ගැහුවත් ඉස්කෝලෙ නොගිහින් ගෙදර ඉන්න යාලුවො සෙට් එකක් නෙ. බස් එකට නැග්ග එකේ ආයෙත් ගෙදර යන්නත් බෑ. ජැකයි, රිද්මයයි බස් එකට නගින හෝල්ට් එකත් පහු උනා. උන්දෙන්නත් මම හිතුවා වගේම අද ඉස්කෝලෙ යන්නෙ නෑ වගේ.මම හිටගෙන ඉන්න තැනින්ම සීට් එකක්නම් හිස් උනා ....... ඒත් ඉඳගන්න ගියොත් කෙල්ලව මිස් වෙන් වෙයිද! ඒත් ඉතින් හිටගෙන ඉඳලා ඇඩ් එක වෙනවට වැඩිය හොඳයිනෙ ඉඳගෙනම ඩිටෙක්ටිව් වැඩේට බහින එක.
අදනම් නැගිටලා තියෙන්නෙ ඇඳේ කෝකටත් නැති පැත්තකින්ද කොහෙද, සෝමපාල සර් ගේට්ටුව ලඟ ශිෂ්‍ය නායක කට්ටියත් එක්ක කතාවක්. සෝමපාල සර් තමයි අපේ ඉස්කෝලෙ විනය බාරව ඉන්න කෙනා. මොන මරුමූස් කොල්ලෙක් උනත් සෝමපාල සර් ඉස්සරහ සද්ද කරන්නෙ නෑ. ඒ තරම් සර්ට ගරු කරනවා. ගරු කරනවා නෙමෙයි සර්ට තියන බයට. සර්ට තරහා ගිහාම සර් දිහා කෙලින් බලන්නත් බයයි.
ෂේප් එකේ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුලට බඩගානවා කියලා හිතාගෙන පිටිපස්සට අඩියක් තිබ්බ විතරයි, "තෙහාන් ! මොකද හොරා පොලිස් කරනවද? " සද්දෙ ආවෙ ගේට්ටුව පැත්තෙන්. හිතුවා වගේම ඇස් ලොකු කරගෙන සෝමපාල සර් ගේට්ටුව ලඟ. මොකද ඔරලෝසුවෙ වෙලාව නැවතිලාද, නැත්තන් උදේ පාන්දරම කෙල්ලෙක් පස්සෙන්වත් ගියාද?
සර් හරියට අන්ජනම් බලනවා වගේ කොහොමද මම කෙල්ලෙක් පස්සෙ ගිය සීන් එක ගැන දන්නෙ ! දෙන්න උත්තරයකුත් නෑ. ඒ එක්කම සර් මගේ කලිසමේ මඩ ගෑවිලා තියනවා දැක්කා. වහාම ක්‍රියාත්මක උනු මම දුන්නා තැනට ගැලපෙන, අල්ලෙ පැලවෙන බොරුවක්.
-තියන තත්වෙ හැටියට ඊලඟ කොටසත් ලියන්නම වෙයි වගේ. !
-
මේ කොල්ලෝ අර මම ඊයේ දාපු කොමෙන්ට් එකට උඹ කියලා තියෙනෙන මට තරම් හොඳට ලියන්න උඹට බෑ කියලා . . මොන බොරුද ඒක වෙන්න ඕන . .. උඹට (රොකියට ) තරම් හොඳට දුකාට කතා ලියන්න බෑ කියලයි !
බොරුනම් මේ බලන කට්ටියගෙන් අහපන්.
එල . . නියමයි . . .ඔහොම යන් කිව්වා එහෙනම් . . . !
-
මැක්සා කතාව රොකියො !! තකහනියක් මේක කියවන්නම අවා අද !! ඒත් එකම වරද කතාවේ හොදම තැනින් නවත්තන එක :(
-
@ Dakshina ; ඒකනෙ !
@ දුකා ; ඕකනෙ කියන්නෙ ගල් පැලෙන බොරු කියනවා කියලා
@ Dar[K] ; කමෙන්ට් එකට තෑන්ක්ස් මචන්. එහෙම තමයි මචන් කුතුහලය තියලා කතාව නවත්තන්න ඕනෙනෙ.
-
Shutter Island (2010)
ඈයි මෙකේ සින්හල සබ් දෑම්මෙ නෑත්තෙ aparadene macho. ubala patta film walate sub denna parana ewate witada denne. atall 1ke balanawane . danwath danna barida. pin ne macho
-
nifty March 26, 2010 1:03 AM
hmmmmmmmmmmmmmmm...
thawa liyanna...
me madi...
-
nifty March 26, 2010 1:22 AM
hmmmmmmmmmmmmmmm...
thawa liyanna...
me madi...
-
හි හී.
එළ
-
Anonymous March 27, 2010 3:44 AM
ithuru tika kawadda liyanne??????ekmanata ithuru kotasa liyannakooooooooooooooo
-
asiriD March 27, 2010 3:50 AM
kawadda meke anith kotasa danne?????ඉක්මනට ඉතුරු කොටසත් ලියලා දාන්න
-
@ saman ; ඕව කරන්න දැන් වෙලා නෑ මචෝ
@ nifty ; බලමු බලමු
@ හෙළයා ; එළ නම් එළ,
@ Anonymous ; ඉක්මනට ලියලා දාන්නම්,
@ asiriD ; දැන් ලියාගෙන යනවා. එකපාර ටිකක් වැඩියෙන් කියවන්න නිසා හෙට අනිදම දාන්නම්.
-
හික් හික්.. නියම ටොක්ස් හොදේ.






එළස්. බලාගෙන ගියාම ඔක්කොමල්ලගෙම ඉස්කෝල වල නිල නොලත් පොලීසියෙන් ඉඳලා තියෙනවා නේද???